රඟ­පාන එක හිතපු තරම් ලේසි නැහැ- ඩිෂානි ෂමීනා

gossiplanka image 1
 

රිදී තිරයේ ප්‍රේක්ෂක ආක­ර්ෂ­ණය දිනා ගත් 1981 වසරේ තිර­ගත වූ සේන සම­ර­සිං­හ­යන් අධ්‍ය­ක්ෂ­ණය කළ චංචල රේඛා සින­මා­ප­ටය ටෙලි නිර්මා­ණ­යක් ලෙසින් මේ දින­වල පුංචි තිරෙන් දැක ගන්නට ලැබෙ­නවා. ඒ හිරු නාලි­කාව ඔස්සේ සමන් කුමාර ලිය­න­ගේගේ ටෙලි නිර්මා­ණ­යක් ලෙසින්. මෙහි එන චරිත අතරේ රූපිකා ලෙසින් ප්‍රේක්ෂ­ක­යන් අත­රට එන්නේ අලුත්ම මුහු­ණක්. ඒ නිසාම ප්‍රේක්ෂක ඔබත් හොය­නවා ඇති මේ රූපිකා කවුද කියලා. නිරූ­පණ ක්ෂේත්‍ර­යෙන් රංග­න­යට ආ ඇය තමයි ඩිෂානි ෂමීනා. රස­ඳුන මේ කතා­බහ ඩිෂානි ෂමීනා සමඟ


ඩිෂානි ගැන හැඳි­න්වී­මක් කළොත්?


මගේ නම විදාන හේන­ය­ලාගේ ඩිෂානි ෂමීනා. වයස අවු­රුදු 22යි. උපන් ගම කළු­තර. පාසල කළු­තර ඥානෝ­දය ජාතික පාසල. පවුලේ විස්තර කිව්වොත් අප්ප­ච්චියි අම්මයි මමයි මල්ලිලා දෙන්නයි ඉන්නේ.


කොහො­මද කලා­වට යොමු වෙන්නෙ?


කලා­වට යොමු වෙන්නෙ 2024 හිරු අවු­රුදු කුම­රිය තරග­යට සහ­භාගි වුණාට පස්සෙ. එතැ­නදී හිරු අවු­රුදු කුම­රිය 2024 තර­ග­යෙන් අව­සන් 7 දෙනා අත­රට තේරුණා සහා දන්ත කල්‍යා­ණිය කුම­රිය ලෙස උප කිරු­ළක් දිනා ගන්න මට හැකි­යාව ලැබුණා.


අවු­රුදු කුමරි තර­ග­යට ගියේ කලා­වට යොමු වෙන්න තියෙන ආසා­ව­ටමද?


ඔව්. හිරු අවු­රුදු කුම­රිය තර­ග­යට සහ­භාගි වුණේ කලා­වට යොමු වෙන්න තිබුණ ආසාව නිසා­මයි. චූටි කාලෙ ඉඳන්ම ලොකු ආසා­වක්, හීන­යක් තිබුණා දක්ෂ නිරූ­පණ ශිල්පි­නි­යක් වගේම දක්ෂ රංගන ශිල්පි­නි­යක් වෙන්න. ඒ නිසාම හිරු අවු­රුදු කුම­රිය තර­ග­යට මම සහ­භාගි වුණා, මගේ අනා­ගත ගම­නට ඒක ලොකු අව­ස්ථා­වක් වෙයි කියන බලා­පො­රො­ත්තු­වෙන්.


චංචල රේඛා රඟ­පෑ­මට අව­ස්ථාව ලැබෙන්නෙ කොහො­මද?


චංචල රේඛා ටෙලි නාට්‍යට සම්බන්ධ වෙන්න අව­ස්ථාව ලැබුණෙ අපේ ආද­ර­ණීය ගුරු පියා­ණන් සමන් කුමාර මහ­ත්මයා හරහා. විශේ­ෂ­යෙන්ම ස්තුති­වන්ත වෙනවා සර්ට මේ අව­ස්ථාව මට ලබා දීම වෙනු­වෙන්.


මොකද හිතුණේ ලැබුණු අව­ස්ථාව ගැන?


බොහොම සතු­ටුයි. ඒ වගේම ඒ අව­ස්ථා­වෙන් මගේ චූටි කාලෙ ඉඳන් දැකපු හීනය ලස්ස­නට පාට කර­ගන්න බලා­පො­රොත්තු වෙනවා.


චංචල රේඛා හි ඔබ රූපිකා?


