වෙනස්ම භූමි­කා­ව­කින් ළඟ­දීම ප්‍රේක්ෂ­ක­යින් අත­රට එනවා - සුහන්දි උපේත්මා

gossiplanka image 2
 


සුහන්දි උපේත්මා වෝසදී ඔබ හොඳින්ම හඳු­නා­ ගන්නේ ධනුෂ්ක රත්නා­ය­කගේ ‘මන්දා­රම් කතාවේ’ සුන්දර හුරු­බු­හුටි ආද­ර­ව­න්තිය විදූ ලෙසිනි. එද­වස අරුන්-විදූ ආදර කතා­වට පෙම් නොකළ අයකු නොවූ තරම්ය. ඇය ප්‍රධාන භූමි­කා­ව­කින් හමු­වුණු පළමු අව­ස්ථාව ලෙස එය ප්‍රේක්ෂක ඔබේ මත­කයේ තව­මත් රැඳී ඇතු­වාට සැක­යක් නැත. සියත නාළි­කාවේ විකා­ශය වන ‘සින්ධූ’හි සින්ධුජා, ස්වාධීන රූප­වා­හිනී නාළි­කාවේ විකා­ශය වන ‘රාග’ ටෙලි නිර්මා­ණයේ දසුනි මෙන්ම හිරු නාළි­කාවේ විකා­ශය වන ‘මලක්’ ටෙලි නිර්මා­ණයේ නිකිණි ද ඇයයි. නාළිකා ත්‍රිත්ව­යක ටෙලි නිර්මාණ ත්‍රිත්ව­ය­කින් මේ දින­වල ප්‍රේක්ෂක ඔබ හමු­වන සුහන්දි තම අත්දැ­කීම් අප හා මෙසේ බෙදා ගත්තාය.


“හිරු නාළි­කාවේ විකා­ශය වන මලක් ටෙලි නිර්මා­ණයේ නිකිණි තම සිත සංවේදී කළ අත්දැ­කී­මක් වූ බව ඇය අප හා පැව­සු­වාය.


මලක් ටෙලි නිර්මා­ණයේ නිකිණි කියන්නේ පිළිකා රෝග­යට ගොදුරු වෙලා ඉන්න තරු­ණි­යක්. ඇය මල් කොල්ලෙ­කුට ආද­රය කර­නවා. තමන්ගේ පෙම්ව­ති­යගේ ජීවි­තය බේර­ගන්න ඔහු සල්ලි හොයන්නේ රේස් දුවලා. ගොඩක් හැල­හැ­ප්පීම් එක්ක ගෙවෙන නිකි­ණිගේ දුක්බර ජීවි­තය මටත් සංවේදී අත්දැ­කී­මක් වුණා. නුදු­රේ­දීම මලක් ටෙලි නිර්මා­ණය අව­සන් වේවි.


අධ්‍යක්ෂ ජය­ප්‍ර­කාශ් සිව­ගු­රු­නා­දන්ගේ ‘රාග‘ ටෙලි නිර්මා­ණයේ දසුනි කිය­න්නෙත් මට අලුත් අත්දැ­කී­මක්. මවු­පි­යන් ළඟ ආද­රෙන් හැදෙන වැඩෙන දසුනි මේ වෙද්දි ජීවි­තය ගැන කල­කි­රී­මට පත්වෙලා මෙහෙ­ණි­යක් වීමේ සූදා­න­මින් ඉන්නේ. සින්ධුහි සින්ධුජා ලොකු පැලැ­න්ති­යක දුවක් වුණත් සරල ජීවි­ත­ය­කට කැමති කෙනෙක්. ඇයට ඕනෑ සාමාන්‍ය ජීවි­ත­යක් ගත කරන්න. ඒ වෙනු­වෙන් ඇය ගන්නා ඇතැම් පිය­වර නිසා ඇයට ජීවි­තයේ දුක් ගැහැ­ට­ව­ලට මුහුණ දෙන්නත් සිදු­ වෙ­නවා. එකි­නෙ­කට වෙනස් චරිත තුන­කින් තමයි මං මේ දින­වල පුංචි තිරයේ දකින්න ලැබෙන්නේ.


