ඇහි පිල්ලමක්වත් වෙනස් නොකර ලැබුණු චරිත රඟපාන්න කැප වුණා -බුද්ධදාස විතානාරච්චි

gossiplanka image 2
 
රූපණවේදය ඉස්මතු කෙරෙන ටෙලි නිර්මාණ මේ කාලයේ බිහි වන්නේ ඉතා කලාතුරකිනි. ලාභ සොයන බාල උපක්‍රම බවට ටෙලි කලාවත් ගොදුරු කරගත් ව්‍යාපාර ලෝකයක උසස් රසවින්දනාත්මක නිර්මාණ පිළිබඳ රුචිකත්වය සහ බලාපොරොත්තු සුන් වූ සමාජයක රනිල් කුළසිංහගේ අධ්‍යක්ෂණයෙන් කල එළි දකින ‘හිද්දලයෝ’ ටෙලි නිර්මාණය ප්‍රේක්ෂකයින් වැලඳ ගන්නේ නියඟයකදී ලද දිය බිඳක් ලෙසිනි. මෙහි එන චරිත ද නිරූපණයෙහි යෙදෙන්නේ ඉතාම දක්ෂ රූපණවේදීන් පිරිසක් වීම විශේෂත්වයක් වන්නේ ඒ අතරින් බහුතරයක් ශිල්පීන් පහුගිය කාලයේ රූපවාහිනි තිරය මතින් නොදුටු බැවිනි.

“ආවාට ගියාට කතා කරන හැම එකකටම කැමරාවක් ඉස්සරහ පෙනී සිටින්න අපට බැහැ. අපි මේ රූපණවේදය ඉගෙන ගන්න, ඒ පිළිබඳ වැඩිදුර හදාරමින් අභ්‍යාස කරමින් ලොකු කැපකිරීමක්, වෙහෙසක් දරා තිබෙනවා. ඒ නිසා කැමරාවක් ඉස්සරහ ඉඳගෙන බොරුවට රඟන්න අපට බැහැ. බුද්ධදාස විතානාරච්චි කියන නම මේ රටේ යම්කිසි කෙනෙක් හඳුනාගෙන තියෙනවා නම් ඒ මා විසින් කරන ලද රූපණයන්හි තිබුණු සාර්ථකත්වය නිසා යි. අනෙක් සියලු දේ දෙවැනුවයි. මේ නිසා මහත් පරිශ්‍රමයකින් මා විසින් ගොඩනඟා ගන්නා ලද ඒ සාර්ථක බව නිර්මාණයක් නොවන දෙයක පෙනී සිටීමෙන් නසා ගන්න මට බැහැ. ඒ නිසා චරිතයක් නිරූපණය කරන්න තියෙන අවස්ථාවක් ලැබුණොත් ඒ වෙනුවෙන් කැපවෙලා ලැබෙන චරිතයට උපරිම සාධාරණය ඉටු කරනවා. ‘හිද්දලයෝ’ ටෙලි නිර්මාණයේ මම නිරූපණය කරන්නේ මරුවල්ලිය සටන් පරපුරේ කෙනෙක් වන ‘ගලගොඩ නිලමේ’ නම් චරිතයයි. ඒ වගේම මේ රටේ ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක් වුණු 1848 මාතලේ කැරැල්ලට පසු කාලයේදී මරුවල්ලිය සහ සුදලිය සටන් පරම්පරා දෙක අතර වුණු කතන්දරයක් මෙහිදී කියැවෙනවා. කතාවේ හැටියට ගලගොඩ නිලමෙට පුතෙක් නැහැ. ඔහු සිය පරපුරෙන් උරුම කරගෙන ආ සටන් කලාව තමන්ගේ දියණියට උගන්වනවා.”   

