විවිධ චරිත ලබන්න මම වාස­නා­වන්ත වුණා -සංගීත් සත­ර­සිංහ

gossiplanka image 2


කුඩා කල සිටම පාසල් වේදි­කා­වට සම්බන්ධ වී සිටි ඔහු රංග­නය වෙනම විෂ­යක් ලෙස හැදෑ­රු­වේය. ලැබෙන ඕනෑම චරි­ත­ය­ටක සාධා­ර­ණ­යක් ඉටු කර­මින් ප්‍රේක්ෂක ආද­රය නොඅ­ඩුව ලබ­න්නට ඔහුට පන්න­ර­යක් වූයේ පාසල් වේදි­කාව යැයි කීම නිවැ­රැ­දිය. මේ දින­වල ස්වාධීන රූප­වා­හි­නියේ විකා­ශය වන පහේ ළමයි ටෙලි­නා­ට්‍යය හරහා ප්‍රේක්ෂ­ක­යන් අත­රට එන ඔහු නමින් සංගීත් සත­ර­සිං­හය.


ඔබ මේ දින­වල පහේ ළමයි ටෙලි නාට්‍යය හරහා ප්‍රේක්ෂ­ක­යින් අත­රට එනවා. කොහො­මද ලැබෙන ප්‍රේක්ෂක ප්‍රති­චාර?


පහේ ළමයි කියන්නේ ඉතා­මත් කෙටි කාල­යක් තුළ ප්‍රේක්ෂ­ක­යන්ගේ ආද­රය දිනා­ගත් කතා­වක්. ඒකට ලොකුම හේතු­වක් තමයි ඒකෙ ප්‍රබල පිට­පත. මුල්ම ගෞර­වය හිමි­වෙන්න ඕන ලක්ෂාන් වත්තු­හේ­වාට. ඒ වගේම අධ්‍ය­ක්ෂ­ණය ශාන් ජය­ර­ත්නගේ. ඇත්ත­ටම පහේ ළමයි කියන්නේ වෙනස්ම විදිහේ ලස්සන කතා­වක්.


සන්තුෂ්ගේ චරි­තය ඔබට දැනෙන්නේ කොහොමද?


සන්තුෂ් කියන්නේ හීන ගොඩාක් මැද්දේ ජීවන වෘත්තිය ගෙන යන චරි­ත­යක්. ජීවි­ත­යට එන නොයෙක් හැල හැප්පීම්, විවිධ ප්‍රශ්න හමුවේ පවුලේ සතුට රැක ගන්න උත්සාහ කරන වෙනස්ම චරි­ත­යක්. ඒ චරි­තයේ පරා­ස­යන් ගොඩක් තියෙ­නවා. පහේ ළමයි හැමෝම බලන්න ඕන කතා­වක් කිය­ලයි මට හිතෙන්නේ.


ඔබට එකි­නෙ­කට වෙනස් චරිත ලැබෙ­නවා. ඒ ගැන මොකද හිතෙන්නේ?


විවිධ චරිත ලබන්න ඇත්ත­ටම මම වාස­නා­වන්ත වුණා. මට ලැබුණු චරිත වගේම අධ්‍ය­ක්ෂ­ක­ව­රුත් විවි­ධා­කා­රයි. ඔවුන් හැම වෙලා­වෙම වෙනස් මඟ­කට යොමු කරන්න උත්සාහ කර­නවා. නළු­වෙක් වුණ­හම හරි­යට මැටි ගුලි­යක් වගේ වෙන්න ඕන. අධ්‍ය­ක්ෂ­ව­ර­යාගේ, පිට­පත් රච­ක­යාගේ තියෙන කොටස් සහ අපෙත් දේවල් එකතු කරලා ඒක අවශ්‍ය විදි­හට හැඩ කරන්න.


මෙතෙක් ලැබුණු චරි­ත­ව­ලින් ඔබට අභි­යෝ­ග­යක් වුණු චරිත තියේද?


චණ්ඩි කුමා­රි­හාමි එකේ චරි­තය ඇත්ත­ටම අභි­යෝ­ග­යක් වුණා. ඒක ඉති­හාස කතා­වක්. භාෂා උච්චා­ර­ණය,හැසි­රීම ගැන ගොඩක් හිතන්න වුණා. රඟ දක්වන්න පරා­ස­යන් ගොඩාක් තිබුණා. චණ්ඩි කුමා­රි­හාමි චරි­තය ප්‍රේක්ෂ­ක­යින් ඉතා­මත් ආද­ර­යෙන් වැලඳ ගත්තා. අනිත් චරිත එහෙම නෑ කිය­නවා නෙවෙයි. අපි හැම වෙලා­වෙම පිට­ප­තක් ලැබු­ණම වෙනස් කැට­ය­මක් ඒ චරි­තය තුළ නිර්මා­ණය කරන්න උත්සාහ කරන්න ඕන. එත­කොට තමයි ඒ චරි­තය වෙන­ස්වෙලා පේන්නේ.


