මට සමීප චරි­ත­යක් නිසා රෂිනිට ආස හිතුණා -ශේෂාද්‍රි ප්‍රිය­සාද්

gossiplanka image 1
 



පහේ ළමයි සමඟ ඉන්න රෂිනි ටීචර්ට අද ලොකු – කුඩා සැමගේ ආද­රය ලැබෙමින් තිබේ. කුඩා දරු­වන්ට ආද­රය, දක්වන, දරු­වන්ගේ ආද­රය නොම­ඳව ලබන, ‘රෂිනි ටිචර්’ ලෙස කාගේත් සිත් ඇද­ගන්නා සුලු රංග­න­යක ශේෂාද්‍රි ප්‍රියසාද් නිරත වන්නීය. ශාන් ජය­රත්න අධ්‍ය­ක්ෂ­ණය කළ ‘පහේ ළමයි’ ටෙලි­නා­ට්‍යයේ ප්‍රධාන චරි­තය වන රෂිනි ටීචර් ගැන කතාකරන්නට ශේෂාද්‍රි ප්‍රිය­සාද් මෙසේ ‘රස­ඳුන’ හා එක්වූ­වාය.


‘’මේ දව­ස්වල ‘පහේ ළමයි’ එක්කයි කාලය ගත­ක­රන්නේ. රෂිනි ටීචර්ට ඉතා හොඳ ප්‍රති­චාර ලැබෙ­නවා. රෂිනි කියන්නේ හරිම ආද­ර­ණීය ගුරු­ව­රි­යක්. ප්‍රාථ­මික පන්ති­ව­ලට උග­න්වන ගුරු­ව­රි­යන් දරු­වන්ට බොහෝ ආද­රය දක්ව­නවා. රෂිනි ටීචර්ත් ඒවගේ.


හැබැයි, එක ළම­යෙක් නිසා රෂි­නිගේ චරි­ත­යට යම් බල­පෑ­මක් ඇති­වෙ­නවා. මේ චරි­ත­යට අදා­ළව වෙනම ආදර කතා­ව­කුත් ගලා­ගෙන යනවා. ඒ හැම­දෙ­යක්ම ටෙලි­නා­ට්‍යයේ ඉදිරි කොට­ස්ව­ලදී දකින්න පුළු­වන්. අධ්‍යක්ෂ ශාන් ජය­රත්න තමයි මට මේ චරි­ත­යට ආරා­ධනා කරන්නේ. කතාව සහ මගේ චරි­තය ගැන ශාන් මනා පැහැ­දිලි කිරී­මක් කළා. කතාව ගලා­යන විදිහ අනු­වත් මට සමීප චරි­ත­යක් නිසාත් මේකට ආස හිතුණා”


කුඩා දරු­වන් සමඟ වැඩ­ කි­රී­මේදී ඇයට දැනුණු හැඟීම ප්‍රකාශ කළේ ඇයත් කලක් ගුරු­ව­රි­ය­කගේ භූමි­කාවේ නිර­තව සිටි බව ද සිහි­ක­ර­මිනි.


“ළමයි එක්ක වැඩ­ක­රන්න මම හරි ආසයි. සම­හරු හිත­නවා ළමයි පාල­නය කරන්න අප­හසු වෙයි කියලා. එහෙම නැහැ. මමත් කාල­යක් ගුරු­ව­රි­යක් ලෙස වැඩ කළා. එහිදී දැනුණු දෙයක් තමයි දරු­වන් එක්ක වැඩ­ කි­රීම ‘තෙරපි’ එකක් වගේ කියලා. ඔවුන්ගේ ලෝක­යට අපිත් යනවා වගේ හැඟී­මක් දැනුණා. දැන් ළමයි හැම අතින්ම දක්ෂයි. එයාලා සමඟ වැඩ­ ක­රන්න හරිම ලේසියි”


‘පහේ ළමයි’ ටෙලියේ ශේෂාද්‍රි සමඟ ප්‍රධාන චරි­තය රඟ­නුයේ රොෂාන් රණ­ව­නයි. ඔහු සමඟ රංග­නයේ යෙදීම ගැනද ඇය කතා කළාය.


