නිමංසා වගේ ලස්ස­නට ජීවත් වෙන චරිත අද සමා­ජයේ ඕන තරම් ඉන්නවා -සම­නලී ෆොන්සේකා

gossiplanka image 2
 කල්පන ආරි­ය­වංශ සහ වින්දන ආරි­ය­වංශ අධ්‍ය­ක්ෂ­ණ­යෙන් තිර­ගත වන ‘මලකි දුවේ නුඹ’ සින­මා­ප­ටය මේ දින­වල ඉතාම සාර්ථ­කව තිර­ගත වෙයි. පර­ම්පරා තුනක අත්දැ­කීම් වටා ගෙතුණු කතා සංක­ල්පය සහ තිර පිට­පත ද ඔවු­න්ගේය. නිෂ්පා­දන දාය­ක­ත්වය වෛද්‍ය ලක්ෂ්මන් මාක­ඳුර සහ කුල­රත්න ආරි­ය­වං­ශ­ගෙනි. හෙළ සින­මාවේ නිළි රැජන මාලිනී ෆොන්සේකා, සම­නලී ෆොන්සේකා, කුශේ‍න්්‍්‍යා ෆොන්සේකා සහ ශ්‍යාම් ප්‍රනාන්දු ප්‍රධාන චරිත මවන ‘මලකි දුවේ නුඹ’ සින­මා­ප­ටය සමා­ජය මෙතෙක් නොදුටු පැති­ක­ඩක් කියා­පෑමේ උත්සා­හ­යක යෙදෙයි. නිළි රැජ­නගේ අව­සන් සිනමා අත්දැ­කීම ලෙස ද මෙය ඉති­හා­ස­යට එක්වනු ඇත. ප්‍රධාන භූමිකා ත්‍රිත්වය එකම පවුලේ පර­ම්පරා තුනක් නියෝ­ජ­නය කිරීම ද මෙහි විශේ­ෂ­ත්ව­යකි.


විශ්‍රා­මික විනි­සු­රු­ව­රි­යක ලෙසින් නිළි රැජන සිය භූමි­කා­වට මනා සාධා­ර­ණ­යක් ඉටු කරද්දී යූටි­යු­බර් කෙනෙක් වන ඇගේ දිය­ණිය නිමංසා ලෙස පෙනී සිටින්නේ ඇගේ ඥාති දිය­ණි­යක වන සම­නලී ෆොන්සේ­කාය. නිමං­සාගේ දිය­ණිය චනුලී ලෙස පෙනී සිටින කුශේන්්‍යා ෆොන්සේකා සම­න­ලීගේ ඥාති දිය­ණි­යයි. ශ්‍යාම් ප්‍රනාන්දු මහා­චාර්ය කවීන්ද්‍ර සේනා­නා­යක ලෙසින් ඔවුන්ගේ චරිත හා ගැටෙ­මින් යම් සුවි­ශේෂී කරු­ණක් සමා­ජ­ගත කරයි. මේ නිර්මා­ණය හරහා වටිනා අද­හ­සක් සමා­ජ­ගත කිරී­මට කල්පන සහ වින්දන ගන්නා උත්සා­හය සාර්ථක වී ඇති බව පැහැ­දි­ලිය.


‘මලකි දුවේ නුඹ’ ගැන කතා කර­න්නට අද අප හා එක්වන්නේ නිමංසා සහ චනුලී ලෙසින් එහි ප්‍රධාන චරිත මවන සම­නලී ෆොන්සේකා සහ කුශේන්්‍යා ෆොන්සේ­කාය.


පළ­මුව අපි නිමංසා ගැන සම­න­ලී­ගෙන් විම­සු­වෙමු.


‘මලකි දුවේ නුඹ’ මේ දින­වල ඉතාම සාර්ථ­කව තිර­ගත වෙනවා. නිමංසා වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?


ලැබෙන ප්‍රති­චා­රත් එක්ක ඇත්ත­ටම ගොඩක් සතු­ටුයි. ඒ වගේ චරිත අද සමා­ජයේ ඕන තරම් ඉන්නවා. මම හරිම ආසා­වෙන් කළ චරි­ත­යක්.


ඔබේම පවුලේ පර­ම්පරා තුනක සාමා­ජි­ක­යන් සම්බන්ධ වීමත් විශේ­ෂ­ත්ව­යක් වෙන්න ඇති?


