
දුමී, දේවී කුසුමාසන සිනමා නිර්මාණයේ පද්මාට ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?
ඇත්තටම ජයන්ත චන්ද්‍රසිරි සර්ගේ නවතම සිනමා නිර්මාණය වුණු දේවී කුසුමාසන තමයි මගේ පළමු සිනමා නිර්මාණය. ඉතිං මගේ පළමු සිනමා ගමන ආරම්භ වෙන්නේ දේවී කුසුමාසන සමගයි. ඉතිං එහි පද්මා කියන චරිතය තමයි නිරූපණය කරන්නේ. ඒකට මට ගොඩක් හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. මොකද මගේ සිනමා ගමන ආරම්භ වෙන්නෙ ජයන්ත චන්ද්‍රසිරි නමැති ප්‍රවීණ සිනමාකරුවාත් සමගයි. අනෙක් පැත්තෙන් මට පද්මාගේ චරිතයට වයස් බේදයකින් තොරව ප්‍රතිචාර ලැබෙනවා.
ජයන්ත චන්ද්‍රසිරි වැනි ප්‍රවීණ සම්මානනීය අධ්‍යක්ෂවරයෙක් යටතේ අධ්‍යක්ෂණයට නතුවීම ගැන මොකද හිතන්නේ?
මම මේක කිහිප අවස්ථාවකදීම ප්‍රකාශ කරලා තිබෙනවා. ජයන්ත සර් සමග ගත කරපු මාස දෙකක වගේ කාලසීමාව හරියට විශ්වවිද්‍යාලයකට ගියා වගෙයි. මොකද මම පෞද්ගලිකව පුංචි කාලේ ආසාවෙන් හිටපු චිත්‍රපට හා ටෙලිනාට්‍ය ගණනාවක අධ්‍යක්ෂවරයා ඔහු. ඊට කලින් පරම්පරාවත් ඒ විදිහටමයි. ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ චිත්‍රපටයකට දායකවෙන්න ලැබීම මගේ රංගන ජීවිතයේ සිහිනයක්. ඉතිං ඒක පළමු සිනමා ගමනෙන්ම සිදුවීම ගැන මම හරි වාසනාවන්තයි කියලා හිතනවා. ජයන්ත සර් අපිව හරි සූක්ෂමව ලස්සනට අධ්‍යක්ෂණය සිදුකළා. ඉතිං මම හිතනවා මට රංගනය පිළිබඳව අධ්‍යයනය සිදුකරන්න ලොකු අවස්ථාවක් ලැබුණා කියලා.
ද ලේක් ඔබේ නවතම ටෙලිනාට්‍යය. ඒ ගැන කට්ටිය මොනවාද කියන්නේ?
ඇත්තටම මම හිතුවට වඩා වැඩිය ප්‍රතිචාර තියෙනවා. මේක සයිකොලජි ත්‍රිලර් මිනිසීරිස් එකක්. මේ විදිහට මිනිස්සු ආදරයෙන් වැලඳගනීවි කියලා මම ඇත්තටම විශ්වාස කළේ නැහැ. අපි මේ වෙනුවෙන් ලොකු බරක්, ලොකු වෙහෙසක් අරගෙන සිදුකළ දැවැන්ත නිර්මාණයක්. සේමිණි ඉද්දමල්ගොඩ අක්කාගේ නිෂ්පාදනයක්. ධනුෂ්ක රේමන්ගේ අධ්‍යක්ෂණයක්. ඒක දැවැන්ත වැඩක්. ඉතිං මේ වැඩේ මෙච්චර දුරක් යද්දී ප්‍රේක්ෂකයන් මේ විදිහට වැලඳගැනීම ගැන ඇත්තටම සතුටුයි. එක පැත්තකින් දේවී කුසුමාසන පද්මා කියලා කතා කරනවා අනෙක් පැත්තෙන් රන්දි, රංගම්මා කියලත් මට කතා කරනවා. සමාජ මාධ්‍යවල ලැබෙන ප්‍රතිචාරත් ඉහළයි.
රංගම්මා, රන්දි වෙනුවෙන් මොනවගේ කැපකිරීමක් ද සිදුකළේ?