” රෂිනි චරි­තය රඟ­පාද්දී රොෂාන් අයියා උප­රිම සහ­යෝ­ග­යක් දෙනවා. ඔහු කලා ලොවේ සිටින නිහ­ත­මානී, වින­ය­ග­රුක, කාටත් ගරු කරන රංගන ශිල්පි­යෙක්. ඒ ගුණාංග එදා වගේම අදත් එහෙ­මයි. මීට වසර ගණ­නා­ව­කට පෙර උද­ය­කාන්ත වර්ණ­සූ­රිය මහ­තාගේ ‘චැලේ­න්ජස්’ චිත්‍ර­ප­ටයේ මම රොෂාන් අයියා එක්ක රඟ­පෑවා. ‘පහේ ළමයි’ ටෙලි­නා­ට්‍ය­යේදී පවා චරි­ත­යට අදාළ වෙන­ස්කම් පවා ඔහු එක්ක කතා­කර වෙනස් කර­ගන්න පුළු­වන් ”


ශාන් ජය­රත්න ‘පහේ ළමයි’ අධ්‍ය­ක්ෂ­ව­ර­යාය. ඔහු සමඟ ශේෂාද්‍රි කට­යුතු කරන ප්‍රථම අව­ස්ථාව ද මෙයයි.


” ශාන් මටත් වඩා වය­සින් බාලයි. ඒත් දක්ෂ අධ්‍ය­ක්ෂ­ව­ර­යෙක්. අධ්‍ය­ක්ෂ­ණ­යේදී ප්‍රවීණ මට්ටමේ අධ්‍ය­ක්ෂ­ව­ර­යෙක් ලෙස ක්‍රියා කරන්නේ. චරි­තයේ යම් වෙන­ස්කම් කර­ගන්න උප­රිම නිද­හස දීලා තියෙන්නේ. ශාන් අධ්‍ය­ක්ෂ­ණය කළ ‘වීදුරු තිර’ මම ආසා­වෙන් නැර­ඹුවා. ‘පහේ ළමයි’ කියන්නේ ශාන්ගේ හොඳ අධ්‍ය­ක්ෂ­ණ­යක්.”


ශේෂාද්‍රි පුංචි­ති­රය හා මෙවර එක්ව­නුයේ බොහෝ කල­කට පසු­වය. 2021දී පමණ අව­සන් වරට ටෙලි රංග­නයේ යෙදු­ණද මවු පද­විය ලැබී­මත් සමඟ රංග­න­යට විරා­ම­යක් තැබී­මට ඇයට සිදු­වූ­වාය. එකී කාල­ප­රා­සය තුළ ශේෂාද්‍රි සිනමා නිර්මා­ණ­ය­කට හෝ ටෙලි නිර්මා­ණ­ය­කට දායක නොවූ අතර, ලබන වසර මුලදී නව­තම චිත්‍ර­ප­ට­යක දාය­ක­වී­මට බලා­පො­රො­ත්තු­වෙන් සිටි­න්නීය.


කුඩා කල සිටම සින­මා­වට, කලා­වට ළැදි පරි­ස­ර­යක් ඇගේ නිවෙස තුළ විය. කලාව ඇයට එකල සිටම ආග­න්තුක නොවීය.


” කුඩා කාලයේ ඉඳන්ම මම දැක්කේ අපේ ගෙද­රට තාත්තිගේ යාළුවෝ විදි­හට කලා ක්ෂේත්‍ර­යට සම්බන්ධ අය පැමි­ණී­මයි. ඔවුන් මට ඒ දව­ස්වල ඉඳන්ම හුරු­පු­රු­දුයි. ඉස්සර ඉඳන්ම නිළි­යක් වෙන්න ආසාව මට තිබ්බා. චූටි කාලයේ මම සාරි පට­ල­ව­ගෙන ගෙදර රඟ­පෑවා. මට ගම­නක් යන්න තියෙන මාර්ගය ඒක තමයි කියා සිත­නවා”


අද වෙද්දී සින­මාවේ යම් සුබ­වාදී තත්ත්ව­යක් දක්නට ලැබෙන බව ඇයගේ මත­යයි.


