වේදිකාවෙන් පුංචි තිරයට පිවිස ක්ෂේත්‍රය ජයගත් නව පරපුරේ රංගන ශිල්පීන් අතර කසුන් ගම්මාන ලියනගේට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. සින්ටෝ ටෙලිනාට්‍යයේ තුල්වාන්ගේ චරිතය ඔස්සේ ඔබ හමුවට එන ඔහු මේ දිනවල බොහෝදෙනාගේ කතාබහට ලක්වන චරිතයකි. අද අප හා කතාබහට එක්වන්නේ ඔහුය.
කොහොමද කසුන් මේ දවස්වල වැඩ කටයුතු?
මේ දවස්වල සින්ටෝ ටෙලිනාට්‍යයේ අවසන් අදියරේ රූගත කිරීම්වල නිරත වෙනවා. ඊට අමතරව බුද්ධික සේමසිංහගේ ‘පඬුරු නිවස‘ කියලා ටෙලිනාට්‍යයකත්, ප්‍රියන්ත ෆර්නෑන්ඩෝගේ ‘සිත් අතරේ හිස්තැන්‘ කියලා අලුත් ටෙලිනාට්‍යයකත් රූගත කිරීම්වලට රංගනයෙන් දායක වෙලා ඉන්නවා.
වේදිකාවෙන් ආව රංගන ශිල්පියෙක් විදිහට ඔබ කොහොමද ඔබ ක්ෂේත්‍රයත් එක්ක ගැටෙන්නේ?
ඔව්. මම ක්ෂේත්‍රයට එන්නේ වේදිකා නාට්‍යය හරහා. ඒ අතරතුරදී මට සමීර හසුන් කියන අධ්‍යක්ෂකවරයා මුණගැහෙනවා. ඔහුත් සමඟ නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ හරහා සමීර අයියගේ ‘මීදුම් අම්මා‘ ටෙලිනාට්‍යයේ වැඩකරන්න ලැබෙනවා. මගේ පළමුවැනි ටෙලිනාට්‍යය ‘මීදුම් අම්මා‘. එතනින් තමයි මගේ රංගන ජීවිතය ආරම්භ වෙන්නේ.
පුංචි කාලේ ඉඳන්ම රංගනයට හීනයක් තිබුණද?
නැහැ. ඇත්තටම මම ක්ෂේත්‍රයට එන්නේ අහම්බෙන්. ක්ෂේත්රයට සම්බන්ධ වෙනවා කියලා හීනයක් පොඩි කාලේ ඉඳන් තිබුණේ නැහැ.
සින්ටෝ ටෙලිනාට්‍යයේ ‘තුල්වාන්‘ගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
තුල්වාන් කියන චරිතය ගත්තොත් ඇතුළාන්තයෙන් ඇත්තටම හොඳ මනුස්සයෙක්. ප්‍රේක්ෂකයන් දකින කෝණය අනුව තුල්වාන්ට ලැබෙන ප්‍රතිචාර විවිධයි. රංගන ශිල්පියෙක් විදිහට තුල්වාන් කියන චරිතයට නිවැරදි තැන ලබා දෙන්න මට පුළුවන් වුණා, මම ඒ චරිතයට සාධාරණයක් කලා කියලා මං හිතනවා. සමස්තයක් විදිහට සින්ටෝ නාට්‍යයටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
ඔබ මෙතෙක් දායක වී ඇති නිර්මාණ පිළිබඳව සඳහන් කළොත්?
මගේ මුල්ම නිර්මාණය වෙන්නේ සමීර හසුන් අයියගේ මීදුම් අම්මා ටෙලි නිර්මාණය. ඊට පසුව ලව්යූ බොස් (Love you Boss), සමීර අයියගේ චලෝ, ධනුෂ්ක රත්නායකගේ කියාදෙන්න ආදරේ තරම්, අසංක සායක්කාරගේ සින්ටෝ, උඩ තට්ටුව කියන නිර්මාණත්, වේදිකා නාට්‍ය පැත්තෙන් ගත්තොත් ජුලියස් සීසර්, සංගදාසගේ චූටි කලිසම, බැංකු වීරයා, වගේ වේදිකා නාට්‍ය රැසකටම දායක වෙලා තියෙනවා.