ඔව්. රූපිකා කියන්නේ චූටිගෙ හොඳම යාළුවා. චූටිට කර­ද­ර­යක් වෙන­වට අක­මැති චූටි වෙනු­වෙන් ඕනිම දේකට කතා කරන චූටිගෙ ප්‍රශ්න මගේ කර­ගෙන එයා වෙනු­වෙන් සහෝ­ද­රි­යක් වගේ ඉන්න කෙනෙක්.


රඟ­පාන එක හිතුව තරම් ලේසිද?


රඟ­පාන එක නම් හිතුව තරම් ලේසි නැහැ, ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙ­නවා. හැම­දේම ඉගෙ­න­ගෙන ඉදි­රි­යට යන්න බලා­පො­රොත්තු වෙනවා.


ප්‍රවී­ණ­යන් රැසක් එක්ක වැඩ කරද්දී ලැබෙන අත්දැ­කීම කොහො­මද?


ප්‍රවී­ණ­යන් රැසක් එක්ක වැඩ කරද්දි ඇත්ත­ටම අත්දැ­කීම් ගොඩක් ලැබෙ­නවා. ලොකු සහ­යෝ­ග­යක් ලැබෙ­නවා එයා­ල­ගෙන්, දන්නෙ නැති ගොඩක් දේවල් එයාලා කියලා දෙනවා හරිම ආද­රෙන්. හරිම ආද­ර­ණීය ප්‍රවී­ණ­යන් රැසක් එක්ක තමයි මට මගේ පළමු ටෙලි නාට්‍යය රඟ­පාන්න අව­ස්ථාව ලැබුණේ ඒක මගේ ජීවි­තේට ලොකු භාග්‍යක් ලෙස සල­ක­නවා.


දිග­ටම රඟ­පාන්නද කැමැත්ත?


ඔව්. රංගන කට­යුතු වගේම නිරූ­පණ කට­යු­තුත් කර­ගෙන ඉදි­රි­යට යන්න තමයි කැම­තියි.


මනා­ලි­යක් විදි­යට මේ වෙද්දී කී වතා­වක් හැඩ වෙලා තියෙ­න­වාද?


මනා­ලි­යක් විදි­හට මේ වෙද්දි 200කට ආසන්න වතා­වක් හැඩ වෙලා තියෙ­නවා


වැඩි­යෙන්ම හැඩ­වෙන්න ආස, උඩ­රටද ඉන්දි­යන්ද බට­හිරද?


එහෙම බැලු­වොත් නම් වැඩි­යෙන්ම හැඩ වෙන්න ආස උඩ­රට මනා­ලි­යක් විදි­හට.


රංග­න­යට ලැබෙන ප්‍රති­චාර කොහො­මද?


දැනට ගොඩක් හොඳ ප්‍රති­චාර ලැබෙ­නවා මගේ යාළු­වො­න්ගෙන් නෑදෑ­ය­න්ගෙන් වගේම මාව අඳු­රන පිරි­ස­ගෙන්.


තව නිර්මා­ණ­ව­ලට සම්බන්ධ වෙන්න අව­ස්ථාව ලැබු­ණද?


තවම නම් අවස්ථා ලැබිලා නැහැ


ගෙද­රින් ලැබෙන සහ­යෝ­ගය කොහො­මද?


ගෙද­රින් ලොකු සහ­යෝ­ග­යක් ලැබෙ­නවා. විශේ­ෂ­යෙන්ම අම්ම­වයි, ආච්චි අම්ම­වයි මතක් කරන්න ඕනි. හැම­දේ­ක­දිම අම්මා මගේ හෙව­ණැල්ල වගේ පස්සෙන් ඉද්දි ආච්චි අම්මා තමයි ගෙදර ඔක්කොම බලා­ගන්නෙ. ඉතින් ඒ සහ­යෝ­ගය නිසා තමයි වැඩ කට­යුතු සාර්ථකව කර­ගන්න පුළු­වන් වෙන්නෙ.


අනා­ගත බලා­පො­රොත්තු මොන­වාද?


දුවෙක් විදි­හට මගෙ අම්මා අප්ප­ච්චිව හොඳින් බලා­ගන්න එක. ඒ වගේම දක්ෂ රංගන ශිල්පි­නි­යක් ලෙස කලා ක්ෂේත්‍ර­යෙන් ඉදි­රි­ය­ටම යන්න තමයි බලා­පො­රො­ත්තුව.

Previous Post Next Post