සංගීතය නමැති විශ්වීය භාෂාව තුළ අලුත් රටා මවන්නට නව පරම්පරාවට ඇත්තේ පුදුමාකාර හැකියාවකි. මේ නව පරපුරේ, රටම ආදරය කරන විශ්වීය හඬක හිමිකරුවකු වන දිනේෂ් ගමගේ සැබැවින්ම වත්මන් සංගීත ක්ෂේත්‍රයේ දීප්තිමත් තරුවකි. ඉතින්, මේ අපූරු හඬ සමග ‘හාට්’ අපි ටිකක් කතා කළා.Sri Lanka Latest News
ඉතින්, කොහොමද දිනේෂ්, ජීවිතේ?
මේ දවස්වල ඉතාමත් සතුටින් ඉන්නවා.
රටම ආදරය කරන නව පරපුරේ දක්ෂයෙක්නේ ඔබ. කොහොමද මේ සංගීත ගමන පටන් ගත්තේ?
ඇත්තටම මම මගේ සංගීත ගමන පටන් ගත්තේ නුවරඑළියෙන්. මගේ ගම නුවරඑළිය. සංගීතයට මුලින්ම ආස වුණේ ගීත ගයන්න නෙවෙයි. ඇත්තටම මම හොඳ ගීත අහන කෙනෙක්. ඉතින් ඒකත් එක්කම තිබුණු ආසාවත් සමඟ තමයි ගීත නිර්මාණය කරන්න සහ ගයන්න පටන් ගත්තේ. වෘත්තීමය වශයෙන් මේක පටන් ගත්තේ මුලින්ම මම ඉගෙන ගන්න ආවා, ලහිරු පෙරේරා, දිනේෂ් කුරේ, මනුරංග අයියා එකතුවෙලා හදපු ඉන්ස්ටිටියුට් එකක මියුසික්. ඒකේ මුලින්ම මම ඕඩියෝ ඉංජිනියරින් විෂයයක් විදියට ඉගෙන ගන්න ආවා. ඒක තමයි මේ ක්ෂේත්‍රයට, ඒ කියන්නේ කොළඹට ඇවිත් හරියටම සංගීතය පටන් ගන්න මුල් තැන.
පවුලේ විස්තර ටිකකුත් කියමු?
මගේ පවුලේ විස්තර තමයි ඉතින් මමයි, අයියයි, අම්මයි, තාත්තයි. අපේ පවුලේ කවුරුත්ම කලාවට සම්බන්ධ නෑ. ඉතින් එහෙම අපේ පොඩි පවුලක් තියෙන්නේ. තාත්තා ව්‍යාපාරිකයෙක්. අයියා එකවුන්ටන්ට් කෙනෙක්. අම්මා ගෙදර ඉන්නේ. ඉතින් හරිම සතුටින් ඉන්න පවුලක්.
මේ දවස්වල හැමෝම කතාබහ කරන ‘දැන දැන මා’ අලුත් නිර්මාණය ගැනත් කියමු?
‘දැන දැන මා’ කියන ගීතය, කාංචනා එක්ක කළ ‘දැනෙනා තුරු මා’ ගීතයට පස්සේ අවුරුදු පහකට පස්සේ එන ගීතය. මේකේ තනුව මගේ, ලිව්වේ මනුරංග අයියා. සංගීතය අමිත් අයියා. සංගීත වීඩියෝව කළේ, චමිල් පතිරණ. ඒක අපි ඉතින් එකතු වෙලා හොඳ නිර්මාණයක් කළා. කාලයක් තිස්සේ හැමෝම මහන්සි වෙලා. ගිය සතියේ රිලීස් වුණා. හොඳ ප්‍රතිචාර තියෙනවා. මම හිතනවා හැමෝම ආදරය කරන නිර්මාණයක් කියලා.