
මතක අලුතින් ලියන්න’ ගීතය මේ දිනවල සමාජ මාධ්‍යවල ශීඝ්‍රයෙන් සංසරණය වන ජනප්‍රිය ගීතයකි. ජනප්‍රිය ගායන ශිල්පී උදේෂ් ඉන්දුලගේ හඬ මුසුවට රංගනයෙන් දායක වන්නේ ජනප්‍රිය රංගන ශිල්පී ධනුෂ්ක සම්පත්ය. වසර ගණනක් තිස්සේ ඉතා ජනප්‍රිය ‘ඉස්කෝලේ’ ටෙලි නිර්මාණයේ රන්දිකගේ චරිතයට පණ පොවන ධනුෂ්ක මේ දිනවල මන්ත්‍රීවරයකු ලෙස බොහෝ ආදරණීය ප්‍රතිචාර ලබමින් සිටී. මේ කතාබහ ඔහු සමඟිනි.
මේ වෙද්දි ඉස්කෝලෙ ටෙලි නිර්මාණය ගොඩක් වෙනස්කම්වලට ලක් වෙලා. ඒ වෙනස ප්‍රේක්ෂකයන් භාර ගෙන තියෙන්නේ කොහොමද?
ඔව්. වෙනස්කම් රැසක් වෙලා තියෙනවා. මං එහි රන්දික කියන ප්‍රධාන චරිතයට දායක වෙනවා. රන්දික කොහොමත් එදා ඉඳන්ම ගමට, පාසලට ආදරය කරන, තමන්ගේ පවුලේ අයට ආදරය කරන, වගකීම් දරන යහපත් තරුණයෙක්. මේ වෙද්දි රන්දික ඡන්දය ඉල්ලලා දිනලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරනවා. මන්ත්‍රී කෙනෙක් වුණාට පස්සේ ලැබෙන ප්‍රතිචාර ගොඩක් වැඩියි. සාමාන්‍යයෙන් දේශපාලනඥයකුට ආදරය ලැබෙනවා අඩුයි නේ. ඒත් මේ දවස්වල මට පුදුම ආදරයක් ලැබෙනවා. පාරෙදි හමු වුණත් ඇත්තටම ඡන්දෙ ඉල්ලන්න කියල ගොඩක් ප්‍රේක්ෂක ඉල්ලීම් තියෙනවා. ඒත් මගේ නම් දේශපාලනය කරන්න කිසිම අදහසක් නැහැ.
ඔබත් එක්ක නිතර ගැටුණු විහාරා නෙවෙයි දැන් ඉන්නේ. කොහොමද අලුත් විහාරා?
මේ වෙද්දි ‘ඉස්කෝලේ’ වෙනස් පැත්තකට ගලාගෙන යනවා. දැන් විහාරාගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නේ තුලංගා ජයකොඩි. විහාරා විදෙස්ගත වුණාට පස්සේ අලුත් විහාරා ලෙස එන්නේ තුලංගා. ඇයත් දක්ෂ රංගන ශිල්පිනියක්. දමිත්‍රිගෙන් වගේම තුලාංගාගෙනුත් ලොකු සපෝට් එකක් ලැබෙනවා. ඇය එක්කත් වැඩ කරන්න හරිම පහසුයි.
විහාරාගේ වෙනස් වීම ගැන ප්‍රේක්ෂකයන් දක්වන්නේ මොන වගේ ප්‍රතිචාරයක් ද?
මුලින් මුලින් නම් කිවුවා පරණ විහාරා තමයි හොඳ කියලා. ඒත් දැන් තුලාංගා විහාරාගේ චරිතයට අවතීර්ණ වෙලා ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලබනවා. දැන් දමිත්‍රි වගේම තුලාංගාත් විහාරාගේ චරිතය හොඳට කරනවා කියලා ප්‍රතිචාර ලැබෙනවා. කොහොමත් චරිතයක් මාරු වුණහම ප්‍රේක්ෂකයන්ට හුරු වෙන්න ටික දවසක් යනවා. තුලාංගාත් දක්ෂ විදිහට විහාරාට පණ පොවනවා.
ධනුෂ්කගේ කුලුඳුල් රංගන අත්දැකීම ලබන්නේ ‘ඉස්කෝලේ’ ටෙලි නිර්මාණයෙන්. මුලින්ම කැමරාවට මුහුණ දුන් අවස්ථාව මතකද?