ඇය පළ­මු­ව­රට ප්‍රධාන භූමි­කා­ව­කින් දායක වුණු නුවර අහස යට දිග­හැ­රුණු මන්දා­රම් කතාවේ ඇයට ජීවි­තයේ අම­තක නොවන අත්දැ­කී­මක් බවට පත්විය. විදූට පෙම් බැඳි පිරිස මෙන්ම අරුන් – විදූ ආදර කතා­වට පෙම් බැඳි අති­වි­ශාල ප්‍රේක්ෂ­කා­ගා­ර­යක් නිර්මා­ණය වී තිබූ බව සුහන්දි අප හා පැව­සු­වාය.


“ධනුෂ්ක රත්නා­ය­කගේ මන්දා­රම් කතාවේ පුරාම ප්‍රේක්ෂ­ක­යි­න්ගෙන් මට ලැබුණේ ආද­ර­යම විත­රයි. ඒක මට කව­දා­වත් අම­තක වෙන්නෙ නෑ. කතාව ඉව­ර­වෙලා ගොඩක් කල් ගිහි­ල්ලත් අද­ටත් අරුන් – විදූ ආදර කතාව ගැන මතක් කරන අය ඉන්නවා. මන්දා­රම් කතාව ඉවර වුණාට නුව­රට පය තිය­ද්දිම අරුන් – විදූ ආද­ර කතාව මතක් වෙනවා කියන ප්‍රේක්ෂක පිරි­සක් අද­ටත් ඉන්නවා. මගේ හිත­ටත් ගොඩක්ම දැනුණ නිර්මා­ණ­යක්. ඒ ආදරේ කව­දා­වත් අම­තක වෙන්නෙ නෑ. ඒ වගේම චාමර පීරිස්ගේ අමුතු දීගේ ටෙලි නිර්මා­ණයේ ශාරදා කියන චරි­ත­යත් මට අම­තක නොවන අත්දැ­කී­මක්. ජීවි­තයේ එක් එක් අවස්ථා පිය­ව­රෙන් පිය­වර විකා­ශය වුණු කතා­වක්. පොඩි ළම­යෙ­කුගේ පටන් දරුවො දෙන්නෙක් එක්ක තනි­වුණු ගැහැ­නි­යක් දක්වා කතාව ගලා­ගෙන ගියා. ශාරදා කියන්නේ මට බොහෝ අත්දැ­කීම් එකතු කළ ටෙලි නිර්මා­ණ­යක්.“


ළඟ­දීම පුංචි තිර­යට එන අමු­තුම කතා­වක් ගැන කිය­න්නත් ඇය අම­තක කළේ නැහැ.


“ඉන්දික ධර්ම­ති­ල­කගේ අලුත්ම ටෙලි නිර්මා­ණයේ වෙනස්ම භූමි­කා­ව­කින් මං ළඟ­දීම ප්‍රේක්ෂ­ක­යින් අත­රට එනවා. ඒක අමුතු ලස්සන කතා­වක්. ප්‍රේක්ෂ­ක­යි­න්ටත් ඒක අලුත්ම අත්දැ­කී­මක් වේවි කියල හිත­නවා.“


ඉතාම කෙටි කාල­යක් තුළ පුංචි තිරයේ ආක­ර්ෂ­ණීය තරු­වක් බවට පත්වුණු සුහන්දි නුදු­රේ­දීම රිදී තිරයේ ද දකින්න ලැබේවි.