ටෙලි කලාව වෙළෙඳ මාෆියාවක් බවට පත්ව ඇති මෙවන් කාලයක ඉතිහාස කතා ප්‍රේක්ෂක රුචිකත්වයට නතු වේද යන්න පැනයක් මතුවෙද්දී රේටිංස් හඹා යන මාධ්‍ය සංස්කෘතියක ඉතිහාසය අලෙවි කරන්නට ‍මාධ්‍ය වෙර දරනු පෙනේ. ටෙලි නාට්‍ය අතරට වෙළෙඳ දැන්වීම් නොව වෙළෙඳ දැන්වීම් අතරට ටෙලි නාට්‍ය විකාශය කිරීමේ ක්‍රමවේදයක් පවතින මෙවන් යුගයක ඉතිහාස කතා කෙරෙහි ප්‍රේක්ෂකයන්ගේ රුචිකත්වය රඳවා ගැනීම පහසු නොවේ.

“ඒක ඇත්ත. නමුත් ‘දඬුබස්නාමානය’ විකාශය වෙලා වසර තිහක් ගත වෙලත් ප්‍රේක්ෂකයන්ට ඒ නාට්‍ය එපා වෙලා නැහැ. නැවත විකාශය වෙද්දිත් පෙර සේ කැමැත්තෙන් බලනවා. අලුත් ප්‍රේක්ෂක පිරිසකුත් එකතු වෙනවා. ඉතිහාසය කොතරම් දුරට නිවැරදිවත්, විශ්වසනීය ලෙසත් ඉදිරිපත් කරන්නේද යන්න මත ඒ කෙරෙහි ප්‍රේක්ෂක රුචි – අරුචිකම් රඳා පවතිනවා. යම්කිසි නිර්මාණයක විශ්වාසය බිඳුණොත් ඒ වගේ නිර්මාණයකට ප්‍රේක්ෂකයන් කැමති වෙන්නේ නැහැ. ඒක විහිළුවක් බවට පත් වෙනවා. මට ලැබුණු සමහර චරිත තියෙනවා ඉතාම කෙටි වේලාවක් විතරයි ඒ චරිතය මුළු නිර්මාණය පුරාම තියෙන්නේ. නමුත් සමස්ත නිර්මාණය නරඹද්දි තමයි දැනෙන්නේ ඒ චරිතය මොන තරම් ප්‍රබල ද, ඇයි මාවම මේකට ගත්තේ කියලා. ඒ නිසා නිර්මාණයක කිසිම දෙයක් සුලු කොට සලකන්න බැහැ. වලව් කතාවක් නම් ඒකේ වලව්ව ලැටිස් ගහපු පරණ තාලේ ගෙයක් වෙන්න බැහැ. ඒක වලව්වක්ම වුණොත් විතරයි නිර්මාණය පිළිබඳ විශ්වාසය තහවුරු වෙන්නේ. ඒ ආකාරයෙන් උසස්, විශ්වසනීය නිර්මාණවලට කවදත් ප්‍රේක්ෂක රුචිකත්වය නොඅඩුව ලැබුණා. ඒවා ඓතිහාසික ද නූතන ද කියලා නැහැ. ඓතිහාසික කතාවක් වුණාම එහි ඓතිහාසික බව විශ්වසනීයව ඉදිරිපත් කළාම නිර්මාණය කෙරෙහි ආකර්ෂණීය බව ඇති වෙනවා. අපට ලැබෙන චරිත අපි ඇහි පිල්ලමක්වත් වෙනස් නොකර නිර්මාණයට ගැළපෙන විදිහට රූපණය කිරීම අත්‍යවශ්‍යයි. ඓතිහාසික චරිත බොහෝමයක් මම රූපණය කර තියෙනවා. ඒවාට ඉතාම ඉහළ ප්‍රතිචාර, සම්මාන ගෞරව ලැබී තිබෙනවා. ආදර කතා, දික්කසාද වීම්, සමාජ විකෘතිතා මතු කරන, සෘණාත්මක දේවල්වලට වඩා ඉතිහාස කතා බලන්න මිනිස්සු කැමතියි. ඒවාට ලැබෙන ප්‍රතිචාරත් වැඩියි. නමුත් අද කරන්නේ නාට්‍ය නිර්මාණය ඇමක් වගේ තමයි පාවිච්චි කරන්නේ. දැන්වීම් ටික මිනිස්සුන්ට කාවද්දවන්න ඕනේ නිසා කවුරු කවුරුහරි එකතු කරගෙන, මුලක් මැදක් අගක් නැතුව, නාට්‍යයේ අතරමැදදී චරිත මරමින් හෝ අතුරුදන් කරවමින් කතාවක් නැති මොකක්දෝ අවුල් ගොඩක් මවාපාමින් වැඩි වේලාවක් දැන්වීම් ප්‍රචාරය කිරීම තමයි බොහෝ නාලිකාවල ව්‍යාපාරික අරමුණ වන්නේ. වෙළෙඳ දැන්වීම්වලින් ආයතනයට විශාල මුදලක් ලැබෙනවා. ඔවුන් බලාපොරොත්තු වන්නේත් එයයි. නිර්මාණ බංකොළොත් වෙලා තියෙන්නේ ඒ නිසායි.”