ඒක හොඳ අත්දැ­කී­මක් වුණා. මං නැන්දලා එක්ක නම් කලි­නුත් රඟ­පාල තියෙ­නවා. දම­යන්ති නැන්දා එක්කත් රඟ­පාලා තියෙ­නවා. ඒ වගේම දෙවැනි පර­ම්ප­රාව එක්කත් රඟ­පාල තියෙ­නවා. ඒ නිසා ඒක නම් අලුත්ම අත්දැ­කී­මක් නෙවෙයි. නමුත් පර­ම්පරා තුනක් එකට එකම වැඩේ ඉන්න එක ටිකක් විශේෂ තැනක් වුණා.


නිමං­සාට ලැබෙන ප්‍රති­චාර ගැන කතා කර­න­වා­නම්?


ප්‍රති­චාර ඉතාම ඉහ­ළයි. මේ වසරේ එළි­යට ආපු පළ­මු­වැනි චිත්‍ර­ප­ටය විදි­හට මිනිස්සු හරි ආද­රෙන් වැලඳ ගනි­මින් ඉන්න එක ගැන ලොකු සතු­ටක් තියෙ­නවා. මොර­ටුවේ චිත්‍ර­පට ප්‍රද­ර්ශ­නය කරන තැනට අපි ගිය දවසේ හතේ ෂෝ එක හවු­ස්ෆුල් වෙලා තිබුණා. චිත්‍ර­ප­ටය බලලා එළි­යට ආපු මිනිස්සු හරිම සංවේදී විදි­හට ඒ ගැන කතා කළා. ඔවුන් චිත්‍ර­ප­ටය හොඳ­ටම විඳලා තිබුණා. සමාජ සංස්කෘ­තික තලයේ මේ ඇති­වන පෙර­ළිය ගැන ගොඩක් සතු­ටුයි.


නිමං­සාව ඔබට දැනුණෙ කොහො­මද?


නිමංසා කියන්නේ හරිම ශක්ති­මත් චරි­ත­යක්. පිරිමි කාන්තාව වෙනු­වෙන් තීරණ ගන්න ලෝකෙක ඇය තමන් වෙනු­වෙන් තීරණ අර­ගෙන වැර­දුණු තැන්, හරි­යන තැන්වල වග­කීම භාර­ගෙන හරි ලස්ස­නට ඉස්ස­ර­හට යන කාන්තා­වක්. වැටෙන තැන් බොහො­ම­යක් තිබු­ණත් ඇය හැම තැන­දිම නැඟි­ටි­නවා. ඇය ඇයව ස්වාධීන කර­ග­න්නවා. ආර්ථි­ක­මය විදි­හ­ටත් ගත්තත් නිර්මා­ණ­ශීලී විදි­හට ගත්තත් යූටි­යු­බර් කෙනෙක් විදි­හට ඇය ඇයගෙ අන­න්‍ය­තාව ගොඩ­න­ඟා­ගන්න උත්සාහ කර­නවා. ඇයව ආරක්ෂා කර­ගන්න යොදා­ගෙන තියෙන පලිහ තමයි ඒක. ආද­ර­යේදී, සම්බ­න්ධ­තා­ව­ලදී දිය­ණිය නිසා ඇයව ප්‍රති­ක්ෂේප වෙනවා. ඒ හැම වෙලා­වෙම ඇය දිය­ණිය තදින් තුරුලු කර­ගෙන යන ගම­නක් තමයි තියෙන්නේ.


මෙවන් චරිත මේ සමා­ජ­යේත් ඉන්නවා. ඒ වගේ අය­ගෙන් ප්‍රති­චාර ලැබිල තියෙ­න­වද?


