ආත්මීය චරි­ත­යක් විදි­හට මට ඒක කරන්න පුළු­වන් වුණා - දුමී වන්නි­ආ­රච්චි

gossiplanka image 1
 


දුමී වන්නි­ආ­රච්චි ප්‍රේක්ෂක ඔබට මුලින්ම හමු­වන්නේ සංගීතේ ටෙලි නිර්මා­ණයේ කට­කාර තුෂා­රිගේ භූමි­කා­වෙනි. 4චූන් RESIDENCYහි තාරා, තත්ප­ර­යක් දෙන්න බන්ටී මෙන්ම ‘ද ලේක්’හි මාන­සික රෝගී චරි­තය ද පුංචි තිරය මත ඇයගේ ප්‍රබ­ලම රංග­න­යන් ලෙස පෙන්වා දිය හැකිය. මේ දින­වල රූගත කෙරෙන දොර­කඩ දෙවොල ඇයගේ සිතැ­ඟි­ව­ලට අනු­කූ­ලව රංග­නයේ යෙදී­මට ලැබුණු අභි­යෝ­ගා­ත්මක අව­ස්ථා­වකි. ජයන්ත චන්ද්‍ර­සි­රිගේ ‘දේවි කුසු­මා­සන’ සින­මා­ප­ටය ඔස්සේ සින­මා­වට පිවිසි දුමී සංජය නිර්මාල්ගේ නව­තම සින­මා­ප­ටය ඔස්සේ මේ දින­වල සිය සිනමා රංග­නය ද අභි­යෝ­ග­ය­කට ලක්ක­ර­මින් සිටි­න්නීය.


දුමී මේ දව­ස්වල දම් රැජි­නිත් එක්ක මොකද කරන්නේ?


මේ දින­වල දම් රැජි­නිත් එක්ක සංජය නිර්මාල්ගේ නග්න චිත්‍ර­ප­ටයේ රූගත කිරී­ම්ව­ලට සම්බන්ධ වෙලා ඉන්නවා. ප්‍රධාන චරිත තුනක් ඔස්සේ කතාව ගලා­ගෙන යනවා. මම, නිසල, සේමිණී අක්කා. ද ලේක් එකෙන් පස්සේ නැව­තත් සේමිණී අක්කා එක්ක සම්බන්ධ වෙන්න ලැබුණා. දම් රැජිනි බස් රථය කිය­න්නෙත් මේකෙ ප්‍රධාන චරි­ත­යක්. සංජය සර් ඉතින් හැම­දාම වෙනස්ම දෙයක් කරන කෙනෙක්නේ. අනි­වා­ර්ය­යෙන්ම ‘නග්න’ බොහෝ දෙනාගේ කතා­බ­හට ලක්වන චිත්‍ර­ප­ට­යක් බවට පත්වේවි.


මේ ඔබේ දෙවැනි සිනමා අත්දැ­කීම. කොහො­මද ආරා­ධනා ලැබෙන්නේ?


පළ­මු­වැනි අත්දැ­කීම ලබන්නේ විශ්ව­වි­ද්‍යා­ල­යක් වගේ අධ්‍ය­ක්ෂ­ව­ර­යෙක් වන ජයන්ත චන්ද්‍ර­සිරි සර්ගේ දේවි කුසු­මා­සන චිත්‍ර­ප­ට­යෙන්. ඒ වගේ කෙනෙ­ක්ගෙන් මූලික අඩි­තා­ලම වැටෙ­නවා කිය­න්නෙම වාස­නා­වක්. ඒක ලොකු පිරි­සක් එක්ක මාස තුනක විතර කාල­යක් ගත කළ ලොකු ප්‍රඩක්ට් එකක්. නග්න කියන්නෙ ඊට හාත්ප­සින්ම වෙනස් දින කිහි­ප­යක් ඇතු­ළත රූගත කෙරුණු සින­මා­ප­ට­යක්. ඒ වගේම ලොකු අභි­යෝ­ග­ව­ලට මුහුණ දුන් නිර්මා­ණ­යක්. සංජය නිර්මාල් කියන්නේ මං ගොඩක්ම කැමැති අධ්‍ය­ක්ෂ­ව­ර­යෙක්. ඔහුගේ සංසා­ර­ණ්‍යයේ දඩ­ය­ක්කා­රයා ටෙලි නිර්මා­ණය මං හරිම ආසා­වෙන් බැලුවා. එදා ඉඳ­න්මයි මං ඔහුත් එක්ක වැඩ කරන්න ආසා­වෙන් හිටියේ. ඔහු­ගෙන් මට ආරා­ධ­නාව ලැබෙන්නේ මේකට නෙවෙයි. ඔහුගේ වෙනත් චිත්‍ර­ප­ට­ය­කට. අපි කතා­බහ කර­ගෙන යද්දි ඒකට කලින් මේ චිත්‍ර­ප­ටය කරන්න ඕන කියන අද­හස ඔහුට ඇවිල්ලා තිබුණා. ඒ විදි­හට තමයි මට මේ චිත්‍ර­ප­ට­යට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ.


