
වේදිකා නාට්‍ය රංගන ශිල්පියකු ලෙසින් කලා ක්ෂේත්‍රයට පිවිසි තාරක අධිකාරි මේ වනවිට අංග රචනා ශිල්පියකු, වේදිකා පරිපාලන ශිල්පියකු, වේදිකා නාට්‍ය නිෂ්පාදකවරයකු, චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදන කළමනාකරුවකු, නිෂ්පාදන සැලසුම්කරණ ශිල්පියකු හා ඇඳුම් නිර්මාණ ශිල්පියකු දක්වා කලා ක්ෂේත්‍රයේ විවිධ අංශයන් හි දස්කම් දැක්වීමට සමත්ව තිබෙනවා.
අද දවසේ තාරක අධිකාරි අපට මුණගැසෙන්නේ සම අධ්‍යක්ෂවරයකු ලෙසින්. ඒ, පසුගිය 26 වැනිදා සිට රට පුරා සිනමාහල්වල තිරගත කිරීම ආරම්භ කළ ‘සිහින සරුංගල්’ සිනමා නිර්මාණයත් සමගයි. මේ තාරක අධිකාරිගේ කතාව.
තාරකට අධ්‍යක්ෂවරයෙක් වෙන්න අවස්ථාව ලැබුණෙ කොහොමද?
මම මේ ක්ෂේත්‍රයට මුලින්ම එන්නේ රංගන ශිල්පියෙක් හැටියට. අවසානයේ මම කලා අධ්‍යක්ෂණයටත් සම්බන්ධ වෙනවා.
ඔහොම කාලයක් වැඩ කරගෙන ඉන්න කොට ජයලාල් රෝහණ මහත්මයාගේ වැඩමුළුවලට සම්බන්ධ වෙනවා. ඊට පස්සෙ මම ප්‍රියන්ත ඊශ්වර, වසන්ත විට්ටච්චි, ඉමල් ෂානක, නලින් ප්‍රේමතිලක වගේ අයත් එක්ක සහාය අංග රචනා ශිල්පියෙක් විදිහටත් වැඩ කළා. හැබැයි මේ වැඩ කළාට මගේ මූලික අරමුණ වුණේ රංගන ශිල්පියෙක් වෙන එක. නමුත් ඒක අමතක වෙන්න පටන් ගත්තා සහාය කලා ශිල්පියෙක්, සහාය කලා අධ්‍යක්ෂවරයෙක්, ඇඳුම් නිර්මාණ ශිල්පියෙක් වගේ ක්ෂේත්‍රවල වැඩ කරන කොට.
කාලයක් තිස්සෙ එකතුකරගත්තු දැනුමත් එක්ක මම අධ්‍යක්ෂවරයාගේ භූමිකාවට සුදුසුයි කියල මට හිතුණා. ඒ අනුව පළමු වතාවටම මට අධ්‍යක්ෂණය කරන්න ලැබුණෙ චිත්‍රපටයක්. ඉතින් උපුල් වීරසිංහත් සමග එකතුවෙලා ‘සිහින සරුංගල්’ අධ්‍යක්ෂණය කළා.
ඔබේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්‍ෂණයේ අත්දැකීම් මොන වගේද?
චිත්‍රපටය රූපගත කරන කාලයේ තිබුණේ වෙනම අත්දැකීමක්. මගේ සහ උපුල්ගේ පළමු අධ්‍යක්ෂණය. චිත්‍රපටක් කරන්නේ පළමු වතාවට. ඒ වගේම මේක ළමා චිත්‍රපටයක්. එතකොට ළමා චිත්‍රපටයක් කොහොමද කරන්නේ? ගොඩක් ප්‍රශ්න තිබුණා. නමුත් සැලසුම් සහගතව සියල්ල සිදුකරගත්තා. දැන් තියෙන්නේ වෙනම අත්දැකීමක්. චිත්‍රපටය තිරගත කිරීම සහ ප්‍රචාරණය සිදුකරන්නේ කොහොමද කියන කාරණාව. චිත්‍රපටයක් රූගත කරනවාට වඩා අමාරුයි තිරගත කිරීම එහෙමත් නැතිනම් දුවන්න දාන එක.
නළුවෙක් වෙන්න හිතුවේ ඇයි?
පුංචි කාලේ නළු නිළියන් දැකලා රඟපාන්න ආසාව තිබිලා හදාරලා ක්ෂේත්‍රයට ආවම කාලයක් යනකොට තේරුණා මෙතැන රැඳිලා ඉන්න මොනවද කරන්න ඕනෑ කියලා. ඊට පසුව තමයි සහාය කලා අධ්‍යක්ෂවරයෙක්, සහාය අංග රචනා ශිල්පියෙක් විදිහට වැඩ කරන්න පටන් ගත්තේ. නළුවෙක් වෙනවා කියන්නේ වෙනම අත්දැකීමක්. ඒක ලෝකයේ තියෙන හොඳම රස්සාව. හැමෝටම නළුවෝ වෙන්න බැහැ. ඒකට වාසනාව තියෙන්නත් ඕනෑ. මම අවුරුදු පහළොවක් විතර අංග රචනා ශිල්පියෙක් විදිහට තමයි වැඩ කළේ.
නළුවෙක් වෙන්න ආපු මේ ගමනේදී සුන්දර අසුන්දර අත්දැකීම් බොහොමයක් ඇති?