” පසු­ගිය කාලයේ හොඳ චිත්‍ර­පට රැසක්ම තිර­ගත වුණා. House Full වෙන චිත්‍ර­පට දකිද්දි හරිම සතු­ටුයි. එත­කොට මගේ ඇඟට මාරම ශක්ති­යක් එනවා, අපේ සින­මාව හොඳ තැනක තියෙ­නවා නේද කියා සිතෙ­නවා. එසේම ඉස්සර චිත්‍ර­පට රූගත කර තිර­ගත වෙන්න කාල­යක් ගියා. අද වෙද්දි චිත්‍ර­පට රූගත කර වස­රෙන් දෙකෙන් පෙන්ව­නවා. ඒ ව­ගේම ප්‍රවීණ – නවක ශිල්පීන්ගේ ද හොඳ දාය­ක­ත්ව­යක් සින­මා­වට තිබෙ­නවා. ඒකත් හොඳ තත්ත්ව­යක්. ”


නිර්මා­ණ­ය­කට ආරා­ධනා ලද විට චරි­තය කව­රා­කා­රද යන්නත්, තම සීමා­ව­ලින් එහාට යන දෙයක් වෙතොත් අධ්‍ය­ක්ෂ­ව­රයා සමඟ සාකච්ඡා කර විස­ඳුම් ලබා­ගන්නා බවත්, නිර්මා­ණ­යට දායක වන අධ්‍යක්ෂ ඇතුළු අනෙක් රංගන ශිල්පීන් පිළි­බඳ සොයා බලන බවත් පැවසූ ශේෂාද්‍රි, සිය සොහො­යු­රි­යන් දෙදෙනා වන ඩිනක්ෂි ප්‍රිය­සාද් සහ ශනුද්‍රි ප්‍රිය­සාද් ගැනත් සිය අද­හස් මෙසේ පළ කළාය.


” අක්කියි නංගියි දෙන්නම ජන­ප්‍රිය රංගන ශිල්පි­නි­යන්. මටත් වඩා ඒ දෙන්නට ප්‍රේක්ෂ­කයෝ ආද­රය කර­නවා. අපි තිදෙ­නාගේ රංග­නය ගැනත්, විශේ­ෂ­ත්වය ගැනත් ප්‍රේක්ෂ­කයා තීර­ණය කරාවි. එක් එක්කෙනා දකින කෝණය වෙනස්නේ. අක්කි රංග­න­යට වගේම අනෙ­කුත් කලා අංශ­යන්ට මටත් වඩා දක්ෂයි. නංගි වය­සට වඩා බොහෝ අත්දැ­කී­ම්ව­ලට මුහු­ණ­දුන් කෙනෙක්. ඒ විදි­හට අක්කි­ගෙයි නංගි­ගෙයි විශේ­ෂ­ත්ව­යන් මම දකි­නවා.”


රංගන කට­යු­තු­ව­ලදී සිය සැමියා ලබා­දෙන සහ­යෝ­ගය ගැන කීම­ටද ශේෂාද්‍රි අම­තක නොක­ළාය.


“හස්බන්ඩ්ගේ සහාය නොලැ­බු­ණා­නම් මට මේවා කරන්න ලැබෙන්නේ නැහැ. ‘පහේ ළමයි’ට ආරා­ධනා ආවම ඔහු කිව්වේ “ෂා, නිය­මයි, ටීචර් කෙනෙක්නේ” කියලා. ඔහු කව­දා­වත් මගේ රංග­න­යට තහංචි දමා නැහැ. මට නිද­හස දී තිබෙ­නවා. ටෙලි­නා­ට්‍ය­යත් මාත් එක්කම නර­ඹ­නවා. එවේ­ලේම කෙළින්ම මුහු­ණ­ටම Comment එක දෙනවා. මම ෂූටින් ගියාම බබා බලා­ගන්න රාජ­කා­රිය උප­රි­ම­යෙන් කර දෙනවා. එවැනි සැමි­යෙක් ලබන්න මම වාස­නා­ව­න්තයි. ඔහු ගැන මට ආඩ­ම්බ­රයි..”

gossiplanka image 2
Previous Post Next Post