සැවොම එක්වී නැඟිටිමු – ෆැලන් ඇන්ඩි්‍රයා

gossiplanka image 2
 


අපි වෙනදා නත්තල් සමරනවා වගේ නෙමෙයි. මෙවර නත්තල අපිට ටිකක් වෙනස්. මොකද පසුගිය නොවැම්බර් අග සහ මේ මාසය ලංකාවේ මිනිස්සුන්ට ගොඩාක් කාලයක් යනකම් මතක හිටින මාසයක් වේවි. ගොඩාක් පවුල්වලට තමන් ආදරය කරන මිනිසුන් වගේම දුක්මහන්සියෙන් හම්බකරපු දේවල් අහිමිවෙලා ගියා. ඇත්තටම කියනවා නම් මෙවර නත්තල සැමරීමකට වැඩිය මෙනෙහි කිරීමක් තමයි සිදුකරන්න සිද්ධ වෙන්නේ.


නත්තල කියන්නේ හැමතිස්සේම අපි මතක් කරනවා වගේම බෙදා හදාගැනීමයි. ඒක ඇත්තටම සංකේතවත් කරන්න පුළුවන් මාසයක්. ඒක අපිට ක්‍රියාවෙන් ඔප්පු කරන්න පුළුවන් මාසයක්. නත්තල මෙනෙහි කරන්න තමයි මෙවර හිතාගෙන ඉන්නේ. නත්තල් මාසයේ මටත් ගොඩාක් වැඩකටයුතු යෙදිලා තිබුණා. මේ ඇතිවුණ ව්‍යසනයත් එක්ක ඒ සියල්ලම ඉදිරි දිනවලට කල් දැමුවා. ඊට අමතරව මගේ අලුත් වැඩකටයුතු කරගන්න පුංචි කාලයක් හම්බ වුණා. ගංවතුරෙන් විපතට පත්වූවන්ට මට කරන්න පුළුවන් දේ කළා. මේ ව්‍යසනය එනකොටත් මම ලංකාවේ නෙමෙයි හිටියේ. ආසියානු ටෙලිවිෂන් අවෝර්ඩ් සෙරමනි එකට ජාකර්තාවලට ගිහිල්ලා හිටියේ. ඒ අතරතුර තමයි මම මේ සිද්ධිය දැනගත්තේ. නමුත් මම ලංකාවට ආපු ගමන් මට කරන්න පුළුවන් දේ කළා. ඉතිං සැවොම එක්වෙලා නැඟිටිමු කියලා තමයි මේ වෙලාවේ කියන්න තියෙන්නේ.

gossiplanka image 1
Previous Post Next Post