රොන් සොයා ‘නෙත්මි’ ගැන කියන නෙත්මි

gossiplanka image 2
 


ඇය නිළියක වීමට අපේක්ෂා නොකළද නිරූපණ ක්ෂේත්‍රයට පිවිසීමත් සමඟ රංගනයට අවස්ථාව ලැබූ අයෙක්. ටෙලි තිරයේ නිර්මාණ කිහිපයකින්ම නෙත්මි වරින්වර ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබුණා. මේ දිනවල නම් නෙත්මි ගැන වැඩියෙන්ම කතාබහට ලක් වෙන්නේ ‘නෙත්මි‘ නිසා. එය අපැහැදිලි කතාවත් වුවත් ‘රොන් සොයා‘ ටෙලි නාට්‍යයේ ඇයට ලැබෙන චරිතයත් නෙත්මි බව පැවසූ විට ඒ ගැටලුව විසඳෙනවා. මේ දිනවල කලා කටයුතු ගැන අපි නෙත්මි එක්ක කතා කළා.


කොහොමද ජීවිතේ


සතුටින් සනීපෙන් ඉන්නවා


රොන් සොයාහි ‘නෙත්මි‘ නිසා නෙත්මි සත්සරණිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා හිතුවෙ නැති විදිහට. මේ වගේ වෙනස් චරිතයක් කරන්න මීට කලින් මට අවස්ථාවක් හිමි වෙලා නැහැ. ඉතින් ඒ ලැබුණු චරිතය එක්ක මගෙ රංගනය පිළිබඳ ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් නපුරු චරිතයක් නිසා ගොඩක් අයගෙන් බැණුම් අහනවා


සැබෑ ජීවිතේ ගති ලක්ෂණ එක්ක සමානකම් තියෙන චරිතයක්ද?


ඇත්තටම නැහැ. මම නපුරු කෙනෙක් නෙමෙයි. කේන්ති ගියාම ටිකක් තරහ ගියාට නෙත්මි මිස් තරම් සැබෑ ජීවිතයේ මම නපුරු නැහැ. හැබැයි මගෙ පෙනුමත් එක්ක ගොඩක් අය හිතන්නේ මම නපුරු කෙනෙක් කියලා.


රොන් සොයා නාට්‍යයට අමතරව මොනවාද වැඩ කටයුතු?


මේ දිනවල හිරු නාළිකාවේ විකාශනය වන අකුරට යන වෙලාවේ ටෙලිනාටයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව තවත් අලුත් නාට්‍යයක වැඩ කරගෙන යනවා.


නිළියක් වෙන්නම ඕන කියල හිතුණෙ කොයි කාලෙද කියල ඇහුවොත්…


ඇත්තටම එහෙම දෙයක් මම කවදාවත් හිතලා තිබුණෙ නැහැ. පාසල් කාලයේදීවත් මට නිළියක් වෙන්න ඕනි කියලා දෙයක් කවදාවත් දැනිලා තිබුණෙ නැහැ. නමුත් කාලයත් සමඟ බොහෝ දේ වෙනස් වුණා. මම හිතන්නේ හැමදේටම වාසනාව කියන දේ තියෙන්න ඕනි කියලා.


නිළියක් නොවුණානම් කවුරු වෙයිද?


මම උසස් අධ්‍යාපනය ලැබුවේ ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනයේ කෘෂිකර්ම පීඨයේ. නිළියක් නොවුණා නම් ඒ ක්ෂේත්‍රයෙන් කටයුතු කරන්න තිබුණා.


රංගනයටද වැඩියෙන් කැමැති නිරූපණ ක්ෂේත්‍රයටද?


ඒ දෙකටම මම එක වගේ කැමැතියි.


චරිතවලදී සීමාවන් තියෙනවාද?


මට ලැබෙන චරිතය හොඳින් කරන්න පුළුවන් නම් ඒ චරිතය තුළින් වෙනස් දෙයක් ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න පුළුවන් නම් සහ ඒක මට සුදුසුයි කියලා දැනෙනවා නම් මම භාර ගන්නවා.


ෆැශන් කරන්න කැමති කෙනෙක් කියලයි ආරංචිය?


ඇත්තටම මම fashion වලට ආස කෙනෙක්. අලුත් විදිහට fashion කරන්න කැමැති කෙනෙක්. ලස්සනට අඳින්න කැමති කෙනෙක්. ඒ නිසාම මගෙ fashion වලට ආස කරන රසිකයන් පිරිසකුත් ඉන්නවා.


වැඩියෙන් ම ආස ඇඳුම ගැනත් කිව්වොත්?


එහෙම එකක් නැහැ. මගේ ශරීරයේ හැඩය අලංකාරව පෙ‍ෙනන ඕනම ඇඳුමක් මම අඳින්න කැමැතියි.


ෆැශන් කරන්න ගිහින් අපහසුතාවට පත් වෙලා නැද්ද?


ඔව් සමහර වෙලාවට අපහසුතාවට පත් වෙලා තියනවා. නමුත් මම fashion කරන්නෙ තැනට සුදුසු ආකාරයට. සමහර වෙලාවට විවේචන නම් ලැබිලා තියනවා. අපිට ඉතින් මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්න බෑනේ.


පවුලේ විස්තර මොනවද?


ගම අවිස්සාවේල්ල. මගෙ පවුලෙ ඉන්නෙ අම්මයි, තාත්තයි අයියයි, මමයි.


මේ ගමනට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?


ඇත්තටම ලොකු සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන්ම මගෙ අම්මගෙන් තමයි ලොකුම සහයෝගයක් ලැබෙන්නේ. මම හිතන්නේ මේ තරම් දුර ගමනක් එන්න ඒ සහයෝගය හේතුවක් වුණා කියලා.


දිගටම රගපාන්නද කැමැත්ත?


ඔව්. රඟපාන්න වගේම නිරුපණ ක්ෂේත්‍රයෙනුත් තවත් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.


අනාගත බලාපොරොත්තු මොනවාද?


ක්ෂේත්‍රයේ දක්ෂ රංගන ශිල්පිනියක් විදිහට ඉදිරියට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. තවමත් රංගනය හදාරමින් යනවා. කවදහරි දවසක මේ ක්ෂේත්‍රයෙන් යන්න පුළුවන් උපරිම දුර යනවා.

gossiplanka image 1
Previous Post Next Post