‘මිස්ටර් මිසිස්’ මංගල දර්ශනයෙන් පසුව ලැබුණ ප්‍රතිචාර මොන වගේද?
හරිම ශෝක්. ප්‍රතිචාර ඉතාමත් හොඳයි. චිත්‍රපටය බලද්දිත් හැමෝම හොඳට හිනා වුණා. ප්‍රේක්‍ෂකයාට සරල වින්දනයක් දෙන, තාත්තගෙයි දුවගෙයි ආදරය වගේම පවුලේ බැඳීමත් එක්ක එකට මුසු වුණ හාස්‍ය රසයක් එක්ක එන විනෝදාස්වාදය පිරුණ චිත්‍රපටයක් නිසා මිනිස්සු සිනමා ශාලාවෙන් එළියට එන්නෙ හිනා වෙවී. ඒක හොඳ දෙයක්.
කොහොමද මේ අවස්ථාව ලැබෙන්නෙ?
මට මේ ආරාධනය කරන්නෙ චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ චරිත් අබේසිංහ අයියා. හොඳ කාස්ට් එකක් ඉන්න නිසා මටත් වැඩ කරන්න ආසා හිතුන. ගොඩක් අයත් එක්ක මම වැඩකරලත් තිබුණෙ නැහැ. ඒ වගේ දැවැන්තයො එක්ක වැඩකරන්න ලැබෙන අවස්ථාවත් අඩුයිනෙ. ඒ නිසා ආරාධනය භාරගත්තා.
උද්දිකගෙ ද්විත්ව රංගනයේ අත්දැකීම් මොන වගේද?
ඇත්තටම ඒක හරිම අසීරු රංගනයක්. මොකද අපි දන්නව ඒ වේෂ නිරූපණයත් එක්ක චරිතය කරන්න ලෙහෙසි පහසු නැහැ කියල. ඒ මේකප් එකෙන් ඉන්නව කියන්නෙම ලොකුම ලොකු අභියෝගයක්. ඒ වගේම සිනමාපටය නරඹද්දි අපිට දකින්න පුළුවන් ඔහු චරිතය ඉතාම හොඳින් රඟපාල තියෙන බව. ඒ ක්‍රෙඩිට් එක ඔහුට දෙන්න ඕන. රංගන ශිල්පියෙක් හැටියට ඔහු සියයට දාහක්ම ඒ චරිතය වෙනුවෙන් කැප වුණා. ඒ ප්‍රතිපලය චිත්‍රපටය නරඹද්දි දකින්න පුළුවන්.
ඔබ ඇත්තටම පාලමෙන් ඇළට පනිනවා?
අභියෝග භාරගන්න මම කොහොමත් කැමතියි. චිත්‍රපටයේ මට තිබුණ ලොකුම අභියෝගය ඒක. ඒකට අපි ඩබල් එකක් යූස් කළේ නැහැ, තව කෙනෙක් හිටියෙත් නැහැ. මමමයි පැන්නෙ. ගොඩක් ගැඹුරු නැති වුණාට පාලම උසයි. ඒ නිසා ටිකක් බයෙන් තමයි හිටියෙ. නමුත් අපේ කෲ එකෙන් ලොකු සපෝට් එකක් ලැබුණා. ඔවුන් කලින් ඇළට බැහැල අනතුරුදායක දේවල් ගැන හොයල බැලුවා. ඔවුන්ගෙ සහයෝගය නිසයි ඒ දර්ශනය සාර්ථකව රූගත කරන්න පුළුවන් වුණේ.
පට්ටි ගෙදර ටෙලි නාට්‍යයේ ඔබේ රංගනය විශේෂයි?
ඔව්, ඒ චරිතයට මට හිතාගන්න බැරි තරම් හොඳ ප්‍රතිචාර ලැබෙනව. ඒක ගොඩක් දෙනකුට දැනෙන චරිතයක් වෙලා. කොයි තරම් නම් ගෘහස්ථ හිංසනයට ලක්වෙන, පවුල්වල බර කරට අරගෙන ජීවත්වෙන ගැහැනු ළමයි මේ සමාජය තුළ ජීවත් වෙනවද කියන එක මේ ප්‍රතිචාරවලින් මට තේරුම් යන්න පටන් අරගෙන තියෙනව. පට්ටි ගෙදර කියන්නෙ මිනිසුන්ගෙ හදවතට කතාකරන්න පුළුවන් රියලිස්ටික් වැඩක්. අනුෂ්ක හැමදාමත් සාමාන්‍ය ජනතාවගේ හදවත හොඳටම හඳුනන අධ්‍යක්‍ෂවරයෙක් සහ මාව වෙනස් කරපු අධ්‍යක්‍ෂවරයාත් ඔහු තමයි.
ඔබ රංගනයේ විතරක් නෙමෙයි, ජීවිතයේත් අභියෝග භාරගන්න කෙනෙක්?