කෑගල්ලේ ඉපිද, ගමේ පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනයත්, පසුව කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනයත් ලද බුද්ධදාස විතානාරච්චි නම් ප්‍රතිභාපූර්ණ රංගවේදියා නැතහොත් රූපණවේදියා තුළ කුඩා කල පටන් ම චිත්‍ර ඇඳීමේ හැකියාව, කථන හැකියා මෙන්ම රංගන හැකියාව ද පැවතිණි. නාට්‍ය රංගනයට තිබුණු කැමැත්ත නිසා ඔහු ගමෙන් නගරයට සංක්‍රමණය විණි.

“හැත්තෑව දශකයේ මුල් භාගයේදී විතර මම කොළඹ එන්නේ මගේ නාට්‍ය ජීවිතය කරගෙන යෑම සඳහායි. එහෙම කොළඹට ඇවිල්ලා ලයනල් වෙන්ඩ්ට් රඟහලෙන් නාට්‍ය හා රංග කලාව හදාරලා දම්ම ජාගොඩගේ ‘වෙස් මුහුණු’ නාට්‍යයෙන් මුලින්ම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. ඊට පස්සේ දිගටම නාට්‍ය ලැබුණා. බන්දුල විතානගේ ගේ ‘හිරු දහස’, ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘මකරාක්ෂ’, ‘යක්ෂාගමනය’ වගේ නාට්‍යවලත් රඟපෑවා. 1974 ‘තක්ෂිලා නාඩගම නොහොත් මනමේ කතාවට තවත් අදහසක්’ කියලා නාට්‍යයක් කළා. ඒක රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නාට්‍ය බවටත් පත් වුණා. මම ඒකේ මනමේ කුමාරයා හැටියට රඟපෑවා. ඒ නාට්‍යයට සම්බන්ධ වුණු හැමෝම මනමේ කුමාරයාව ඉතිරි කරලා සදහටම යන්න ගියා.”

අනූව දශකයේදී ඔහු රූපවාහිනී කලාවට සම්බන්ධ වුණත්, රූපණවේදියෙක් හැටියට වඩාත් ප්‍රකට වුණේ ජයන්ත චන්ද්‍රසිරිගේ ‘දඬුුබස්නාමානය’ ටෙලි නිර්මාණයේ ගුරුන්නාන්සේගේ චරිතය නිසායි. පසුව ජයන්තගේම ‘අකාල සන්ධ්‍යා’, ඇතුළු ටෙලි නාට්‍ය සියල්ලටම වාගේ ඔහු සම්බන්ධ වූයේය. ජයන්ත චන්ද්‍රසිරි නම් අධ්‍යක්ෂවරයාගේ බහුතරයක් නිර්මාණවල චරිත නිරූපණයන් සිදු කරන්නේ එකම ශිල්පී කණ්ඩායමක් වීම විශේෂත්වයකි. ශ්‍රියන්ත මෙන්ඩිස්, කමල් අද්දරආරච්චි, ජැක්සන් ඇන්තනි, බුද්ධදාස විතානාරච්චි ඒ අතර විශේෂ විය.

