චලිඳු කියන්නෙ මට හුඟක් දේවල් ඉගෙන ගන්න පුළු­වන් චරි­ත­යක් -ෆෙරී ජොන­තන්

gossiplanka image 1
 ස්වාධීන රූප­වා­හිනී නාළි­කාවේ විකා­ශය වන හසිත රාජ­ප­ක්ෂගේ ‘සිහි­නෙක තනි­වෙලා’ ‍ටෙලි නිර්මා­ණයේ චලි­ඳුගේ භූමි­කා­වෙන් ඔබ හමු­වට එන ෆෙරී ජොන­තන් පසු­ගිය දින­වල ඔබට සමී­පව සිටියේ ‘නිකිණි කුසුම්’හි ලකී මෙන්ම ‘හිරි­පොද වැස්සහි’ බන්ධුක ලෙසිනි. අන්ලොක් සින­මා­ප­ටය ඔස්සේ නුදු­රේ­දීම රිදී තිර­යෙන් දැකිය හැකි ෆෙරී අද අප හා කතා­බ­හට එක්වීය.


පහු­ගිය දින­වල ලකී, බන්ධුක වගේ විවිධ නම්ව­ලින් පෙනී හිටිය ෆෙරී මේ දින­වල චලිඳු අයියා වෙලා. ඇත්ත­ටම මොකක්ද මේ වෙස් පෙර­ළිය?


චලිඳු අයි­යගෙ චරි­ත­යට මට ආරා­ධනා ලැබෙන්නේ තිමිර අයි­ය­ගෙන්. සිහි­නෙක තනි­වෙලා ටෙලි නාට්‍යයේ තිර­පි­ට­පත ලියන්නෙ තිමිර උඩ­ල­මත්ත. මීට කලි­නුත් තිමිර අයියා මට ඔහුගේ ටෙලි නිර්මාණ කිහි­ප­ය­ක­ටම ආරා­ධනා කළත් කාර්ය­බ­හු­ල­ත්වය නිසා මට සම්බන්ධ වෙන්න බැරි වුණා. මුලින්ම මං ඔහුත් එක්ක සම්බන්ධ වෙන්නේ හිරි­පොද වැස්සට. හිරි­පොද වැස්ස බන්ධුක කියන චරි­තය ගොඩක් ජන­ප්‍රිය වුණු නිසාම ඔහුගේ අලුත් ටෙලි නිර්මා­ණයේ චරි­ත­ය­කුත් මං වෙනු­වෙන්ම ලිය­විලා තිබුණා. මගෙන් ඇහුවේ කැම­තිද කියල විත­රයි. මං දෙපා­රක් නොහි­තාම චලි­ඳුට කැමැත්ත දුන්නා.


චලිඳු කියන්නේ කොමඩි චරි­ත­යක් බව දැන­ගෙන හිටියද?


අධ්‍යක්ෂ හසිත රාජ­පක්ෂ අයිය මට කතා කරලා කිව්වා මේක සීරි­යස් කොමඩි චරි­ත­යක්. මෙහෙ­මයි සිද්ධ වෙන්න ඕන කියලා. කොහො­මත් මං හිරි­පොද වැස්සෙත් කළේ සීරි­යස් කොමඩි චරි­ත­යක්. ඒ නිසා ඒක ලොකු ගැට­ලු­වක් වුණෙත් නැහැ. දැන් නම් චරි­තය හොඳ­ටම අල්ල­ගෙන තියෙන්නේ. නිකිණි කුසුම් ලකී වුණත් මුලින්ම කොමඩි කැරැ­ක්ටර් එකක් වගේ තමයි ප්ලේ වුණේ. පස්සෙයි සීරි­යස් වුණේ.‍


ඒ කියන්නෙ ෆෙරී ඉදි­රි­යට කොමඩි චරි­ත­යක්ම වෙයිද?


