උදාර නිසා ආයෙ­මත් මිනිස්සු මා ගැන හොයන්න පටන් අරන් - රංග විජේ­වි­ක්‍ර­ම

gossiplanka image 2
 

මේ දින­වල අති­ශ­යින්ම ජන­ප්‍රිය පාට කුරුල්ලෝ ටෙලි නිර්මා­ණයේ ප්‍රධාන භූමිකා හා සමා­න­වම කතා­බ­හට ලක්වන භූමි­කාව උදාර යැයි කිව­හොත් නිවැ­රැ­දිය. නිවුණු, තැන්පත් ගති­පැ­වැ­තුම් ඇති පෞද්ග­ලික ලේක­ම්ව­ර­යෙක් වන උදා­රගේ භූමි­කාවට පණ පොවන ඔහු රංග විජේ­වි­ක්‍ර­මය.


තම දිවි­යේම පැති­ක­ඩක් වන් උදා­රට පණ පෙවීම සම්බ­න්ධ­යෙන් රංග අප හා පැව­සුවේ මෙවන් කතා­වකි.


“සිවා අයියා එක්ක මං සම්බන්ධ වෙන පළමු නිර්මා­ණය පාට කුරුල්ලෝ. මං මීට කලින් චාමර සම­ර­වි­ක්‍රම නිෂ්පා­ද­නය කළ දිව්‍යා­දරී ටෙලි නිර්මා­ණ­යට සම්බන්ධ වුණා. ඒ හරහා තමයි මට පාට කුරුල්ලෝ සඳහා ආරා­ධනා ලැබෙන්නේ. එහි සහාය අධ්‍යක්ෂ තරංග නිරි­ඇ­ල්ල­වත් ආද­ර­යෙන් සිහි­පත් කර­නවා. පාට කුරු­ල්ලෝට අම­ත­රව ආල­වන්තී ටෙලි නිර්මා­ණ­යත් මේ දින­වල විකා­ශය වෙනවා. සුරංග ලක්මාල්ගේ බැමි කියල අලුත් නාට්‍ය­ය­කත් වැඩ ඉවර කළා.“


උදා­රට ආද­රය කරන අති­වි­ශාල ප්‍රේක්ෂ­කා­ගා­රය ගැන රංග ගෞර­ව­පූ­ර්ව­කව සිහි­පත් කළේය.


“මං දැන් ක්ෂේත්‍ර­යට ඇවිත් අවු­රුදු 20කටත් වැඩියි. ඒත් ගොඩක් අය ඒක දන්නෙ නෑ. මුලින්ම රංග­න­යෙන් දායක වුණු නිලං­ජනා ටෙලි නිර්මා­ණ­යෙන්ම මං ගොඩක් ජන­ප්‍රිය වුණා. පස්සේ මගේ බිස්නස් වැඩ කට­යුතු නිසා ටික කාල­යක් ක්ෂේත්‍ර­යෙන් ඈත්වෙලා ඉන්න වුණා. උදාර නිසා දැන් ආයෙ­මත් මිනිස්සු මා ගැන හොයන්න පටන් අරන්. මං සෝෂල් මීඩියා පැත්ත වැඩිය ෆලෝ කරන්නෙ නැහැ. සජිත තමයි දව­සක් මට කිව්වෙ අයියෙ ඔයාට මාර කමෙන්ට්ස්නෙ තියෙන්නෙ කියලා. ඊට පස්සෙ තමයි මාත් බැලුවෙ. මිනිස්සු හරිම ආද­රෙන් උදා­රව අල්ල­ගෙන තිබුණා.


මුල් කොටස් පහ විකා­ශය වෙද්දී බුද්ධි­ක­ගෙම කටින් කිය­වුණා උදාර ටිකක් මදි කියන එක. ඒ වෙලාවෙ මං කිව්වෙ ඔය ප්ලේ එක ඔහො­මම අල්ල­ගෙන යන්න දෙන්න. එක තැන­කදි මම ඕක වෙනස් කර­න්නම් කියලා. පස්සේ මං සිවා අයි­යත් එක්ක කතා කරලා උදා­රව වෙනම පැත්ත­කට හරව ගත්තා. ඇත්ත­ටම මේක අපි දැන­ගෙන කරන වැඩක්නේ. පිට­පත කිය­ව­ගෙන යද්දි මට තේරුණා මේ සෙකට්‍රි මේ වගේ වෙන්න ඕන කියලා. ලියැ­වුණු විදි­හත් එක්ක ඒක හරි­ය­ටම වැඩ කළා. ගොඩක් අය කියන්නෙ අද කාලෙ බොස් කෙනෙ­කුට ඉන්න ඕනෙ මේ වගේ සෙකට්‍රි කෙනෙක් කියලා.


ඇත්ත­ටම මගේ ජීවිතේ බොහෝ තැන් උදා­රට සමා­නයි. ඒ නිසාම වෙන්න ඇති මට උදාර වෙන්න ගොඩක් පහසු වුණේ. අනේ අපි­ටත් හිටිය නම් මේ වගේ සෙකට්‍රි කෙනෙක් කියල ප්‍රති­චාර දක්වන පිරිස වැඩියි. ඒ වගේ චරිත අද සමා­ජයේ විර­ලයි. ඒ නිසාම වෙන්න ඇති මේ චරි­තය මේ තරම්ම ජන­ප්‍රිය වෙන්න ඇත්තේ. පහු­ගිය දව­සක අපි ජොගින් ට්‍රැක් එකක ෂූට් කළා. වැල නොකැඩී මිනිස්සු ඇවිත් කතා කරන්න පටන් ගත්තා. කොහො­ම­හරි රෑ වෙන­ක­ලුත් අදාළ සීන් ටික කර­ගන්න බැරි වුණා.“


ආල­ව­න්තීහි ජෙහාන් උදා­රට හාත් පසින්ම වෙනස් චරි­ත­යක් බව පැවසු රංග එය තම වාස­නා­වට ලැබුණු චරි­ත­යක් බව ද පැව­සීය.


