
මුලින්ම අපි කතා කරමු අලුත්ම මෑෂ්අප් එක ගැන?
මේක ඇත්තටම මම කරපු පොඩි පර්යේෂණාත්මක වැඩක්. බෙංගාලි ජන සංගීතය ඇසුරින් හදපු හින්දි සින්දුවක් සහ සිංහල ජනගීයක් එකතුවෙන් කරපු මෑෂ්අප් එකක්.
ඇයි මේ විදිහේ අත්හදා බැලීමක් කරන්න හිතුවේ?
ප්‍රධානම හේතුව තමයි ජන සංගීතය මිනිසුන් අතරට අරගෙන යන්න පුළුවන් විදිහේ වැඩක් කරන්න මට කාලයක් තිස්සේ හිතේ තිබුණ වුවමනාව. ඒ නිසා තමයි හින්දි සින්දුවක් සහ සිංහල ජනගීයක් එකතු කරගෙන අපේ ලංකාවට පමණක් සිමා නොවී ඉන්ටර්නැෂනල් මාර්කට් එකට රීච් කරන්න පුළුවන්ද කියන එක බලන්නත් එක්ක මේ නිර්මාණය කළේ. ඒක කොහොමද වෙන්නේ කියන එක බලමු ඉස්සරහට.
මේ නිර්මාණය එක්ක එකතුවුණු කණ්ඩායම ගැනත් මතක් කරමු?
මේක සංගීතඥයින් එකතුවෙලා කරපු වෙන වැඩක්. මම රුසිරු අයියාට මුලින්ම කිවුවෙත් මේ සින්දුවයි මෙන්න මේ ජන කවියයි එකට එකතු කරලා වෙන විදිහේ හඬක් ඇහෙන වැඩක් කරලා ඕනේ කියන එක. ඒකට මූලිකවම අපි පාදක කරගත්තේ බෙර. ඉන්දියාවේ කන්ජිරා කියන බෙරයත්, ලංකාවේ ගැට බෙරය තමයි අපි භාවිත කළේ. මෙහි සංගීත අධ්‍යක්ෂණය කළේ රුසිරු රූපසිංහ අයියා. බෙර පැත්ත සහ කන්සෙප්ට් පැත්තේ මුල ඉඳන්ම හිටියා රෙහාන් සේනාධීර, බටනළා වාදනය කළේ චමිත් හේෂාන්, බේස් ගිටාර් වාදනයෙන් ඩිලෝන් සහ රිදම් ගිටාර් එකෙන් නලින් ජයවර්ධන. මේ පස් දෙනා සහ මම එකතුවෙලා කරපු වෙනස් විදිහේ වැඩක්. මෙතැනදී විශේෂයෙන්ම අනුර රණසිංහ අයියාව මතක් කරන්න ඕනේ. මොකද මෙහි රූප රචනාව කළේ අනුර අයියාගේ ඉන්වේව් ස්ටුඩියෝ එකේ (Inwave Music Studio). මගේ රැජිනට ඇන්දා සහ රූප සුන්දරී සින්දුව ෂූට් කළෙත් අනුර අයියාගේ ස්ටුඩියෝ එකේ. ඔහු එදා ඉඳන්ම මට ලබා දෙන්නේ ලොකු සහයෝගයක්.
විෂුවල් එකේ ලොකු වෙනසක් කරලා තියෙනවා, තිරෙන් පිටුපස හිටිය අය ගැනත් කියමු
අනිවාර්යෙන්ම. මගේ අම්මා තාත්තා හැරුණම මගේ හැම වැඩකදීම ඉන්නේ සහන් සර් සහ මෙලනි මිස් (සහන් සර්ගේ බිරිඳ) ඒ දෙන්නත් එක්ක තමයි වැඩි හරියක්ම සැලසුම් කළේ. අපි කිහිප දෙනෙක් එක්කම කන්සෙප්ට් කතා කළා. අවසානයේ මම හිතපු විදියටම මේ වැඩේ කර ගන්න පුළුවන් කෙනෙක් හම්බුණා. ඒ තමයි විශ්වා බාලසූරිය අයියා. එයාගෙම ප්‍රඩක්ෂන් එකක් විදිහට මේ වැඩේ කළේ. විශ්වා අයියා කියන්නෙත් නැටුම් ඉගෙන ගත්ත බෙර වාදනය කරන්නට හැකි කලාකරුවෙක් වීම මේ වැඩේදි මට මාරම විදිහට වැදගත් වුණා. කොස්ටියුම් ඩිසයිනින් එකේ ඉඳන් අපි සෑහෙන ප්ලෑන් කළා. ලොකේෂන් හොයන්න බොහෝ දුර ගියා. පොඩි ට්‍රිප් එකක් වගේ වැඩක්. අවසානයේ අපිට ලස්සන තැනක් ලැබුණා. ඒ තැනෙ නම “ද ඇන්ටික් ගැලරි”. මේ ඔක්කොම එකතු වුණාම වෙනස් විදිහේ අමුතු තාලේ වැඩක් කරන්න පුළුවන් වුණා. මේ මෑෂ්අප් එකට දායක වුණු සියලු සංගීත ශිල්පින්වත් මේ විෂුවල් එක හරහා පෙන්වලා තියෙනවා. ඒක මම හිතුවටත් වඩා එහා හිතලා කලාත්මක විදිහට කළේ විශ්වා බාලසූරිය. ඒ එක්කම මේ වැඩේදී මා එක්කම අම්මා තාත්තා හැරුණම හිටියේ මෙලනි රන්වල මිස් ඇතුළු හැමෝම ආදරෙන් මතක් කරනවා.