ඒ බය නම් මටත් තියෙ­නවා. මොකද දැන් මාත් කොමඩි පැත්තේ අයි­කන් එකක් වීගෙන එනව කියන එක මටත් දැනිලා තියෙ­නවා. සීරි­යස් කොමඩි කියන එක හැමෝ­ටම කර­න්නත් බැහැ. ප්‍රේක්ෂ­ක­ය­නුත් දැන් මාව කොමඩි චරි­ත­යක් විදි­හට පිළි­අ­රන් කියන එක ප්‍රති­චා­ර­ව­ලින්ම පැහැ­දිලි වෙනවා. ඒත් මං කැමැති එකි­නෙ­කට වෙනස් චරිත කරන්න. ඉස්ස­රත් මං එහෙම චරිත කරලා තියෙ­නවා. තුෂාර තෙන්න­කෝන්ගේ හේල්‍යන් ටෙලි නිර්මා­ණයේ ගුරුළු කියන්නෙ ඒ වගේ චරි­ත­යක්.


ප්‍රති­චාර කොහො­මද?


ප්‍රති­චාර ඉතාම හොඳයි. තාමත් බොහෝ දෙනෙක් කතා කරන්නේ නිකිණි කුසුම් ටෙලි නිර්මා­ණය ගැන. ඒකෙදි මට රංග­නය කියන එක හැම පැත්ත­කින්ම පෙන්නන්න පුළු­වන් වුණා. කොමඩි චරි­ත­යක් වුණා. සීරි­යස් වුණා. පිස්සෙක් විදි­හට හිටියා. ප්‍රේම­ව­න්ත­යෙක් වුණා. ඒ වගේ පැති­කඩ කිහි­ප­ය­කින්ම ප්‍රේක්ෂ­ක­යාට ළංවෙන්න පුළු­වන් වුණා. ඒක ගැන තමයි ගොඩක්ම කතා වෙන්නේ. ඒක මං ගොඩක් අත්දැ­කීම් ලබපු නිර්මා­ණ­යක්. ගොඩක්ම බලල තියෙන්නෙ වැඩි­හිටි පිරිස. හිරි­පොද වැස්සට ගොඩක් දුරට ආක­ර්ෂ­ණය වෙලා ඉන්නේ තරුණ පිරිස. එත­කොට හේල්‍යන් ගත්තොත් පුංචිම ළමයි තමයි ගොඩක්ම ආස වුණේ. අවු­රුදු පහ­ළො­වෙන් පහළ වගේ ළම­යි­න්ගෙන් තමයි ගොඩක්ම ප්‍රති­චාර ලැබුණේ.


මේ දින­වල ෆෙරීගේ ප්‍රති­රූ­පය වෙනස්ම කරන චලිඳු ගැන කතා කළොත්?


චලි­ඳුගේ චරි­තය ඉදි­රි­යට ගලා­ගෙන යන්නේ විලන් කෙනෙක් විදි­හට. ඒක එහෙම වෙන්නෙත් ආද­රය නිසාම තමයි. ආද­ර­ව­න්ත­යයි ආද­ර­ව­න්ති­යයි අත­රට එන නිසා තමයි ඔහු විලන් කෙනෙක් වෙන්නේ. ඒකෙ මට තිබුණු ප්‍රධාන අභි­යෝ­ගය වුණේ කොමඩි විදි­හට ඉඳන් කොහො­මද නිකී බබාව ලබා­ගන්නේ කියන එක. මේ දව­ස්වල නිකී බබාව ලබා­ගන්න තමයි උප්ප­ර­වැට්ටි දාන්නේ. ඒ වගේම මේ කතා­වෙන් සමා­ජ­යට යම්කිසි පණි­වු­ඩ­ය­කුත් දෙනවා. පහු­ගිය දව­ස්වල ලංකා­වෙත් ලොකු ගැට­ලු­වක් බවට පත්වෙලා තිබුණු පිර­මිඩ ජාවා­රම ගැනත් කතා­බ­හට ලක් කර­නවා. චලි­ඳුගේ තාත්තා කපටි වුණාට චලි­ඳුට තියෙන්නේ මෝඩ කප­ටි­ක­මක්. තාත්තාගේ උප­දෙස් විදි­හට වැඩ කරලා නිකීගේ තාත්තව පිර­මිඩ ජාවා­රමේ පට­ලලා කොහොම හරි නිකී බබාව අල්ලගන්න තමයි ප්ලෑන් කරන්නේ. මේ වගේ දේවල් මේ සමා­ජයේ වෙලා තියෙ­නවා. ඒකම වෙන්න ඇති තිමිර අයියා මේ වගේ එකක් ලියන්න ඇත්තෙත්.