ඔව්. ඒක කවදාවත් අමතක වෙන්නෙ නැහැ. මං මෙතෙක් දීර්ඝකාලීනව පෙනී හිටියේ ‘ඉස්කෝලේ’ ටෙලි නිර්මාණයේ විතරයි. ඒක මගේ කුලුඳුල් ටෙලි නිර්මාණය. මුලින්ම මං සෙට් එකට එද්දි කවුරුත්ම අඳුනන්නෙ නෑ. මුල්ම දවසේ කැමරාව ඉස්සරහට ගියාම තිගැස්මක් ඇති වුණා. දෙබස් අමතක වෙයිද? කරගන්න පුළුවන් වෙයිද? මාව අයින් කරයිද? වගේ එක එක සිතිවිලි හිතට ආවා. දෙබස් එහෙ මෙහෙ වුණත් කවුරුත්ම මොකුත් කිවුවෙ නෑ. ඒ නිසා ලොකු ගැටලුවක් වුණේ නැහැ. එදා සිට අද දක්වා මට උදවු කළ හැම දෙනාවම මං ආදරයෙන් මතක් කරනවා.
ධනුෂ්ක දකින්න ලැබෙන අලුත් නිර්මාණ ගැනත් මතක් කරමු?
පසුගියදා තවත් ටෙලි නිර්මාණයක රූගත කිරීම් ඉවර කළා. ඒකත් ඉතාම ඉක්මනින් විකාශය ආරම්භ වේවි. ඉස්කෝලේ රන්දිකට වගේම ආදරයක් අලුත් නිර්මාණයටත් ලැබේවි කියන බලාපොරොත්තුව තියෙනවා. ඊට අමතරව චිත්‍රපටයකටත් සම්බන්ධ වුණා. පහුගියදා එහි මුහුරත් උලෙළ පැවැත්වුණා. නුදුරේදීම රූගත කිරීම් ආරම්භ වේවි. ඊටත් අමතරව මියුසික් වීඩියෝ ගණනාවකට රංගනයෙන් දායක වුණා. තවත් මියුසික් වීඩියෝ කිහිපයකටම ආරාධනා ලැබිලත් තියෙනවා. ඒ වගේම ටිවී වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් පෙනී සිටියා.
ධනුෂ්ක බිස්නස් කරනවා කියලත් ආරංචියි?
මගේ ගම රත්නපුරේනේ. අපට මැණික් පතල් කිහිපයක් තියෙනවා. ඒවත් කරගෙන, ලංකාව ඇතුළත පොඩියට මැණික් බිස්නස් එකත් කරගෙන යනවා.
උදේශ් ඉන්දුලගේ අලුත්ම ගීතයේ රූප රචනයට සම්බන්ධ වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?
උදේශ් අයියගේ අලුත්ම සින්දුව ‘මතක අලුතින් ලියන්න’ ගීතයේ රූප රචනයට සම්බන්ධ වෙන්න ලැබීම මටත් ලොකු සතුටක්. දවස් කිහිපයකට කලින් රිලීස් වුණා. මේ වෙද්දි ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් අය බලලා තිබුණා. උදේශ් අයියත් ගොඩක් කාලෙකට පස්සේ කරපු මියුසික් වීඩියෝ එකක්. මේ දවස්වල ඒ ප්‍රතිචාරත් විඳිමින් ඉන්නවා.
ධනුෂ්කගේ පෞද්ගලික තොරතුර ටිකකුත් දැනගන්න ප්‍රේක්ෂකයන් කැමැති වේවි?
සාමාන්‍ය ජීවිතේ කාර්යබහුල වෙලා තියෙන්නේ බිස්නස් කටයුතුත් එක්ක තමයි. රත්නපුරේ යනවා; කොළඹ එනවා; ඒ අතරේ රංගන කටයුතුවලටත් දායක වෙනවා.
මේ තරම් ලස්සන තරුණයකුට ආදරය ගැන අත්දැකීමක් නැති වෙන්න නම් බැහැ. ඒ ගැනත් කියමු…
ආදරය ගැන අත්දැකීම් තියෙනවා. මේ වෙද්දි මාත් ආදරය විඳිනවා. ඒ ගැන වැඩි විස්තර පස්සෙ කියන්නම්කෝ. දැනට පෙම්වතියක් ඉන්නවා කියල විතරක් කියමු.
