
ඉකුත්දා විකාශය ඇරඹි ‘සිහිනෙක තනිවෙලා’ ටෙලිනාට්‍යයේ විලන් චරිතයක් වූ කේසර ගැන අද වනවිට ප්‍රේක්ෂක කතාබහට ලක්ව තිබේ. එසේ කේසර ගැන කතා වෙද්දී ‘හිරු කුමරු ආදරේ ගෙනල්ලා’හි දිනෙත්මින් රාජනායක වන්නේත් ඔහුයි. එසේ එකිනෙකට වෙනස් චරිතවලට පණපොවන කඩවසම් පෙනුමකින් යුත් ඔහු දිනූෂ දිසානායකයි. සිය කලා දිවිය පිළිබඳ කතාකරන්නට දිනූෂ මෙසේ රසඳුන හා එක්වූයේද රූගතකිරීම් අතරවාරයේ ලද විවේකයකදීය.
මේ දිනවල පුංචිතිරයේ දකින ඔබ ගැන බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා……
ඔව්, මම රඟපාන ටෙලිනාට්‍ය 03ක්, නාළිකා 03ක දැන් විකාශය වෙනවා . ‘සිහිනෙක තනිවෙලා’ ස්වාධීන රූපවාහිනිය ඔස්සේ පසුගිය දා විකාශය ඇරඹුණා. ‘හිරු කුමරු ආදරේ ගෙනල්ලා’ හිරු නාළිකාවේත් ‘කෝඩුකාරී’ දෙරණ නාළිකාවේත් විකාශය වන නිසා ඒ චරිත ගැන ප්‍රේක්ෂක කතාබහට ලක්ව තිබෙනවා.
‘සිහිනෙක තනිවෙලා’ ටෙලියේ විලන් චරිතයක් නේද කරන්නේ…..?
ඔව්, එය විලන් චරිතයක් . ඉස්සර ඉඳන්ම විලන් චරිතවලට මගේ ආසාවක් තිබුණා . ඒ චරිතයේ නම කේසර. ලස්සන Play එකක් තිබෙන තිමිර විසින් රචනා කරන, හසිත රාජපක්ෂ අධ්‍යක්ෂණය කරන ඉතාමත් ලස්සන වැඩක් ‘සිහිනෙක තනිවෙලා’ කියන්නේ . මගෙන් ප්‍රේක්ෂකයා දකින වෙනස්ම චරිතයක් තමයි කේසර කියන්නේ. මම හිතනවා ප්‍රේක්ෂකයෝ මේ චරිතය වැලඳගනීවි කියලා , එහෙම නැත්නම් බණීවි. (සිනහවෙමින්)
කොහොමද මේකට ආරාධනය ලැබුණේ …..?
අධ්‍යක්ෂ හසිත රාජපක්ෂම තමයි ආරාධනා කළේ. ඔහුගේත් පළමු නිර්මාණය .
හසිත ඇතුළු පිරිසගෙන් හොඳ සහායක් ලැබෙන්න ඇති…..?
ඇත්තෙන්ම. හසිත කියන්නේ ඉතා දක්ෂ, කැපවීමෙන් උපරිම වැඩ කරන අධ්‍යක්ෂවරයෙක්.
ඔහු අනාගතයේ සම්මානනීය අධ්‍යක්ෂවරයෙක් වෙයි. නතාෂා, ගීත්මා, අභිලාෂි ආදී රංගන ශිල්පිනියන් අපි දන්න හඳුනන අය. ඔවුන් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන්. කාර්මික පිරිසගෙනුත් හොඳ සහායක් ලැබෙනවා
ටෙලිනාට්‍යය විකාශය පටන්ගෙන තවම දින කිහිපයයි. කොහොමද ලැබෙන ප්‍රතිචාර……?
ඉතා භොඳ ප්‍රතිචාර ලැබෙනවා.
යූ ටියුබ් එකේ පළමු කොටසට තිබෙන ප්‍රතිචාරවලින් ඒ බව පේනවා. වටපිටාවෙනුත් නොසිතූ තරම් ප්‍රතිචාර තිබෙනවා. ප්‍රේක්ෂක ආදරය ගැන නිහතමානීව සතුටුයි.
දිනෙත්මින් රාජනායක ගැන කීවොත්…….?
දිනෙත්මින් නපුරු චරිතයක් වුවත් ඒ නපුරු බව තුළ ඉතා සංවේදීත්වයකුත් තිබෙනවා. හරිම ආදරණීය චරිතයක්.
