ලෝචනා ඉසුරින්දි කියන නම මේ වෙද්දී නොදන්නා කෙනකු නම් නැති තරම්. ඒ තරම් ප්‍රේක්ෂක ආදරයක් ඇයට හිමියි. ඇය රංගන ශිල්පිනියක්, ගුරුවරියක් වගේම ව්‍යාපාරිකාවක් විධියටත් වැඩ කටයුතු කරගෙන යන සුරූපී දක්ෂ තරුණියක්. මේ දිනවල ඇය බේබි නමින් පට්ටි ගෙදර ඔස්සේ ඔබේ ආලින්දයට එනවා. මේ සොඳුරු කතා බහ ඇයගෙන්. පට්ටි ගෙදර බේබිට මේ වෙද්දී ලැබෙන ප්‍රතිචාර කොහොමද?
බේබිට හැමෝම ආදරෙයි. අහිංසක චුට්ටක් සැර කෙනෙක් තමයි බේබි කියලා කියන්නේ. පවුලේ හැමෝගෙන්ම එක එක පීඩාවලට ලක් වන කෙනා තමයි බේබී. හරියකට ආදරයක් ලැබෙන්නේ ඇයගේ අක්කාගෙන් විතරයි. ඉතින් සමහර විට බේබි ආදරයක් හොයයි.
පට්ටි ගෙදර මේ තරම් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වීමේ රහස විධියට ඔබ දකින්නේ කුමක්ද?
පට්ටි ගෙදර අධ්‍යක්ෂවරයාම තමයි තිර පිටපත රචනා කරන්නේ. මම හිතන්නේ ඔහුගේ උනන්දුව තමයි මේ හැමදේටම හේතුව. ඔහු ටෙලි නාට්‍යය තුළ ලොකු කැපකිරීමක් කරනවා. ඒ වගේම ෂූටින් දවස්වල වගේම අනෙක් දවස්වලත් ඔහුගේ සම්පූර්ණ කාලය පට්ටි ගෙදර වෙනුවෙන් ඔහු යොදවලා තිබෙන්නේ. මම හිතන්නේ සාර්ථක නිර්මාණයක් එළියට දෙන්න නම් හොඳ එකමුතුවක් තිබෙන්න ඕනෑ. පට්ටි ගෙදර ඇතුළෙ ඒ එකමුතුව සීයට සියයක් දකිනවා. ඒ නිසා වෙන්න ඇති පට්ටි ගෙදර මේ තරම් ලස්සන වෙලා තිබෙන්නේ.
පට්ටි ගෙදර අක්කා-නංගී බැඳීම ආදරය, රණ්ඩු සැබෑ ජීවිතයේදීත් අත් විඳිනවාද?
අක්කා නංගී බැඳීම ගැන කතා කළොත් ඒක මම සැබෑ ජීවිතයේදීත් අත් විඳිනවා. මොකද මට ඉන්නෙත් අක්කා කෙනෙක්. ඉතින් අක්කයි, මමයි දෙන්නම සැබෑ ජීවිතයේදීත් ඉන්නේ යාළුවෝ වගේ. ඉතින් පට්ටි ගෙදර නෝනයි බේබියි කියන්නෙත් යාළුවෝ වගේ ඉන්න දෙන්නෙක්. හැමදේම බෙදා හදාගෙන අක්කට උදවු කර ගෙන අක්ක නංගිට උදවු කරගෙන ඉන්න දෙන්නෙක්. ඉතින් ඇත්තම මගේ ජීවිතයෙත් එහෙමයි. අක්කා තමයි අම්ම, තාත්තා හැරුණම මම ගොඩක් ළං වුණු කෙනා. අක්කත් එක්ක මගේ ජීවිතේ ගොඩක් දේවල් මම ශෙයාර් කර ගන්නවා. නෝනා බේබි වගේ තමයි අපේ අක්කයි මමයි.
රංගන ශිල්පිනියක්, ගුරුවරියක්, ව්‍යාපාරිකාවක් වන ඔබ දෙස බලා මේ වෙද්දි බොහෝ තරුණියන් ස්වයංව නැඟී සිටීමට උත්සාහ දරනවා?
මම හැමවෙලේම කියන දේ තමයි කාටවත් යටත් වෙන්න එපා. හැමවෙලේම ගැහැනු ළමයි, පිරිමි ළමයි කියලා කිසිම භේදයක් නැතිව වර්තමානයේ වෙද්දී හැමෝම සම මට්ටමකට ඇවිත් තිබෙනවා. ගැහැනු ළමයි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනෑ කාගෙවත් යැපෙන්නෙක් නොවී තමන්ගේ ජීවිතය තමන්ම හදාගන්න. මට පෞද්ගලිකවත් බොහෝ දෙනෙක් මම දිහා බලලා මාව ආදර්ශයට ගන්නවා කියලා පණිවුඩ එවනවා. මගේ ජීවිතයේ තවත් ඉදිරියට යන්න ඒ දේවල් මට ලොකු හයියක්. මම හිතන්නේ හැම කෙනෙක්ම පොඩි හරි දෙයක් පටන් ගන්න ඕනෑ. පොඩි දේවල් තමයි දවසක ජීවිතේ ලොකු දේවල් වෙන්නේ. මොකද අපි බොහෝ දෙනකුගේ මවුපියන් කෝටිපතියන් නෙවෙයි. අපි සාමාන්‍ය තැන්වලින් හැදුණු අය. උත්සාහ කළොත් දවසක ජීවිතයේ ඉදිරියටම යන්න පුළුවන්. උත්සාහ කරන කෙනාට කවදාවත් ජීවිතේ වරදින්නේ නෑ.