“ආල­වන්තී ගත්තොත් ජෙහාන් කියන්නෙ සී. අයි. ඩී ඔෆි­සර් කෙනෙක්. උදාර ළඟ තියෙන නිවුණු ගති ජෙහාන් ළඟ නැහැ. මිනිස්සු එක්ක ටිකක් තදින් ගනු­දෙනු කරන සාධා­රණ වගේම සූක්ෂ්ම චරි­ත­යක්. මීට කලින් සම්බන්ධ වුණු දිව්‍යා­දරී ටෙලි නාට්‍යයේ යොහාන් කිය­න්නෙත් උදා­රට සමාන චරි­ත­යක්. ඒ නිසා ජෙහාන් මගේ රංගන ජීවිතේ වෙනස් පැති­ක­ඩක් නිරූ­ප­ණය කළා. මේ ඉන්නෙ උදා­රම ද කියන ප්‍රශ්නා­ර්ථය මිනි­ස්සුන්ට ඇති­වෙලා තියෙ­නවා. මගේ පැත්තෙන් බැලු­වොත් ඒක මට වාසි­යක්. ඒකා­කාරී බවින් මිදෙන්නෙ ලැබුණු අව­ස්ථා­වක්. ඒ අතින් මං වාස­නා­ව­න්තයි කියල හිතෙ­නවා.“


රංග­න­යට පිවි­සීමේ කිසිදු බලා­පො­රො­ත්තු­ව­කින් නොසිටි රංග ළමා නිවේ­ද­ක­යකු ලෙස ගුව­න්වි­දු­ලි­යට පිවිසි අතී­තය ද සිහි­පත් කළේය.


“මං ක්ෂේත්‍ර­යට එන්නේ ළමා ගුව­න්වි­දුලි නිවේ­ද­ක­යෙක් විදි­හට මොර­ටුව 838 ශ්‍රී මුතු­හර ළමා සමා­ජය හරහා. 2000 වසරේ තමයි වෘත්තිය නිවේ­ද­ක­යෙක් විදි­හට හිරු, සිරස වගේ එෆ්. එම්. නාළි­කා­ව­ලට සම්බන්ධ වෙන්නේ. ඊට කලින් නිද­හස් මාධ්‍ය­වේ­දි­යෙක් විදි­හ­ටත් වැඩ කළා. වැඩ­ස­ට­හන් නිෂ්පා­ද­ක­ව­ර­යෙක්, නිවේ­ද­ක­යෙක් විදි­හට සිරස නාළි­කාවේ වැඩ­ක­රන අතරේ රූකාන්ත ගුණ­ති­ල­කගේ ‘අනාත මාරුතේ’ ගීතයේ රූප රච­න­යට සම්බන්ධ වෙන්න අව­ස්ථා­වක් ලැබුණා. ඒ ගීතය ගොඩක් හිට් වුණා. ගොඩක් අය මාව හඬින් හඳු­න­ගෙන හිටි­යට රූපෙන් හඳු­න­ගත්තේ ඒ ගීත­යත් එක්ක. අද මේ ඉන්න තැනට මූලික අඩි­තා­ලම වැටුණෙ එතැ­නින්. ඉන්දි­යාවේ ආනන්ද බාබු කියන අධ්‍ය­ක්ෂ­ව­රයා නිලං­ජනා ටෙලි නිර්මා­ණය අධ්‍ය­ක්ෂ­ණය කර­මින් ඒ දව­ස්වල ලංකාවේ හිටියේ. ඔහුට සපෝ­ටිව් කැරැ­ක්ටර් එක­කට කෙනෙක්ව ඕන වෙලා හොය හොයා ඉඳල තියෙන්නෙ. මගේ ඔය ගීතය දැකල මෙන්න මේ වගේ කෙනෙක් තමයි මට ඕන කියල, කියලා තියෙ­නවා. මගේ වෙලා­වට මාව දන්න සමන් සිල්වා කියන අධ්‍ය­ක්ෂ­ව­රයා එතැන ඉඳලා මාව ගෙන්නල දෙන්න පොරොන්දු වෙලා. ඒ විදි­හට තමයි මට ආනන්ද බාබු හමු­වෙන්නේ. නිලං­ජනා තමයි මගේ කුලු­ඳුල් ටෙලි අත්දැ­කීම. යොහාන් කියන සාධා­රණ, තැන්පත් ඇමැති පුතාගේ චරි­තය ගොඩක් ජන­ප්‍රිය වුණා. ඒක මට ජීවි­තේට අම­තක වෙන්නෙ නැහැ. පළ­වෙනි චරි­ත­යම හිට් වෙනව කියන්නේ හිතා­ගන්න බැරි වාස­නා­වක්. ඊට පස්සේ ගොඩක් ආරා­ධනා ලැබුණා. රංග­න­යට ගොඩක් ආරා­ධනා ලැබෙද්දි රංග­නය ද නිවේ­ද­නය ද කියන එක තෝර­ගන්න වුණා.


රංග­න­යට මං ගොඩක් ආස වෙලා හිටිය නිසා රංග­නය තෝර­ගත්තා. මේ වෙද්දි ටෙලි නිර්මාණ හත­ළි­හ­කට විතර සම්බන්ධ වෙලා තියෙ­නවා. 2023 න් පස්සෙ තමයි ගොඩක්ම නිර්මා­ණ­ව­ලට සම්බන්ධ වුණේ.

gossiplanka image 1
Previous Post Next Post