ඔය ඔබේ සංගීතය පැත්තනේ, රංගනය පැත්තේ මේ කාලේ විස්තර කිවුවොත්?
දැන් කාලයක ඉඳන් හොඳ වැඩක රඟපාන්න ලොකු අවශ්‍යතාවකින් හිටියා. එහෙම ඉන්නකොටයි ආදරණීය මිනිසෙක් නාට්‍යය ලැබෙන්නේ. හැබැයි මේ නාට්‍යය මට මුලින්ම ලැබෙන්නේ මීට අවුරුදු දෙකකට කලින්. ඒ කාලේ තමයි මෙහි මුල් එපිසෝඩ් 20 කරලා චැනල්වලට භාර දුන්නේ. කොහොම හරි අවුරුදු දෙකක කාලයකට පස්සේ අද වෙද්දී ජාතික රූපවාහිනිය හරහා මේ නාට්‍යය විකාශය වෙනවා. මම රඟපාන නාට්‍යයක් ජාතික නාළිකාවේ විකාශය වීමත් මම භාග්‍යයක් විදිහට දකින්නේ. අනිත් අතට මෙගා නාට්‍යයක් නොවන නිර්මාණයක් කරන එකත් මම කාලයක් තිස්සේ ආසාවෙන් හිටිය දෙයක්. ඒ එක්කම මේ නාට්‍යය ඇතුළේ ඉන්නේ ප්‍රවීණ ශිල්පින්. ඒ අය එක්ක මටත් ප්‍රධාන චරිතයක් කරන්න ලැබීම හරිම සතුටුයි. දැනට කොටස් කිහිපයක් විකාශය වුණත් ලැබෙන ප්‍රතිචාර ඉහළයි.
චරිතේ ගැනත් කතා කරමු
ආදරණීය මිනිසෙක් නාට්‍යය තුළ සමීරා කියන්නේ මම මෙතෙක් කරපු චරිතවලට වඩා වෙනස් චරිතයක්. කොලු පවර් එකක් තියෙන ගැහැනු ළමයෙක්. තාත්තා මාළු ලෑල්ලක් කරන්නේ. නමුත් තාත්තා ඒක හරියට කරන්නේ නැති වුණාම ඒ බරත් කරට අරගෙන ජීවිතේට මුහුණ දෙන කෙල්ලෙක්. ඒක මම හරිම ආසාවෙන් භාර ගත්තේ. මම මේ චරිතේ ලැබුණාම අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතාගෙන් මම ඇහුවේ මේකේ මම කොල්ලෙක් වගේ ද ඉන්න ඕනේ කියලා. එයා කිවුවේ නැහැ කොල්ලෙක් වෙන්න එපා, ඔයා කෙල්ලෙක්. ඔයාට තියෙන්නේ ඔක්කොම ගැහැනු ලක්ෂණ වුණාට හැබැයි ඔයාට තියෙන්න ඕනේ පිරිමියෙක්ට තියෙන්න ඕනේ ගට් එකක්. ගැහැනු ගති තියාගෙන පිරිමියෙක් වගේ ශක්තිමත් වෙන එකත් එක්ක මේ චරිතය මට අභියෝගයක් වුණු චරිතයක්. මාව නිළියක් කරන්නෙම සිවා අන්කල්. නැවත වතාවක් මම ස්තුතිවන්ත වෙනවා මට මෙවැනි චරිතයක් ලබා දීම ගැන.
ඔය දේවල් හැරුණම මේ දිනවල මොන වගේ කලා කටයුතුද කරන්නේ?
මේ දිනවල තවත් ගීත දෙකක් නිර්මාණය වෙමින් තියෙනවා. මේ අවුරුද්දේ මුල ඉඳන් මම ගීත කිහිපයක් කරන්න උත්සාහ කළත්, නිර්මාණකරුවන් කාර්යබහුල වීම එක්ක මට අවශ්‍ය විදිහට සහ මම කැමැති අය එක්ක ගීත නිර්මාණය කර ගන්න බැරි වුණා. ඒ නිසා මගේ ප්‍රේක්ෂකයින් වෙනුවෙන්ම තමයි මේ මෑෂ්අප් එක කළේ. ඒ අතරේ මගේ අලුත්ම ගීත දෙක තැන් දෙකක හැදීගෙන යනවා. ඒ නිර්මාණ මම මෙතෙක් කරපු ගීතවලට වඩා වෙනස්ම දෙකක්. ඉන් එකක් හෝ මේ අවුරුද්දේ රූප රචනාවක් එක්කම එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා
