දක්ෂකම අඩුවට විකුණන්න ඕන නෑ-යශ් වීරසිංහ

gossiplanka image 2


තම ඥාතීන් කලාව තුළ පෙන්වන හපන්කම් දකිමින් ලොකු වුණු ඔහු, අවසානයේ තරුණයෙක්ව තම පවුලේ බොහෝ අය ශිල්ප දැක් වූ රඟමඩලටම පිවිස ඔවුන්ට නොදෙවැනි අයුරින් ශිල්ප දක්වමින් සිටී. ගෙවුණු වසර කිහිපය තුළම ලංකාවේ ජනප්‍රියම නළුවන්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම නම කියැවුණු ඔහු යශ් වීරසිංහයි. මේ දිනවල ඔහු පිළිබඳව වැඩි වශයෙන් කතා වෙන්නේ ආලේ ටෙලි නාට්‍යය හේතුවෙනි.


ඉතින් මොනවද අලුත් විස්තර?


මේ ටිකේ නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙලා ඉන්නවා. එකක් තමයි සිරස නාළිකාවේ යන ආලේ ටෙලි නාට්‍ය. අනෙක් එක ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙන විසේකාරි ටෙලි නාට්‍යය. ඊට අමතරව රූසිරි කියලා තව අලුත් වැඩක් පටන් ගෙන තියෙනවා. මේ දවස්වල එහි ෂූටිං සිදු වෙනවා. ඔය දේවල්වලට අමතරව ආසාවෙන් කරන වැඩක් තමයි සිරසේ කැච් පොයින්ට් වැඩසටහන. ඒ වගේම මගේ එන්න තියෙන චිත්‍රපටයේ සංස්කරණය කටයුතු මේ දවස්වල සිදු වෙනවා. තව ඉදිරියේදී කරන්න නියමිත මිනි සීරිස් වගයක් තියෙනවා. ඔය දේවල් එක්ක තමයි මේ දවස්වල කාලය ගත වෙන්නේ.


පහුගිය කාලේ හොඳම යාළුවාගෙන් ගුටි කෑවා කියලා ආරංචියක් ආවා. ඒ ගැනත් කියමු?


ආලේ ටෙලි නාට්‍යයේ තමයි ඒ සිදුවීම. ඒ ටෙලි නාට්‍යයේ මගේ හොඳම යාළුවාගේ නංගිත් එක්ක තමයි මම යාළු වෙලා ඉන්නේ. ඉතින් ඒ නාට්‍යයේදී තමයි මම නංගිත් එක්ක යාළු වෙලා ඉන්න නිසා හොඳම යාළුවාගෙන් ගුටි කන්නේ.


ඇත්ත ජීවිතයේදී යාළුවන්ගේ නංගිලාට ප්‍රේම කරලා නැද්ද?


ඇත්ත ජීවිතයේදී, මගේ යාළුවන්ට නංගිලා හිටියේ නැහැ.


ආලේ ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ප්‍රතිචාර නම් ඇත්තටම හොඳයි. ඒත් සමහර ප්‍රේක්ෂකයන් කැමැති නැහැ මාව ඒ වගේ චරිතවලින් දකින්න. ගොඩක් ප්‍රේක්ෂකයන් කැමැතියි මාව ඊට වඩා පර්සනැලිටි එකක් තියෙන චරිතවලින් දකින්න. නමුත් නළුවෙක් විධියට මම විවිධාකාර භූමිකාවන්ට පණ දිය යුතුයිනේ. කොහොම වුණත් මේ ආර්ටිකල් එක පළ වෙන මොහොත වෙද්දි ඒ චරිත ලක්ෂණ ගොඩක් වෙනස් වෙලා ප්‍රේක්ෂකයන් කැමැති ආකාරයේ ලක්ෂණ සහිත චරිතයක් බවට පත්වෙලා තියෙයි. ඇත්තටම ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර ඉතාමත් හොඳයි. විකාශය ආරම්භ වෙලා සතියක් දෙකක් යද්දිම වැඩිම රේටිංග්ස් අතර තුන්වැනි තැනට එන්න හැකි වුණා. ප්‍රේක්ෂකයන් ඒ තරමට ඒ නිර්මාණය වැලඳගෙන තියෙනවා.


ආලේ ටෙලි නාට්‍යයේ වගේ, පුද්ගලිකත්වය නිරාවරණය වන වීඩියෝ නිසා බ්ලැක්මේල් කරන සිදුවීම් බහුලයි, එවැනි අවස්ථාවකදි මොකක්ද කළ යුත්තේ?


