
මේ දිනවල විකාශය වන ‘මා‘ ටෙලි නාට්‍යයේ චමත්කාගේ චරිතය කා අතරත් කතාබහට ලක්වන චරිතයක්. ඒ චරිතයට පණ පොවන ඇය දක්ෂ සුරූපී නවක පරපුරේ රංගන ශිල්පිනියක්. ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගත් ඇය කලා ලොවට එක් කරන්නේ අමුතුම ආලෝකයක්. ඇය නමින් ගීත්මා බණ්ඩාර. මේ දිනවල ඔබේ කාලය ගෙවී යන්නේ කොහොමද?
මේ දවස්වල “සංගීතේ” ටෙලි නාට්‍ය පුරුදු විධියට විකාශය වෙනවා. ඒ වගේම මම රංගනයෙන් දායක වන “මා” ටෙලි නාට්‍යයත් ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වෙනවා. මේ වෙද්දී ඒ ටෙලි නාට්‍යයත් ගොඩාක් ජනප්‍රියයි. හිරු නාළිකාවේ “හිරු කුමරු ආදරේ ගෙනල්ලා” ටෙලි නාට්‍යයත් විකාශය වෙනවා. ඒත් එක්කම අලුත් ටෙලි නිර්මාණයක් එක්ක එකතු වෙලා ඉන්නවා. මම හිතන්නේ ඒකත් මේ මාසයේදී විකාශය වෙන්න නියමිතයි. ඒ වගේම සිනමා නිර්මාණ දෙකක වැඩ කටයුතු කරලා අවසන් කළා.
‘මා’ ටෙලි නාට්‍යයේ චමත්කාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මේ දවස්වල මම හිතන්නෙ මට වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ ‘මා’ ටෙලි නාට්‍යයට සහ ‘හිරු කුමරු ආදරේ ගෙනල්ලා’ ටෙලි නාට්‍යයට. මගේ ජනප්‍රියම ටෙලි නාට්‍යය වුණේ ‘සංගීතේ’ අසෙනිගේ චරිතය. මම හිතන්නේ මම වැඩිපුරම ප්‍රේක්ෂක ආදරය වින්දේ අසෙනි වෙනුවෙන්. ඒ ආදරය නොඅඩුවම තවමත් ලැබෙනවා. ඒත් එක්කම සංසාරිණී හි අනගිටත් ලොකු ආදරයක් ලැබුණා. නමුත් ඒ දෙකම ඉක්මවා මේ වන විට චමත්කාට ආදරය ලැබෙනවාද කියලා මට හිතෙනවා. මම හිතන්නේ මම කරපු කැරැක්ටර්ස් එක්ක ඒක තරමක් වෙනස් කැරැක්ටර් එකක්. කෙටි කාලයකින්ම ඒ චරිතය ප්‍රේක්ෂකයන් ආදරය කරන චරිතයක් බවට පත්වුණා.
‘මා සහ සංගීතේ’ කියන්නේ වෙනස් විධියේ පෙම්වතියන් දෙපළකගේ චරිත නිරූපණයක්?
එක එක චරිත එක එක විධියයි. සමහර වෙලාවට ඒක අපට දැනෙන විධියත් එක්ක අපෙන් දේවල් ඒ චරිතයට එකතු වෙලා, රචකයාගෙන් සහ අධ්‍යක්ෂගෙන් දේවල් එකතුවෙලා හැමෝගෙම එකතුවක් විධියට තමයි චරිතයක් එළියට එන්නේ. ඉතින් අසෙනි අහිංසකයි, ඇය ආදරය වෙනුවෙන් සටන් කරන කෙනෙක්. චමත්කා කියන්නේ යුක්තිය වෙනුවෙන් සටන් කරන කෙනෙක්. ඇය මඩේ පිපිලා උඩට ආපු නෙළුම් මලක් වගේ. මම හිතන්නේ චමත්කාගේ සමහර ගති ලක්ෂණ එක්ක මේ වෙද්දී මම චමත්කාගේ චරිතයට ගොඩක් ආදරය කරනවා. මහේෂ් අයියගේ පිටපතට අනුව ඉරේෂ් ලොකුබණ්ඩාරගේ අධ්‍යක්ෂණයෙන් සහ නිශාන්ත ප්‍රදීප්ගේ නිෂ්පාදනය සමඟ මේ හැමෝගෙම ආදරය මීට එකතු වෙනවා. ඉතින් මේ චරිතය කරද්දී අපි කතාබහ කරලා තමයි කරන්නේ. ඒ වගේම අසෙනි කියන්නේ මම හරි නිදහසේ රඟපාන චරිතයක්. අසෙනිගේ ඇතුළේ බොහෝ වෙලාවට මම ජීවත් වෙනවා.
රසික ආදරය ඔබට දැනෙන්නේ කොහොමද?
ඇත්තටම මම හිතන්නේ ඒක කෙනකුට ලබන්න පුළුවන් හොඳම දේ සහ හොඳම වත්කම. ජනප්‍රියත්වය සහ ප්‍රසිද්ධිය කියන්නේ දෙකක්නේ. මිනිස්සු ප්‍රසිද්ධි වෙන්න ඕනෑ තරම් දේවල් කරනවානේ. ජනප්‍රියත්වය මගේ පසුපස හඹා ඒම මට ආශීර්වාදයක් විධියට තමයි දැනෙන්නේ. ඒ නිසා මගේ ලොකුම වත්කම මගේ ප්‍රේක්ෂකයා. හොඳ හෝ නරක මට කමෙන්ට් එකකින් හරි කියනවා නම් ඒ අඩුපාඩු හදාගෙන රංගන ක්ෂේත්‍රයේ ගමනක් යන්න ඒක උදව්වක් කියලා තමයි මම හිතන්නේ.
