මුතූ කොහොමද ජීවිතේ?
ජීවිතේ නම් පොඩ්ඩක් වෙනස් වේගෙන එනවා. අවුරුදු 5කට පස්සේ මම නාට්‍යයක් භාර ගත්තා. එහි තිර රචනය සිමේත්ගේ. සාවින්ද්‍යාගේ චරිතයට මාව ගන්නවා කියන එක තීරණය කරල තියෙනවා. අවුරුදු ගාණක් රඟපෑවේ නැතත් මාව මතකයේ තිබිලා මට කතා කරපු එක ගැන ලොකු සතුටක් දැනෙනවා.
ආලේ නාට්‍යයට ඇරයුම් ලැබුණම දැනුණු වෙනස ගැන පැහැදිලි කළොත්?
මේ අවුරුදු 5ටම මම කරලා තිබුණේ චිත්‍රපට දෙකක් විතරයි. බොහෝ ප්‍රේක්ෂකයන් මගෙන් අහලත් තිබුණා ඇයි නිර්මාණ කරන්නෙ නැත්තේ කියලා. එතැනදී මටත් හිතුණා මම ප්‍රේක්ෂකයන්ට කරන්නෙ වරදක් කියලා. ඒ නිසා තමයි මේ නිර්මාණයට ඇරයුම් ලැබුණාම භාර ගත්තේ. පසුගිය කාලේ ආරාධනා ලැබුණු නිර්මාණ භාර ගත්තේ නැත්තේ පුතාට වැඩි කාලයක් දෙන්න ඕනේ කියලා හිතුණ නිසා. දැන් පුතා මොන්ටිසෝරි යන නිසා වගේම මේ නිර්මාණය තුළ තියෙන කතාව නිසා මට හිතුණා මේ නිර්මාණය භාර ගන්න.
එහි ඔබේ චරිතය ගලා යන විදිහ ගැන කතා කළොත්?
මගේ චරිතේ සාවින්ද්‍යා. නාට්‍යය තුළ මම සංගීත ගුරුවරියක්. මට ඉන්නෙ තාත්තයි ලස්සන ලොකු දුවෙකුයි. ඒ දෙන්නට තමයි ඕනේ වෙන්නේ මට කසාදයක් කරලා දෙන්න. පවුල්වල තියෙන ආදරේ ගැන සහ බැඳීම් ගැන තමයි කතා වෙන්නේ.
මේ වගේ චරිතයක් ලැබුණම මුලින්ම මොකද හිතුණේ?
චරිතය ලැබුණු ගමන්ම මට ගැළපෙන චරිතයක් කියන එක මුලින්ම දැනුණා. අඳින්න තියෙන්නෙත් මම ආසම විදිහට. අනිත් එක මම මෙහි සංගීත ගුරුවරියක්. චින්තක අයියා එක්ක අවුරුදු ගාණකින් රඟපාන්න ලැබුණෙත්. හොඳ කාස්ට් එකක් එක්ක ලස්සන නිර්මාණයක මට රඟපාන්න ලැබුණා.
මේ වෙද්දී ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ප්‍රතිචාර නම් ඉතාම ඉහළයි. ලංකාවෙන් වගේම විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින්ගෙනුත් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සමාජයට දැනුමක් දෙන ලස්සන කතාවක් නිසා බොහෝ දෙනා ආදරෙන් භාර ගෙන තියෙනවා. මමත් ආසාවෙන් මේ නාට්‍යය භාර ගත්තේ මෙහි කතා තේමාව වෙනස් නිසා.
සමාජ මාධ්‍ය තුළ යන කමෙන්ට්ස් බලනවද?
ඇත්තෙන්ම ඔව්. මොකද මම හරි ආසයි මගේ අඩුපාඩුවක් පෙන්වලා දුන්නොත් ඒක හදාගන්න. ඒ නිසා ආසාවෙන් බලනවා. බොහෝ වෙලාවට මම ඒ හැම එකකටම රිප්ලයි කරන්නත් උත්සාහ කරනවා. අපි වෙනුවෙන් කමෙන්ට් එකක් දානවා කියන්නේ මට නම් හරි වැදගත්. මොකද ඒ වෙන් කරන්නේ එයාලගේ වටිනා කාලයෙන් කොටසක්නේ.
