
ගොඩක් දෙනෙක් මෙයාව දන්නේ ධරණී කිව්වහම තමයි. ඒ මොකද දන්නවාද? මෙයා රඟපෑ ධරණී ටෙලිනාට්‍යයේ ධරණීගේ චරිතය ඒ තරමටම ජනප්‍රිය වුණා නේ. නමින් හේෂානි ලියඳිපිට වුණ ඇය ඔන්න මේ දවස්වල විවාහයෙන් පසුව ආපහු ලංකාවට ඇවිත්. හේෂානි මේ හදිසියේ ලංකාවට එන්න විශේෂ හේතුවක් තිබුණාලු. ඒ හේතුව මොකක්ද කියලා දැනගන්න මේ කතාව කියවලා බලන්නම වෙනවා.
හේෂානි මොකද මේ හදිසියේ ලංකාවට ආවේ?
මෙම රංගනයෙන් දායක වුණු කුලුඳුල් සිනමා නිර්මාණය ‘මදර් ලංකා’ පසුගියදා තිරගත කිරීම ආරම්භ කළා. ඉතිං ඒ හින්දා තමයි ලංකාවට ආවේ. මොකද මගේ විවාහ උත්සවයට චිත්‍රපටයේ අධ්‍යක්ෂ අනූෂ අයියා සහ පිටපත් රචිකාවිය වන ක්‍රිෂාන්ති කුලසූරිය සඳහන් කළා අනිවාර්යයෙන්ම ඉන්න ඕනෑ කියලා. ඉතිං මම හිතනවා මගේ ප්‍රථම සිනමා නිර්මාණයට මට දුන්න ඉඩ වෙනුවට කෘතගුණ සැලකීමක් විදිහට මට දෙන්න තියෙන හොඳම කලගුණ සැලකීම ඒක කියලා. ඉතිං ඒක තමයි හදිසියේ ලංකාවට ආවේ.
කොහොමද චිත්‍රපටයට ලැබුණ ප්‍රතිචාර?
මම හිතන්නේ සෑම රංගන ශිල්පියෙක්ම වගේම ශිල්පිනියක්ම තමාගේ ප්‍රථම සිනමා නිර්මාණයේ දී විඳින අත්දැකීම මම මේ වෙලාවේ විඳිනවා. ප්‍රේක්ෂකයන්ගෙන් වගේම ප්‍රවිණයන්ගෙන් ලැබෙන අදහස් වගේම උපදෙස් මම හරිම යටහත්ව පිළිගන්න කෙනෙක්. මගේ රංගන ජීවිතය් මගේ ලයිෆ් එකේ ෆිල්ම් එකක් කියන්නේ විශේෂ දෙයක්.
“මදර් ලංකා” දිලිනිට ආරාධනාව ලැබුණේ කොහොමද?
මට මුලින්ම දුරකථනයෙන් කතා කරන්නේ මෙහි පිටපත් රචිකාව වන ක්‍රිෂාන්ති අක්කා. ඊට පසුව සහාය අධ්‍යක්ෂ නිරෝෂන් අයියා මට පිටපත එවල තිබුණා. දිලිනිගේ චරිතය බලන්න කියලා. අන්තිමේ මම අධ්‍යක්ෂ අනූෂ සංජීව සමග කතාබහ කරලා චරිතය භාරගත්තා.
චිත්‍රපටය බැලුවට පස්සේ මොකද හිතුණේ?
මට හරිම සතුටුයි. බොරු කියන්න ඕනෑ නැහැ. මගේ ඇස්වලින් කඳුළු එන තරම් මම සතුටු වුණා. චිත්‍රපටය තිරගත වෙලා දවස් කිහිපයක් වෙනවා. නමුත් මම ඒ සතුට අදටත් විඳිනවා.
ගොඩක් නිළියන්ගේ හීනය සිනමාවට පැමිණීම. දැන් ඔබේ ඒ සිහිනය සැබෑ වෙලා?
ඒ ගැන හරිම සතුටුයි. හැබැයි මම කොයිම වෙලාවකවත් කියන්නේ නැහැ සිනමාව තමයි එකම තැන, සිනමාවේ විතරයි රඟපාන්න ඕනෑ කියලා. මම ආවෙත් පුංචි තිරයෙන්. පුංචි තිරයක් ඇතුළේ මගේ රූපය කාලයක් තිස්සේ දැක්ක මට රිදී තිරයක් ඇතුළේ මාව දකින කොට මම වගේම, මගේ ස්වාමි, පුරුෂයා මගේ පවුලේ අය ඇතුළු සියලු දෙනාම ඒ සතුට එක හා සමානව විඳිනවා.
ආපසු කවද ද ලංකාවෙන් යන්නේ?
තව සතියකින් ලංකාවෙන් යනවා.
කොච්චර කාලෙකට පස්සෙ ද එන්න හිතාගෙන ඉන්නේ?
