තමන්ට ලැබෙන සෑම චරිතයකටම සාධාරණයක් ඉටුකරමින් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගන්නා ඔහු මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන ‘ආලේ’ ටෙලි නාට්‍යයේ නවීත්ගේ චරිතය හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙයි. අද අපේ කතාබහ ඔහු සමඟයි. ඔහු නමින් යශ් වීරසිංහයි.
ඔබ මේ දිනවල ‘ආලේ’ ටෙලි නාට්‍යය හරහා ප්‍රේක්ෂකයා අතරට එනවා. ඒ ගැන මොකද හිතෙන්නේ..?
‘ආලේ’ ටෙලි නාට්‍යය හොඳ නිර්මාණයක් . පටන් ගත්තු මුල් දවසේ ඉඳන්ම ලැබෙන ප්‍රතිචාර හොඳයි. ඉතින් සාමාන්‍ය විදියට කරගෙන යනවා.
‘ආලේ’ ටෙලි නාට්‍යයේ නවීත්ගේ චරිතය ඔබට දැනෙන්නේ කොහොමද?
ඇත්තටම මට ලැබුණේ ආදරවන්තයාගේ චරිතය. වෙනස් චරිතයක්. මුලදී මගේ ප්‍රේක්ෂකයෝ නම් කැමති වුණේ නෑ, එය මගේ පෞරුෂත්වයට හොඳ නැහැ කියන මතයේ ඒ අය ඉන්නවා. ඒ වුණාට චරිතයක් වශයෙන් ගත්තහම නවීත්ගේ චරිතය වර්තමානයේ ජීවත් වන මිනිස්සු අතර තියෙන එකක් .
ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා ඇතුළු සෙසු රංගන ශිල්පීන් ශිල්පිනියන් සමඟ වැඩ කිරීමේදී ඔබට ලැබුණු සහයෝගය කොහොමද?
ඇත්තෙන්ම හොඳ සහයෝගයක් ලැබෙනවා. ඉන්දික අයියා, ඒ වගේම අපේ ඩී. ඕ.පී ලකා, සහකාර අධ්‍යක්ෂ නලින්ද අයියා, නිෂ්පාදන කළමනාකරු මොහාන් අයියා, ආර්ට් එක, යුනිට් එකේ කොල්ලෝ ටික ඇතුළු සියලුම දෙනාගෙන් ලැබෙන සහයෝගය ඉතාමත් හොඳයි. ඒ වගේම තමයි මගේ අයගෙන් ලොකු සහයෝගයක් දෙනවා. මේ හැමෝගෙම අරමුණ මුළු නාට්‍යයම ලස්සන කරන එක.
නවීන්ගේ චරිතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?
මම අර කලින් කිව්වා වගේ ප්‍රතිචාර තමයි ලැබෙන්නේ. මේ දවස්වල නම් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
ටෙලි නාට්‍යවල පෙම්වතාගේ චරිතය රඟපෑමට ඔබට අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ ගැන ඔබට මොකක්ද කියන්න තියෙන්නේ?
පෙම්වතාගේ චරිතය මම ගොඩක් අඩුවෙන් කරලා තියෙන්නේ. හැබැයි ලැබෙන චරිතය හොඳ නම් මොකක් වුණත් භාර අරගෙන කරනවා.
ඉදිරියේදී රඟපෑමට කැමැත්තෙන් ඉන්න චරිත තියෙනවාද?
රඟපෑමට කැමැති, චරිතේ ඇතුළේ හොඳට රඟපාන්න පුළුවන් නම් මම ඒ චරිතේ මොකක් වුණත් හරි ආසාවෙන් කරන්න බලාගෙන ඉන්නවා.
ඔබේ රංගන ජීවිතයට පවුලේ අයගෙන් ලැබෙන දායකත්වය කොහොමද?
පවුලේ අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන් අම්මා තාත්තගෙන්. නිදහසේ වැඩ ටික කරගන්න සහයෝගයක් දෙනවා. ඉතින් ඒ සහයෝගය නිසා තමයි සාර්ථක වෙන්න හේතුව.
අලුතින් පිට කරපු ‘මගේනේ ඔයා’ මියුසික් වීඩියෝ එක ගැනත් කියමු.
ඔව්. ඒක ටනාකා තාරකීගේ නිර්මාණයක්. එයා අවුරුදු පහක හයක තිස්සේ ඉඳලම කිය කිය හිටියා, මම කවදා හරි සිංදුවක් කළොත් ඔයාව තමයි ගන්නේ කියලා. ඉතින් කිව්වා වගේම එයාගේ පළවෙනි සිංදුව. ඒකට මට සම්බන්ධ වෙන්න ලැබුණා.
මේ දිනවල කරන වැඩ සහ ඉදිරියේදී කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අලුත් වැඩ කටයුතු මොනවාද?
මේ දවස්වල පරාග ෆිල්ම් එක ගැන තමයි ලොකුවට බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. ධනුෂ්ක රත්නායක අයියාගේ ෆිල්ම් එක. ඒක ලබන අවුරුද්දේ පිට වෙනවා. පරාග ෆිල්ම් එකත් එක්ක තමයි ගොඩක්ම ඉස්සරහට යන්න හිතාගෙන ඉන්නේ.
යශ්ට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට මොකක්ද කියන්න තියෙන්නේ?
මට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ මම විවිධ චරිත හරහා ඔයාල අතරට යනවා. ඒ චරිත, චරිත විදිහට සලකන්න. එහෙම නැතුව මං රඟපාන චරිතයෙන් මාව මනින්න එපා . මොකද ඔවුන් මාව ස්ක්‍රීන් එකේ දකින්නත් කැමති ඒ විදියට. ප්‍රේක්ෂකයෝ හින්දා තමයි මම අද මෙතැන ඉන්නේ. ඉස්සරහට ඉන්නවද නැද්ද කියලා තීරණය වෙන්නේ. මට ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොඅඩුව ලැබෙනවා.
අවසාන වශයෙන් ක්ෂේත්‍රයට පැමිණීමට බලාපොරොත්තුවෙන් ඉන්න නවක රංගන ශිල්පීන්ට දෙන පණිවිඩය මොකක්ද?
නවක අයට කියන්න තියෙන්නේ විනය හදාගන්න කියලා තමයි. එකක දෙකක රඟපෑවා කියලා ඇත්තටම රඟපෑම කියන එක සියල්ල දැනගත්තා වෙන්නේ නැහැ. රඟපෑම කියන්නේ ගොඩක් අමාරු දෙයක්. කටපාඩම් කරලා දෙබස් ටිකක් කියන පලියට රඟපෑමක් වෙන්නේ නැහැ. රඟපෑම ඇතුළේ සෑහෙන්න හදාරන්න දේවල් තියෙනවා. ඒ නිසා අංක එකට විනය හදාගන්න ඕන.