බත්තම්මා පවු­ලට හරිම ළෙන්ගතු චරි­ත­යක් - ආලෝකා ධනං­ජනී

gossiplanka image 1
ඉක්ම­නින් පායලා ඉක්ම­නින් බැහැලා යන තරු­වක් නොවී යම් දෙයක් ඉගෙන ගෙන ආවොත් කාල­යක් ඕනෑම ක්ෂේත්‍ර­යක රැඳී ඉන්න හැකි­යාව ලැබෙ­නවා. මේ කතාව කියන්න හිතුණේ ‘බත්තම්මා‘ නිසයි. බත්තම්මා කියන්නේ පවු­ලට හරිම ළෙන්ගතු, හැමෝ­වම ආද­ර­යෙන් බලා ගන්න, පවු­ලට හරිම හිත­වත් කෙනෙක්. කලාවේ විවිධ මාන­යන් ඔස්සේ සිය ප්‍රති­භාව විදහා දක්වන දක්ෂ රංගන ශිල්පි­නි­යක් වන ඇය සිය රංගන කුස­ල­තා­ව­යෙන් චරි­ත­යට උප­රිම සාධා­ර­ණ­යක් ඉටු කර­මින් ප්‍රේක්ෂක ආද­රය දිනා­ගෙන සිටි­න්නීය. මේ දින­වල හිරු TVහි විකා­ශය වන ‘හිද්ද­ලයෝ‘ ටෙලි නාට්‍යය ඔස්සේ ඇයගේ රංගන කුස­ල­තා­වය දැක­ගත හැකිය. අද අපේ කතා­බහ බත්තම්මා සම­ඟ ඇය නමින් ආලෝකා ධනං­ජනී.


කොහො­මද මේ දව­ස්වල ජීවිතේ?


වෙන­සක් නැහැ. සතු­ටින් ඉන්නවා.


ඔබ මේ දව­ස්වල ප්‍රේක්ෂ­ක­යන් අත­රට එන්නේ හිද්ද­ලයෝ ටෙලි නාට්‍ය­යෙන්. ඒ ගැන මොකද හිතෙන්නේ?


ඔව්. මම හිද්ද­ලයෝ ටෙලි නිර්මා­ණ­යට සම්බන්ධ වෙලා ඉන්නවා. මගේ චරි­තය ගැන හොඳින්ම එහිදී දැක­ගන්න පුළු­වන්.


බත්තම්මා චරි­තය ගැන කතා කළොත්?


හිද්ද­ලයෝහි මගේ චරි­තය බත්තම්මා. සාමා­න්‍ය­යෙන් බත්තම්මා කියලා කියන්නේ පවු­ලට හරිම ළෙන්ගතු, හැමෝ­වම ආද­ර­යෙන් බලා ගන්න, පවු­ලට හරිම හිත­වත් කෙනෙක්. ඉතින් ඒ චරි­තය මට දැනුණේ හරිම ළෙන්ගතු පවු­ලට ගොඩක්ම ළැදි චරි­ත­යක් විදි­හ­ටම තමයි.


ඓති­හා­සික පසු­බි­මක් තුළ නිර්මා­ණය වුණු ටෙලි නාට්‍ය­යක් නිසා විශේෂ සූදා­නම් වීමක් වුණාද?


ඓති­හා­සික පසු­බි­මක් තුළ නිර්මා­ණය වුණු ටෙලි නාට්‍ය­යක් නිසා යම්තාක් දුර­කට අභි­යෝ­ග­යක් වුණා. මොකද භාෂා ව්‍යව­හා­රය අපි කතා කරන භාෂා­වට වඩා ටිකක් වෙනස්. ඒ වගේම තමයි tone එකත් වෙනස්. මුලින් ටිකක් අමාරු වුණා. හොඳ සූදා­න­ම­කින් යුතුව තමයි මං බත්ත­ම්මාගේ චරි­තය නිරූ­ප­ණය කරන්න ලෑස්ති වුණේ.


රූගත කිරීමේ දී සිදු වුණු දුෂ්කර හෝ අභි­යෝග අව­ස්ථා­වන් ගැන කිව්වොත්?


කොළ­ඹින් බැහැර සුන්දර ස්ථාන­වල තමයි රූගත කරන්නේ. ඒ පරි­ස­රය හරිම ලස්ස­නයි. හරිම සීත­ලයි. අපි හැමෝම හරිම එක­මු­තු­වෙන් වැඩ කරන්නේ. හැමෝම එක­මුතු වුණොත් ඕනෙම දෙයක් ජය­ග්‍ර­හ­ණය කරන්න පුළු­වන්. ඉතින් හැමෝ­ගෙම උත්සා­හ­යෙන්, එක­මු­තු­වෙන් ලස්ස­නට වැඩේ කර­ගෙන යනවා.


අධ්‍ය­ක්ෂ­ක­ව­ර­යා­ගෙන් වගේම අනෙක් රංගන ශිල්පී­න්ගෙන් ඔබට ලැබුණු සහ­යෝ­ගය කොහොමද?


අධ්‍යක්ෂ රනිල් අයියා මතක් කර­න්නම ඕන. ඔහු­ගෙන් වගේම අනෙ­කුත් රංගන ශිල්පී­න්ගෙන් ශිල්පි­නි­ය­න්ගෙන් ලොකු සහ­යෝ­ග­යක් ලැබුණා බත්ත­ම්මාගේ චරි­තය නිරූ­ප­ණය කරන්න. ඒ වගේම අනෙ­කුත් කලා ශිල්පීන් හැමෝ­ගෙ­න්මත් ලොකු සහ­යෝ­ග­යක් ලැබෙ­නවා.