දිනෙත්මින්ව නිර්මාණය කළ අධ්‍යක්ෂ සමඟ ඔබ කලින් වැඩ කරලත් තියෙනවා නේද……..?
ඔව්. මගේ පළමු නිර්මාණයේ අධ්‍යක්ෂවරයත් දිලුක ප්‍රසාද් තමයි. ඔහු තමයි ‘හිරු කුමරු ආදරේ ගෙනල්ලා’ ටෙලිනාට්‍යයටත් ආරාධනා කළේ. ඔහුත් එක්ක නැවත වැඩ කරන්න ලැබීම සතුටක්.
සැබෑ දිවියේත් දිනෙත්මින් වගේ අත්දැකීමක් ලැබුවොත්…..?
එහෙම වුණොත් දිනෙත්මින් වගේම හැසිරේවි
සිනමාවෙන් කවද්ද ඔබව අපට දකින්න ලැබෙන්නේ……..?
සිනමාවට නම් ලොකුවට ආරාධනා ලැබිලා නැහැ. ආරාධනා දෙකක් ලැබිලා තියෙනවා. ඉදිරියේදී ඒ ගැන දැනගන්න ලැබෙයි.
වේදිකාවට ගොඩවෙන්න අදහසක් නැද්ද……..?
වේදිකාවට ගොඩවෙන්න ආරාධනා නම් ලැබුණා. කාලයත් සමඟ ගැටලුවක් තිබෙන නිසා එය තරමක් පස්සට දමා තිබෙනවා. හැකි ඉක්මනින් වේදිකාවට ගොඩවෙනවා.
අද තිබෙන ටෙලිනාට්‍ය මෙගාරැල්ල ගැන නොයෙක් විවේචන තිබෙනවා…..?
මෙහෙමයි , විවේචනය කළයුතු මෙගා ටෙලිනාට්‍යයත් තිබෙනවා. විවේචනය නොකළ යුතු මෙගා ටෙලිනාට්‍යයත් තිබෙනවා. විවේචනය කළ බොහෝ අය දැන් මෙගාවල රඟපානවා.
මෙගා කිව්වම ඔක්කොම හරයක් නැති ඒවත් නෙවෙයි. මමනම් දකින්නේ විවේචනය කියන දේ අවශ්‍ය නැහැ කියලයි. හැමදේකම හොඳ – නරක දෙපැත්තක් තියෙනවා. කොච්චර විවේචන කළත් ඒවා බලන සහ නොබලන පිරිසකුත් ඉන්නවා.
ඉදිරියේදී දිනූෂ දිසානායක නම් නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂවරයෙක් විදිහට දකින්න ලැබෙයිද……?
ඒකට ලොකු ආසාවක් තිබෙනවා. ඒ වගේ වැඩවලට අතගහන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. තව අවුරුදු 05කින් වගේ බලමු.
දිනූෂ ව්‍යාපාර කටයුතුත් කරනවා නේද……?
හෝටල් ව්‍යාපාරයේ නිරතව සිටියා. කොරෝනාත් එක්ක ව්‍යාපාර හොඳටම වැටුණා. හැබැයි නැවත මම ඒ ව්‍යාපාරවලට අඩිතාලම දම්මින් ඉන්නේ.
නළුවකුට චරිත පිපාසයක් තිබෙනවනේ… ඔබටත් එහෙම ඇති…..?
ඔව්, සුළු හෝ වෙනස්කම් තිබෙන චරිත මම භාරගන්නේ. කතා කරන්න බැරි රස්තියාදුකාර කොල්ලෙකුගේ චරිතයක් සහ නපුංසක චරිතයක් කරන්න ආසයි. ඒ චරිත දෙක කරන්න උත්සාහ කරනවා.
ඉදිරි නිර්මාණ ගැන කීවොත්…..? ඉන්දික ධර්මතිලකගේ සහ සුරංග ලක්මාල්ගේ නිර්මාණවලින් ප්‍රේක්ෂකයා හමුවට මම ඒවි. තව මාස 2,3කින් අලුත්ම වැඩක් බලන්නත් පුළුවන් වේවි.
පවුලේ අය ගැනත් කතා කළොත් …..?
මගේ අම්මා, තාත්තා නිසයි අද මම මේ තැන ඉන්නේ. මගේ නංගි, මල්ලි , ආච්චි, ඒ වගේම නැතිවුණු සීයාත් මතක් කරන්න ඕනේ. සීයා තමයි මාව රූපවාහිනියෙන් දකින්න ආසාවෙන් හිටියේ. අම්මා, තාත්තා තමයි මගේ මුළු ජීවිතයම, ලෝකයම වෙන්නේ.