“ලක්මාල් වීර­සිංහ සහ සුනෙත් මාලිං­ගගේ සුසං­යෝ­ග­යෙන් නිර්මා­ණය වුණු ‘සිර­දෙ­ටුවෝ‘ සින­මා­ප­ටය ළඟ­දීම තිර­ගත වීමට නිය­මි­තයි. මං ප්‍රධාන භූමි­කා­ව­කින් රිදී තිර­යට එන පළමු අව­ස්ථාව. පුංචි දරු­වන්ට නර්ත­නය උග­න්වන නැටුම් ටීචර් කෙනෙක්. මං පොඩි කාලෙ ඉඳන්ම නර්ත­නය හැදෑ­රුවා. රංගන කට­යුතු නිසා නර්ත­න­යෙන් ඈත් වෙන්න වුණත් ආයෙම නර්ත­නය පැත්තට යොමු වුණොත් හොඳයි කිය­ලත් හිතෙ­නවා. නර්තන හැකි­යාව තිබුණ නිසා මට මේ චරි­තය අභි­යෝ­ග­යක් වුණේ නැහැ.“


මේ වන­විට අසී­මිත ප්‍රේක්ෂක ආද­ර­යක් විඳි­මින් සිටින සුහන්දි මේ තාක් දුර එන්නට අඩි­තා­ල­ම වැටුණු අතී­තය ගැන ද සිහි­පත් කළාය.


“මං මුල්ම රංගන අත්දැ­කීම ලබන්නේ රනිල් කුල­සිං­හගේ 1990 ටෙලි නිර්මා­ණ­යෙන්. රනිල් කුල­සිංහ අයි­යට මාව හඳු­න්වලා දීලා මට ඒ සඳහා අව­ස්ථාව ලබා­දෙන්නේ නිල්මිණි තෙන්න­කෝන් අක්කා. ඊට පස්සෙයි ඔඩි­ෂන් එකට සම්බන්ධ වෙන්නේ. මන්දා­රම් කතාවේ ප්‍රධාන චරි­ත­යට ආරා­ධනා ලැබෙන්නේ ඊටත් පස්සේ. මන්දා­රම් කතාවේ විදූ තමයි මගේ රංගන ජීවිතේ හැර­වුම් ලක්ෂ්‍යය. ඊට පස්සේ See You ටෙලි නිර්මා­ණය. ඒ අතරේ දෙරණ අවු­රුදු ටෙලි ෆිල්ම් එකක ප්‍රධාන චරි­ත­යට ආරා­ධනා ලැබුණා. ‘දෙව­රක් චක්කරේ‘ අංජලී වගේම ‘ආදරේ ගීත­යක්‘ ටෙලි නිර්මා­ණයේ මෙහෙ­න්දිත් මගේ රංගන දිවියේ අත්දැ­කීම් බවට පත්වුණා.“


ඇයට ආද­රය කරන සුව­හ­සක් ප්‍රේක්ෂ­ක­යින් වෙනු­වෙන් ඇයගේ පෞද්ග­ලික තොර­තුරු බිඳක් පැව­සී­මට ද ඇය අම­තක නොක­ළාය.


“මගේ ගම කඩ­වත. මට ඉන්නේ අම්මයි, නංගියි, අප්ප­ච්චියි. ඒ වගේම මං ආද­ර­ව­න්ති­යක් විදි­හ­ටත් ආද­රය ලබ­නවා. අප්පච්චි ව්‍යාපාර කට­යු­තුත් එක්ක ඉන්න නිසා අම්මා තමයි මගේ හෙව­ණැල්ල වගේ හැම­වෙ­ලේම පස්සෙන් ඉන්නේ. ඒ වගේම මං මේ දින­වල පුංචි ව්‍යාපාර කට­යු­ත්ත­ක­ටත් සම්බන්ධ වෙලා ඉන්නවා. නුදු­රේ­දීම ඒ තොර­තුරු ඔයා­ලට දැන­ගන්න ලැබේවි.“


ඡායාරූප – තිලක් පෙරේරා

gossiplanka image 1
Previous Post Next Post