නවකයෙක් විදිහට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය ගැන මොකද හිතන්නේ?
ඇත්තටම නවක රංගන ශිල්පියෙකුට ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය ඉතා වැදගත්. උදාහරණයක් විදිහට සින්ටෝ නාට්‍යයේ දී මුණගැහෙන ජගත් චමිල, සමිත සුදේශ්වර, ජයනි සේනානායක කියන්නේ ඇත්තටම ක්ෂේත්‍රයේ ප්‍රවීණ සහ දක්ෂ රංගන ශිල්පීන්. ඒ අය හැමවෙලේම අපේ හිස්තැන් පුරවනවා, හරිම ආදරණීයව අපේ අඩුපාඩු පෙන්නලා දෙනවා. ඉතින් ඒ ලැබෙන සහයෝගය ක්ෂේත්‍රයේ නවකයකුට ඉතාමත් වටිනවා.
ඔබේ රංගන දිවියට මූලික අඩිතාලම වැටෙන්නේ වේදිකාවෙන්. ඒ අත්දැකීම කොහොමද දැනුණේ?
මට සාපේක්ෂව වේදිකාව තමයි මට දැනෙන එකම තැන. ඒක අමුතුම හැඟීමක්. රංගන ශිල්පියකුට තමන්ගේ උපරිම දක්ෂතාව පෙන්වන්න පුළුවන් තැනක් තමයි වේදිකාව කියන්නේ. මොකද අපි වේදිකාව හරහා තමයි ක්ෂේත්‍රයට එන්නේ සහ දේවල් අපේ ජීවිතයට එකතු කරගන්නේ. අනෙකාගේ ජීවිතය කියවන්න පුරුදු වෙන්නේ වේදිකාව හරහා ගහපු රස්තියාදුවත් එක්ක.
ක්ෂේත්‍රයේ ඔබ ඇගයීමට ලක් වූ හෝ ජයග්‍රහණ ලබාගත් අවස්ථා තියෙනවද?
ජයග්‍රහණයන් බොහොමයක් ලැබිලා තියෙනවා. හොඳම සහාය නළුවා, හොඳම නළුවා සම්මානය වගේම Best makeup, Best choreography සම්මාන ලැබිලා තියෙනවා. ඇත්තටම නළුවෙක්ට සම්මාන ලැබෙන එක හොඳයි තවත් දිරිමත් වෙන්න. නමුත් සම්මානවලට වඩා අපි කරන නිර්මාණයෙන් අපි ලබන තෘප්තිය තමයි ලොකුම ජයග්‍රහණය.
ඔබ මෙතෙක් ආ ගමනට සහාය වූවන්ටත් කියන්න යමක් ඇති?
වේදිකාවේ නළුවෙක් වුණු මට අහම්බෙන් ක්ෂේත්රයට සම්බන්ධ වෙලා රංගනය ගැන ඉගෙන ගන්න ලැබෙන්නේ අසංක සර් නිසා. මං ජීවිතයේ මාධ්‍යයක් හොයාගත්ත නම් හොයා ගත්තේ සර් නිසා. ඒ වගේම මගේ පවුලේ අය, මගේ යාළුවෝ වගේම ක්ෂේත්‍රයේදි මුණගැහිලා මමත් සමඟ වැඩකටයුතු කරන හැමෝගෙන්ම මම දේවල් ඉගෙන ගන්නවා. ඉතින් කසුන් ලියනගේ කියන රංගන ශිල්පියා නිර්මාණය කරන්න දුන් සහයෝගයට ඒ හැමෝටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.
ඔබේ ඉදිරි වැඩකටයුතු සහ අනාගත බලාපොරොත්තු ගැනත් කියමු?
ඉදිරියේදි ටෙලිනාට්‍ය කිහිපයකම රූගත කිරීම්වලට සම්බන්ධ වෙන්න තියෙනවා. ඒ හැමදේම සමබරව කරගෙන සතුටින්, සැහැල්ලුවෙන් ඉන්න තමයි බලාපොරොත්තුව.