
එකිනෙකට වෙනස් ටෙලිනාට්‍ය ත්‍රිත්වයකින් මේ දිනවල ඔබේ නිවහනට ගොඩවදින ඇය නමින් දසුනි නවෝද්‍යා ය. හිද්දලයෝ හි හින්නි මැණිකේ වගේම හිතාගන්න බැරි කතාවක් හි අලෝචනා ද ඇය කියන පරිදිම අහසයි පොළවයි වගේ චරිත දෙකක්. මේ චරිත දෙකටම ඇයට වෙනස්ම විදිහේ ප්‍රතිචාර ලැබෙනවා ලු. ඔය අතරේ නිසල් සත්සරගේ ‘ආලවන්ත හීනයේ’ ගීතයේ මියුසික් වීඩියෝවේ දික්කසාද නඩුවක පැමිණිලිකාරියක් ලෙසින් ද ඇය දක්ෂ රංගනයක නිරත වෙනවා. මේ දිනවල සමාජ මාධ්‍යවල එම රූප රචනාව ගැන හරි හරියට කතා බහට ලක්වෙනවා. ඉතිං අපි අදහස් කළා දසුනිට මෙවර මීවිතෙන් ඉඩක් වෙන් කරන්න.
දසුනි නවෝද්‍යා රංගනයෙන් දායක වෙන ටෙලිනා්‍ය තුනක් මේ දවස්වල විකාශය වෙනවා නේද?
මේ දවස්වල අලුත් නාට්‍ය දෙකක් දැන් සති දෙකකට කලින් විකාශය වෙන්න පටන් ගත්තා. දෙරණ නාළිකාවේ විකාශය වෙන හිතාගන්න බැරි කතාවක් සහ හිරු නාළිකාවේ විකාශය වෙන හිද්දලයෝ ටෙලිනාට්‍ය දෙක තමයි පටන් ගත්තේ. ඔය අතරේ සිරස නාළිකාවේ විකාශය වෙන රොකී ටෙලිනාට්‍යයත් තවම විකාශය වෙනවා. ඒ නිර්මාණ තුනත් එක්ක රංගන වැඩකටයුතුවල කාර්ය බහුල වෙලා ඉන්නවා. ඒ වගේම ඊළඟ චිත්‍රපටයට මේ දවස්වල ලෑස්ති වෙනවා. ඔය අතරේ අධ්‍යාපන කටයුතු වගේම නිවේදන කටයුතුවලත් නිරත වෙනවා.
මියුසික් වීඩියෝවක් හින්දත් මේ දවස්වල හරි ජනප්‍රියයි නේද?
ටෙලිනාට්‍ය තුනක් එක්කම ගීත රූප රචනාවකුත් මේ මොහොත වෙනකොටත් සෑහෙන වෛරල් වෙලා තියෙනවා. නිසල් සත්සරගේ ‘ආලවන්ත හීනය’ කියන ගීතය මේ දවස්වල අතිශය ජනප්‍රියවෙලා තියෙනවා. මගේ ජීවිතයේත් ඉතාම විශාල ප්‍රේක්ෂක ආදරයක් ලැබිච්ච නිර්මාණයක්.
මේ ගීතයේ මියුසික් වීඩියෝවට කවුද ඔබට ආරාධනා කළේ?
ගීතය ගායනා කරන නිසල් සත්සර තමයි මට මුලින්ම කතා කළේ. ආලවන්ත හීනය ඇත්තම කතාවක් පාදක කරගෙන නිර්මාණය වුණු ගීතයක්. ඒ නිසා මිනිස්සුන්ට ගොඩක් හදවතට දැනෙන්න ඇති. අපි හැමෝටම ආදරය සමබන්ධව ජීවිතයේ ප්‍රශ්න වෙලා තියෙනවා. හැබැයි ආදරය සම්බන්ධව මිනිස්සුන්ට මේතරම් ප්‍රශ්න තියෙනවාද කියන එක තේරුම් ගත්තේ සින්දුවෙන් පස්සේ.
හිද්දලයෝ හි හින්නිමැණිකේ වෙනුවෙන් මොනවගේ කැපකිරීම් ද කරන්න සිද්ධ වුණේ?
ඇත්තටම හිද්දලයෝ හි හින්නිමැණිකේ කියන්නේ කැපකිරීම් ගොඩක්. මෙහි රූගත කිරීම් සිදුකරන්නේ කොළඹින් බැහැරව නුවර පළාතේ. අනික අපි රූගත කිරීම් සිදුකරන වැලිමඩ තියෙන්නෙත් කන්දක් උඩ. එතකොට කාලගුණික, දේශගුණික ප්‍රශ්න තියෙනවා. ලොකම අභියෝගය තමයි හිද්දලයෝ ටෙලි නාට්‍යයේ වචන. වෙනස් වචන තමයි පාවිච්චි කරන්නේ. දැන් ලැබෙන ප්‍රතිචාර එක්ක මම හිතනවා හින්නිමැණිකේට සාධාරණයක් ඉෂ්ට කරන්න ඇති කියලා. හින්නිමැණිකේ කියන්නේ මගේ ජීවිතයට ලැබුණු හරිම අභියෝගාත්මක චරිතයක්.
‘හිතාගන්න බැරි කතාවක්’ ටෙලිනාට්‍යයට ආරාධනාව ලැබුණේ කොහොමද?
