
නමින් චාපා විජේසිංහ වන ඇය රංගනයට වරම් ලබන්නෙ ස්වාධීන රූපවාහිනිය මගින් පැවැත්වූ අවුරුදු කුමරිය තරගයෙන් ජයග්‍රහණය කිරීමත් එක්ක. මේ දිනවල විකාශය වන ‘මාරක සර්කස්’ ටෙලි නාට්‍යයේ නටාශාගේ චරිතය හරහා පළමු වරට ප්‍රේක්‍ෂකයන් අතරට එන චාපා, ඇයගේ අලුත්ම තොරතුරු බෙදාහදා ගන්න මීවිත සමග මේ විදිහට පිළිසඳරක යෙදුණා.
මුලින්ම චාපාගේ විස්තර ටිකක් කියමු?
මම චාපා විජේසිංහ. දැනට පදිංචිය බොරලැස්ගමුවෙ. මේ වෙද්දී රංගන ක්ෂේත්‍රයට පිවිසිලා කටයුතු කරනවා. ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක්.
‘මාරක සර්කස්’ ටෙලි නිර්මාණයේ නටාෂාගේ චරිතය ලැබෙන්නෙ කොහොමද?
මාරක සර්කස් කියන්නේ මගේ පළමු වැනි ටෙලි නාට්‍ය නෙමෙයි. මීට කලින් සම්බන්ධ වුණු ටෙලි නාට්‍යයක සහය අධ්‍යක්ෂවරයකුගේ නිර්දේශ කිරීමක් හරහා මාරක සර්කස් ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ සේනාන් විමලවීරගෙන් ලැබුණු ආරාධනාවක් අනුවයි මට නටාෂාගේ චරිතයට පණ පොවන්න අවස්ථාව ලැබෙන්නේ.
නටාෂා ගැන රසිකයො මොනවද කියන්නෙ?
මම සම්බන්ධ වන නිර්මාණ අතරින් පළමුවෙන්ම විකාශය වන ටෙලි නාට්‍ය තමයි මාරක සර්කස් කියලා කියන්නේ. දැනට නම් සතුටුදායක ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම මම වැඩ කරන රංගන ශිල්පීන්ගෙන්, ප්‍රවීණයන්ගෙන් මට මගේ අඩුපාඩු හදාගන්න උපදෙස් ලැබෙනවා. ඉතිං නවක රංගන ශිල්පිනියක් විදිහට මම ඒ දේවල් ආදරෙන් භාරගෙන ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා.
චාපාත් නටාෂා වගේමද?
නැහැ. නටාෂා කියන්නෙ අම්මා තාත්තා නැතිව තනිවම හැදෙන වැඩෙන ගැහැනු ළමයෙක්. ඒ වගේම මරණය අතේ තියාගෙන ජීවිතේට හරිම සැහැල්ලුවෙන් මුහුණ දෙන කෙනෙක්.
චාපාත් නිතරම නටාෂා වගේම සිනහවෙන් ඉන්න කෙනෙක් කිව්වොත් හරි. කෙටියෙන්ම කිව්වොත් හරිම සරල, සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක්.
චාපා ගල්ගමුවේ ඉඳලා කොළඹ එන්නේ?
මම ඇත්තටම කොළඹ එන්න ඕනේ කියලා හිතාගෙන ආව ගමනක් නෙමෙයි මේ. විශ්වවිද්‍යාලයේ අවසාන අවුරුද්දේ ඉගෙන ගන්න කාලෙ, ඒ කියන්නෙ ගිය අවුරුද්දෙ ස්වාධීන රූපවාහිනිය මගින් පවත්වපු අවුරුදු කුමරා කුමරිය තරගාවලියට මම අයදුම්පතක් යොමු කරනව. එයින් ජයග්‍රහණය කරනවාත් සමගම තමයි මට රංගනයට අවස්ථාව ලැබෙන්නෙ. ඒ වන විට මගේ අධ්‍යාපන කටයුතු නිමවෙමින් පැවැති නිසාත්, රංගන කටයුතුවලට තියෙන පහසුව නිසාත් මම කොළඹ නතර වෙන්න තීරණය කරනවා.
ඒ ආපු ගමනේ අත්දැකීම් මොන වගේද?