ඉස්කෝලේ යන කාලේ පත්තරවල දාපු දැන්වීම් බලලා නළුවෝ වෙන්න කියලා හිතාගෙන කොළඹ එනවා. ෆිල්ම්වල ෂූටින්වලත් ඉන්නවා. හැබැයි ගෙදර ගිහිල්ලා අම්මලත් එක්ක බලනකොට ෆිල්ම් එකේ නැහැ. නැතිනම් ඈතින් පුංචියට ඉන්නවා. ඒකෙන් තමයි තීරණය කළේ රඟපෑම විධිමත්ව ඉගෙන ගන්න ඕනෑ කියලා.
නළුවෙක් වෙන්න හිතාගෙන කොළඹ ආවේ කොහේ ඉඳලද?
මගේ ගම මාවනැල්ල වුණාට නළුවෙක් වෙන්න හිතාගෙන කොළඹ ආවේ නැහැ. මම පුංචි කාලයේ ඉඳලා පාසල් ගියේ කැලණිය ධර්මාලෝක විiාලයට. ඒ ඉස්කෝලේ නාට්‍ය හා රංග කලාව උගන්වපු ප්‍රසිද්ධ ගුරුවරයෙක් හිටියා ජේ. ඒ. ඩී. පෙරේරා කියලා. ඔහුගෙන් ගොඩක් උදවු ලැබුණා. එතැනින් පස්සේ ජයලාල් රෝහණ මහත්මයා යටතේ රංගනය ඉගෙන ගත්තා. සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහත්මයාගේ ටෙලි නාට්‍යවල පවා පුංචි චරිතවල රඟපාලා තියෙනවා.
සිහින සරුංගල් සිනමා නිර්මාණයේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ රඟපානවා?
ඔව්. මම මුලින්ම රඟපෑවේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහත්මයාගේ බෝපත් සාක්කි කියන ටෙලිනාට්‍යයේ. ඒකේ ලොකු චරිතයක් නෙමෙයි බොහොම ඈතින් සිටින චරිතයක් තමයි රඟපෑවේ. මම අධ්‍යක්ෂණය කළ සිහින සරුංගල් චිත්‍රපටයේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ රඟපානවා. එයාගේ ටෙලි නාට්‍යයක පොඩි කෑල්ලක් රඟපාන්න ආපු මම අද චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා.
මේ ආපු ගමනේදී කැපිලි කෙටිලිවලටත් මුහුණදෙන්න ඇති නේද?
ඔය කතාව හැම ක්ෂේත්‍රයකටම අදාළ කාරණාවක්. මේ ක්ෂේත්‍රයේ කැපිලි කෙටිලි නැතුවාම නෙමෙයි. ඒවා ඒ තරම් ගණන් ගන්න අවශ්‍ය කාරණාවල් නෙමෙයි. අපි දක්ෂ නම් මේක ඇතුළේ මැච් එකක් ගහන්න පුළුවන්. බාධක නම් එමටයි.
මොනවද ඒ බාධක?
සිහින සරුංගල් නිර්මාණය කරන කොට බාධක ගොඩක් ආවා. තිරගත කරන්න ගන්න කොටම බාධක ගොඩක් ආවා. හැමෝම කියන්නේ ළමා නිර්මාණ කරන්නේ නැහැ. ළමයින්ට නිර්මාණ නැහැ කියලා. ළමයින්ට නිර්මාණයක් කළාට පස්සේ ඒක එළියට දාගන්න පුදුම අපහසුතාවයක් තියෙන්නේ. දරුවන් වෙනුවෙන් කරපු මේ නිර්මාණය ජනගත කරන්නේ පුදුම අමාරුවෙන්. ඒක හරිම අපහසු කාරණාවක්. සාමාන්‍ය චිත්‍රපටයකට වඩා දරුවන් වෙනුවෙන් කරපු චිත්‍රපටයක් එළියට දාගන්න බොහොම අමාරුයි. හැබැයි කතාවට කියන්නේ ලංකාවේ ළමයින්ට නිර්මාණ කෙරෙන්නේ නැහැ කියලා. කරන ඒවා ටිකවත් අදාළ ආයතන එළියට දාගන්න සහයෝගය ලබාදෙන්නේ නැහැ.
අංග රචනා ශිල්පියෙක් විදියට වැඩ කරපු කාලයේ අත්දැකීම් මොන වගේද?
නිදහසේ පියා (ඩී.එස්.), සිංහාවලෝකනය, මහින්දාගමනය වගේ චිත්‍රපට රැසක වැඩ කළා. ජනාධිපති සම්මාන උළෙලේදී ‘නිදහසේ පියා’ චිත්‍රපටයේ අංග රචනය වෙනුවෙන් හොඳම අංග රචනා ශිල්පියාට හිමි සම්මානයට නිර්දේශ වුණා.
අනෙකුත් නිර්මාණ මොනවාද?
මම ටෙලිනාට්‍ය දෙකක් අධ්‍යක්ෂණය කරලා තියෙනවා. එකක් රෝස පිහාටු. අනෙක් එක අළුපාට මිනිස්සු. ඒකට සම අධ්‍යක්ෂණයෙන් උපුල් වීරසිංහත් සම්බන්ධ වෙලා තියෙනවා.
මහේෂ් එදිරිසිංහ