ඒ නාට්‍යයට මට කතා කරන්නේ බුද්ධික සේමසිංහ අයියා. ඒ කියන්නේ අධ්‍යක්ෂ සහ පිටපත් රචකයා. මට චරිතය ගැන පැහැදිලි කිරීමක් කළාට පස්සේ මම හරි ආසාවෙන් අලෝචනාගේ චරිතය භාර ගන්නවා. මට කිසිම බාධාවක් නැහැ. ඒ නාට්‍යයෙත් ඉතාමත් හොඳ නළු නිළි පිරිසක් එක්ක තමයි වැඩ කරන්න ලැබුණේ. හිතාගන්න බැරි කතාව ඇතුළේ තියෙන්නේම ඇත්තටම හිතාගන්න බැරි දේවල්. ඒක බලන ප්‍රේක්ෂකයෝ දන්නවා ඒක ගැන. හිතාගන්න බැරි කතාවක් හි තත්පරයෙන් තත්පරය තියෙන්නේ කුතුහලය.
ඔබට ලැබෙන ආරාධනා ගැන මොකද හිතෙන්නේ?
රංගනය කියන වෘත්තිය වෙනුවෙන් මම හැමවෙලේම හරිම අවංකව වැඩකරන කෙනෙක්. අපි අවංකවම වැඩ කළහම ස්වභාවදහමෙන් හැම වෙලේම එහි ප්‍රතිඵලය අවංකවම ලබාදෙනවා. මම මට ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න තමයි බලන්නේ. එහෙම මට ලබාදෙන දෙබස් ටික කියලා ගෙදර එන්න උත්සාහ කරන්නේ නැහැ.
මේතාක් ආපු ගමන වෙනුවෙන් මොනවගේ කැපකිරීම් ද කරන්න සිද්ධ වුණේ?
අවුරුදු කුමරිය වෙලයි මම මේ ක්ෂේත්‍රයට එන්නේ. හැබැයි මම අවුරුදු කුමාරියක් වෙලා ආවා කියලා මගේ පළමු ටෙලිනාට්‍යයට මම ප්‍රධාන චරිතයක් රඟපෑවේ නැහැ. චූටි චරිතයක් තමයි මුල්ම ටෙලිනාට්‍යයේ රඟපෑවේ. දැන් මම මේ කාලවකවානුවේ කරන නිර්මාණවල රඟපාන්නේ ප්‍රධාන චරිත. තවත් ප්‍රධාන චරිත රඟපෑ නිර්මාණ කිහිපයක් විකාශය වෙන්නත් තියෙනවා. ඒ වගේම එකිනෙකට වෙනස් චරිත තමයි ඒවායේ රඟපෑවේ. මම ඇත්තටම මේ ගමන පටන් ගන්නේ චූටි තැනකින්. අපි කියන්නේ කට්ටක් කාලා ෆීල්ඩ් එකට එනවා කියලා. අන්න ඒ වගේ. ඒ විදිහට හරිම චූටි තැන ඉඳලා පොඩි චරිතයක් කරලා ආව කෙනෙක්. කැපකිරීම් කියන්නේ විෂය වෙනුවෙන් පුළුවන් උපරිමයෙන් මහන්සි වුණා. ප්‍රවීණයන්ගෙන් විමසා මගේ අඩුපාඩු හදාගත්තා. විෂය වෙනුවෙන් ගොඩාක් කැපකිරීම් සිදුකරලා තමයි මේ ගමන ආවේ.
මේ වෙනකොට ඔබේ වෘත්තිය?
දැනට නම් මගේ වෘත්තිය රංගනය සහ නිවේදනය.
මේ ආපු ගමනේදී කැපිලිකෙටිලි, කලකිරීම් කියන අත්දැකීම්වලට මුහුණදීලා තිබෙනවාද?
සෑහෙන තියෙනවා. කැපිලිකෙටිලි, කලකිරීම් කියන දේවල් මගේ ජීවිතයට සෑහෙන ඇවිත් තියෙනවා. ඒ දේවල් හින්දා ක්‍ෂේත්‍රයට ආපු මුල් කාලයේ ඕනෑතරම් කඳුළුත් වැටිලා තියෙනවා.
ක්‍ෂේත්‍රයට ආපු මුල් කාලයේ අඬපු වාර අනන්තයි?
ඔව්. අනිවාර්යයෙන්ම ක්‍ෂේත්‍රයට ආපු මුල් කාලයේ අඬපු වාර අනන්තයි, අප්‍රමාණයි. මම හිතන්නේ ඒවා තමයි කැපකිරීම් කියන්නේ. දැන් ඇති කියලා අතහරින්න ඕනෑ කියලා හිතුණු අවස්ථා ඕනෑතරම් තිබුණා. නමුත් ඒ කිසිම අවස්ථාවක මම අතහැරියේ නැහැ. අමාරුවෙන් හරි මම අල්ලගෙන හිටපු හින්දා වෙන්න ඇති මට මෙච්චර දුරක් එන්න පුළුවන් වුණේ. මේ අවුරුද්දේ සම්මාන උළෙලවල එක දිගට නැගීඑන නිළිය විදිහට නිර්දේශ වුණා. ඉතින් ඒ වෙනකම් මම මේ ගමන එන්න ඇත්තේ අමාරුවෙන් හරි අල්ලගෙන හිටපු හින්දා වෙන්න ඇති.
දිනේෂ් විතාන
