සාධා­ර­ණ­යක් කරන්න බැරි­ නම් චරිත භාරගන්නෙ නැහැ -සිත්මි එදි­රි­සිංහ

gossiplanka image 2


හිරි­පොද වැස්ස ටෙලි නාට්‍යයේ චාරුට ජීවය දෙමින් කලා­වට ආ සිත්මි එදි­රි­සිංහ මේ දව­ස්වල වෙනස්ම ආකා­රයේ ටෙලි අත්දැ­කී­මක් ලබලා තියෙ­නවා. ඒ “…’අ’ යනු හල් ‘ම’ යනු ‘මා’ යනු…” හරහා. ඇත්ත­ටම මොකක් ද මේ. ඒ ගැන වගේම කලා ලොවේ ඇය සම්බන්ධ අලුත්ම තොර­තුරු ගැන අපි සිත්මි එක්ක කතා කළා.


මේ දව­ස්වල කලා කට­යුතු කොහො­මද?

හිරු නාළි­කාවේ විකා­ශය වන අලුත්ම ටෙලි ෆිල්ම් එක­කට දායක වුණා. ඒ තුළින් අලුත්ම අත්දැ­කී­මක් ලැබුවා. ඒ එක්කම මම රංග­න­යෙන් දායක වෙන හිරි­පොද වැස්ස නාට්‍ය තවම විකා­ශය වෙනවා.


එහි මගේ චරිතේ වෙනස් වෙලා තියෙන නිසා ලැබෙන ප්‍රති­චා­රත් වෙනස් වේගෙන එනවා. කතා­වත් වෙනස් පැත්ත­කට යොමු වෙලා තියෙ­නවා. ඒ එක්කම ගොඩක්ම කාලය ගත වෙන්නේ මම කරන ‘බෑන්ඩඩ් ක්ලෝතින් ෂූට්‘ එක්ක. ඒ වගේම මේ ටිකේ වෙළඳ දැන්වීම් කිහි­ප­යක් වැඩි­යෙන් කරන්න ලැබුණා.


මොකක්ද මේ “…’අ’ යනු හල් ‘ම’ යනු ‘මා’ යනු…” කියන්නෙ?

ඒක තමයි මම අර මුලින්ම කිව්ව වෙනස්ම විදියේ අලුත් අත්දැ­කී­මක් ලබපු ටෙලි ෆිල්ම් එක. හිරු නාළි­කාවේ නිරෝ­ෂන් අයි­යාගේ පිට­ප­ත­කට අනුව එයාම අධ්‍ය­ක්ෂ­ණය කළ ලස්සන නිර්මා­ණ­යක්. අම්මා ගැන කතා වෙන්නේ. විශේ­ෂ­ත්වය තමයි මෙතෙක් නිර්මා­ණය නොවුණු විදියේ කතා­වක්.


ඉදි­රි­යට එන්න තියෙන නිර්මාණ මොන­වාද?

මේ වෙද්දී අලුත් නිර්මාණ දෙක­කට ආරා­ධනා ලැබුණා. ඉන් එක නිර්මා­ණ­යක ෂූටින් ලබන මාසේ පටන් ගන්නවා. ඒ නිර්මාණ නම් 2026 අලුත් වස­රේදී තමයි අපේ ආද­ර­ණීය ප්‍රේක්ෂ­ක­යන්ට බලන්න ලබෙන්නේ. ඒ නිර්මාණ විකා­ශය වෙද්දී ඒ චරිත ගැන වැඩි විස්තර කිය­න්නම්.


නිර්මා­ණ­යක් භාර ගන්න කලින් මොන­වාද බලන්නෙ

මම තවම මේ ක්ෂේත්‍ර­යට අලුත්. ඒ නිසා මම බලන්නේ මට දෙයක් කරන්න පුළු­වන් ද කියලා. ඒ වගේම මම හිරි­පොද වැස්සේ ටිකක් නපුරු චරි­ත­යක් කරන නිසා එවැ­නිම චරිත වලට කතා කර­නවා. ඒ නිසා ඒ එකම විදියේ චරිත භාර නොගෙන එකි­නෙ­කට වෙනස් වූ චරිත කරන්න තමයි මම උත්සාහ කරන්නේ.


චරි­ත­ව­ලදි නැත්නම් රංග­න­යේදි සිත්මි පනවා ගත්තු සීමා­වන් තියෙ­න­වද?

