මම ටිකක් දඟයි – සඳසි මෙත්මන්ති

gossiplanka image 2
 

ඇය සඳසි මෙත්මන්ති. රුව දුටුවිගස ඔබේ මතකයට ඇය එනවා ඇති. චිත්‍රපට පසුබිම් ගායිකාවක් වගේම රංගන ශිල්පිනියක් විදිහටත් සඳසි මේ වන විට ක්‍ෂේත්‍රය තුළ වගේම ප්‍රේක්‍ෂකයන් අතරත් බොහොම ජනප්‍රිය වෙලා. ඉතිං ඇය එක්ක කතා නොකර කොහොමද…?


‘අභීත’ සිනමා නිර්මාණයේ පසුබිම් ගායනයට ලැබුණ ප්‍රතිචාර මොන වගේද?


මේක මගේ පළමුවැනි අත්දැකීම. සින්දු දෙකක්ම කියන්න ලැබුණා. ප්‍රතිචාර ඉතාම හොඳයි. ඉතිං ඒ ගැන ගොඩක්ම සතුටුයි.



කොහොමද මේ අවස්ථාව ලැබෙන්නෙ?


මම කලින් රඟපාපු ‘සිකුරු ඇවිත්’ ඩ්‍රාමා එකේ ඇසිස්ටන් ඩිරෙක්ටර් විදිහට කටයුතු කරපු ප්‍රදීප් මානවඩුගේ අයියා වේදිකා නාට්‍යයක් කළා. ඒක නම් කළේ ‘අමුතු නාට්‍යයක්’ නමින්. එහි ගීතයක් ගායනා කරන්න මට අවස්ථාව ලැබුණා. ඒක ගායනා කළේ චාමර හපන්ගම අයියගෙ ස්ටුඩියෝ එකේ. ඒ ගීතය අහල මගේ කටහඬට හිත ගිය චාමර අයිය තමයි ශ්‍රැති ප්‍රභා සර්ට මං ගැන කියල තියෙන්නෙ. මගේ ගීතයක් ඇහුවට පස්සෙ එතුමාගෙත් හිත ගිය නිසා මට මේ අවස්ථාව ලබා දුන්නා.


මින් පෙර පසුබිම් ගායනයෙන් සම්බන්ධ වුණ නිර්මාණ ගැන මතක් කළොත්?


ඩී්‍රම් ස්ටාර් තරගයෙන් පස්සෙ මුලින්ම රඟපෑවෙ ‘සිකුරු ඇවිත්’ ඩ්‍රාමා එකේ. එහි තීම් සෝංග් එක ගායනා කරන්නෙත් මම මයි. ඒ හැරුණාම ගොඩක් ඩ්‍රාමාස්වල බැකින් වෝකල්ස්වලින් සම්බන්ධ වෙලා තියෙනව.


සංගීතයට යොමු වුණේ?


ඒකනම් මම හිතන්නෙ මට උපතින්ම ආපු දෙයක්. මගේ තාත්තා ජගත් කුමාර අවුරුදු විසිගණනක් පුරාවට මියුසික් ෆීල්ඩ් එකේ හිටපු කෙනෙක්. නමුත් දැන්නම් වැඩිය දකින්න නැහැ. මම හිතනව ගීත ගායනා කිරීමේ හැකියාව මට ලැබුණෙ මගේ තාත්තගෙන් කියල.


සංගීතය විෂයයක් විදිහට ඉගෙන ගත්තද?


ඇත්තටම මම සංගීතය විෂයයක් විදිහට ඉගෙනගත්තෙ නැහැ.



සංගීතය විෂයයක් විදිහට ඉගෙනගත්තෙ නැති වුණත් ඔබ ඩී්‍රම් ස්ටාර් වේදිකාවට ගොඩවෙනව?


ඩී්‍රම් ස්ටාර් තරගයට ඇප්ලිකේෂන් දැම්මෙ තාත්තා. මං හිතන්නෙ ඒ 2022 අවුරුද්දෙ. තරගයේ අවසන් 50 දෙනාගෙ වටයෙදි මට ඉවත් වෙන්න සිද්ධ වෙනව. නමුත් ඇත්තටම මගේ ජීවිතේ වෙනස් වුණේ ඒකෙන් පස්සෙ.


සංගීත කණ්ඩායමකට සම්බන්ධ වෙන්න කැමැත්තක් නැද්ද?


ඔව්, පසුගිය දවසක මට උදේශ් ඉන්දුල අයියගෙ ‘සාරෝ’ බෑන්ඩ් එකෙන් ආරාධනයක් ලැබුණා. මේ දවස්වල කැම්පස් එකේ එක්සෑම් නිසා මම කිව්වා පහුවෙලා උත්තරයක් දෙන්නම් කියල.


අධ්‍යාපන කටයුතු කොහොමද?


මම නාවල විවෘත විශ්වවිද්‍යාලයේ ෆැෂන් ඩිසයිනින් පිළිබඳ උපාධිය හදාරනවා.


‘අභීත’ හි ගායනය ගැන තාත්තා මොකද කිව්වෙ?


