ජනිදුගේ පොහොය නාට්‍යයක් ළඟදීම පුංචි තිරයට

gossiplanka image 1
 


ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා කිව්වට සමහර පුද්ගලයන්ට ඒ කතාව වලංගු වන්නේ නැහැ. ජනිදු ලෝචන කියන්නෙත් ඒ වගේ ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කතාව  බොරුවක් කරපු තරුණයෙක්. රංගන ශිල්පියෙක් විධියට වගේම නිරූපණ ශිල්පියෙක් සහ නිෂ්පාදකවරයෙක් විධියටත් වැඩකටයුතු කරන ජනිදු වෘත්තියෙන් සිවිල් ඉන්ජිනේරුවරයෙක්.


මේ වන විට විකාශය වන බේකරි ගෙදර, නිකිණි කුසුම් සහ  මගේමදෝ ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වන ඔහු, මුලින්ම රංගනයට එකතු වෙන්නේ වෙළෙඳ දැන්වීම් හරහා. ඒ මීට වසර තුනකට පමණ පෙර. ඒ ආකාරයෙන් වෙළෙඳ දැන්වීම් හරහා ආරම්භ කළ ගමන අද වන විට ඔහුව ටෙලි නාට්‍යය සහ චිත්‍රපට නළුවෙක් බවට පත් කර තිබෙනවා.


කොළඹ මහානාම විදුහලෙන් අධ්‍යාපනය ලැබූ ජනිදු පාසල් යන සමයේ වැඩි වශයෙන් යොමු වී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවට. පවුලේ එකම දරුවා ලෙස ඇති දැඩි වූ ජනිදුගේ නිවෙසේ අධ්‍යාපනයට උනන්දු කරවන සුලු පසුබිමක් තිබූ නිසාම පාසල් අධ්‍යාපනයෙන් පසුව විදෙස් විශ්වවිද්‍යාලයකින් සිවිල් ඉන්ජිනේරු උපාධිය ලබා ගත් ඔහු අද වන විට වෘත්තීය කටයුතු මෙන්ම කලා කටයුතු ද සමබරව කරගෙන යනවා.


මේ දිනවල විකාශය වන ප්‍රධාන පෙළේ වෙළෙඳ දැන්වීම් කිහිපයකටම දායකත්වය ලබා දී ඇති ජනිදු අද වන විට ටෙලි නාට්‍යය හා වෙළෙඳ දැන්වීම්වලින් ඔබ්බට සිනමාවද ස්පර්ශ කර ඇති ආකාරය දැකගන්න පුළුවන්. අන්ලොක් සහ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම වැනි චිත්‍රපට හරහා සිනමාවට පිවිසි ඔහු, ඊට අමතරව මේ වන විට පරී නම් වූ මාලදිවයින් සිනමාපටයකට හා විදෙස් කතා මාලාවකටද තම දායකත්වය ලබා දී තිබෙනවා.


එමෙන්ම මේ දිනවල ඔහු ටෙලි නාට්‍ය නිෂ්පාදනයටද යොමුව සිටිනවා. ඔහු විසින් නිෂ්පාදනය කරනු ලැබූ පොහොය නාට්‍යයක් ඉදිරියේදී  විකාශය වීමට නියමිතයි. ඒ වගේම මේ දිනවල ඔහු දිනේෂ් හග්ගල්ල අධ්‍යක්ෂණය කරන, සුනන්ද සිල්වා අතින් ලියැවෙන තවත් ටෙලි නාට්‍යයක නිෂ්පාදන කටයුතුවලටද අත ගසා ඇත්තේ කලාවට ඇති දැඩි ඇල්ම නිසාමයි.


වගකීම් සහගත වෘත්තියක යෙදෙමින් මේ සියලු කාර්යයන් නිවැරැදිව කරගෙන යෑමට ඔහුට සහාය වන්නේ වෘත්තියෙන් ගණිත ගුරුවරියක් වූ මව සහ ඖෂධවේදියෙක් හා ව්‍යාපාරිකයෙක් වූ ඔහුගේ පියාය.


ජීවිතයේ අරමුණු ජය ගැනීමට උනන්දු පුද්ගලයන් හට කාර්යබහුලකම හෝ කාල වේලාව මදි වීම බාධාවන් නොවන බවට ජනිදු හොඳම උදාහරණක්. අනාගතයේ දිනක රටම දන්නා රංගන ශිල්පියෙක් වීමට, නිෂ්පාදකවරයෙක් වීමට ජනිදු දරන උත්සාහය නුදුරේදීම සැබෑ වේවි. ඒ වෙනුවෙන් ඔහුට  හදගැස්ම අපේ සුබ පැතුම්.

gossiplanka image 2
Previous Post Next Post