නිවේ­ද­ක­යෙක් වෙන්න ලොකු හීන­යක් තිබුණා -විමුක්ති කාරි­ය­ව­සම්

gossiplanka image 2
සුන්දර දකුණු පුර­ව­ර­යෙන් මාධ්‍ය ලෝක­යට පැමිණ සමා­ජ­යට හර­වත් යමක් සමා­ජ­ගත කර­මින්, මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි ගම­නක් යෑමට බලා­පො­රොත්තු වන ඔහු විමුක්ති කාරි­ය­ව­සම්ය.


විමුක්ති, ඔබ කල­කට පෙර අපිට ජාතික රූප­වා­හි­නි­යෙන් සමීප වුණා. මේ ගමනේ ආර­ම්භය ගැන කතා කරමු.


මාධ්‍ය ක්ෂේත්‍ර­යට මම එන්න ඕන කියන හීනේ මගේ හිතේ පැළ වුණේ පාසල් කාල­යේ­දී­මයි. මුලින්ම ඉගෙන ගත්තේ නෙළුව ජාතික පාස­ලෙන්. පාසලේ හිටපු වැඩි­ම­ල් සහෝ­දර, සහෝ­ද­රියන්ගේ කථික, නිවේ­දන දක්ෂතා දැක්කම මට ආසා හිතුණා. විශේ­ෂ­යෙන්ම මගේ මාමාගේ පුතා එවක පාසලේ හිටපු දක්ෂ නිවේ­ද­ක­යෙක්. මට ඒ චරිත නිවේ­ද­නය තෝර ගන්න උත්තේ­ජ­න­යක් දුන්නා. මට පාසලේ මාධ්‍ය ඒක­කයේ සාමා­ජි­ක­යෙක් වෙන්න අව­ස්ථාව ලැබෙන්නේ වීණා විජ­යානි අම­ර­සිංහ අක්කා නිසා. වීණා අක්කා මට ලබා දුන්න ආර­ම්භය තමයි මාව මාධ්‍ය ලෝකයේ මේතාක් දුර­කට ගෙනාවේ.


උසස් පෙළට ගාල්ල රිච්මන්ඩ් විද්‍යා­ල­යට පැමි­ණී­මත් එක්ක මට විශාල අව­කා­ශ­යක් ලැබුණා. හර්ෂ ප්‍රසන්න සර් තමයි රිච්මන්ඩ් විද්‍යා­ලයේ මාධ්‍ය ඒක­ක­යට යොමු වෙන්න මට අව­ස්ථාව ලබා දුන්නේ. මොකද ගාල්ල රිච්මන්ඩ් කියන්නේ දක්ෂ­යින් රැසක් එක් වුණු පාස­ලක් නිසා තර­ග­කා­රී­ත්වය වැඩියි. පාසල් කාලෙ­දීම මම ජාතික නාළිකා එක්ක සම්බන්ධ වුණා.


මුලින්ම රුහුණු ගුවන් විදු­ලි­යට ළමා නිවේ­ද­ක­යෙක් විදි­යට සම්බන්ධ වුණා. අන­තු­රුව ජාතික රූප­වා­හි­නියේ ළමා වැඩ­ස­ට­හන් නිවේ­ද­ක­යෙක් විදි­යට “පැහැ­ස­ර­ණිය, අතුරු මිතුරු, ඊ මිතුරෝ” වැඩ­ස­ට­හන් නිවේ­ද­නය කළා. ඊට අම­ත­රව හඬකැවීම් වැඩ­ස­ට­හ­න්ව­ලට දායක වුණා. උසස් පෙළින් පස්සේ 2014 දී ජාතික රූප­වා­හි­නියේ පුහුණු වැඩ­ස­ට­හන් නිෂ්පා­ද­ක­ව­ර­යෙක් විදි­යට වැඩ කරන්න අව­ස්ථාව ලැබෙ­නවා. ඒ ඔස්සේ මම වැඩ­ස­ට­හන් නිෂ්පා­ද­ක­ව­ර­යෙක්, අධ්‍යා­පන, තරුණ, සඟ­රා­මය වැඩ­ස­ට­හන් රැසක නිවේ­ද­ක­යෙක් විදි­යට වැඩ කළා. මම ජාතික රූප­වා­හි­නියේ නිවේ­ද­ක­යෙක් විදි­යට මෙහෙ­ය­වපු “Thursday Knowledge 1st, සංහිඳ, සුක්කා­නම” කියන වැඩ­ස­ට­හන් එවක ප්‍රේක්ෂ­කයා අතර ජන­ප්‍රිය වුණා.