තාත්තටයි අම්මටයි ඉතිං ගොඩක් සතුටුයි. මොකද තාත්ත තමයි හැමදාමත් මගේ පස්සෙන් ඉන්නෙ. මම යන යන තැන මගෙත් එක්ක යන්නෙ එයා. තාත්තට ඕන එයාට යන්න බැරි වුණ තැනට මම යනව දකින්න. ඒ වෙනුවෙන් තමයි මේ හැමදේම කරන්නෙ.


අධ්‍යක්‍ෂවරයාගේ ප්‍රතිචාරය?


ශ්‍රැති ප්‍රභා සර්ට ගොඩක් සතුටුයි. එතුමා මට කිව්වා, ගොඩක් ගර්ස්ලගෙ වොයිසස් ආවා, නමුත් මගේ හිත ගියේ ඔයාගෙ වොයිස් එකට කියල. ඉතිං මාව තෝරා ගැනීම ගැන සර්ට ස්තූතිවන්ත වෙනව.


රංගන ශිල්පිනියගේ භූමිකාවට මොකද වෙන්නෙ?


මේ දවස්වල දෙරණ නාළිකාවේ විකාශය වෙන ‘ඉස්කෝලේ’ ටෙලි නාට්‍යයේ උදේශිකා ටීචර්ගේ චරිතය රඟපාන්නෙ මම. සිකුරු ඇවිත් ඩ්‍රාමා එකේ කළේ තුෂිගෙ චරිතය.


සඳසි, දඟකාර චරිතයක්?


ම්ම්ම්… ඔව්, මම ටිකක් දඟකාර කෙනෙක්. මං ඉන්න තැනක හිනාව නැති වෙන්නෙ නැහැ. බොහොම ඉක්මණට යාළුවො ඇතිකරගන්නත් මම හරි දක්‍ෂයි.


එහෙනම් තුෂී කියන්නෙත් සඳසි මයි?


ඔව්, තුෂී කියන්නෙත් මංම තමයි. කතාකරන භාෂාව පොඩ්ඩක් වෙනස්. එච්චරයි.


වැඩිපුර කැමති චරිත මොනවද?


මම වැඩිපුරම කැමති ක්‍රියාදාම චරිතවලට. නමුත් ඕනෑම චරිතයක්, අභියෝගයක් භාරගන්න කැමතියි.


‘මගේ කෝවලන්’ ගීතය ගැනත් කියමු?


මෙහි කෝවලන් චරිතය රඟපෑ සාලිය මාර්ගයෙන් තමයි මට මේ අවස්ථාව ලැබෙන්නෙ. ඒක අහම්බයක්. මේ මම සාමාන්‍යයෙන් සින්ග් කරන ස්ටයිල් එක නෙමෙයි. නමුත් මෙහි මෙලඩි එකට මට ආසා හිතුනා.


ගායනා කළ වෙනත් චිත්‍රපට පසුබිම් ගීත මොනවද?


ලස්සන ජයසේකර මහත්මයා අධ්‍යක්‍ෂණය කළ ‘සීමා’ චිත්‍රපටයටත් මම පසුබිම් ගීත ගායනයෙන් සම්බන්ධ වුණා. නමුත් තවමත් ‘සීමා’ තිරගත වන කාලවකවානුවක් දැනගන්න ලැබුණෙ නැහැ.


රිදී තිරයේ ඔබේ හඬ ඔබටම ඇහුණ මොහොත මොන වගේ අත්දැකීමක්ද?


ඔව්, ඇත්තටම පළමු වතාවට මට ඒක ඇහුණ මොහොතෙදි ලොකු සතුටක් ඇති වුණා. මීඩියා ෂෝ එකෙන් පස්සෙ මට කිව්වෙ. පබෝධා අක්කා හිතාගෙන ඉඳල තියෙන්නෙ ඒක ඒ අයි වලින් හදපු වොයිස් එකක්ය කියල.


රංගනයට අලුත් ආරාධනා ලැබුණද?


ඔව්, ආරාධනයක් ලැබුණා. මං ආසා විදිහෙ එකක්. බොහෝවිට මේ අවුරුද්දෙ ෂූටිං පටන් ගනීවි.


දඟකාරකමට, කටකාරකමට වශීවෙලා ආදරේ ඉල්ලපු අවස්ථාත් ඇති?


අම්මෝ ඕන තරම් තියෙනව. අදටත් එහෙමයි. නමුත් තවමනම් එහෙම ආපු අයට අවස්ථාවක් දීල නැහැ. ඕවට තව කල් තියෙනව වගේම මට තව ගොඩක් දුර යන්න තියෙනව.


පවුලේ අය ගැන මතක් කළේ නැහැනෙ?


මගේ තාත්තා, අම්මා, මල්ලි සහ මම තමයි ඉතිං අපේ පවුලෙ ඉන්නෙ. ඔවුන්ගෙන් තමයි මට ලොකුම සහයෝගය ලැබෙන්නෙත්.


සඳසි වැඩිපුර කැමති නිළියක් වෙන්නද? ගායිකාවක් වෙන්නද?


එකක් කියල කියන්නෙ කොහොමද? ක්‍ෂේත්‍ර දෙකෙන්ම ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.

gossiplanka image 1
Previous Post Next Post