නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් වන ඇය පුංචි තිරයට අහිංසකාවියක්. ආදරය හොයන, ආදරය විඳින ඇය මේ දවස්වල ආදරණීය නිර්මාණයක කතා නායිකාව බවට පත්වෙලා. ඇය ඒ චරිතයට මුහුණ දුන්න විදිය ගැන කතා කරන්න ‘හාට්’ අපි සවිනි යකුපිටියව සම්බන්ධ කරගත්තේ මේ විදියට.Sri Lanka Latest News
සවිනි මේ දවස්වල ආදරය විඳින්න උත්සාහ කරන බව දකිනවා?
මගෙ ජීවිතයට ආදරය අවශ්‍යයි. පිවිතුරු ආදරයට මමත් හදවතින්ම ආදරය කරනවා. පවුලේ අයගෙන් ආදරය මට ලැබෙනවා. ඒ වගේම මගතොටදී ප්‍රේක්ෂකයන්ගෙන් ආදරය ලැබෙනවා. ආදරය විවිධාකාර විදියට මම විඳිනවා.
‘2024 ලව්’ ටෙලිඩ්‍රාමා එකේ එයට වඩා ගැඹුරු ආදරයක් අත්විඳිනවා?
ඔව්. ඒ චරිතය තුළ මම ගැඹුරින් ආදරය හොයනවා. පවුලේ හැමෝම මාව තනිකරලා ගිහින්. ඒ නිසාම මම ආදරය රැකවරණය මගෙ පෙම්වතාගෙන් වැඩිපුරම බලාපොරොත්තු වෙනවා.
ඔබේ ජීවිතයට සමාන චරිතයක්ද අපි මේ දකින්නේ?
මගෙ විතරක් නෙවෙයි. ආදරය කරපු ගැහැනු ළමයි මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි මම චරිතයක් තුළින් සමාජගත කරන්නේ. හැබැයි ඉතින් ඒ චරිතය මගේ ජීවිතයට සමීපයි කිව්වොත් වැරැදි නැහැ. සමහර ගැහැනු ළමයි මේ මගේ ආදරය කතාව තමයි කියලා ප්‍රේක්ෂක ප්‍රතිචාර හරහා කියනවා. කොටසින් කොටස අපිව හඬවනවා. ඒ තරමට තාත්වික විදියට රඟපානවා කියලා කියනවා. මගතොටදී ලැබෙන ප්‍රතිචාර ඔය විදියට තමයි.