හිටි හැටියේ ‘මායාවී’ ටෙලියෙන් එමාෂා අතුරුදන් වුණේ ඇයි?

gossiplanka image 1
 


එමාෂා හෑන්ස් එහෙම නැත්නම් එමාෂා සෙනෙවිරත්න විදියට ආලින්දයේ සිනමාවට පැමිණි ලස්සන ජනප්‍රිය ටෙලි තරුවක් වන එමාෂා මේ දවස්වල මායාවී ටෙලි ඩ්‍රාමා එකේ පේන්න හිටියේ නැහැ.Sri Lanka Latest News


මේ දවස්වල කියලා කිව්වට සති ගණනක් තිස්සේ හිතෛෂී හිටිගමන්ම අතුරුදන්ය කියලා කිව්වොත් ඒක හරියටම හරි. අනෙක හිතෛෂී අතුරුදන්ව ගියෙත් කිසිම හේතුවක් නැතිවය කියන එකත් මායාවී බලන ඕනෙම කෙනකුට වැටහෙනවා.


සාමාන්‍යයෙන් ලංකාවේ විකාශය වන මෙගා ටෙලිවල නළු නිළියෝ කොටස් 100 පනින කොටම එයින් ඉවත්ව යනවා. සමහරු එය කලින් දැනුම් දීලා කරන අතර තව සමහර දෙනා නොදන්වාම එයින් අයින් වෙනවා.


ඒ කියන්නේ එමාෂාත් එහෙම අයින් වෙලා ගිහින්ද?

ඒක තවම හරියටම කියන්න දන්නේ නැහැ. හැබැයි මොනවා හෝ යමක් සිද්ධ වෙලා කියන සංගදිය නම් පැහැදිලියි. ඒ මොකද කියනවා නම් එමාෂාගේ ව්ලොග් බලන ඇගේ යූටියුබ් චැනලයට එකතු වෙලා ඉන්න, ඇයට ළැදි අනුගාමික පිරිස ඇගෙන් දිගට හරහට මේ ගැන ප්‍රශ්න කරලා තිබුණා.


‘එමාෂා ඔයා මායාවී එකෙන් අයින් වුණාද…?’

‘එමාෂා… මොකක්ද වුණේ… හිතෛෂී හිටි ගමන් අතුරුදන් වුණේ ඇයි…?’

‘මොකක්ද මේ මායාවී ටෙලියට වෙන්න යන්නේ… එමාෂාත් මායාවී ටෙලියෙන් නොකියාම යන්න ගිහින්ද…?’


ඔන්න ඔය විදියේ ප්‍රශ්න තමයි එමාෂාගෙන් අහලා තිබුණේ. ලංකාවේ ටෙලි කලාවේ නළුවෙක් නිළියක් හිටි ගමන් අර ඉහත කිව්වා වගේ අයින් වුණාම ඒ චරිතය අහේතුකව මරලා දානවා, නැත්නම් අතුරුදන් කරවනවා. එමාෂා සහ හිතෛෂී අතර වුණෙත් එහෙම සිදුවීමක්ද? තවම ඒ ගැන ස්ථිරව යමක් තීරණය කරන්න බැහැ.


හැබැයි එමාෂාගේ යූටියුබ් චැනලයේ ඈ විසින් මේ ගැන දහසකුත් එකක් ප්‍රශ්න අහන තම අනුගාමිකයන් වෙනුවෙන් එමාෂා මෙහෙම සටහනක් දාලා තිබුණා.

‘මායාවී ටෙලි නාට්‍යය සම්බන්ධයෙන් ගොඩක් කමෙන්ට්ස් තියෙන නිසා මෙහෙම සටහනක් දාන්න හිතුවා. මම දන්නා තරමින් හිතෛෂී චරිතය එතැනින් අවසන් වුණා. නමුත් නාට්‍යය යන විදිය දැක්කාම එහෙම වෙලා නැහැ කියලා හිතෙනවා. ඉදිරියට හිතෛෂීගේ චරිතය ලියැවෙන්නේ කොහොමද කියලා මාව දැනුවත් කරලත් නැහැ. ඒ නිසා මට ඒ ගැන සඳහන් කරන්න පුළුවන් මම දැනුවත් දේවල් ගැන විතරයි. මේ ටිකත් ලියන්නේ ඔයාලා අහලා තියෙන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න ඕනෙ නිසයි. මං වෙනුවෙන් ලැයිවුණු අවසානය වෙනකල් මම රඟපෑවා. ඒ අවසාන කොටස් ටික කළේ ජූලි මාසයේ. මෙතැනින් එයාට ඒ චරිතයට මොනවද වෙන්නේ කියන්න මම දන්නේ නැහැ. මම හිතාගෙන හිටියේ දැනගෙන හිටියේ හිතෛෂී මියගිය බවයි. ෂූටිං පැහැරහැරීමක් මම කරලා නැහැ. මගේ වගකීම මම හරියට කළා. ඔයාලා අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕනෙ නිසයි මෙහෙම සටහනක් දැම්මේ. එහෙම ප්‍රශ්න ඔයාලා අහපු එක සාධාරණයි. මමත් කාටවත් අසාධාරණයක් කරලා නැහැ…’


එමාෂාගේ සටහන ඒ විදියෙ අදහසක් ඇතුව හුඟක් දිගට තිබුණා. මේ ගත්තේ එයින් කොටසයි. ඈ සටහන ලියලා තිබුණේ කනගාටුවෙන් සහ කලකිරීමෙනුයි.

ඇත්තටම හිතෛෂීගේ චරිතය මැරුවේ ඇයි?

අහේතුකව එමාෂාව අයින් කළේ ඇයි….?


උත්තර ඊට වගකිව යුත්තන් සතුය.


මල්මි කෞශල්‍යා

gossiplanka image 2
Previous Post Next Post