ගජනායක කියන්නේ මේ දවස්වල ‘සිනාවේ කතාවේ’ ටෙලි නාට්‍යය නරඹන කාටත් අමතක නොවන චරිතයක්. තවත් ටෙලි නිර්මාණ රැසකටම ඔහු රංගන දායකත්වය ලබා දී තියෙනවා. කවුරුත් දන්න ‘ගජනායක, කියන්නෙ අමීන් ඉන්සර අභිලාෂ. අමීන් හුරුබුහුටි පුංචි පුතෙක්. අද අපේ කතාබහ ඔහු සමඟයි.
මොනවද අලුත් තොරතුරු?
පාසල් අධ්‍යාපන කටයුතු කරගෙන යන අතරේ දෙරණ නාළිකාවේ ‘සිනාවේ කතාවේ’ ටෙලි නාට්‍යයේ රංගන කටයුතු කරගෙන යනවා.
පෞද්ගලික තොරතුරු ටිකක් කියමු. අපේ අයට දැනගන්න?
මම ඉන්නේ ගොඩගම. වයස අවුරුදු 13යි. ලින්ෆීල්ඩ් ජාත්‍යන්තර පාසලේ අට ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, මමයි, මල්ලියි. මල්ලිත් රඟපෑම් කටයුතු කරනවා.
අමීන් මුලින්ම සම්බන්ධ වුණු නිර්මාණය මොකක්ද කියලා මතකද?
ඔව්, හිරු ටීවී එකේ ‘අකුරු මැකී නෑ’ ටෙලි නාට්‍යයට තමයි මම මුලින්ම සම්බන්ධ වුණේ.
කලා කටයුතුවලට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
මට තාත්තාගෙනුයි, අම්මාගෙනුයි ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවා. අම්මා තමයි මාව රූගත කිරීම්වලට එක්ක යන්නේ. ඒ හයිය නැත්නම් මට මේ දේවල් කරගන්න බැහැ.
මේ වෙනකොට සම්බන්ධ වෙලා තියෙන නිර්මාණ ගැන කතා කළොත්?
මම හිරු ටීවී එකේ හිරු සිනමා සිත්තම් 35කට වඩා සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා නම් වශයෙන් කියන්න අමාරුයි. ඊට අමතරව හිරු නාළිකාවේ සිහින ගෙනෙන කුමාරියේ, අකුරු මැකී නෑ ටෙලි නිර්මාණවලට වගේම පෝය නාට්‍යවලටත්, අවුරුදු නාට්‍යවලටත් මම රංගනයෙන් දායක වෙලා තියෙනවා.
ටෙලි නාට්‍ය රූගත කිරීම්වලට අමතරව වෙළෙඳ දැන්වීම්වලට හඬ කැවීම් කටයුතුත් කරනවා. ඒ වගේම මියුසික් වීඩීයෝවලට රංගනයෙන් දායක වෙලා තියෙනවා. චිත්‍රපට දෙකකට සම්බන්ධ වුණා. තවම ඒවා තිරගත වුණේ නැහැ. ප්‍රසිද්ධ වෙළෙඳ සන්නාම සහිත වෙළෙඳ දැන්වීම් රැසකට සම්බන්ධ වෙලා තියෙනවා.
අමීන්ගේ විනෝදාංශ මොනවද?
විනෝදාංශයක් විදිහට ‘කන්ටෙන්ට් ක්‍රියේටින්, වීඩීයෝග්රැෆි, වීඩියෝ එඩිටින්’ වගේ දේවල්වලට තමයි ගොඩක්ම කැමති. ‘ෆොටෝග්‍රැෆි’ කරන්නත්, ලස්සන තැන්වල සංචාරය කරන්නත් මම ගොඩක් ආසයි.
ප්‍රේක්ෂකයන් අතර වැඩියෙන්ම ජනප්‍රිය වුණේ මොන චරිතයෙන් කියලද හිතෙන්නෙ?
