මේධා ජයරත්න කියන්නෙ කලා ක්‍ෂේත්‍රයේ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. නමුත් මෙතෙක් ඇයගෙන් රසිකයන් නොදුටු රංගනයක් මේ දිනවල දැකගන්න පුළුවන්. ඒ ‘බැද්ද අද්දර’ ටෙලි නාට්‍යය තුළින්. චරිතය භාරගන්නකොට නම් බොහොම බය හිතුනලු. නමුත් දැන් නන්දනීට ගොඩක් අය ආදරෙයිලු. මේධා අපිට කිව්වෙ එහෙම.
‘බැද්ද අද්දර’ නන්දනී ගැන මිනිස්සු මොකද කියන්නෙ?
මේ ඇත්තටම මම හරි බයෙන් කරපු චරිතයක් වගේම ලොක-ු අභියෝගයක්. මොකද මේ වගේ සීන්ස් තියෙන චරිතයක් මීට කලින් මම කවදාවත් කරල නැහැ. නමුත් සමන්ත ක-ුමාර අයිය මේ කතාව ලස්සනට ලියල තියෙන නිසා බයෙන් බයෙන් වුණත් මම චරිතය භාරගත්තා. බුද්ධික ලොකුකැටිය අයිය මට මේ චරිතය වෙනුවෙන් කතාකරද්දිම කිව්වා, නංගි මේ වගේ සීන්ස් ටිකකුත් තියෙනව කියල. ඒ වෙලාවෙම මම ඇහුවෙ ඒවාට කවුද ඉන්නෙ කියල. ඔහු කිව්වා නිරෝෂන් කියල. නිරෝෂන් කියන්නෙ මගෙ හොඳම යාළුවෙක්. ඒ නිසා මම ඕකේ කියල කිව්වා. සමීරත් එක්ක තියෙන සීන්ස් ටිකේදි ටිකක් අවුල් වගේ ඉතිං. පොඩි කොල්ලෙක්නෙ. මට වැඩිය හුරුත් නැහැ. කොහොම වුණත් ඉතිං අපි සාර්ථකයි කියල හිතනව.
චරිතයට කැමති වුණේ පිටපත ලස්සන නිසාමද?
නැහැ. නන්දනී කියන්නෙ නිකම්ම නිකන් පැතැලි චරිතයක් නෙමෙයි. ඒ තුළ ගොඩක් දේවල් කරන්න තියෙනව. ඒවාත් එක්ක ඇත්තටම මට මේ චරිතය අතහරින්න ලෝබ හිතුනා.
නන්දනී ඇයි මේ දෙවල් කරන්නෙ?
නන්දනී සහ ඇයගේ සැමියා අතර මාර ලව් එකක් තියෙනව. නන්දනී මේ හැමදේම කරන්නෙ තමන්ගෙ මනුස්සයට තර්ජනයක් වෙයි කියන බයට. එහෙම තර්ජනයක් වෙන්න ඉඩ තියෙන අයව තමයි ඇය තමන්ගෙ වසඟයට ගන්නෙ.
මෙවැනි චරිත මේධාට මුණගැහිල තියෙනවද?
ඔව්… ඔව්… මමත් ගමේ කෙනෙක්. මගේ ගමත් වවුනියාව මාමඩුව. අවුරුදු දහයක් විතර වෙනතුරු මම හිටියෙ ගමේ. ඉතින් මෙවැනි මෙවැනි ලක්‍ෂණ තියෙන චරිත මට දැකගන්න ලැබිල තියෙනව. අද අපි ජීවත් වෙන සමාජයෙත් එක එක විදිහෙ නන්දනීල ඉන්නවනෙ. මෙතැනදි මටම ආවේණික විදිහට නන්දනීව හදාගත්තා.
ලැබුණ හොඳම කමෙන්ට් එක මොකක්ද?
එකක් කියල නැහැ. කමෙන්ට්ස්නම් ගොඩක් ලැබිල තියෙනව. සමහර අය කියල තියෙනව සම්මානයක් ලැබෙන්න ඕන කියල. සමහර අය අහල තියෙනව මෙච්චර කාලයක් කොහෙද හිටියෙ, අපි දැකල නැහැ ඔයාගෙන් මේ වගේ රඟපෑමක් කියල.
ඇත්තටම මේ වගේ චරිතයක් කරල නැද්ද?
මේ වගේ චරිත කරල නැතුවමත් නෙමෙයි, සමහර ඒවා ටෙලිකාස්ට් වුණේ නැහැ. සමහර ඒවා ටෙලිකාස්ට් වුණත් මේ තරම් මිනිස්සු අතරට ගියේ නැහැ.
මේ දවස්වල පාරෙ බැහැල යන්නත් බැරිලු?
ඔව්, වෙඩින් එකකට ගියත්, පාටි එකක්ට ගියත්, වෙනත් වැඩකට ගියත් හැමෝම අහන්නෙ, කතාවෙන්නෙ මේ චරිතය ගැන. ඇත්තටම මට හිතාගන්න බැහැ මේ ප්‍රතිචාර ගැන.