මේ ගමනෙන් ජීවිතයට ලැබුණු අත්දැකීම් මෙතෙකැයි කියලා ඉවර කරන්න බැහැ. මේ කෙටි කාලය තුළ මට ලොකු අත්දැකීම් ප්‍රමාණයක් ලැබුණා. මේක සමාජ අත්දැකීම් සහ අවබෝධය තුළින්ම ඒ ඒ විෂයය පිළිබඳ දැනුමත් එක්කම යා යුතු ගමනක් කියලා මම හිතනවා.
විස්සයි විසි හතර අවුරුද්දේ අයි.ටී.එන්. අවුරුදු කුමරිය ඔබ?
ඔව්. 2024 ස්වාධීන රූපවාහිනියේ අවුරුදු කුමරා කුමරිය තරගාවලියේ ප්‍රථම ස්ථානය ලබා ගන්න මට හැකි වුණා. ඒ ගැන නිහතමානී සතුටක් සහ ආඩම්බරයක් තියෙනවා.
චරිතයක් වෙනුවෙන් මුලින්ම කැමරාව ඉදිරියට ගිය දවස ගැන මතක් කළොත්?
ඇත්තටම එහෙම විශේෂ දෙයක් නම් මට හිතුනේ නැහැ. මම ඒ වෙලාවේ හිතුවේ චරිතය ගැන පමණයි.
‘මාරක සර්කස්’ ඇත්තටම මාරකයක්ද?
මාරක සර්කස් ටෙලිනාට්‍යයත් එක්ක ඉන්න ආදරණීය ප්‍රේක්ෂකයන්ට මම ඒක භාර කරනවා.
නටාශාට මොකද වෙන්න?
නටාෂාට මොකද වෙන්නේ කියලා කිව්වොත් මම හිතනවා ඒකෙ වටිනාකම අඩුවෙයි කියලා. ඉතිං මම ප්‍රේක්ෂකයන්ට ඒකත් භාර දෙනවා. මොකද වෙන්නේ කියලා අපි බලමු නේද ඉස්සරහට.
දිගටම රඟපාන්නද අදහස?
නැහැ. ඇත්ත වශයෙන්ම වෘත්තීයමය වශයෙන් මම රංගන කටයුතු කරන්න සූදානම් නැහැ. ඒ වගේම හැම නිර්මාණයකම මම රංගනයෙන් දායක වෙන්න ඕනේ කියලා හිතන්නෙත් නැහැ.
භාරගන්න එක නිර්මාණය හෝ සාර්ථකව අවසන් කිරීමට තමයි නිතරම බලාපොරොත්තු වෙන්නේ.
ඒ වගේම ඉදිරියේදී මගේ උසස් අධ්‍යාපන කටයුතු කරගෙන යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
සිනමාවටත් සම්බන්ධ වුණා කියලා ආරංචියි?
ඔව්, අජිත් ධර්මසූරිය අධ්‍යක්ෂණය කරන ‘සිහින සේයා’ චිත්‍රපටයට මම සම්බන්ධ වුණා. ඒ වගේම මේ අවුරුද්ද අවසානයේ අලුත් චිත්‍රපටයක රූගත කිරීම් කටයුතු කිරීමට සූදානමින් ඉන්නවා.
පවුලේ විස්තර?
ආදරෙන් මතක් කරන්න ඕනේ, මගේ පවුලේ ඉන්නෙ අම්මයි, අප්පච්චියි, අයියලා දෙන්නයි, මමයි. එයාල තමයි මගේ හැම වැඩකටම පොඩි කාලේ ඉඳන් උදව් කරන්නේ. ඒ වගේම මගේ ශක්තිය වුණෙත් ඔවුන්මයි.
විලාසිතා වලට ඇති කැමැත්ත?
මමත් විලාසිතා කරන්න කැමතියි. ඒවා තැනට සුදුසු විදිහට වගේම මටත් ගැලපෙන විදියට ලස්සනට තෝරා ගන්නවා.
චාපා කියන්නෙ පොලොවෙ පය ගහල ජීවත් වෙන චරිතයක්ද?
ඔව්, අපි හැමෝම කවදා හරි දවසක මැරෙන මිනිස්සු. ඉතිං ඕනෑම අවස්ථාවක අපිට ඕනෑ දෙයක් ජීවිතේ ඇතුළේ වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මම මේ මොහොත විශ්වාස කරමින් සතුටින් ජීවත් වෙනවා.
මහේෂ් එදිරිසිංහ