ඔව්, ජීවිතය කියන්නෙම අභියෝගයක්. සිදුවෙන කිසිම දෙයක් මම නෙගටිව් විදිහට භාරගන්නෙ නැහැ. ඒවාට කම්ප්ලේන් කර කර ඉන්නෙත් නැහැ. ජීවිතයට හොඳ කාලෙ වගේම නරක කාලෙත් එනව. ඒ දේ මම තේරුම් අරගෙන ජීවත් වෙන්නෙ.
දිනක්‍ෂි කොහොමද ‘නෝනා’ව දකින්නෙ?
‘නෝනා’ගෙ චරිතයේ යම් යම් දේවල් මට හරි ළඟයි. මොකද මගේ පවුලෙත් මමනෙ ලොක-ු අක්කා. ඒ ලොක-ු අක්කා කියන දේ නෝනාගෙ චරිතය තුළත් තියෙනව. ඒක මට සමාන කරගන්නත් පුළුවන්. ඒ වගේම නෝනාගෙ ජීවිතයේ මුහුණ දෙන ප්‍රශ්න මගේ ජීවිතයටත් අඩු වැඩි වශයෙන් ලැබිල තියෙනව. ඒ නිසා නෝනාගෙ චරිතය මට ටිකක් වැඩිපුර දැනෙනව.
‘පට්ටි ගෙදර’ පිටපත කියෙව්වාට පස්සෙ මොන වගේ අදහසක්ද ආවෙ?
මේ පිටපත කියවල මම අනුෂ්කට කිව්වා මට මේක කරන්න බැහැ කියල. එච්චරට බර චරිතයක්. මට හිතුනා ඒක කරන්න බැරිවෙයි කියල. ගොඩක් මහන්සිවෙලා හදපු චරිතයක් මගේ අතින් විනාශ වුණොත් කියන බය මට ඇතිවුණා. නමුත් අනුෂ්ක කිව්වෙ නැහැ අක්කා ඔයාම මේක කරන්න කියල. ඒ විශ්වාසය නිසයි මම මේ වැඩේ භාර ගත්තෙ.
ජෙනට් ඇන්තනීගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?
පාරාදීසේ ටෙලි නාට්‍යයේ අපි දෙන්න වෙනස්ම චරිත දෙකක් කළේ. ඒ චරිතයයි මේකයි අහසට පොළොව වගේ. මෙතැනදිත් ජෙනාගෙන් හොඳ සපෝට් එකක් ලැබෙනව. ඔහු ඇතුළු මේ නිර්මාණයේ ඉන්න ගොඩක් දෙනෙක් වේදිකාව අතපතගාපු අය. ඉතිං වේදිකාවෙන් ලැබුණ ආභාෂය සහ පන්නරයත් එක්ක ඔවුන් චරිත දිහා බලන විදිහ, ඒකට හැඩගැහෙන විදිහ වෙනස්. ඔවුන් එක්ක ඉන්නකොට මටත් අත්දැකීම් ගොඩක් ලැබෙනව. ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනව. මෙතැනදි එකිනෙකා අභිබවා යන්න කවුරුත් උත්සාහ කරන්නෙ නැහැ. තරගයක් නැහැ. තමන්ගෙ චරිතය වගේම අනිත් කෙනාවත් ඇදගෙන යන්න තමයි උත්සාහ කරන්නෙ.
‘නෝනා’ ගැන සාරංග මොකද කියන්නෙ?
එයයි අපේ අම්මයි හරිම කැමතියි මේ චරිතයට. ඔවුන් දැනටත් ඊළඟ සති අන්තය එනතුරු බලාගෙන ඉන්නෙ.
දිනක්‍ෂිගේ රංගන හැකියාව ගැන බොහෝ දෙනෙක් බලාපොරොත්තු තියාගෙන ඉන්නව?
ඔව්, මට ඒ තත්ත්වය දකින්න ලැබෙන්නෙ අවුරුදු දහසයකට විතර පස්සෙ. විශේෂයෙන්ම දැන් දැන් රංගනය පැත්තෙත් හොඳයි කියල අහන්න ලැබෙනව. ඒක මගේ ජීවිතයේ ලොකු ඇචිව්මන්ට් එකක්. ඒක මම ලොකු කැපකිරීමක් කරල උපයාගත්ත දෙයක්. ඒ වෙනුවෙන් ඉදිරියටත් ලොකු වටිනාකමක් දෙන්න උත්සාහ කරනව.
2025 දිනක්‍ෂිගෙ ජීවිතයට විශේෂයි?
ඔව්, මේ අවුරුද්දෙ පැවැත්වුණ හැම සම්මාන උළෙලකදිම සම්මානයට පාත්‍ර වුණා වගේම මගේ ජීවිතයේ ලොකුම සම්මානයත් මට ලැබුණෙ මේ අවුරුද්දෙ. ඒ හොඳම නිළියට හිමි සම්මානය. ඒ වගේම හොඳම සහය නිළිය, ජනප්‍රියම නිළිය වැනි සම්මානත් මට හිමි වුණා. ඉතිං මේ අවුරුද්ද මට සුබයි.
මහේෂ් එදිරිසිංහ