දෙතුන් දෙනෙක් මට කතා කළා. ඒ වගේම මං දන්න මේ වගේ යාළු­වොත් ඉන්නවා. දැන් සමා­ජය ඉදි­රි­යට යමින් තියෙන්නේ. බුද්ධි­මය විදි­හට වගේම ආර්ථි­ක­මය වශ­යෙ­නුත් කාන්තාව ස්වාධීන වෙමින් ඉන්නවා. එවන් වෙලා­වක තමන්ට ගෞර­ව­යක් හිමි නොවන තමන් වේද­නා­වට පත් කරන පරි­ස­ර­යට හෝ සමා­ජ­යට බය වෙලා ගුලි­ගැ­හිලා ඉන්නෙ නැතුව එත­නින් ඉස්ස­ර­හට යන්න කාන්තා­වට හැකි­යා­වක් ලැබිලා තියෙ­නවා. මව කියන කොටස කිසි­වෙ­ලා­වක අත­හ­රින්නේ නැතුව තමන්ගේ දරු­වට හොඳ ජීවි­ත­යක් හදල දෙන්න සම්බ­න්ධතා පවා අත­හැ­රලා ඇවිත් තම­න්වත් තමන්ගෙ දරු­ව­වත් අත­හ­රින්නේ නැතුව ලස්ස­නට ජීවත් වෙන නිමංසා වගේ අම්මලා අද සමා­ජ­යේත් ඕන තරම් ඉන්නවා.


යූටි­යු­බර් කෙනෙ­කුට සමා­ජ­යට ලොකු බල­පෑ­මක් ඇති කරන්න පුළු­වන් කියල හිත­න­වද?


මෙහෙ­මයි යූටි­යුබ් කියන්නේ අඩු­වෙන්ම වාර­ණ­යට ලක්වෙන මාධ්‍ය­යක්නේ. මාධ්‍ය කොහො­මද හසු­රු­වන්නේ කියන එක සම්බ­න්ධ­යෙන් ඔවුන්ට දැනු­මක් තියෙ­නවා. හැබැයි ඒක හොඳ, නරක දෙපැ­ත්තම සිදු­වෙ­නවා. මේකෙ විදි­හට නම් නිමංසා පාවිච්චි කරන්නේ හොඳ පැත්ත. සමා­ජයේ සිදු­වන දූෂණ, වංචා, අසා­ධා­ර­ණ­කම් ප්‍රශ්න කරන්න තමයි නිමංසා යූටි­යුබ් නාලි­කාව යොදා­ගන්නේ.


ඔබේ දුව චනුලි කියන්නේ ඔබේම අයි­යාගේ දුව. කොහො­මද ඒ අත්දැ­කීම?


අපි දෙන්නා කොහො­මත් යාළුවෝ වගේ ඉන්නේ. අපිට රිදී තිරය ශෙයාර් කර­ගන්න ලැබීම ලොකු සතු­ටක්. විශේ­ෂ­යෙන්ම නැන්දත් අපිත් එක්ක හිටියා. අපි තුන්දෙ­නාම රඟ­පාපු සීන් එකයි තිබුණේ. ගොඩක් ඒවා තිබුණේ වෙනම. දුවට ගොඩක් ඒවා තිබුණේ මාත් එක්කයි නැන්දා එක්කයි වෙන වෙනම. මං නැන්දත් එක්ක සීන් දෙක තුනක් කළා. හරිම සුන්දර දවස් කීප­යක් ගත කළා. චූටි දුවගේ ඇතුළෙ තියෙන සාරය මං දැක්කා. එයාට ඒක කරන්න පුළු­වන් කියන එක දැක්කා. ඒක ඔළු­වට දාගන්න මට පුඵ­වන් විදි­හට මං ඇයට උදවු කළා.


මේ නිළි රැජන අව­සන් වරට දායක වුණු රංග­නය. ඒ ගැන මොකද හිතෙන්නේ?


ඔව්. ඇත්ත­ටම නැන්දා අන්ති­මට සම්බන්ධ වුණේ මේකට. ඇය ආසා­වෙන් බලා­ගෙන හිටියා. නමුත් ඇයට නර­ඹන්න අව­ස්ථා­වක් ලැබුණෙ නැහැ. චිත්‍ර­ප­ටය දකිද්දි හරිම දුකයි.


කුශේන්්‍යා ගැනත් දැන් දැන් අනා­වැකි පළ වෙනවා. ඔබ­ටත් අහන්න ලැබිලා ඇති?


ඔව්. බොහෝ දෙනෙක් මටත් කියල තියෙ­නවා. ඇයට හැකි­යාව තියෙ­නවා. නමුත් ඇය දිග­ටම රඟ­පා­න­වද නැද්ද කියන එක ගැන තාම තීර­ණ­යක් අරන් නැහැ. ඔය වගේ කාල­යක් මටත් තිබුණා. පවු­ලෙන් අපිට උරුම වුණාට ඔය වය­සෙදි අපේ ඇතු­ළ­තින් අපි තීර­ණය කරල නැති වෙන්න පුළු­වන්. ඇය තාමත් ඒ වයස පහු­ක­ර­මින් ඉන්නේ. ඇය දිග­ටම රඟ­පාවි කියන විශ්වා­සය මට තියෙ­නවා. මම නම් කැම­තියි ඇය රංග­න­යට එන­වට. ඒක ඉතින් එයාගේ මුළු ලෝකෙම කර­ගෙන කළොත් තමයි හොඳ.


