හංසාංගනා දිසානායක කියන්නේ මේ දිනවල පුංචි තිරයෙන් දකින්න ලැබෙන සුන්දර රංගන ශිල්පිනියක්. ඉතාම කෙටි කලකින් එකිනෙකට වෙනස් චරිත කිහිපයකින්ම ඔබ වෙත එන්න ඇය වාසනාවන්ත වෙලා තියෙනවා. අද අපේ මේ සොඳුරු කතාබහ ඇය සමඟයි.
හංසාංගනාගේ පෞද්ගලික තොරතුරු ටිකක් කියලම කතාව අරඹමු?
මගේ නම දෙව්මිණි හංසාංගනා දිසානායක. මම උපන් ගම මාතලේ. පාසල් ගියේ මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයට. මගේ පවුලේ ඉන්නේ අම්මා, අප්පච්චි, අයියා සහ මම.
කොහොමද කලාවට සම්බන්ධ වෙන්නෙ
කලාවට එන්නේ සෝෂල් මිඩියා හරහා. මම ඉන්ස්ට්‍රග්‍රෑම් එකට දාපු ඩාන්සින් වීඩියෝ එකක් දැකලා තමයි ලංකාවේ ඉන්න දැවැන්ත නිෂ්පාදකවරයෙක් වන චාමර සමරවික්‍රම මට කතා කරන්නේ. ඒ ආරාධනාව හරහා තමයි මම රංගනයට එන්නේ.
නිළියක් වෙන්න ඕනේ කියලා හිතුණේ කොයි කාලෙද?
මෙහෙමයි. මම පුංචි කාලේ ඉඳන්ම කලාවට දක්ෂයි. මට නර්තනය පැත්තෙන් ලොකු ගමනක් යන්න බලාපොරොත්තුවක් තිබුණා. හැබැයි රංගනයට යොමු වෙන්නේ අහම්බෙන් ලැබුණු අවස්ථාවක් නිසා. ඒත් දැන් රංගනයට එන්න ලැබුණු එකට ගොඩක්ම සතුටුයි.
මුලින්ම දායක වුණු රංගන අත්දැකීම මොකක් ද?
මගේ මුල්ම රංගනය අඩංගු ටෙලි නාට්‍යය තවම විකාශය වුණේ නැහැ. ඒකත් චාමර සමරවික්‍රම සර්ගේ නිෂ්පාදනයක්. අධ්‍යක්ෂණය කළේ ඉන්දික ධර්මතිලක අයියා. මමත් ආසාවෙන් ඉන්නවා ඒ ටෙලි නාට්‍යය විකාශය වෙනකම්.
කොහොමද එදා ඔවුන්ගෙන් ලැබුණු සහයෝගය?
ඇත්තම කිව්වොත් ඒ ලැබුණු සහයෝගය නිසා තමයි අදත් මම මේ ඉන්නේ. මගේ පළමු ගුරුවරයා ඉන්දික ධර්මතිලක අයියා. ඒ වෙනකම් මම දැනගෙන හිටියේ නැහැ ස්ක්‍රීන් එකක් ඉස්සරහා කොහොමද රඟපාන්නේ කියලා.
ආලේ ටෙලි නාට්‍යයට ඇරයුම් ලැබෙන්නෙ කොහොමද?
ආලේ නාට්‍යයත් ඉන්දික ධර්මතිලක අයියාගේම අධ්‍යක්ෂණයක්. ඔහුගෙන්ම තමයි මට මේ නිහාරි වෙන්න ඇරයුම් ලැබෙන්නේ. නිහාරි කියන්නේ වෙනස්ම චරිතයක්. මගේ සැබෑ ජීවිතේට වඩා වෙනස්ම භූමිකාවක්. මම කැමැත්තෙන් භාර ගත්තා.