මානසික ආබාධයකින් පෙළෙන චරිතයක් තමයි නිරූපණය කරන්නේ. ඒක ඇත්තටම ලොකු පර්යේෂණයක් සිදුකරලා කරපු චරිතයක්. මේක ඩබල් ඇක්ටින් නෙමෙයි. එකම චරිතය ඇතුළේ විවිධ පෞර්ෂයන් නිර්මාණය වෙනඑක තමයි රෝගයේ තියෙන ලක්ෂණ. එකම චරිතය ඇතුළේ විවිධ පුද්ගලයන්ගේ පෞරුෂයන් තියෙනවා. ඉතිං ඒක අධ්‍යයනය කරලා තමයි සිදුකළේ. මම ඒ වෙනකොටත් ඒ වගේ රෝගයක් තියෙනවා කියලා ලොකුවට දැනගෙන තිබුණේ නැහැ. ඉතිං පර්යේෂණ පිටපත් කියවලා චිත්‍රපට ගණනාවක් නරඹලා අධ්‍යක්ෂ ධනුෂ්ක රේමන් සමග සාකච්ඡා කරලත් තමයි චරිතයට සූදානම් වුණේ.
මේ දවස්වල මොනවාද රූගත කිරීම් වැඩකටයුතු?
මේ වෙනකොට චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේම පසුගිය සතියේ මහේෂ් අයියාගේ මීටරේ චිත්‍රපටයේ මුහුරත් උළෙල පැවැත්වුණා. ඔය අතරේ ද ලේක් හි දෙවැනි අදියරේ රූගත කිරීම් ආරම්භ කරලා තියෙනවා. ඔහොම තමයි වැඩටික යන්නේ.
වැඩිපුර කැමැති සිනමාවටද? ටෙලිනාට්‍යවලටද?
ඇත්තටම මගේ අධ්‍යාපන කටයුතු සිද්ධවෙන්නේ සිනමාව සම්බන්ධවයි.
පසුගිය මාසයේ 30 වැනිදා මගේ විශ්වවිද්‍යාලයේ පළමු උපාධියේ අධ්‍යයන කටයුතු අවසන් කළා. එතැනදීත් මගේ ප්‍රැක්ටිස් එක කළේ චිත්‍රපට රංගනය සම්බන්ධවයි. ඉතිං මගේ ලොකු නැඹුරුවක් තියෙන්නෙත් සිනමාවට. හැබැයි ටෙලිවිෂන් එක ඇතුළෙත් මට වැඩක් කරන්න හම්බවෙන චරිතයකට ආසාවෙන් ඉන්නවා සහ වැඩ කරනවා. නමුත් ලොකු ආසාවක් සහ උනන්දුවක් දක්වන්නේ සිනමාවට.
වෘත්තිය නිළියක් වෙන්නද සූදානම?
නිළියක් කියනවාට වඩා ඇත්තටම රංගන ශිල්පිනියක් කියනවාට තමයි මම කැමැති. මගේ අධ්‍යාපන කටයුතු සිද්ධවෙන්නෙත් කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නාට්‍යය හා රංග කලාව පිළිබඳ විශේෂවේදී උපාධිය හදාරන්නේ. ඉතිං මම අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම සිද්ධකරලා තියෙන්නේ රංගනය සම්බන්ධවයි. ඉදිරියටත් මම යාවත්කාලීන වෙමින් අධ්‍යයනය කරන්න තමයි හිතාගෙන ඉන්නේ. මම හිතනවා චරිතාංග රංගන ශිල්පිනියක් විදිහට වෘත්තීය මට්ටමේ නියැළෙන්න ආසාවෙන් ඉන්නවා.
නවක රංගන ශිල්පිනියක් විදිහට පිටපත් තෝරාගැනීමක් සිදුකරනවාද?
ඔව්. මම පිටපත් තෝරාගැනීමක් සිදුකරනවා. මොකද මම ක්‍ෂේත්‍රයට එන්නේ සංගීතේ ටෙලිනාට්‍ය හරහායි. හැබැයි ක්‍ෂේත්‍රයට එනකොටත් මම රංගනය සම්බන්ධයෙන් හදාරමින් සිටියේ. එතැනින් පසුව මගේ ඉදිරි අධ්‍යාපන කටයුතුත් එක්ක අභියෝගාත්මක චරිත රඟපාන්න ආසාවෙන් ඉන්නවා. අධ්‍යාපනය වගේම ඒ චරිතයට අභියෝගයක් කරන්න පුළුවන් නම් මම හිතනවා ඒක තමයි රංගන ශිල්පියෙකුට තියෙන හොඳම උත්තේජනය. අභියෝගාත්මක චරිත තෝරාගන්න අනිවාර්යයෙන්ම පිටපතක් අධ්‍යයනය කරලා ඒක තෝරාබේරාගෙන තමයි යන්න ඕනෑ.
දිනේෂ් විතාන