කුශේන්්‍යායි ඔබයි අම්මයි දුවයි වගේ­මයි කියන බොහෝ පිරි­සක් හිටියා. ඔබ­ටත් ඇහිලා ඇති?


ඔව්. අම්මයි දුවයි වගේ තමයි. ඇයත් මං වගේ­මයි. කොහො­මත් පොඩි අයි­යයි මායි එක වගේ. අපේ පවුලේ කාටත් ඒ හුරුව තියෙ­නවා.


ඉදි­රියේ දී ඔබව දකින්න ලැබෙන නිර්මාණ ගැනත් කතා කරමු?


දෙසැ­ම්බර් මාසේ ප්‍රසන්න ජය­කො­ඩිගේ චිත්‍ර­ප­ට­යක වැඩ අව­සන් කළා. මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණ­සිංහ සහ මං වටා කතාව යන්නේ. පාලිත පෙරේ­රාගේ කැමරා අධ්‍ය­ක්ෂ­ණ­යෙන් නිම­වුණු එය ප්‍රසන්න ජය­කො­ඩිගේ චිත්‍ර­පට ලිස්ට් එකේ වෙනස්ම වැඩක් වේවි කියල හිත­නවා. මාස­යක් තිස්සේ ෂූට් කළා. ලලිත් රත්නා­ය­කගේ ඩෙල්ෆ් සින­මා­ප­ට­යත් එන්න තියෙ­නවා. මම, සජිත ඇන්තනී, දසුන් පති­රණ, සේවි­යර් කණිෂ්ක, මෞලී, උමා අසේනි, ප්‍රිය­න්ත­සිරි කුමාර, ඔහුගේ දුව රංග­න­යෙන් දායක වුණා. ඒකත් මාස­යක් විතර ඩෙල්ෆ් දූපතේ නත­ර­වෙලා කළ ලස්සන නිර්මා­ණ­යක්. ඊට පස්සේ විමුක්ති ජය­සු­න්ද­රගේ ස්පයි­න්ස්ටාර්ස් (සාංකා) සින­මා­ප­ට­යට සම්බන්ධ වුණා. ඒක ඉන්දි­යාව, ශ්‍රී ලංකාව සහ ප්‍රංශය හවුල් නිෂ්පා­ද­න­යක් විදි­හ­ටයි කෙරෙන්නේ.


‘මලකි දුවේ නුඹ’ ගැන සම­නලී එසේ පව­සද්දී කුශේන්්‍යා පැව­සුවේ ද එය ඇයට ද ආග­න්තුක අත්දැ­කී­මක් නොවුණු බවයි.


මේ දින­වල රිදී තිරයේ පිපුණු පුංචි මල ඔබ. කොහො­මද ඒ අව­ස්ථාව ලැබෙන්නේ?


කල්පන අංකල් සහ වින්දන අංකල් එක්ක මම මීට කලින් ‘රූකඩ පැංචී‘ චිත්‍ර­ප­ටයේ වැඩ කරල තිබුණා. ඒ අත්දැ­කී­මත් එක්ක තමයි ඔවුන් මට මේ සඳහා ආරා­ධනා කළේ.


කොහො­මද මේ දව­ස්වල චනු­ලිට ලැබෙන ප්‍රති­චාර?


ගොඩක් හොඳ ප්‍රති­චාර තියෙ­නවා. ගොඩක් දෙනා කිය­නවා හොඳයි ලස්ස­නයි කියලා. ඉතින් ගොඩක් සතු­ටුයි.


චනු­ලිගේ චරි­තය ලැබු­ණම මොකද හිතුනේ?


ඒ චරි­තය ලැබු­ණ­හම මට හිතුනේ මේ මමම නේද කියලා. ඇත්ත­ටම ලොකු ගැළ­පී­මක් තියෙ­නවා. මමත් කේන්ති යන, තරහ ගන්න, රණ්ඩු කරන කෙනෙක්. ඒ චරි­තයේ අත්දැ­කීම් නැති නිසා විත­රයි පොඩ්ඩක් අමාරු වුණේ. ඒත් චරි­තය ලැබු­ණම සතුටු හිතුනා. නැන්දයි, ලොකු ආච්චියි හිටිය නිසා තවත් සතුටු හිතුනා.