මේ වෙද්දී නිහාරිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ලස්සනයි කියලත් කියනවා. තව සමහරු නම් පොඩ්ඩක් බණිනවා. මොකද ඒ අය බලන්නේ මේ ඇත්ත ජීවිතේ කියලා හිතාගෙන.
මේ වෙද්දී නිර්මාණ කීයක් විතර කරලා තියෙනවද ?
ටීවී දෙරණ නාළිකාවේ විකාශය වූ මහරාණි ටෙලි නිර්මාණයේ ප්‍රධාන භූමිකාව වන නෙත්මිගේ චරිතය. සිරස නාළිකාවේ විකාශය වන ආලේ ටෙලි නිර්මාණයේ නිහාරි ඒ එක්කම ආලවන්ති නාට්‍යයේ පාරමී කියන චරිත.
ඉදිරියට එන්න තව නිර්මාණ තියෙනවාද?
මගේ මුල්ම රංගනය ඇතුළත් ටෙලි නාට්‍යය එන්න තියෙනවා. තව මම රංගනයෙන් දායක වුණා රාවණ චිත්‍රපටයට. ඒ දේවල් තමයි දැනට එන්න තියෙන්නේ.
දිගටම රගපාන්නද කැමැත්ත?
රංගනයට මම දැන් ගොඩක් ආසයි. ඒ නිසාම වෘත්තීය රංගන ශිල්පිනියක් වෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ නිසා ඉදිරියටත් රංගනය කරගෙන යාවි.
රංගනයට අමතරව මොනවාද කරන්නේ?
මේ වෙද්දී මම ෆැෂන් ඩිසයිනින් පිළිබඳව උපාධි පාඨමාලාවක් හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒක ලබන අවුරුද්දේ මුල පටන් ගන්නවා.
මේ වෙද්දී කී සැරයක් මනාලියන් විදිහට හැඩ වුණාද?
මේ වෙද්දී හත් අට සැරයක් හැඩවෙලා තියෙනවා. ගොඩක් ඇරයුම් ලැබෙනවා. නමුත් රංගන කටයුතු එක්ක ටිකක් කාර්යබහුල නිසා ඒ දේවල් මඟහැරෙනවා.
ගෙදර අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
ගෙදරින් ලැබෙන සහයෝගය නිසා තමයි මේ හැමදේම. විශේෂයෙන්ම මගේ අම්මා මගේ ළඟින්ම ඉඳන් සහයෝගය දෙනවා. ඒ වගේම තමයි මගේ අයියාත්. අප්පච්චි නම් ව්‍යාපාර කටයුතු එක්ක ටිකක් කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ. ඒත් පුළුවන් හැම වෙලාවෙම ඔවුන් මට උදවු කරනවා. මගේ ගමනට ගෙදර හැමෝම ශක්තියක් වෙනවා.
මඟ තොටේදි වැඩියෙන්ම ප්‍රතිචාර ලැබෙන්නේ මොන චරිතයට ද?
මඟතොටේදී නම් නිහාරිට තමයි වැඩිම ප්‍රතිචාර. ඉස්සරහට සහේන්ට මොකද වෙන්නේ කියලත් මගෙන් අහනවා.
හංසාංගනාට ආදරේ ගැන තියෙන්නේ මොන වගේ අත්දැකීමක්ද?
ආදරේ ඇත්තටම හොඳයි. මම නම් තාම ලබන්නේ අම්මා, අප්පච්චි, අයියා කියන මගේ පවුලේ අයගේ ආදරේ විතරයි. මට තාම අවුරුදු 20යි. අයියාගේ ආදරේ තමයි වැඩියෙන්ම ලැබෙන්නේ. විශේෂ කෙනෙක්ගේ ආදරයක් ගැන මං තාම හිතලා නැහැ.
අනාගතයේ මොන වගේ වෙයිද?
දක්ෂ රංගන ශිල්පිනියක් විදිහට කලාවෙන් ඉදිරියටම යන්න තමයි මගේ ලොකුම බලාපොරොත්තුව.