ලෝචනා ඉසුරින්දි ගැමි චරිතවලටම කොටු වෙලාද?
හැමෝම මාව ගැමි චරිතවලින් දකින්න උත්සාහ කරන නිසා මමත් පොඩ්ඩක් බය වෙලා හිටියා. නමුත් මෑතකදී මම පටන් ගත්ත ටෙලි නාට්‍යයේ ගැමි චරිතයක් නෙවෙයි සිංහල චරිතයෙනුත් එහාට ගිහිල්ලා දමිළ චරිතයකට තමයි දායක වෙන්නේ. ඉතින් එකම දෙයකට කොටු නොවී මම චරිතාංග රංගන ශිල්පිනියක් විධියට ඉදිරියට එන්න බලාපොරොත්තු වෙනවා. චරිත අස්සෙ කොටුවෙන්න කැමැති නෑ. නමුත් මම හැමවෙලේම මගේ ජීවිතයට මගේ පවුල් පසුබිමට, මට ගැළපෙන චරිත පමණක් තෝරා ගන්න හැමදාම උත්සාහ කරනවා.
දිනක්ෂි වැනි ප්‍රවීණ රංගන ශිල්පිනියක් සමඟ එකට වැඩ කිරීමේ අත්දැකීම කොහොමද?
ඇත්තටම දිනක්ෂි අක්කා සමඟ වැඩ කරන්න හරිම පහසුයි. මට ගොඩක් සීන් කරන්න ලැබෙන්නේ දිනක්ෂි අක්කා එක්ක. ඇය සමඟ රඟපාන්න හරිම පහසුයි. ෂූට් එකෙන් පස්සෙත් ඇය එක්ක ගෙවන ජීවිතය හරිම සුන්දරයි. ඇය හරිම සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. ඇය දිහා බලලා සාමාන්‍ය ජීවිතයේ වුණත් ඉගෙන ගන්න දේවල් තිබෙනවා. දිනක්ෂි අක්කා එක්ක රංගනයෙන් එකට දායක වෙන්න ලැබීම මම හිතන්නේ මට ලැබුණු ලොකු භාග්‍යයක්.
සමාජ මාධ්‍ය හරහා අද වෙද්දී නිර්මාණ විවේචනය වගේම විචාරය කරනවා. මේ ගැන ඔබේ අදහස?
ඇත්තටම මම නම් ඒකට හරි කැමැතියි. සමාජ මාධ්‍ය තුළ ඉන්නෙත් ප්‍රේක්ෂකයොනේ. ඒ ඔස්සේ ප්‍රේක්ෂක අදහස් තමයි ඉදිරියට එන්නේ. සමහර විට ඉදිරියට යන පිටපතක් වුණත් වෙනස් වෙන්න ප්‍රේක්ෂක අදහසක් බලපාන්න පුළුවන්. මම නම් ප්‍රේක්ෂකයන්ගේ විචාරවලට හරි කැමැතියි. බොහෝ වෙලාවට මම ඉන්න රඟපාන චරිත ගැන වුණත් ලියැවෙන ලිපි මම කියවනවා. මොකද ප්‍රේක්ෂකයෝ තමයි අපට ඉන්න ලොකුම හයිය. විවාදාත්මකව අපි කලාව ඇතුළෙ කරන දේවල් දකින්නේ ප්‍රේක්ෂකයෝ තමයි. හොඳම දේ තමයි සමාජ මාධ්‍ය තුළින් ඒ විධියට ලියන එක. මොකද සමාජ මාධ්‍යය කියන්නේ ලොකු අවියක්. ඒකෙන් කරන්න බැරි දෙයක් නෑ.
ආදරය ගැන ඔබේ කියැවීම?
ආදරය කියන දේ ගැන මම හැම තැනකම කියන දේ තමයි මගෙන් මේ ගැන අහන්න එපා. මම මේකට දැන්ම උත්තර දෙන්න කැමැති නෑ කියන එක. නමුත් ඒ ගැන පොඩි හරි දෙයක් කියනවා නම් ඒක විශ්වාසයත් එක්ක තිබෙන්න ඕනෑ දෙයක්. ආදරය කියන අකුරු හතර වගේම තමයි විශ්වාසය කියන දේ බිඳුණොත් එතැන ආදරයක් පවතින්නේ නෑ. වර්තමානය තුළ බොහෝ වෙලාවට දකින්න නැති දෙයක් තමයි විශ්වාසය කියන දේ. ආදරය කියන්නේ මනුෂ්‍යයකුට ලැබිය යුතුම දෙයක්. නමුත් ඒක හරි කෙනකුගෙන් ලැබුණේ නැතිනම් කාගෙ වුණත් ජීවිත වෙනස් වෙන්න පුළුවන්. සමහර විට ජීවිත නැති වෙන්න පුළුවන්. ඒ වගේ තැනකට අනෙක් පාර්ශ්වය පත්කරන්න හොඳ නෑ. හරි කෙනා ලැබුණොත් ආදරය කියන්නේ හරි සුන්දර දෙයක්. බොහොම හොඳ අවංක ආදරවන්තයෙක් ලැබුණොත් මම ඔහුට පණ ඇරලා ආදරය කරයි. ඔහු මේ ලෝකයේ ඉන්න වාසනාවන්තම කෙනා වෙයි.
රුවිනි අමරකෝන්