ආච්චි­ගෙ­නුයි නැන්ද­ගෙ­නුයි ලැබුණෙ මොන­වගේ සහ­යෝ­ග­යක්ද?


ලොකු ආච්චිත් එක්ක මට කරන්න තිබුණේ සීන් කිහි­ප­යක් විත­රයි. ඒත් ඇය මට ලොකු සහ­යෝ­ග­යක් දුන්නා. කරන්න ඕන විදිහ කියල දුන්නා. චිත්‍ර­ප­ටය තිර­ගත වෙද්දි ලොකු ආච්චි හිටිය නම් කියල හිතුනා. ඇය එක්ක රඟ­පාන්න ලැබුණු එක මට ලොකු ආඩ­ම්බ­ර­යක්. ඒ වගේම නැන්දා මට ගොඩක් උදවු කළා. එයා තමයි මුල ඉඳන් අන්තිම දක්වාම ඩය­ලොග් කොහො­මද කියන්න ඕන, මුහුණෙ ඉරි­යව් කොහො­මද පවත්ව ගන්න ඕන කියන එක කියල දුන්නේ. ශ්‍යාම් අංකල් වගේම අධ්‍ය­ක්ෂ­ව­රු­න්ගෙ­නුත් ලොකු සහ­යෝ­ග­යක් ලැබුණා.


කුශේන්්‍යා තවම ක්ෂේත්‍ර­යට නව­ක­යෙක්. ඒ අතී­තය සිහි­පත් කර­නවා නම්?


ඔව්. මං මුලින්ම දායක වෙන්නේ මලිත් හෑගොඩ අධ්‍ය­ක්ෂ­ණය කළ ‘දැකල පුරුදු කෙනෙක්‘ සින­මා­ප­ට­යට. ඊට පස්සේ තමයි රූකඩ පැංචී. ‘මලකි දුවේ නුඹ‘ කියන්නේ මගේ තුන්වැනි සිනමා අත්දැ­කීම. මම පොඩි කාලෙ­දිම වෙළෙඳ දැන්වී­ම්ව­ලට සම්බන්ධ වුණා. ඊට පස්සේ මලිත් අංකල් ‘දැකලා පුරුදු කෙනෙක්‘ සින­මා­ප­ට­යට සම්බන්ධ කර­ගන්න සම­නලී නැන්දා­ගෙන් අහලා තිබුණා. ඒ වෙද්දි මට අවු­රුදු හය හතක් ඇති. ඊට පස්සේ මගේ සීයා ආනන්ද ෆොන්සේකා ගනිපු පොටෝ වග­යක් සම­නලී නැන්දා ෆේස්බුක් දාල තිබිලා දැකලා තමයි කල්පන සහ වින්දන අංකල්ලා රූකඩ පැංචී එකට මට ආරා­ධනා කරන්නේ. ‘මලකි දුවේ නුඹ‘ සින­මා­ප­ට­යට ආරා­ධනා ලැබෙ­න්නෙත් ඔවු­න්ගෙ­න්මයි.


කුශේන්්‍යාගේ අනා­ග­තය මොන පැත්තට යාවි කිය­ලද හිතන්නේ?


මට රඟ­පාන්න ලොකු ආසා­වක් නැහැ. ඒත් නැන්දා තමයි මාව ඒ පැත්තට තල්ලු කරන්නේ. ඊට අම­ත­රව අම්මා තාත්තා, ආච්චී හැම­දේ­ටම උදවු කර­නවා. මගේ පවුලේ ඉන්නේ මම විත­රයි. දැනට මම NIBM එකේ මානව සම්පත් අංශ­යෙන් මගේ උසස් අධ්‍යා­පන කට­යුතු කර­ගෙන යනවා. ඒ පැත්තෙන් ඉදි­රි­යට යන්න තමයි බලා­පො­රො­ත්තුව. මං තවම රංග­න­යෙන් ඉදි­රි­යට යන­වද නැද්ද කියන එක ගැන නම් හිතලා නැහැ.

gossiplanka image 1
Previous Post Next Post