සුදු මහත්තයට, අලි මහත්තයට, මුදලාලිට මොකද වෙන්නෙ?
ඉස්සරහට මොනව වෙයිද කියන්න මමවත් දන්නෙ නැහැ. සමන්තගෙන්ම තමයි දැනගන්න වෙන්නෙ. මේ ළඟකදි බුද්ධික අයිය පොඩි ඉඟියක් දුන්නා, ඔයාට හිතාගන්න බැරි දෙයක් වෙන්නෙ කියල. ඒ මොකක්ද කියල කිව්වෙ නැහැ.
රූගතකිරීමේ අත්දැකීම් මොන වගේද?
අපි මේ නිර්මාණයේ රූගතකිරීම් කරන්නෙ ඇත්තටම අලි ඉන්න ප්‍රදේශයක. මහවැලියෙනුත් ගොඩක් ඈතට යන්න ඕන. හරිම දුෂ්කර පැත්තක්. අපි උදේම නැගිටල මේකප් කරනව. මගෙ ඇඟේ පෙනෙන හැම තැනක්ම මේකප් කරන්න ඕන. මොකද මගේ සාමාන්‍ය පෙනුමට වඩා චරිතයේ පාට ගොඩක් අඩු කරල තියෙන්නෙ. ඉතිං ඒකට ලොකු වෙලාවක් යනව. සමහරු කමෙන්ට් දාල තියෙනව මේකප් නැති වුණාම තමයි ඇත්ත පාට පේන්නෙ කියල. හැබැයි එයාල නොදන්නව වුණාට මේකෙ තමයි හොඳටම මේකප් කරල තියෙන්නෙ. නෝමල් අපිව ලස්සන කරන්න පැය බාගයක් ඇති. නමුත් මේ මේකප් එකට පැයක් විතර යනව.
අධ්‍යක්‍ෂවරයා ගැන කතා කළොත්?
ඇත්තටම කිව්වොත් බුද්ධික අයියා අපිට උපරිම නිදහස දීල තියෙනව. චරිතය අපිට මුලින් කරන්න දීල මොනව හරි අඩුපාඩුවක් දැක්කොත් හිමීට කියනව මේක මේ විදිහට කරන්න කියල. ඒ නිසාම වෙන්න ඇති හැම චරිතයක්ම සාර්ථක වෙලා තියෙන්නෙ.
මේධා චරිතය වෙනුවෙන් බලාපොරොත්තු වුණ ජනප්‍රියත්වයක්ද මේ?
නෑ… නෑ… මං බයේ හිටියෙ බැනුම් අහන්න වෙයි කියල. සමහරු අපිව මනින්නෙත් කරන චරිතයෙන්නෙ. නමුත් ඇත්තටම කියන්න සතුටුයි, අපේ රටේ මිනිස්සු දැන් ගොඩක් දියුණුයි වගේම ඉතාමත් හොඳ රසවින්දනයක් තියෙනව.
කලකට පස්සෙ වේදිකාවටත් ගොඩවෙලා?
ඔව්, සරත් දික්කුඹුර අයියගෙ කෝලංකාරයෝ වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නව. ඒකෙ හොඳ ආටිස්ට්ල ටිකක් ඉන්නව. නාට්‍යයත් අරගෙන අපි සෙට් එකම මාර්තු 10 වැනිදා ඉතාලි ටුවර් එකක් යනව.
දැන් දැන් වේදිකාවෙන් ජීවත් වෙන්න අමාරුයි කියනව?
මම ලොකුවටම වේදිකාවට සම්බන්ධ වුණ කෙනෙක් නෙමෙයි. දරුවො පොඩි කාලෙ එයාලව දාල රිහර්සල් යන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ වගේම වේදිකාව කියන්නෙ ලොකු කැපකිරීමක් කරන්න ඕන තැනක්. ඒ මහන්සිය වෙනුවෙන් තියෙන්නෙ හිතේ සතුට විතරයි. ආර්ථිකය පැත්තෙන් ගත්තොත් නිල්.
මේධාගෙ ජීවිතේ පසුතැවීම් නැතිලු?
ඔව් ඔව්… මම කිසිම දෙයක් වෙනුවෙන් පසුතැවෙන්නෙ නැහැ. පෙරළුණ පිට හොඳයි කියල හිතන කෙනෙක්. නමුත් මෙතෙක් මගෙ ජීවිතේ වැරදිලාවත්, ආපස්සට ගිහිල්ලවත් නැහැ.
මෙතෙක් ලැබුණ ආරාධනා ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?
ගොඩක් වෙලාවට ආරාධනා ලැබෙනව. නමුත් බජට් එක ගැන කතාකළාට පස්සෙ එතැනින් එහාට කතාවක් නැහැ. මේ අසාධාරණ ඉල්ලීම් නෙමෙයි. ඉතාමත් සාධාරණව කියන්නෙ. නමුත් තවත් පිරිසක් ඉන්නව ඊටත් වඩා බොහෝම අඩු ගණන්වලට රඟපාන්න බලාගෙන ඉන්න.