ඔබේ අධ්‍යා­පන කට­යුතු සිදු වෙන්නේ කොහො­මද?


උසස් පෙළින් පස්සේ ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ ජන­මාධ්‍ය ඩිප්ලෝ­මාව හැදෑ­රුවා. මට ඉංජි­නේරු උපා­ධි­ය­කට යන්න අව­ස්ථාව ලැබු­ණත් මාධ්‍යය ක්ෂේත්‍ර­යට තියෙන ආසාව නිසාම ජාතික රූප­වා­හි­නියේ රැකි­යාව තෝර ගත්තේ බොහෝ දෙනෙක්ගේ විරෝ­ධතා මත. පාසල් කාලෙදි මම නිවේ­ද­න­යට විත­රක්ම සීමා­වුණේ නැහැ. සංගීත, නාට්‍යය අංශ­වල තර­ඟ­ව­ලට සම්බන්ධ වෙලා සමස්ත ලංකා මට්ට­මෙන් හොඳම නළුවා, හොඳම ගාය­කයා විදි­යට ජය­ග්‍ර­හණ ලබා ගත්තා.


ඔබේ අනා­ගත හීන­යද මේ ඉෂ්ඨ වුණේ?


ඔව්, අනා­ග­ත­යේදී නිවේ­ද­ක­යෙක් වෙන්න ඕන කියලා මට ලොකු හීන­යක් තිබුණා. හැබැයි ජාතික රූප­වා­හි­නි­යට සම්බන්ධ වුණාට පස්සේ වැඩ­ස­ට­හන් නිෂ්පා­ද­ක­ව­ර­යෙක්, අධ්‍ය­ක්ෂ­ක­ව­ර­යෙක් වගේම පිට­පත් රච­ක­යෙක් කියන භූමි­කා­වල හිටපු නිසා නිවේ­ද­ක­යෙක්ට පම­ණක් සීමා නොවී මගේ හැකි­යා­වන් පෙන්නන්න උත්සහ කළා. ඊට අම­ත­රව මට රංගන ශිල්පි­යෙක් වෙන්න පොඩි ආසා­ව­කුත් තිබුණා. අවස්ථා කීප­යක් ලැබු­ණත් මම ඒ පැත්තට යොමු වුණේ නැහැ.


මාධ්‍ය ක්ෂේත්‍ර­යෙන් ඔබට ලැබුණු සුවි­ශේෂී අවස්ථා මොන­වද?


පිට­පත් රච­ක­යෙක් විදි­යට ලොකු ජය­ග්‍ර­හණ ලබා ගත්තා. කෙටි චිත්‍ර­පට නිර්මා­ණ­ව­ලින් පිට­පත් රච­නය, අධ්‍ය­ක්ෂ­ණය අංශ යටතේ ජාත්‍ය­න්තර ඇග­යුම් ලබා ගන්න මට හැකි වුණා. හිතු­වට වඩා අඩු වය­ස­කින් මාධ්‍ය ක්ෂේත්‍ර­යට පිවි­සෙන්න හැකි­යාව ලැබුණු එකට මං සතු­ටුයි.


මේ වෙද්දි පාස­ල්වල පව­ත්වන මාධ්‍ය දින­යන් හා සම­ගාමී තර­ග­වල විනි­සු­රු­වෙකු ලෙස සහ­භාගි වෙනවා. “පොඩ්ඩන්ට මීඩියා” කියලා මාධ්‍ය ක්ෂේත්‍ර­යට පිවි­සෙන්න කැමැ­ත්තෙන් ඉන්න දරු­වන්ට මම ප්‍රායෝ­ගික අත්දැ­කීම් ලබා දෙන වැඩ­ස­ට­හ­නක් කර­ගෙන යනවා. ගීත රූප රචනා, වාර්තා වැඩ­ස­ට­හන්, අලෙවි ප්‍රව­ර්ධන වීඩියෝ වගේ වැඩ නිවේ­ද­න­යට අම­ත­රව මම කර­ගෙන යනවා. ඉදි­රි­යේදි ටෙලි ෆිල්ම් එකක් කරන්න බලා­පො­රොත්තු වෙනවා.


මේ වෙලාවේ විශේ­ෂ­යෙන් මතක් කරන්න ඕන ජාතික රූප­වා­හි­නියේ වැඩ­ස­ට­හන් නිෂ්පා­දක උප­තිස්ස පී. නිශ්ශංක මහ­තාව. ඔහු තමයි ජාතික රූප­වා­හි­නිය හරහා මාව ඔසවා තබන්න මූලික වුණේ.


කුමු­දිකා ඩී. සපු­තන්ත්‍රී

gossiplanka image 1
Previous Post Next Post