‘නාඩගම්කාරයෝ’ ටෙලි නාට්‍යයේ ගීතිකා ව ඔබට මතකඇතුවාට සැකයක් නැහැ. අහම්බයකින් රංගන ක්‍ෂේත්‍රයට පැමිණියත් ඒ තුළ දැක්වූ දක්‍ෂතා නිසාම අදටත් ඇයට මගතොටදි ගීතිකා කියල කතාකරන අය බොහොමයි.
‘පිරිමි ළමයි’ ටෙලි නාට්‍යයේ චූටි මැණිකෙ ලෙසින් මේ දිනවල ඔබේ ආලින්දයට ගොඩවන ප්‍රවීණා දිසානායක එක්ක මීවිත කළ කතාබහයි මේ.
ප්‍රවීණා, චූටි මැණිකෙ ගැන රසිකයො මොකද කියන්නෙ?
‘පිරිමි ළමයි’ ටෙලි නාට්‍යයේ චූටි මැණිකෙගෙ චරිතයට මේ දවස්වල ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනව. ඒ ප්‍රතිචාරවලින් මට දැනෙන්නෙ ලොකු පිරිසක් පිරිමි ළමයින්ට ආදරය කරනව වගේම පිරිමි ළමයි වටා එකතුවෙලා ඉන්නව කියල.
මේ දර්ශන තලය ඔබට නුහුරු තැනක් නෙමෙයි?
ඔව්, දර්ශනතලය වගේම මේ ප්‍රඩක්ෂන් එකත් මට නුහුරු තැනක් නෙමෙයි. ඒ නිසා හරිම පහසුයි වැඩ කරගෙන යන්න. අපේ කණ්ඩායම හරිම ආදරෙන් වැඩටික කරගෙන යනව. ඒ වගේම සද්ධාමංගල සූරිබණ්ඩාර මහත්මයාගෙ වැඩත් එක්ක මම ගොඩක් වෙලාවට එකතුවෙලා ඉඳල තියෙනව.
‘නාඩගම්කාරයෝ’ ඔබේ ජීවිතයට මොන වගේ බලපෑමක්ද කළේ?
නාඩගම්කාරයෝ කියන්නෙ මගේ ආරම්භය. රංගන ශිල්පිනියක් විදිහට හැමෝම මාව හඳුනාගත්තෙ, හැමෝම මට ආදරය කළේ
නාඩගම්කාරයෝ නිසා. ඒක අදටත් ඒ විදිහටම තියෙනව. මම වෙනත් නිර්මාණවල එක එක චරිත කළත් අදටත් ගීතිකා කියල මට කතාකරන පිරිසක් ඉන්නව. මේ නිසා නාඩගම්කාරයෝ කියන්නෙ මගේ ජීවිතය ගොඩක් වෙනස් කරපු තැන.
ගීතිකාව මුණගැහුනෙ නැත්නම් ප්‍රවීණාට මොනව වෙයිද?
ගීතිකාව මුණගැහුනෙ නැත්නම් අධ්‍යාපන කටයුතු අවසන් වෙලා, අදාළ පැත්තෙන් ජොබ් එකක් කරන කෙනෙක් වෙයි කියල මම හිතනව. නමුත් ගීතිකා නිසා මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.
අධ්‍යක්‍ෂවරයා මොකද කියන්නෙ?
සිවගුරුනාදන් කියන්නෙ මගේ පළමු අධ්‍යක්‍ෂවරයා. මේ වන විට එතුමාගෙන් මට ලැබිල තියෙන ගුරුහරුකම් ගොඩයි. රංගන ශිල්පිනියක් විදිහට රංගනය සම්බන්ධයෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් මට කියල දීල තියෙනව. අපිටත් නොදැනෙන්න හරි ලස්සනට අපේ චරිත ගොඩනගනව. සිවගුරුනාදන් මහත්මයා කියන්නෙ මම වැඩකරන්න කැමතිම අධ්‍යක්‍ෂවරුන්ගෙන් කෙනෙක්.
ප්‍රවීණාත් රංගන ශිල්පිනියක් වෙන්න හීන දැකපු කෙනෙක්ද?
නැහැ, මම කවදාවත් රංගන ශිල්පිනියක් වෙන්න හීන දැක්කෙ නැහැ. නාඩගම්කාරයෝ ටෙලියෙන් පස්සෙ රංගන ශිල්පිනියක් වෙන්න අවශ්‍ය දේවල්, ඉගෙනගන්න ඕන දේවල් අධ්‍යයනය කරන ගමන් ඉදිරියට යනව. මං හිතන විදිහට රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් ගොඩනැගෙන්නෙ කාලයත් එක්ක ලබන අත්දැකීම්වලින්. ඒ නිසා අපිට තව ඉගෙනගන්න දේවල් තියෙනව.
රංගන ක්‍ෂේත්‍රයට පැමිණි ගමන්මගේ පසුතැවීමට හේතු තිබුණද?