නග්න ඔබට ලොකු අභි­යෝ­ග­යක් වුණා කිය­ලත් ආරං­චියි?


ඔව්. ඒක ලොකු අභි­යෝ­ගා­ත්මක චරි­ත­යක්. මමයි අම්මයි තාත්තයි තුන්දෙ­නාම ගෙන්නලා සංජය සර් චරි­තය ගැන පැහැ­දිලි කළා. මේක ප්‍රධාන චරි­තය මෙන්න මේ වගේ එකක් තමයි කරන්න තියෙන්නෙ, කැම­තිද කියල ඇහුවා. ඒ වෙලාවෙ නම් මට පොඩි චකි­ත­යක් ඇති වුණා. මොකද මේක මගේ ශාන­රය ඇතුළේ ලොකු අභි­යෝ­ග­යක්. මගේ අම්මයි තාත්තයි අයි­යලා දෙන්නයි එත­නදි මාව දිරි­මත් කළා. ඔයා කරන්නෙ කැරැ­ක්ටර් එකක්. අනික ඔයා ඉගෙන ගත්තෙ ඩිග්‍රිය කළේ රංග­නය පැත්තෙන්. ඒ නිසා ඔයා මේක භාර­ගන්න කියල ඔවුන් හැමෝම කිවුවා. අධ්‍ය­ක්ෂ­ව­ර­යා­ගෙන් වගේම නිස­ල­ගෙ­නුත් මට ලොකු සහා­යක් ලැබුණා. නිසල කිය­න්නෙත් ගොඩක් දක්ෂ හරිම සපෝ­ටිව් කෙනෙක්. මගේ චරි­තය සාර්ථක කර­ගන්න ඔහු ගොඩක් උදවු කළා. සේමිණී අක්ක­ගෙන් ලැබුණු සහා­යත් උප­රි­මයි. ඒ හැමෝ­ගෙම සහා­යෙන් මං ඒ චරි­ත­යට සාධා­ර­ණ­යක් කළා කියල හිත­නවා.


ඉර­ගිනි මද්ද­හන අධ්‍ය­ක්ෂ­ව­ර­යාගේ අලුත්ම නිර්මා­ණ­ය­ටත් ඔබට ආරා­ධනා ලැබෙ­නවා. ඒ අත්දැ­කීම කොහො­මද?


ඇත්තම කිවුවොත් මං අභි­යෝ­ගා­ත්මක චරිත රඟ­පාන්න පටන් ගත්තෙ ලලිත් රෝහිත අයි­යගේ දොර­කඩ දෙවොල ටෙලි නිර්මා­ණ­යෙන්. ඒකට මාව යෝජනා කරල තිබුණේ වියළි අධ්‍යක්ෂ චන්දන ඉරු­ග­ල්බ­ණ්ඩාර අයියා සහ සහාය අධ්‍යක්ෂ ප්‍රියන්ත ශ්‍රී. මං ඔවුන්ට ගොඩක් ස්තුති­වන්ත වෙනවා. ඒ පරි­ස­රය, ජීවන රටාව, වචන උච්චා­ර­ණය ඇත්ත­ටම මට ලොකු අභි­යෝ­ග­යක් වුණා. මගේ කට­හඬ පවා ග්‍රාමීය පරි­ස­ර­යට ගැළ­පුණේ නැහැ. ඒත් ලලිත් අයියා ලොකු රිස්ක් එකක් අර­ගෙන මාව විශ්වාස කරලා මාව තෝරා­ගැ­නීම ගැන ගොඩක් ස්තුති­වන්ත වෙනවා.


ඒ චරි­තය ගැන කතා කර­නවා නම්?