මේ දින­වල ඉතාම ජන­ප්‍රිය චංචල රේඛා ටෙලි නාට්‍යය ගැන කතා කර­නවා නම්?


ඒක මට ලැබුණු ලොකු වාස­නා­වක්. සිංහල සින­මාවේ ස්වර්ණ­මය යුග­යක තිබුණු චංචල රේඛා චිත්‍ර­ප­ටිය ඇසු­රින් දිග හැරෙන සමන් කුමාර ලිය­නගේ අධ්‍ය­ක්ෂ­ණ­යක්. චිත්‍ර­ප­ට­යක් ටෙලි නිර්මා­ණ­ය­කට හැරෙද්දි චිත්‍ර­ප­ට­යට හානි­යක් නොකර යම් යම් වෙන­ස්කම් සිද්ධ වෙනවා. චිත්‍ර­ප­ටයේ පොඩි රාල­හාමි කියන චරි­ත­යට රංග­න­යෙන් දායක වුණේ විමල් කුමා­රද කොස්තා. ඒ චරි­තය තමයි මම නිරූ­ප­ණය කරන්නේ. නමුත් එය ප්‍රති­නි­ර්මා­ණ­ය­කට වඩා වර්ත­මා­න­යට ගැළ­පෙන අයු­රින් කර තියෙ­නවා. අසූ ගණ­න්වල විදි­හට තමයි කතාව විකා­ශ­නය වෙන්නේ. අධ්‍ය­ක්ෂ­ක­ව­ර­යාගේ කැමැත්ත පරිදි පිට­පත අනුව රංග­න­යේදී යම් යම් වෙන­ස්කම් සිදු­වෙ­නවා. ඒක හැමෝ­ටම ආද­ර­යෙන් වැල­ඳ­ගන්න පුළු­වන් විදිහේ හැඩ­ය­කට නිර්මා­ණය වෙලා තියෙ­නවා. පොඩි රාල­හාමි කියන මගේ චරි­ත­යත් වෙනස්ම චරි­ත­යක්.


සින­මා­වට ඔබේ සම්බ­න්ධ­තාව ගැන කතා කළොත්…


ටෙලි නාට්‍ය­ව­ලට අම­ත­රව මං රංග­න­යෙන් දායක වුණු චිත්‍ර­ප­ටි­යක් එන්න තියෙ­නවා. එහි රූගත කිරීම් අව­සන්. ලබන අවු­රුද්දේ බලා­ගන්න පුළු­වන්. තවත් චිත්‍ර­ප­ටි­ය­කට ආරා­ධනා ලැබිලා තියෙ­නවා. රංග­න­යට අම­ත­රව මම ගොඩක් ආසයි ගාය­න­යට. හැමෝ­ටම රස විඳිය හැකි මගේ අලුත්ම සිංදු කිහිප­යක් ඉක්ම­න­ටම අහන්න ලැබේවි.


ඔබේ රංගන ජීවි­ත­යට පවුලේ අය­ගෙන් ලැබෙන දාය­ක­ත්වය ගැනත් කියමු…


රංග­න­යට විත­රක් නෙවෙයි මගේ ජීවිතේ හැම­දේ­ටම මට උඩින්ම උදවු කරන්නේ මගේ මැණික. එයා තමයි මගේ එකම හයිය හැම­දේ­ටම. එයා තමයි මගේ වැඩ මුලින්ම බලන්නේ. මාව ගොඩක් දිරි ගන්ව­න්ව­නවා. හැම දේක­ටම උදවු කර­නවා. අපි සන්තෝ­සෙන් ඉන්න ලොකුම කාර­ණා­වත් ඒක.


ක්ෂේත්‍ර­යට එන නවක රංගන ශිල්පීන්ට ඔබට කියන්න තියෙන්නේ මොකක්ද?


දැන් දැන් අලු­තින් ගොඩාක් අය මේ ක්ෂේත්‍ර­යට එකතු වෙනවා. රංග­නය කියන්නේ හොඳ විෂ­යක්. ඒක හදා­රන්න පුළු­ව­න්නම් ඉතාම වටි­නවා. මම කොළඹ තර්ස්ටන් විද්‍යා­ලයේ ඉගෙන ගන්න කාලෙ ඉඳන්ම වේදි­කා­වට සම්බන්ධ වුණා. ඊට පස්සෙත් මම රංග­නය වෙනම හදා­රලා තියෙ­නවා. ලෝකෙ තියෙන අනෙක් විෂ­ය­යන් වගේම රංග­න­යත් ඉගෙන ගෙන ඉවර කරන්න බැහැ. ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙ­නවා. පිට­පත කිය­වන තැන ඉඳන්ම අපිට යම් හික්මී­මක් තියෙ­න­ව­නම් අපිට වෘත්තීය ජීවි­තය ගොඩ­නඟා ගන්න හරිම පහ­සුයි. අද තරුණ පිරිස හරිම දක්ෂයි. හැදෑ­රීම තමයි අංක එක. ඕනෑම දෙයක් හැදෑ­රු­වොත් වර­දින්නෑ .

gossiplanka image 1
Previous Post Next Post