ජීවිතය එක් භූමිකාවකින් නොනැවතී, තම ජීවිතය ලස්සනට ජයගත්, රටක් ආදරය කරන ආදරණීය චරිතයක් තමයි, සචින්තනී කෞෂල්‍යා කියන්නේ. ‘කියා දෙන්න ආදරේ තරම්’, ‘රාග’, ‘මා’ ආදී ටෙලිනාට්‍ය තුළින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඇය සමග ‘හාට්’ අපි ටිකක් කතා කළා.Sri Lanka Latest News
ඉතින් සචින්තනී, කොහොමද හොඳින් ඉන්නවද?
හොඳින්, සතුටින් ඉන්නවා.
සචින්තනී ඔබ රටේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. රංගන ජීවිතයේ ආරම්භය ගැනත් කතා කරමු?
මම රංගන ශිල්පිනියක් වෙන්න හිතාගෙන හිටපු කෙනෙක් නෙවෙයි. කලාවේ මගේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ සහන් රන්වල ගුරුතුමා සහ රන්වල බළකාය සමග සම්බන්ධ වීමයි. පාසලේ උත්සවයකදී මගේ නර්තනයක් දැකල සර් කණ්ඩායමට ආරාධනා කළා. පසුව, 2017 රූපවාහිනී සහ 2019 හිරු අවුරුදු කුමරී තරග දෙකට සම්බන්ධ වීමත් සමග රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වුණා.