“ඒකට හේතුව ජයන්තට හොඳ අවබෝධයක් තියෙනවා එක් එක් චරිතයට මේ මේ අය සුදුසු යි කියලා. ඒ වගේ ම ඔහු හඳුනාගත් ශිල්පීන් තුළ තිබෙන සුවිශේෂ දක්ෂතා පිළිබඳවත්, ඒ ඒ අයගේ පෞරුෂයන්, චරිතයක් ලබා දුන්නාම ඒ කෙරෙහි දක්වන කැපවීම ඔහු දැනගෙන හිටියා. ඒ වගේ ම ජයන්තට අපෙන් අවශ්‍ය මොන විදිහේ රූපණයක් ද කියන සවිඥානය ජයන්තත් එක්ක වැඩ කරපු හැමෝටම තිබුණා. එහෙම අය එක්ක තමයි ජයන්ත වැඩ කළේ. ඔහුගේ නිර්මාණ සාර්ථක වීමට හේතුවත් එයයි. සමහර පිටපත් ජයන්ත ලියද්දි සමහර චරිත සඳහා මොන ශිල්පියා ද තෝරා ගන්නේ කියලා මුලදීම තීරණය කරලා ඔහුට හෝ ඇයට අනුගත කළ හැකි පරිදි තිරපිටපත ලියා තිබුණා. ජයන්තයේ බොහෝ නිර්මාණවලදී මටත් චරිතයක් ලැබී තිබෙනවා. ඒ අතර ‘දඬුබස්නාමානය’ ටෙලි නාට්‍යයේ ‘ගුරුන්නාන්සේ’ විශේෂයි.”

ඊට අමතරව ‘ඉසිවර රණකෙළි’, ‘කළුවර ගෙදර’, ‘දුන්හිඳ අද්දර’, ‘බෝගල සවුන්දිරිස්’, ‘මහතලා හටන’, ‘යක්දෙහි ගෙදර’, ‘සකිසඳ සුවාරිස්’ වැනි නාට්‍ය ගණනාවක බුද්ධදාස විතානාරච්චි නම් ප්‍රතිභාපූර්ණ රංගවේදියාණන්ගේ විශිෂ්ට රංගනයන් ප්‍රකට විය. 1978 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘වීර පුරන් අප්පු‘චිත්‍රපටයට සම්බන්ධ වෙමින් සිනමාවට අවතීර්ණ වූ ඔහු අනතුරුව ගුරු ගෙදර, මාරුතය, අනන්ත රාත්‍රිය, සිහින දේශයක්, චන්න කින්නරී, දොරකඩ මාරාව, අග්නි දාහය, සුදු කළුවර, සුළං කිරිල්ලී, ගරිල්ලා මාර්කටින්, විජය කුවේණි, ශ්‍රී සිද්ධාර්ථ ගෞතම, සමනල සංධ්වනි, ඇහැළේපොළ කුමාරිහාමි, මහරජ ගැමුණු, ආලෝකෝ උදපාදි වැනි චිත්‍රපට ගණනාවක විවිධ සහ සුවිශේෂ චරිත නිරූපණයන්හි යෙදීමෙන් සරසවිය, සුමති, ජනාධිපති, රයිගම් ආදි වශයෙන් වූ සම්මාන රැසක් ද හිමිකර ගත්තේය.

