මම කුණුහරුප සිංදු කියනවා කියලා චෝදනා ආවා -දුශ්‍යන්ත් වීරමන්

gossiplanka image 2
 


දුශ්‍යන්ත් වීරමන්ගේ සංගීත දිවියේ 20 වන වසර පසුගියදා සැමරුවා. කලබලයක් නැතිව නිහඬව පරිස්සමට දුශ්‍යන්ත් ආපු ගමන ගැන කතා කරන්න නම් බොහෝ දේවල් තිබෙනවා. මේ නිසාම මෙවර පිනිපලසට කතාබහට දුශ්‍යන්ත්ට ආරාධනා කළා.




 මගේ අයියා සන්තුශ් වීරමන් තමයි හැමදේටම මුල. සහෝදරයෝ වුණාම අයියා කරන හැමදේම මල්ලි කරන එක සමාන්‍ය දෙයක්නෙ. ඉතින් සන්තුෂ් Michael Jacksonගේ සින්දු අහපු නිසා මමත් Michael Jackson follow කළා. ඊට සෑහෙන කලකට පස්සේ අයියා professional ගායකයෙක් හැටියට තමන්ගෙම ගීත නිර්මාණය කළාම මටත් හිතුණා එහෙමම කරන්න. ඉතින් අයියා භාතිය එක්ක සෙට්වුණා වගේ මම සෙට්වුණේ ඉරාජ් එක්ක. අපි මුලින්ම පටන්ගත්තෙ පානා සෙ​ෙනහස ගීතයෙන්. හැබැයි ඊට පස්සේ මට ඉරාජ් එක්ක වැඩක් කරන්න ලැබුණේ නැහැ⁣. පටන්ගත්ත ගමන අතරමග නවත්තන්නෙ නැතුව ජේත්තු නෝනේ, කරළිය, නෙළුම් විලෙන්, ඇතුළු සිංදු කීපයක් මම තනියෙන් නිර්මාණය කළා. ඒ අත⁣රෙ එක දවසක් අනර්කලී මට කෝල් කරලා කිව්වා පුතා ඔයාගේ සිංදුව රජ fm චාර්ට් ෂෝ එකේ නම්බර් වන් වෙලා. Fm එකෙන් ඔයාව හොයනවා interview කරන්න කියලා. මම ඊටපස්සෙ අනර්කලීගෙන් ඇහුවා මොන සිංදුවද කියලා. අර ඔයා කියපු ගැස්සෙන ළැම සිංදුව කියලා අනර්කලී කිව්වා" මගේ සිංදු ඒ වෙද්දි යම්තාක් දුරකට ප්‍රසිද්ධ වෙලා තිබුණට මම කවුද පවුල් පසුබිම මොකක්ද කියලා රසිකයො හරියටම දැනගත්තෙ පානා සෙනෙහස සිංදුව අංක එක වෙලා රජ fm එකේ කරපු වැසටහනෙන් පස්සෙ. එතැන ඉඳලා අද වෙනකන් මම කරපු වාසනා ලොවක්, මතකේ හසරැල්, දේදුන්න වාගේ, ගෝමර මාලා, ඔමරි ලතා ඇතුළු හැම සිංදුවක්ම රසිකයො අතර අංක එක වුණා.




ක්ෂේත්‍රයේ ජනප්‍රිය වෙනකොට, නමක් හැදෙනකොට ඒක මේන්ටේන් කරන එක තමා අභියෝගය. ඒ වගේම ජනප්‍රිය වුණාට එන චෝදනා හුඟක් වැඩි වෙනවා. දුශ්‍යන්ත්ට අභියෝගවලින් නම් අඩුවක් වුණුු නැහැ.




පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන අතරතුරයි මම music කරන්න පටන්ගත්තෙ. සංගීත ක්ෂේත්‍රයේ පොරක් වෙනවා කියන අදහසට වඩා ආත්ම තෘප්තිය වෙනුවෙනුයි මම music කෙරුවෙ. ඉතින් අනිත් ⁣ගායන ශිල්පීන්ව පහුකරලා ඉස්සරහට යන්න ඕන කියලා අදහසක් තිබුණෙ නැති නිසා කාත් එක්කවත් තරගයක්වත් අභියෝගයක්වත් මට තිබුණේ නැහැ⁣. හැබැයි මගේ සංගීත ජීවිතයේදි අමතක නොවන ප්‍රබල විවේචනයක් එක කාලෙකදි මට එල්ල වුණා. ඒ තමයි මම කුණුහරප සිංදු කියනවා කියලා. කරළිය සිංදුවෙ "රැඟුමන් අහවර වී ඔබ මා ළඟ රැඟුමක් රඟන තුරා" කියන පද පේළිය සමහර පුද්ගලයො කුණුහරපයක් විදිහට හඳුන්වලා ප්‍රසංගවලදි කරලිය ගීතය ගායනා කිරීමත් වැළැක්කුවා. ඇත්තටම කරළිය සිංදුවේ කිසිම අසභ්‍ය තේරුමක් නැහැ⁣. සරල සිංහල භාෂාවේ එන වචනවලින් සම්පූර්ණ වුණු පද පෙළකුයි කරළිය ගීතයේ අන්තර්ගත වෙලා තියෙන්නෙ.