මම ගොඩක්ම ජනතාව අතරට ගියේ හිරු ටෙලි සිනමා සිත්තම්වලින්. ඒ නිර්මාණ හරහා හැම සෙනසුරාදකම විවිධ චරිතවලින් මම ප්‍රේක්ෂකයා අතරට ආපු නිසා එයාලට මාව නිතර හුරුපුරුදු මුහුණක් වුණා.
ඉදිරියට එන්න තියෙන නිර්මාණ ගැනත් ප්‍රේක්ෂකයා දැනගන්න කැමැති ඇති?
මේ වෙද්දි චිත්‍රපට දෙකකට මම රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ නිර්මාණ දෙක තමයි ඉදිරියේදි තිරගත වෙන්න නියමිතව තියෙන්නේ. එක චිත්‍රපටයක දමිළ භාෂාවෙන් හඬකැවීම් එහෙමත් තිබුණා. ‘මැයි මාර ප්‍රසංගය’ චිත්‍රපටයේ සමිඳගේ ළමා කාලය තමයි මම රඟපෑවේ.
රඟපාන්න වැඩිපුරම කැමැති චරිත තියෙනවද?
අන්ධ හෝ යාචක දරුවෙක්ගේ චරිතයක් කරන්න මම කැමැතියි. මම කැමැති නෑ පැවිදි චරිත කරන්න. මොකද එතකොට මගේ ලස්සන කර්ල් කොණ්ඩේ කපන්න වෙනවනේ.
රූගත කිරීම්වලදී මුහුණ දුන්න අමතක නොවෙන සිද්ධි එහෙමත් ඇති නේද?
අමතක නොවෙන සිදුවීම් නම් ගොඩක් තියෙනවා. මුහුදු වෙරළේ රූපගත කිරීමක් තිබුණ අවස්ථාවක මාව රැල්ලට ගහගෙන යන්න ගියා. එදා නම් ගොඩක් බය හිතුණා. ‘සිනාවේ කතාවේ’ ගජනායක චරිතේ කරනකොට මම අඳින්න ඕන සරමක්. එක සීන් එකකට තිබුණා අනෙක් යාළුවෝ එක්ක මම සින්දුවකට නටන්න ඕන. ඒ වෙලාවේ කොහොම හරි මගේ සරම ගැලවුණා. ඒකට හැමෝම හිනා වුණා. මගේ යාළුවෝ ටිකත් ඒකට හොඳටම හිනා වුණා. ඒ හිනා වෙන කොටස තමයි නාට්‍යයට අන්තිමේ ගත්තේ. මොකද ඒ හිනා වෙන මොහොත ජවනිකාවක් ලෙස උපරිමයෙන්ම තිබ්බ නිසා.
අනාගත බලාපොරොත්තු මොනවද කියලත් කියමු?
පාසල් අධ්‍යාපන කටයුතු සාර්ථකව අවසන් කරලා, ජපන් භාෂාව ඉගෙන ගෙන ජපානයට යන එක තමයි මේ වෙද්දී මගේ බලාපොරොත්තුව. ඒ වගේම කලා කටයුතුවලත් පුළුවන් තරම් කල් රැඳිලා ඉන්න බලාපොරොත්තු වෙනවා.
ස්තූති කරන්න පිරිසකුත් ඇති නේද?
‘සිනාවේ කතාවේ’ අධ්යක්ෂ මයුර කාරියවසම් මාමා, සසංකා දිල්ශානි නැන්දා ඇතුළු නාට්‍ය කණ්ඩායමටත්, මධූ නැන්දා, මලින්ද රත්නායක මාමා, ඉරුෂ ශමින්ත මාමා, චාගී වගීෂ මාමා, සිරසේ පුංචි පැංචි කරන මහේෂ් මාමා සහ මට අවස්ථාව, සහයෝගය ලබා දුන් සියලු දෙනාටම ස්තූතියි.