“පසුගිය වසර දෙකක කාලයක් මම ඔස්ට්‍රේලියාවේ හිටියේ. එහෙදී ‘ෂැඩෝ’ (Shadow) නමින් චිත්‍රපටයක ලංකාවෙන් ගිය භූ ගර්භ විද්‍යාඥයකු ලෙස මම රූපණයේ යෙදුණා. එහිදී ඒ විද්‍යාඥයාගේ බිරිය මියයනවා. දරුවා අතුරුදන් වෙනවා. ඔහු ලංකාවට එනවා. වසර විසි පහකට පමණ පසුව ඔහු නැවත ඔස්ට්‍රේලියාවට යනවා. එහිදී ඔහුට තරුණ යුවතියක් හමුවෙනවා. ඒ යුවතිය තමන්ගේ පුතාගේ පෙම්වතිය. ඒ වුණාට දෙදෙනාම ඒ බව දන්නේ නැහැ. වසන්ත විට්ටච්චි, නයනතාරා වික්‍රමආරච්චි සහ ලංකාවේ තවත් ශිල්පීන් ඒ චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයනුත් ඊට සම්බන්ධ වුණා. ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරිකයකු වන චාලක ජයසිංහ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා. ඔස්ට්‍රේලියාවේ අවස්ථා කිහිපයකදී එය තිරගත වුණා. ලංකාවේ නම් තවම තිරගත ‍කළේ නැහැ.”

මීට අමතරව ලංකාවේ ඉදිරියේදී නිර්මාණය කිරීමට අපේක්ෂිත චිත්‍රපට කිහිපයකට ඇරයුම් ලැබී ඇති අතර තිර පිටපත් ලද පසු ඒ සම්බන්ධයෙන් වෙහෙසක් දරන්නටත්, ලංකාවේ වරින් වර රැ‍‍ඳෙන්නටත් ඔහුට සිදු වනු ඇත.

“හොඳ නිර්මාණයකට කතා කළොත්, හොඳ පිටපතක් වුණොත්, රූපණයේ යෙදෙන්නටත් යමක් තිබුණොත් එවැනි කටයුත්තක් මම මඟහරින්නේ නැහැ. තවම මට අලුත් පිටපත් කිසිවක් ලැබිලා නැහැ. නමුත් මම නැවත ඔස්ටේලියාවට යන්න සූදානම් වෙද්දී ජයන්ත ඇතුළු තවත් අධ්‍යක්ෂවරු කිහිපදෙනෙක් මට කිව්වා දැන්ම යන්න එපා වැඩ තියෙනවා කියලා. ඉදිරියේදී කිරීමට නියමිත වැඩ කිහිපයකට සම්බන්ධ වෙන්න මට සිදු වේවි. නමුත් වැඩි කාලයක් ලංකාවේ රැ‍‍ඳෙන්න බලාපොරොත්තුවක් නැහැ. දැන් රටකින් රටකට යන එක මහා අමාරු දෙයක් නෙවෙයිනේ. තාක්ෂණික මෙවලම් නිසා හැමෝම ළඟ ඉන්නවා වාගේ දැනෙනවා තමයි. මගේ බිරිය හේමමාලා, ලොකු දුව ප්‍රියංවදා, පුතා සිද්ධාර්ථ, පොඩි දුව සුලෝචනා, එකම ලේලිය කාංචනා, රුක්මන් හා උදය බෑනලා දෙදෙනා, කෞෂි, සපුමල්, කේතකී, අචීන්ත්‍ය, නව්‍යා, නවිඳු යන මුනුපුරු මිනිපිරියන් එක්ක භෞතිකව ඉන්න ලැබෙන එක තමයි දැන් මගේ ලොකුම සතුට වන්නේ. ඒ නිසා ලංකාවට වෙලා තනියම ඉන්නවාට වඩා එයාලා ළඟට යන්න මම වඩාත් කැමතියි. මොකද ආදරය තියෙන්නේ එතැනයි. මගේ මව මට ඉතාම සමීප වූ ආදරයයි. දෙවැනුව මා විවාහ වීමෙන් මා බැඳුණු පවුලයි. ඒ වුණාට ආදරේ කියලා ජීවිතයේ අනිත් දේවල් අතහරින්නත් බැහැනේ. ලැබෙන විදිහට ඉඩ වෙන් කරගෙන ලංකාවට ඇවිත් නිර්මාණ කටයුතුවලටත් සම්බන්ධ වෙනවා. නිර්මාණ නිසා මට ආදරය කරන රසික සහෘද පිරිසකුත් ඉන්න නිසා ඒ අයගෙන් දුරස් වෙන්නත් මට බැහැ.”

gossiplanka image 1
Previous Post Next Post