දැනට නම් දින නියමයක් නැහැ. නමුත් ඉදිරි මාස තුනක ඇතුළත කාලයේදී මට නිර්මාණයකට දායක වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ ගැන හරියටම දින වකවානු තීරණය වුණාම ඒ වෙනුවෙන් ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.
විවාහයත් එක්ක රඟපෑමෙන් ටිකක් ඈත්වෙන්න අදහසක් තිබෙනවාද?
එහෙම අදහසක් නැහැ. හැබැයි මම ඉන්නේ මුහුදු හතක් එහා පැත්තෙනේ. ආරාධනා ලැබෙන විදිහට මට කරන්න පුළුවන් මොනවාද කියලා මගේ ස්වාමිපුරුෂයා එක්කත් කතාබහ කරලා අපි දෙන්නාගේම අදහස් ගැළපීමත් එක්ක වැඩ භාර ගැනීමක් සිදු කරනවා. රංගන ක්ෂේත්‍රයෙන් ඈත් වෙන්න අදහසක් නැහැ. මේක මම හරි ආදරය කරන ප්ලැට්ෆෝම් එකක්. මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය හදපු තැන. හැබැයි ඈත් වෙන්නේ නැහැ. නිර්මාණවලට ලැබෙන ආරාධනා එක්ක මට පුළුවන් විදිහට මම ඒ දේවල් භාරගෙන හරිම සරල සාමාන්‍ය ගමනක් යන්න තමයි හිතාගෙන ඉන්නේ.
කොහොමද විවාහ ජීවිතය, වගකීම් වැඩි වුණා කියලා හිතෙනවාද?
තවම ජීවිතය පටන් ගත්තා විතරයි. ඉතිං අපි දෙන්නට ගොඩාක් දේවල් තිබෙනවා ඉගෙන ගන්න. තනියම ගෙදරකට ගියහම මොන විදිහට ද ජීවත්වෙන්නේ කියන කාරණා අපි දෙන්නා ඉගෙන ගෙන සාමාන්‍ය විදිහට දෙමාපියන් සමගත් සම්බන්ධතා තියාගෙන හෙමිහිට ගමනක් යනවා.
විවාහයත් එක්ක ජනප්‍රියත්වය අඩුවෙලාද? වැඩිවෙලාද?
ඒක මම, කොයි කාලෙකද අඩු වුණේ කොයි කාලෙකද වැඩි වුණේ කියලා කියන්න දන්නේ නැහැ. හැබැයි ප්‍රේක්ෂකයන්ගේ ආදරේ තවමත් මම එක වගේ රඳවාගන ඉන්නවා. මොකද අපි ජනයාට ප්‍රියවීම තමයි වෙන්න ඕනෑ. ප්‍රසිද්ධවීම නෙමෙයි කියලා මම හැමවෙලේම විශ්වාස කරනවා. මට ඒ වෙනුවෙන් කරන්න පුළුවන් මොනවගේ යහපත් ක්‍රියාවක්ද? මම ඒ දේවල්වලින් ඉදිරියට යනවා. ජනප්‍රියත්වය කියන දේ මට තියාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ජනතාව තමයි ඒක මා සතු කරන්නේ.
ධරණී කියන්නේ හේෂානිගේ ජීවිතයේ අලුත් පිටුවක් පෙරලපු චරිතයක්?
ධරණී තමයි පිටුව පෙරළන්නේ. මම මේ ක්ෂේත්‍රයට එන්න කලින් මම වෙළෙඳ දැන්වීම් පවා නිරූපණය කරපු චරිතයක්. හැබැයි ටීවී දෙරණ තමයි මගේ ජීවිතය උඩතලයකට තියන්නේ. මම හදවතින්ම ඒ වෙනුවෙන් ගෞරව කරනවා මගේ ආයතනයට. මගේ ජීවිතයට මොන දේ ආවත් මම හිතන්නේ ටීවී දෙරණ තමයි මගේ ජීවිතයට හොඳම දේ ලබාදුන්නේ කියලා.
ජීවිතයට ධරණී හම්බ නොවුණා නම් මොනවා කරාවිද?
ගොඩක් දුරට මගේ හීනයක් තිබුණේ ගුවන් සේවිකාවක් වෙන්න. හැබැයි ඒ පියවර පස්සට තියන්න වුණා මම සරසවි වරම් ලැබුවට පසුව. සරසවි තේරුණාට පසුව අවුරුදු හතරක් පහක් වගේ කාලයක් සරසවියේ ගත කළා. ඒ අතරතුර කාලයේදී තමයි මම හිතන්නේ මගේ දෙරණ අවුරුදු කුමරිය කියන කිරුළ මට ලැබෙන්නේ. ඒ හරහා ජීවිතයේ වෙනම මාර්ගයකට යොමු වුණා. මම හිතන්නේ මම මේ ක්ෂේත්‍රයට ආවේ නැතිනම් කැම්පස් ගිහිල්ලා ඉවර වුණාට පස්සේ ගුවන් සේවිකාවක් වෙන්න තිබුණා.
දිනේෂ් විතාන