මට මේ වෙන­කම් නම් එහෙම සීමා­වන් ගැන ලොකු­වට හිතලා නැහැ. මට චරි­ත­ය­කට කතා කළාම මටම දැනු­ණොත් මට මේ චරි­තෙට සාධා­ර­ණ­යක් කරන්න බැහැ කියලා මම භාර නොගෙන ඉන්නවා. ඒ හැර මා එක්ක රඟ­පාන්න ඉන්න අය සහ අඳින්න වෙන ඇඳුම් ගැනත් බල­නවා.


අක්කා නම් සිනමා දොරටු විවර කර ගත්තා, සිත්මිට තවම සින­මා­වට ඇර­යුම් ලැබුණේ නැද්ද?

සින­මා­වට නම් තවම මට හොඳ ඇර­යු­මක් ලැබුණේ නැහැ. හොඳ නිර්මා­ණ­ය­කට ආරා­ධ­නා­වක් ආවොත් සින­මා­වට එන්න ආසා­වෙන් ඉන්නවා.


අක්කා නිළියක් වූ නිසා­මද සිත්මිත් නිළියක් වෙන්න හිතුවේ

ඇත්තෙන්ම මට රඟ­පාන්න ලොකු ආසා­වක් තිබුණේ නැහැ. මම හැම­දාම හිතුවේ අක්කට හොඳ චරිත ලැබිලා මේ රටේ හැමෝම ආදරේ කරන රංගන ශිල්පි­නි­යක් වෙන්න ලැබෙ­නවා නම් කියලා. අක්කා ඒ තැනට ගියා. එහෙම ගියාට පස්සේ එයාට ලැබෙන ප්‍රේක්ෂක ආදරේ දකිද්දී මටත් පොඩි ආසා­වක් ඇති වුණා. අනේ ෂෝක්නේ කියලා. ඒ නිසා අක්කා නිළි­යක් වූ නිසා මාත් නිළි­යක් වුණා කිව්වත් හරි.


නිළි­යක් නොවු­ණා­ නම් කවුරු වෙන්න ඉඩ තිබ්බද?

පෙර පාසල් ගුරු­ව­රි­යක්. එහෙම නැත්නම් නැටුම් ගුරු­ව­රි­යක් වෙන්න ඉඩ තිබුණා. උසස් පෙළින් පස්සේ මම ටික කාල­යක් පෙර පාසල් ගුරු­ව­රි­යක් විදි­යට සේව­යත් කළා. හැබැයි රංග­න­යට යොමු වුණාට පස්සේ ඒ දේ මඟ හැරුණා.


සිත්මි ‘ආදරේ‘ දකින්නෙ කොහො­මද?

ආදරේ කියන්නේ හරි සුන්දර දෙයක්. හරි කෙනා හරි වෙලා­වේදී හම්බු­වුනොත්. මොන ප්‍රශ්න බාධක ගැටලු ආවත් දෙන්නට දෙන්නා එකට ඉන්නවා නම් ඒ දේවල් ජය ගන්නවා නම් ඒ ආදරේ හරිම සුන්ද­රයි.


ඇත්තද අක්කා – නඟා දෙන්නම එකම දවසේ වෙඩින් එක ගන්න අද­හ­සක් තියෙ­නවා කියන්නෙ

ඒක කොහො­මද දන්නේ. ඒක අපේ අක්කා තමයි කියන්නේ. මම නම් තාම එහෙම දෙයක් හිත­ලා­වත් නැහැ. හැබැයි මම හිතන්නේ නැහැ මම එච්චර ඉක්ම­නට වෙඩින් එක ගනීවි කියලා. ඒක ඉතින් කාල­යට භාර දීලා ඉන්නවා. මොකද ඒක එහෙම වෙන්නත් පුළු­වන්, නැති වෙන්නත් පුළු­වන්.


ප්‍රේක්ෂ­ක­යන්ගේ ආද­රේ­ටත් කියන්න දෙයක් ඇතිනෙ…

මම හිතුවේ නැහැ මේ වගේ ප්‍රේක්ෂක ආද­ර­යක් ලැබෙයි කියලා. ඒ ආද­රේට මමත් ආද­රෙයි. ඒ ලැබෙන ආදරේ ගැන කියන්න මට වචන නැහැ. මම හරිම සතු­ටුයි එහෙම ආද­ර­යක් ලබන එකට.


අනා­ගත බලා­පො­රොත්තු මොන­වාද?

මම ආසයි දක්ෂ රංගන ශිල්පි­නි­යක් වෙන්න. ඒ වගේම මගේම කලෝ­තින් බෑන්ඩ් එකක් කර­නවා. ඒකත් දියුණු කර ගන්න ගමන් කලා­වෙන් ඉදි­රි­යට යන්න තමයි කැමති.

gossiplanka image 1
Previous Post Next Post