ඉස්සර තරම්ම පුංචි තිරෙන් දකින්න නැත්තෙ, චරිත තෝරා ගැනීම නිසාද?
පුතා නිසා තමයි භාර නොගත්තේ. ‘ආලේ’ භාර ගත්තට පස්සේ තමයි දන්නේ ඉන්දික ධර්මතිලකගේ වැඩක් කියලා. අවුරුදු ගාණකට පස්සේ නැවත රඟපාද්දි සම්මානනීය දක්ෂ අධ්යක්ෂවරයෙක් යටතේ වැඩ කරන්න ලැබීම ලොකු සතුටක්.
සිනමාවෙන් එන්න තියෙන නිර්මාණ මොනවද?
ප්‍රියන්ත කොළඹගේ මහතාගේ මන්දාරා චිත්‍රපටය තිරගත වුණා. එන්න තියෙන්නේ නම් සූරිය සුළඟ. ඒ එක්කම කියන්න ඕනේ ප්‍රියන්ත කොළඹගේ වැනි දක්ෂ අධ්යක්ෂවරයෙක් එක්ක වැඩ කරන්න ලැබීමත් මට සතුටක්.
අද වෙද්දී අලුත් ශිල්පිනියන් රැසක් ක්ෂේත්‍රයේ ඉන්නවා. අභියෝගයක් කියල හිතෙන්නෙ නැද්ද?
මම හැමෝම එක්ක කතා බහ කරලා සතුටින් ඉන්න කෙනෙක්. ඒ නිසා කිසිම කෙනෙක් මට අභියෝගයක් නෙවෙයි. ඕනෙම ක්ෂේත්රයක් පවතින්න නම් අලුත් අය ආ යුතුමයි.
මහත්තයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
එයාගෙන් ලැබෙන සහයෝගය නිසා තමයි මම ආයෙම මේ විදිහට වැඩ කරන්නේ. මොකද අපි දෙන්නා සහ පුතා විතරයි ගෙදර ඉන්නේ. මහත්තයා එයාගේ ව්‍යාපාර වැඩ කටයුතු කරන අතරේ මම ෂූටින් ගිය දවසට පුතාවත් බලා ගන්නවා.
ලැබෙන ප්‍රේක්ෂක ආදරේට කියන්න දෙයක් ඇති?
කාලෙකින් මාව පුංචි තිරෙන් දකින්න ලැබුණු එකට ගොඩක් අය සතුටු වුණා. ඉස්සර තිබුණු ප්‍රේක්ෂක ආදරේ කිසිම අඩුවක් නැතුව දැනෙනවා. තාම මාව ‘මුතු තරංගා’ කියන නමින් හඳුනන එකම මට ඇති. ඕනෙම තැනකදී ප්‍රේක්ෂකයන් එක්ක මම කතා කරන කෙනෙක්. ප්‍රේක්ෂකයන් නිසා තමයි අද මම මෙතන ඉන්නේ. එයාලා දෙන ප්‍රතිචාර මම ආදරෙන් භාර ගන්නවා. හැමදාම මගේ ජීවිතේ අංක එක ආදරණීය ප්‍රේක්ෂකයන්.
පුතෙක් ඉන්න අම්මා කෙනෙක් වෙලත්, එදා දැක්ක වගේමයි. කියල බොහෝ දෙනෙක් කියනවා?
අනේ මන්දා ඇයි එහෙම කියන්නේ කියලා. එදා වගේමයි කියන්නත් බැහැ. අපි වයසට යනවානේ. මම ගොඩක් වෙලාවට උත්සහ කරන්නේ කාගෙවත් හිත රිද්දන්නේ නැතුව, මිනිස්සු හෙළා දකින්නේ නැතුව කා එක්කත් සතුටින් ජීවත් වෙන්න. ඒ නිසා ද දන්නෙත් නැහැ එහෙම හිතෙන්නෙ, එහෙම පේන්නේ.
ආලේ ඉදිරියට මොකක් වෙයිද?
ඉදිරියට වෙන දේ සාමාන්‍යයෙන් අපිට දැනෙනවානේ. හැබැයි මෙය එහෙම වෙන එකක් නැහැ. ආලේ එක්ක ඉන්නකෝ. තව ඉස්සරහට තවත් ආදරෙන් ප්‍රේක්ෂකයන් නාට්‍යය වැලඳ ගනීවි කියල හිතනවා.