ඔබ එකි­නෙ­කට වෙනස් චරිත රඟ­පාන කෙනෙක්. අභි­යෝග වුණු චරිත තියෙ­න­වද?


මම ගොඩක් කැම­තියි එකි­නෙ­කට වෙනස් චරිත රඟ­පාන්න. මං කරපු චරිත අත­රින් ඇත්ත­ටම මට අභි­යෝ­ග­යක් වුණ චරි­තය තමයි ගරුඩ මුහු­ර්තයේ බිළි­ඳුගේ චරි­තය. ඒකෙ භාෂාව වෙනස්. උඩ­ර­ටට ආවේ­ණික භාෂා­වක්. කතා කරන භාෂාව වෙනස් නිසා ටිකක් අමාරු වුණා චරි­තය කරන්න. ඒ චරි­තය කාල පරා­ස­යන් තුන­කට විතර දිවගියා. මම අම්ම­ලත් එක්ක ගෙද­රට වෙලා සතු­ටින් ඉන්න කාලේ, බැඳලා ගියාට පස්සේ කාලෙ සහ බබාලා හම්බ වුණාට පස්සේ මම ඉන්න විදිහ කියන කාල පරාස තුනක මගේ චරි­තය දිවගියා. ඒ නිසා ඒ චරි­තය තමා මට ලොකු­ව­ටම අභි­යෝ­ග­යක් වුණු චරි­තය.


ඉදි­රියේ දී රඟ­පෑ­මට ආසා­වෙන් ඉන්න චරිත තියෙ­නවද?


ඔව්. පෙම්ව­ති­යගේ චරි­ත­ය­ටම කොටු වෙන්නේ නැතුව වෙනස් චරිත කරන්න මං කැම­තියි. ‘මේකප්‘ ගොඩක් දාගෙන ඉන්න­වට වැඩිය වෙනස් චරිත කරන්න කැම­තියි. මොකද ඒ චරි­ත­වල කරන්න දෙයක් තියෙ­නවා. අන්ධ කෙනෙක්ගේ හරි යාච­ක­යෙක්ගේ හරි චරි­ත­යක් ගත්තොත් අපිට කරන්න දේවල් වැඩියි. සාමාන්‍ය ජීවි­තයේ පෙම්ව­ති­ය­කගේ චරි­ත­යක් ගත්තොත් අපි සාමා­න්‍ය­යෙන් කතා කරන විදි­හ­ටනේ කතා කරන්නේ. වෙනස් චරි­ත­ය­කදි ඒ චරි­තය අධ්‍ය­ය­නය කරන්න ඕන. අධ්‍ය­ය­න­යක් කරන්නේ නැතුව කරන්න අමා­රුයි. ඉතින් මම ආසයි ඒ වගේ චරි­ත­යක් කරන්න.


ආලෝ­කාට ආද­රය කරන ප්‍රේක්ෂ­ක­යන්ට මොකක්ද කියන්න තියෙන්නේ?


ලස්සන නිර්මාණ ඉදි­රි­යට එන්න තියෙ­නවා. ඒ නිසා දිග­ටම මාත් එක්ක ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඒවා බලලා හොඳ නරක, අඩු­පාඩු කියන්න. මම හැමෝ එක්කම සුහ­දව කතා­බහ කරලා ඉන්න කෙනෙක්. වෙනදා වගේම මාත් එක්ක ආද­රෙන් ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ.


ඉදි­රියේ දී බලා­පො­රො­ත්තු­වෙන් ඉන්න අලුත් වැඩ ගැනත් කියමුද?


මේ දව­ස්වල නම් හිද්ද­ලයෝ ටෙලි නාට්‍ය­යත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ වගේම තව කරපු නාට්‍ය කිහිප­යක් එන්න තියෙ­නවා. ජන­වා­රි­වල අලුත් ඩ්‍රාමා එක­කට සම්බන්ධ වෙන්න බලා­පො­රො­ත්තු­වෙන් ඉන්නවා.


අලු­තින් එන්න ඉන්න නවක රංගන ශිල්පීන්ට කියන්න තියෙන්නේ මොකක්ද?


කලාව කියන්නේ හරිම හොද තැනක්. වෘත්ති­මය විදි­හට අපිට කර­ගෙන යන්න පුළුවන් හොඳම දෙයක්. කලා­වට එන­ව­නම් ඉගෙන ගෙන එන්න. ඉගෙන ගෙන ආවොත් මේකෙ පැවැ­ත්මක් තියෙ­නවා. මොකද එක පාරින් පායලා එක පාරින් බැහැලා යන තරු­වක් වෙන්නේ නැතුව දෙයක් ඉගෙන ගෙන ආවොත් අපිට කාල­යක් මේ ක්ෂේත්‍රයේ රැඳී ඉන්න පුළු­වන්. ප්‍රවී­ණ­යන්ට ගරු කරන්න පුරුදු වෙන්න. ඇත්ත­ටම අපිට ප්‍රවී­ණ­ය­න්ගෙන් ගන්න දේවල් ගොඩක් තියෙ­නවා.


Previous Post Next Post