මට දුක්වෙන්න, පසුතැවෙන්න හේතු තිබුණෙ නැහැ. අත්වැරදීම් හෝ අතපසුවීම් වෙලා තියෙනව නම් ඒවායින් යමක් ඉගෙගත්ත එකයි සිද්ධ වුණේ. ඉදිරියටත් දිනන තැන්, පරදින තැන් තියෙයි. ඒ හැමදේටම සාර්ථකව මුහුණ දීලා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.
පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?
ඇත්තටම මට මගේ අම්මගෙන් සහ තාත්තගෙන් ලැබෙන මේ සහයෝගය නොවන්නට මේ තරම් දුරක් මට එන්න පුළුවන් කමක් ලැබෙන්නෙ නැහැ.
පවුලේ එකම දුව නිළියන් වෙනවාට අම්ම තාත්ත කැමති වුණාද?
මම පොඩිකාලෙ ඉඳන්ම කලාවත් එක්ක හිටපු කෙනෙක් නිසා වෙන්න ඇති රංගනයට යොමුවීම ගැන ගෙදරින් අකමැත්තක් තිබුණෙ නැහැ. එයාලට ක්‍ෂේත්‍රය ගැන අවබෝධයක් තිබුණා. කොහොමත් මගේ ටැලන්ට්ස්වලින් කරන දේවල්වලට ඔවුන් කවදාවත් එපා කිව්වෙ නැහැ.
අද ඔවුන් මොකද කියන්නෙ?
මම හිතන්නෙ මගේ දක්‍ෂතා වැඩිපුරම රස විඳින්නෙ ඒ දෙන්න. කවදාවත් අම්මයි තාත්තයි මගේ කතාවක් මගහරින්නෙ නැහැ.
රංගන ජීවිතයේ හීන මොනවද?
මම මහලොකුවට නිර්මාණ තෝරාබේරාගෙන වැඩකරන කෙනෙක් නෙමෙයි. නමුත් වෙනස් විදිහේ නිර්මාණ, වෙනස් විදිහේ චරිත කරන්න ආසයි. ඒ වගේම අභියෝග භාරගන්නත් කැමතියි.
මෙතෙක් ලැබුණ චරිත ගැන සෑහීමකට පත්වෙනවද?
ඔව්, මට මෙතෙක් ලැබුණ චරිත ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්.
ප්‍රවීණා සෝෂල් මීඩියා තුළ වැඩිය දකින්න නොලැබෙන චරිතයක්?
මම ෆොටෝ එකක් දැම්මත් ඒක සාමාන්‍යයෙන් මම ඉන්න විදියටමයි. ඒ හැරෙන්න රීච්වලට කැම්පේන් කරන්නෙ නැහැ. මං හිතන්නෙ අපි අපි විදිහට හිටියොත් ඒ ආදරය ලැබෙනව. ඒකට කැම්පේන් කරන්න ඕන නැහැ.
රංගනය දැන් ඔබේ වෘත්තිය වෙලා?
ඔව්, ෆුල් ටයිම් රංගනයට දායක වන නිසා මට වෙනත් රැකියාවක් කරන්න කාලයක් නැහැ.
වෘත්තියට ලැබෙන වටිනාකම ගැන මොකද හිතන්නෙ?
ඒ ගැන තෘප්තිමත්. ලොකු ගැටලුවක් නැහැ. දැන් සෝෂල් මීඩියා තියෙනව. අපිට ඕන තරම් අවස්ථාවන් තියෙනව. ඒවා හරියට පාවිච්චි කළොත් ගැටලුවක් වෙන්නෙ නැහැ.
විලාසිතාවලට තියෙන නැඹුරුව මොන වගේද?
මම විලාසිතා කරන කෙනෙක්. ෆැෂන් කරන්න බය වෙන්න ඕන නැහැ. නමුත් තැනට ගැළපෙන විදිහට, තමක්ට ගැළපෙන විදිහට අඳින පළඳිනවනම් ගැටලුවක් නැහැ.
දැන් නර්තන වැඩවලින් ඈත් වෙලාද?
නර්තන වැඩවලින් ඈත් වෙලා නැහැ. නමුත් දැනට තියෙන කාර්යබහුලත්වයත් එක්ක ඒ වෙනුවෙන් කාලය වෙන්කරන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ. අවස්ථාවක් ලැබුණ හැම මොහොතකම නර්ථනයට කාලය වෙන්කර ගන්නවා.
සිනමාවටත් ආරාධනා ලැබුණා?
ඔව්, ආරාධනා කිහිපයක්ම ලැබුණා. නමුත් විවිධ හේතු නිසා තවම එකක්වත් භාරගත්තෙ නැහැ. හොඳ තිරපිටපතක් ලැබුණොත් අනිවාර්යයෙන්ම භාරගන්නව.
මහේෂ් එදිරිසිංහ