
පසුගිය දවසක හිරු ඩාන්සින් ස්ටාර් තරගයට සහභාගි වෙලා ‘සුපර් සික්ස්’ වටයටත් ඈ ආවා. අවසාන තරගයට යන්න කලින් අයින් වෙන්න වෙච්ච එක ගැන හිතේ කිසිම දුකක් නැහැ කියලා සංජනා ළඟකදී ලංකාවේ ජනප්‍රිය යූටියුබර් කෙනෙක් එක්ක කතාබහකට ආව වෙලාවක කිව්වා. එතැනදී ඈ තව බොහෝ කතන්දර කියලා තිබුණා.
සංජනා ලස්සනයි. ඒ වගේම දඟකාරයි. කියන්න තියෙන දේ කෙළින්ම කියන, හිතට එකඟව කතාකරන සංජනා ස්වාධීනව හිතන්න කැමැති තරුණ නිළියක් විදියට කා අතරත් ප්‍රසිද්ධයි. සංජනා විවාහ වුණේ ඔස්ටේ්‍රලියාවේ පදිංචි වෙලා ඉන්න සල්ලිකාර තරුණයෙක් සමග. ඒ හින්දමද මන්දා ඈ ගැන තොරතුරු හොයන හැමෝම කිව්වේ, හිතුවේ ඈ සල්ලිවලට සහ සැප සම්පත්වලට කැමැත්තට ඔහුව කසාද බැන්දාය කියලයි.
ඒත් සංජනා කියන්නේ ඒක සම්පූර්ණ වැරැදි වැටහීමක් කියලයි.
‘ලස්සන ගෙයක් හෝ කාර් එකක් නිසා, එහෙමත් නැත්නම් ලොකු ඉලක්කම් ගණනක සැලරි එකක් නිසා මම කසාද බැන්දෙත් නැහැ. මගේ වෙඩින් එක ලොකුවට ගත්තේ කාටවත් ලොකුකම් පෙන්නන්නත් නෙවෙයි. ඕනෑම ගෑනු ළමයෙක් ආසයි තමන්ගේ වෙඩින් එක ලස්සනට ගන්න. මමත් කළේ ඒකයි. ඒ වගේම මුළු රටම මගෙ වෙඩින් එක බලලා සතුටු වුණ බවත් මම දන්නවා. ඇත්තටම ඒක ලස්සන වෙඩින් එකක්…’
සංජනා එහෙම කිව්වේ අවංකවමයි. අනෙක ඈ ගැන හොඳින්ම දන්න අය කියන්නේ ඈ කාගෙන්වත් යැපෙන්න කැමැති කෙල්ලක් නෙවෙයි කියලයි. කාටවත් කරදරයක් හෝ වදයක් වෙනඑක ඇගේ හිතට මහා වදයක්ලු. යමක් තේරුම් ගන්න පුළුවන් කාලයක ඉඳන්ම තමන්ව බලාකියා ගන්න, තමාව ජීවත් කරවන්න, තමා වෙනුවෙන් යමක් හරිහම්බ කරගන්න ඈ පුරුදු වුණාලු. විවාහ වුණාට පස්සේ වුණත් සංජනා ‘අරක අරන් දෙන්න, මේක අරන් දෙන්න’ කියලා එයාගෙ හස්බන්ඩ්ට කරදර නොකර ඈ පුංචි පුංචි ව්‍යාපාර පටන් ගත්තේ තමන්ගේ වියදම් ටික තමාම බලාගන්න තියෙන ස්වාධීන කැමැත්ත සහ ප්‍රියතාව නිසාලු. සංජනා මේ දවස්වල දිගටම ඉන්නේ ලංකාවේ.
ඔස්ටේ්‍රලියාවේ පදිංචියට යන්න ඈ මනාපයක් නෑ. නිවාඩුවකට ඉඳහිට ඔස්ටේ්‍රලියාවට ගියාට ඈ කැමැති ලංකාවේ ඉන්නයි. ඒත් සංජනාගේ හස්බන්ඩ් කැමැති ඔස්ටේ්‍රලියාවේ ඉන්නයි.
දෙන්නා දෙපැත්තක ඉඳන් ඒ විදියට කඹ අදින එකෙන් විරසකයක් ඇති වෙයිද?
සමහර දෙනා දැනටමත් එහෙම හිතන්න අරගෙන වාගෙයි පේන්නේ. සංජනා ඒවා බැහැර කරනවා. ඇය කියන්නේ අනුන්ගේ දේවල් හොයන කලාවට වැඩිය, තමන් ගැන බලාගන්න එක හිතට සතුටක් සැහැල්ලුවක් කියලයි. අනෙක තමන්ගේ අඩුපාඩු හදාගන්න, තමන්ගේ ප්‍රශ්නවලට උත්තර හොයන්න, අනුන්ගේ දේවල් හොයනවාට වඩා අපි වෙහෙසෙනවා නම් ඒක කාගෙත් දියුණුවට වගේම සතුටටත් හේතුවක් කියලයි. කොහොමත් සංජනා කියන්නේ ජෙනුයින් කැරැක්ටර් එකක්. ඈ සරලයි. සුන්දරයි. ඒ හින්දම වෙන්නැති කවුරුත් ඇයට මේ හැටිම මනාප.
මල්මි කෞශල්‍යා