දුශ්‍යන්ත්ගේ මියුසික් වීඩියෝ අතිශයින්ම ජනප්‍රිය වෙනවා. විශේෂයෙන්ම ඒ ගීත සඳහා අරගත්ත නිරූපිකාවෝ හරියටම ගැළපෙන නිසා... ගීතය ජනප්‍රිය කරන්න නිරූපිකාවෝ යොදා ගන්නවා කියලා චෝදනාවක් ඔහුට ඒ කාලේ ආවා...




සිංදුවට ගැළපෙන විදිහටයි music video වලට මම නිරූපිකාවන්ව තෝරගන්නෙ. ජේත්තුකාර කෙළිලොල් ළපටි ගතිය අනර්කලීගේ තිබුණු නිසා මම ජේත්තු නෝනේ music video එකට අනර්කලීව ගත්තා. හැබැයි හසිනි ගෝණගල මගේ පෙම්වතිය වුණාට පස්සෙ පානා සෙනෙහෙස, මතකේ හසරැල්, දේදුන්න වාගේ ඇතුළු music video හැම එකකටම මම ගත්තෙ හසිනිව. මෑතකදි මම කරපු ඔමරිලතා music video එකට පියුමි හංසමාලිව මම ගත්තා. පියුමිගේ ජීවිත කතාවයි මගේ ඔමරි ලතා සිංදුවයි සෑහෙන්න දුරට එක හා සමානයි. පියුමි පුංචි තැන ඉදලා ජීවිතය ගොඩනගාගෙන ඇවිත් අද හොඳ ජීවිතයක් ගතකරනවා. නමුත් සමාජයේ ඉන්න පුද්ගලයො පියුමි ගතකරන ජීවිතයට ඊර්ෂ්‍යාවෙන් ගරහලා ඇරියස් පිරිමහනවා. මෙවැනිම අර්ථයක් තමයි මගේ ඔමරි ලතා ගීතයේ තියෙන්නෙ. සමාජය ගරහන හැබැයි පො​ෙළාවෙ පය ගහලා ඉන්න කාන්තාවක් සමාජය වෙනුවෙන් දෙයක් කිරීම ගැනයි ඔමරි ලතා සිංදුවෙ කියන්නෙ. 




සන්තුෂ් වීරමන් කියන සහෝදරයා දුශ්‍යන්ත්ගේ සෑම පියවරක් ළඟම ශක්තියක් වෙලා උන්නා. මේ නිසාම අයියා ගැන මල්ලී කතා නොකොළොත් ඒක ලොකු අඩුවක් කියලා හිතෙනවා.




මම music කරන්න පටන්ගත්ත මුල් කාලේදි එක ගීතයක් නිර්මාණය කරලා අවුරුද්දක් ගියාට පස්සෙයි තවත් ගීතයක් නිර්මාණය කෙරුවෙ. මගේ අයියා සන්තුශ් එතකොට කිව්වා තමුසෙට එක සිංදුවක් කරන්න අවුරුද්දක් යනවනෙ කියලා. මම කිව්වා ඔව් ඉතින් හොඳ ප්‍රමිතියෙ සිංදුවක් එළිය⁣ට දාන්න මට කාලයක් ගන්න වෙනවා කියලා. කොච්චර කාලයක් අරගෙන සිංදු නිර්මාණය කළත් මම කරපු හැම සිංදුවක් සන්තුශ් අයියා ඇහුවා. අද මම ගායකයෙක් විදිහට ක්ෂේත්‍රයේ ඉන්න ලොකුම අභිප්‍රේරණය තමයි සන්තුශ් අයියා. හැබැයි ගොඩක්දෙනා මාව සංතුශ්ගේ මල්ලි විදිහට වඩා භාතිය සන්තුශ්ගේ මල්ලි විදිහටයි හැඳින්වුවේ. මගේ සංගීත ජීවිතයේදි එකත් හරි ලස්සන මතකයක් වෙලා තියනවා.




දුශ්‍යන්ත් කියන්නේ ලංකාවේ මයිකල් ජැක්සන් කිව්වට වැරැද්දක් නැහැ. ඒ තරමටම ඔහු මයිකල් ජැක්සන් කියන චරිතය හා බැඳී උන්නා...




රසිකයන්ට අලුත් සහ වෙනස් දෙයක් ලබාදෙන අරමුණින් මම music කලා මිසක ක්ෂේත්‍රය තුළ සාර්ථක ගායකයෙක් වෙනවා කියන අදහසකින් මම music කළේ නැහැ⁣. ඒ වෙනුවෙන් දරපු මහන්සිය සහ කැපවීම මත විශ්ව ශක්තිය මම කරපු හැම සිංදුවක්ම රසිකයො අතර අංක 01 කළා කියලයි මම විශ්වාස කරන්නෙ. මයිකල් ජැක්සන් ගැන කිසිම උනන්දුවක් නැති ලංකාවෙ සමාජයට මම බැස්සා මයිකල් ජැක්සන්ගෙ අනුකරණයක් විදිහට. මාව මිනිස්සු එක ක්ෂණිකයෙන් local Michael Jackson විදිහට වැලඳගන්නවා. ඉතින් මේ විදිහට ක්ෂේත්‍රය තුළ ස්ථාවර වෙන්න ලැබීම සහ අඛණ්ඩව වසර 20 ක් ක්ෂේත්‍රයේ තුළ පවතින්න ලැබීම විශ්ව ශක්තිය නිසා සිදුවුණා කියලා මම විශ්වාස කරනවා

gossiplanka image 1
Previous Post Next Post