ඇත්තටම ලිංගික අධ්‍යාපනයේ අඩුකම නිසා තමයි එහෙම දේවල් සිදු වෙන්නේ. වැඩිහිටියන් බවට පත්වුණු, වයස සම්පූර්ණ අය අතර ඇති වෙන දේවල් ඔවුන්ගේ කැමැත්තෙන් නම් සිදු වෙන්නේ ඒක අනිත් එය අදාළ කරගත යුතු නැහැ. ඒ වගේ වැඩිහිටියෝ දෙන්නෙක්ගේ කැමැත්තට සිදුවෙන දෙයකින් වැරැදි ප්‍රයෝජන ගන්න, උදාහරණයක් විධියට ඒ වගේ දේවල් හොරෙන් වීඩියෝ කරලා අන්තර්ජාලයට මුදා හරින අය ඉන්නවා නම්, එහෙම සිදුවීමකට මුහුණ දීපු අය ඉන්නවා නම් මට කියන්න තියෙන්නේ ඔය වගේ දේවල්වලට විරුද්ධව ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ඕනෑ තරම් තියෙනවා. ඒ නිසා කිසිම දේකට බය නොවී නීතියට අනුව තමන්ගේ පෞද්ගලිකත්වයට හානි කරපු අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග කරන්න කියලා. ඒ වගේම එයාගේ වටේ ඉන්න අය එයාව තනි නොකර එයා එක්ක ඉන්න එකෙන් ඒ කෙනාගේ මානසිකත්වය යහපත් තත්ත්වයට පත් කරගන්න පුළුවන්.


කලා පවුලකින් ආවත් ඔබ වෙනම අනන්‍යතාවක් ගොඩනඟා ගත් රංගන ශිල්පියෙක්?


මම ජයකොඩි පරම්පරාවේ නම පාවිච්චි කරලා ඉදිරියට ආපු කෙනෙක් නෙවෙයි. එකම දේ තමයි තමන්ට තමන්ව විශ්වාස නම්, තමන්ගේ අරමුණ පැහැදිලියි නම්. ඒ දේ අපිට කරන්න පුළුවන් කියන එක දන්නවා නම් අත් නොහැර දිගටම අල්ලගෙන ඉන්න ඕන. අපේ වෙලාව කොයි විධියට කැරෙකෙයිද කියලා හරියටම කියන්න බැහැ. ඒ වෙනතුරු අල්ලගෙන ඉන්න ඕන. මම මට ටයිම් ෆ්‍රේම් එකක් දීලා තිබ්බේ. මේ කාලය වෙද්දි මේ තැනට එනවා කියලා. මම මට දීලා තිබ්බා ඒ කාල සීමාවට කලින් යම් කිසි තැනකට එන්න හැකිවුණා. එකම දේ තමයි මම ඒ වැඩේ වෙනුවෙන් කරපු කැපකිරීම් සහ මගේ උනන්දුව. ඊට අමතරව ඩිසිප්ලින් මෙන්ටේන් කරන්නත් ඕන. ඒ දේවල් හරියට තියෙනවා නම් අපිට ඕනෑම දෙයක් ලබාගන්න බැරි නැහැ.


ලංකාවේ වෘත්තිය කලාකරුවෙක් වෙන එක මොන වගේ අත්දැකීමක්ද?


ඒක අපි මුල ඉඳලම හදාගන්න ඕන දෙයක්. අපි අපේ වැඩේ හරියටම කරනවා නම් අපේ සියයට සියයක්ම ලබා දෙනවා නම් අපේ වටිනාකම දන්න අපිට ඒ වටිනාකම ගෙවන්න හැකියාව තියෙන අය විතරයි අපිව වැඩවලට සම්බන්ධ කර ගන්නේ. එහෙම වුණාම අපිට අපේ වටිනාකමට වඩා අඩුවට වැඩ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි අපේ දක්ෂතාව විකුණන්නේ. ඒ නිසා කොයි වෙලාවකවත් ඒක අඩුවට විකුණන්න ඕන නැහැ. අපිට අපේ හැකියාවන් ගැන විශ්වාසයි නම් ඒක අඩු තක්සේරු කරන්න අවශ්‍ය නැහැ. තමන් තමන්ගේ හැකියාවන්ට සුදුසු මිල ලබාගන්න දැනගන්න ඕන. එහෙම වුණොත් කවදාවත් අපිට අපේ හැකියාවන්ට නිසි වටිනාකම ලැබුණේ නැහැ කියලා දුක් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ.


අවසන් වශයෙන් මේ දවස්වල අතිශය ජනප්‍රිය කැච් පොයින්ට් වැඩසටහන ගැනත් කියමු?


ඇත්තටම ඒක මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක්. මේක ජාත්‍යන්තර වැඩ සටහනක්. එහෙම වැඩසටහනක මට නිවේදන කටයුතු කරන්න ලැබීම ලොකු අවස්ථාවක් විධියට දකින්නේ. ලෝකේ දෙවැනි වතාවට ලංකාවේ තමයි මේ වැඩසටහන විකාශය වෙන්නේ. ඒකෙනුත් වඩාත් ජනප්‍රියම ලංකාවේ අපේ වැඩසටහන. ඒ ෆ්‍රැන්චයිසර් සමාගම මේ වැඩසටහන වෙනත් රටවලට හඳුන්වා දෙද්දි පෙන්නන්නෙත් අපේ රටේ වැඩසටහනේ වීඩියෝ. ඇත්තටම කැච් පොයින්ට් නිසා මගේ ජීවිතයේ අලුත් පිටුවක් පෙරළුණා කිව්වොත් හරි.


අක්ෂි මාපා වීරසිංහ

gossiplanka image 1
Previous Post Next Post