ඒ චරි­තය හරිම ආවේ­ග­ශීලී, ආද­රය ගොඩක් බලා­පො­රොත්තු වන ඇතු­ළ­තින් හරි­යට විඳ­වන ගැහැ­නි­ය­කගේ චරි­ත­යක්. කෝපවෙන කෑග­හන, රණ්ඩු­වෙන චරි­ත­යක්. මං ගෙදර ඇවි­ල්ලත් ඒ විදි­හ­ටම හැසි­රෙන වෙලා­වල් තිබුණා. චරි­තය සාර්ථක කර­ගන්න දසුන් පති­රණ අයි­ය­ගෙ­නුත් ලොකු සහා­යක් ලැබුණා. අනෙක් විශේ­ෂම කාර­ණය තමයි ඒක උඩ­රට පාර­ම්ප­රික නර්තන ශිල්පි­නි­ය­කගේ චරි­ත­යක්. මගේ ජීවි­තේට ගොඩක් සමී­පයි. මං පුංචි කාලෙ ඉඳන්ම උඩ­රට නර්ත­නය හදා­රපු විශ්ව­වි­ද්‍යා­ල­යේත් විෂ­යක් විදි­හට හදා­රපු කෙනෙක්. මගේ හැකි­යාව නිර්මා­ණ­යක් තුළට ගෙන යන්න හැකි­වීම ගැන මට ගොඩක් සතු­ටුයි. මහා­චාර්ය මුදි­යන්සේ දිසා­නා­යක සහ නිෂා­දිනී රත්නා­යක කියන මගේ ගුරු­වරු දෙන්නව මං ගෞර­ව­යෙන් මතක් කර­නවා. ඒ නිසා ආත්මීය චරි­ත­යක් විදි­හට මට ඒක කරන්න පුළු­වන් වුණා.


ද ලේක් කිය­න්නෙත් ඔබේ වෙනස්ම පැති­ක­ඩක්?


ඔව්. ධනුෂ්ක රේමන්ගේ ලංකාවේ ටෙලි­වි­ෂ­නය වෙනස් කළ නිර්මා­ණ­යක්. සයි­කො­ලොජි ත්‍රිලර් ශාන­රයේ නිර්මා­ණ­යක් ලංකාව ඇතුළෙ කෙරුණු පළමු අව­ස්ථාව. ඩුවල් පර්ස­නල් ඩිසෝ­ඩර් කියන මනෝ ආබා­ධය තියෙන දරු­වෙක්. රන්දි සහ රංගම්මා කියන්නේ එකම චරි­තයේ පැති­කඩ දෙකක්. මේක ද්විත්ව චරි­ත­යක් නෙවෙයි. මං වැඩි­පු­රම හෝම්වර්ක් කළ චරි­තය කිවුවත් හරි. දමිළ භාෂාව හැදෑ­රීම වගේම මෙම රෝගය ගැන මට ලොකු අධ්‍ය­ය­න­යක් කරන්න වුණා. ඒත් ලැබෙන ප්‍රති­චාර දිහා බැලු­වම මං සාර්ථ­කයි කියල හිතෙ­නවා.


දුමී වන්නි­ආ­රච්චි කියන්නේ හරිම වාස­නා­වන්ත නිළි­යක් කියල කිවුවොත් මොකද හිතෙන්නේ?


ඇත්ත­ටම ඔව්. විශ්ව­වි­ද්‍යා­ලයේ අව­සන් අවු­රුද්ද පටන් ගනිද්දි ද ලේක් පළමු අදි­ය­රයි දේවි කුසු­මා­සන සින­මා­ප­ට­යයි ඉවර කරල තිබුණේ. අව­සන් වසරේ විභාග කට­යුතු නිසා අවු­රු­ද්දක් විත­රම මං කිසිම නිර්මා­ණ­ය­කට සම්බන්ධ නොවී රංග­න­යෙන් ඈත්වෙලා හිටියා. වසර අව­සන් වෙද්දි කරපු නිර්මාණ දෙකම එළි­යට ආවා. ඒ නිසා නිහැ­ඬි­යාව ගැට­ලු­වක් නොවී ආයා­ස­ය­කින් තොර­වම මට හොඳ අභි­යෝ­ගා­ත්මක චරි­ත­ව­ලට අවස්ථා ගොඩක් ලැබුණා. ඒ අතින් මං හරිම වාස­නා­ව­න්තයි.

gossiplanka image 2
Previous Post Next Post