ඔබ දායක වන හැම චරි­ත­ය­කින්ම ප්‍රේක්ෂ­ක­යන්ගේ මත­කයේ රැඳෙන්න දෙයක් ඉතිරි කර­නවා නේද?


ඔව්. එහෙම දෙයක් තියෙ­නවා. මගේ චරිත හරහා කියන දෙය­කින් බලන ඕනෙම කෙනෙ­කුට ඒ චරි­තය මතකෙ හිටි­නවා. ‘හිරි­පොද වැස්ස’ ගත්තොත් කමෙ­න්ට්ස්වල තියෙ­න්නෙම මාරම ලස්ස­නයි කියන කෑල්ල. ඒක බන්ධු­කගෙ චරි­තයේ අන­න්‍ය­තාව වගේ. හැමෝම ඒක පාවිච්චි කර­නවා. සිහි­නෙක තනි­වෙලා ගත්තොත් චලි­ඳුගේ කටේ නිත­රම තියෙන්නේ නික්කි බබා පව් අම්මෙ කියලා.


ඒ කියන්නෙ චලිඳු කියන්නෙ ඔබට ඇත්ත­ටම අභි­යෝ­ග­යක් වුණු චරි­ත­යක්?


ඒක අභි­යෝ­ග­යක් කිය­න­වට වඩා මං කැමැ­තියි චලිඳු කියන්නෙ මට ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණු චරි­ත­යක් කිය­න­වට. බොහෝ නිර්මා­ණ­වල එක දිගට චරි­තය ගලා­ගෙන යනවා අඩුයි. එක දිග­ටම ෂූට් වෙනවා අඩුයි. නමුත් මේ නිර්මා­ණය තුළ මං දැක්ක විශේ­ෂ­ත්වය තමයි චරි­තය එක දිගට ගලා­ගෙන යනවා. ඒක මට අලුත් අත්දැ­කී­මක් වුණා. ඒ හරහා මට ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුණා. අනිත් කාර­ණය තමයි එක දිග­ටම මේන් රෝල් කරන්න ලැබෙන චාන්ස් එක අඩු­යිනේ. මට දිග­ටම අවස්ථා ලැබුණා. තිමිර අයි­යට මං විශේ­ෂ­යෙන්ම ස්තුති­වන්ත වෙනවා මාව මේකට තෝර­ගත්ත එකට.


ෆෙරීගේ ඉදිරි නිර්මාණ ගැනත් කතා කරමු?


තව අලුත් වැඩ දෙකක් පටන් ගන්නවා. ප්‍රභාත් රෝෂන්ගේ සහ තුෂාර තෙන්න­කෝන්ගේ. තවත් එක­කට ආරා­ධනා ලැබිල තියෙ­නවා. ඉදි­රි­යේදී මං රංග­න­යෙන් දායක වුණු ක්‍රිෂ් ඇන්ත­නීගේ ‘අන්ලොක්’ ෆිල්ම් එක තිර­ගත වෙන්න තියෙ­නවා. නිකිණි කුසුම් එකේ ලකී නිසා තමයි මට ඒ සින­මා­ප­ට­යට ආරා­ධ­නාව ලැබුණේ. මොනර කිරිල්ලී එකත් එන්න තියෙ­නවා. ඒක මගේ පළ­මු­වැනි සිනමා අත්දැ­කීම. නමුත් ඊට කලින් අන්ලොක් තිර­ගත වීමට නිය­මි­තයි.

gossiplanka image 2
Previous Post Next Post