ඔබේ ජනප්‍රියත්වය දිගටම රඳවා ගැනීමේ රහස කියමු?
මටත් ඒක වෙන්නේ කොහොමද කියලා තේරෙන්නේ නෑ.මම හිතන්නේ ඒක චරිත තෝරා ගැනීමත් එක්ක වෙන්නේ. මොකද මිනිසුන් ආදරය කරන චරිත ගොඩක් මට ලැබෙනවා. නමුත් යම් යම් තෝරා බේරා ගැනීම් සහ කාල කළමනාකරණ ගැටලු මැද්දෙන් තමයි මම හොඳ චරිතයක් තෝරා ගන්නේ. ඒත් එක්ක මම හිතන්නේ මම තෝරගන්න චරිත නිසා තමයි ප්‍රේක්ෂකයන් ගොඩක් මට ආදරය කරන්නේ.
ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් නවක පරපුරට ලැබෙන සහයෝගය කොහොමද?
මම හිතන්නේ මගේ පළමුවැනි ටෙලි නාට්‍යයේ ඉඳලම මට පුදුම ආදරයක් ලැබුණේ. මම හරි වාසනාවන්තයි. මොකද බොහෝ අය කියනවානේ ක්ෂේත්‍රයේ කැපිලි කෙටිලි තිබෙනවා කියලා. නමුත් මගේ පළමුවැනි ටෙලි නාට්‍යයේ ඉඳලාම අද වෙනකල් සියලුම දෙනාගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. මම ලොකු දේවල් මේ කලාව ඇතුළේ කරලා නෑ. නමුත් මම කරන පුංචිම දෙයකට වුණත් හැමෝගෙන්ම ආශීර්වාදය ලැබෙනවා. ඔවුන්ගෙන් උපදෙස් ලැබෙනවා. විශේෂයෙන්ම ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු, සනත් ගුණතිලක වගේ ප්‍රවීණයන් රැසකගෙන් මට උපදෙස්, ආශීර්වාදය, ආදරය ලැබෙනවා. මම හිතන්නේ මම හැම අතින්ම වාසනාවන්තයි. මම දකින කලාව ඇතුළේ ප්‍රවීණයන් අපට හැමවෙලේම අත දෙනවා. මට නම් ඒ සහයෝගය උපරිමයෙන්ම ලැබිලා තිබෙනවා.
ඔබව ඉදිරියේදී රිදී තිරයෙනුත් දකින්න ලැබෙන සුබ ආරංචිය ගැනත් කියමු?
මේ වනවිට නිර්මාණ රැසකට ආරාධනා ලැබිලා තිබෙනවා. නමුත් කාලයේ ප්‍රශ්නයත් එක්ක තෝරා බේරාගත් නිර්මාණවලට පමණයි සම්බන්ධ වෙන්නේ. මම ටිකක් තෝරා බේරා ගැනීම් කරනවා. මොකද ලැබෙන චරිත මට ගැළපෙන චරිත වෙන්නත් ඕනි නේ. මම හිතන්නේ මගේ සිනමා ගමන ඒ තරම් පරක්කු වුණෙත් ඒ නිසා වෙන්න ඇති. මේ වෙද්දී සිනමා නිර්මාණ දෙකක වැඩ සම්පූර්ණයෙන්ම අවසන්. ඒ දෙකට අමතරව ලබන මාසයේ තවත් සිනමා නිර්මාණයකට දායක වෙනවා. ඉතින් ඒ සිනමා ගමනත් මේ විධියටම ලස්සනට යන්න මට ලැබෙයි කියලා හිතනවා.
ඔබ ඔබේ රංගන කුසලතා වැඩි දියුණු කර ගැනීමට විශේෂ අධ්‍යයනයන් කරනවාද?
කාලයත් එක්ක ඇත්තටම මගේ අතින් එහෙම අධ්‍යනයක් වෙන්නේ නෑ. මොකද ටෙලි නාට්‍ය වෙනුවෙන් ලොකු කාලයක් මට වැය කරන්න වෙනවා. නමුත් මම රඟපාන තැන, එදා කණ්ඩායම තමයි මම ඉගෙන ගන්න තැන. විවිධ මිනිසුන් අපට හමුවෙනවා. ඔවුන් දිහා බලාගෙන ඉඳලා මම දේවල් ඉගෙන ගන්නවා. මම කිසිසේත්ම රංගනය විෂයක් විධියට හදාරලා නෑ. නමුත් මගේ රංගන පාසල මගේ කලාවමයි. කලාව ඇතුළෙන්ම ඉගෙනගෙන තමයි මම මේ ගමන යන්නේ.
ආදරය හා විවාහය ගැන ඔබේ කියැවීම?
ආදරය කියන්නේ අපි හැමෝගෙම ජීවිතයට ඕන දෙයක්. අපි හැමෝම කොතැනක හරි පෙම්වතෙක් පෙම්වතියක්. ඉතින් ජීවිතයේ සමහර ලැබීම් සහ සමහර නොලැබීම් තිබෙනවා. ඒකට තමයි ජීවිතේ කියන්නේ. අමාරුම තැන්වල ජීවිතය දරාගෙන හොඳම දේ ලැබෙනකල් තමන් වෙනුවෙන් වැඩ කරන එක තමයි මම හිතන්නේ හොඳම දේ.
රුවිනි අමරකෝන්
