
පාසල් වියේ සිටම රංගනයට ඇළුම් කළ හංසි පෙරේරා අපට හමුවන්නේ සින්ටෝ, රොකී යන නාට්‍ය ඔස්සේ. කොට්ටාව ධර්මපාල විද්‍යාලයෙන් ඉගෙනීම ආරම්භ කළ හංසි උසස් පෙළ සඳහා පෙනී සිටින්නේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙනි. උසස් පෙළ වාණිජ අංශයෙන් ඉගෙනුම ලැබූ ඇය රංගනය සඳහා යොමුවන්නේ බාලවියේ සිට සිතේ තිබු නිළියක වීමේ සිහිනය සැබෑ කරගනිමිනි.
හංසි රඟපෑමට යොමු වෙන්නේ කොහොමද?
මගේ යාළුවන්ගෙ මියුසික් වීඩියෝවල සහ බ්‍රයිඩ්ල් ෂෝවල තමයි මුලින්ම හිටියේ. පාසල් කාලයේ දී මම පාසල් වේදිකාවේ නිර්මාණවලටත් දායක වුණා. පෙර පාසල් යන කාලේ ඉඳන් කලාවට ආස කළා. ඒ නිසාම පාසල් කාලේදීත් කලා කටයුතු සහ ක්‍රීඩා කටයුතු කළා. පුංචි කාලේ ඉඳන් මම හරි ආසයි ටීවී ප්‍රෝග්‍රෑම් බලන්න, ආටිස්ලා හමුවෙන්න. ඒ හැමදේම එක්ක උසස් පෙළින් පස්සේ කලාවට තියෙන ආසාව වැඩි වුණා. මගේ යාළුවන්ගේ වැඩවලට එයාලා මාව සම්බන්ධ කර ගත්තා. ඒ හරහා මට අවස්ථාවන් ලැබුණා. ඒ එක්කම 2023දී මම ස්වර්ණවාහිනී අවුරුදු කුමරිය තරගයට ගියා. එතැනදී අවසන් 12 දෙනා අතරට ආවා.
එතනින් පස්සේ මට ලැබුණු අවස්ථා තමයි ඕකේ බොස් නාට්‍යයට ස්ක්‍රීන් ටෙස්ට් එකකට යන්න. එතනින් පස්සේ මට අවස්ථාව ලැබුණා සින්ටෝ සහ රොකී නාට්‍යය දෙකට. ඒ එක්කම මේ වෙද්දී බ්‍රයිඩ්ල් ෂෝ සහ වෙෙළඳ දැන්වීම් වල ඉන්නවා. පසුගිය කාලේ තිරගත වුණු හවුස් ෆුල් චිත්‍රපටයේ චුලක්ෂි රණතුංග අක්කාගේ යාළුවෙක්ගේ චරිතයක් කළා.
බාලකාලේ ඉඳන් නිළියක් වෙන්න හීන දැක්කට ඒ හීනය සැබෑ කරගන්න පහසු වුණාද?
අපොයි නැහැ. මට නිළියක් වීමේ සිහිනයක් ආසාවක් තිබුණට මගේ ගෙදරින් මම නිළියක් වෙනවාට එතරම් කැමැත්තක් තිබුණේ නැහැ.
අම්මට තාත්තට ඕන වුණේ මම බැංකු ක්ෂේත්‍ර යේ හෝ ගිණුම් ක්ෂේත්‍ර යේ රැකියාවක් කරනවා දකින්න. ඒ වුණාට මගේ තියෙන ආසාව නිසාම වර්ක්ෂොප්වලට එහෙම ගිහින් තමයි මම මේ අවස්ථාවන් ලබා ගත්තේ. තව මට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මම දැනටත් හිතන්නේ නැහැ මම නිළියක් කියලා. මට ඕනේ දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක් වෙන්න. ඒ නිසා මට ඉක්මන් ගමනක් යන්න ඕනේ නැහැ. මම ක්ෂේත්‍රයට ආවේ බොහොම හෙමින් වගේම තාමත් මම යන්නේ හෙමින් ගමනක්. මට නිළියක් වෙන්න පහසු වුණේ නැහැ. ගොඩක් බාධක හැලහැප්පීම් මැද තමයි මේ ගමන ඇවිත් තියෙන්නේ.
අද වන විට ඔබට ගෙදරින් ලැබෙන සහාය මොනවගේද?
දැන් නම් මට ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. මොකද මේ වෙද්දී හොඳ තේරුම් ගැනීමක් සහ අවබෝධයක් තියෙන නිසා මට මගේ ගමන යන්න පහසු වෙලා තියෙනවා.
මේ දිනවල ඔබව දකින්න ලැබෙන නිර්මාණවල එකිනෙක චරිත ගැන කතා කළොත්?
ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන අසංක සායක්කාර අධ්‍යක්ෂණය කරන, ජනක සම්පත් නිෂ්පාදනය කරන සින්ටෝ නාට්‍යයේ ලේකා කියන චරිතය.
ඒකට නම් ගොඩක් අය වෛර කරනවා. ඒක මට ලැබුණු ලොකු අභියෝගයක්. එහෙම චරිතයක් මේ වෙනකම් මම කරලා තිබ්බේ නැහැ.
මට ලැබෙන ප්‍රතිචාර එක්ක මට දැනෙනවා මම ඒ චරිතයට සාධාරණයක් කරලා තියෙනවා කියන එක.
ඒ එක්කම සිරස නාළිකාවේ විකාශය වන සමීර පියරත්න අයියා අධ්‍යක්ෂණය කරන, ජනක සම්පත් නිෂ්පාදනය කරන රොකි නාට්‍යයේ නූර් කියන චරිතය කරනවා. ඒකත් විලන් රෝල් එකක්. දෙකම විලන් රෝල් නිසා ඒකත් අභියෝගයක් විදියට භාරගෙන කරන්න මම කැමති වෙනවා.
වැඩියෙන්ම කැමති මොන චරිතෙට ද?
මම හැම චරිතයකටම කැමතියි. ලැබෙන චරිත වෙනස් විදියට කරන්න කැමැත්තක් තියෙනවා. එකම විදියේ චරිතවලට කොටු වෙන්න කැමති නැහැ.
මම ආසයි ලස්සන නිර්මාණ කරන්න. අහිංසක සහ දුෂ්ට චරිත කියලා ගත්තම, මම කැමතියි ඒ දෙක අතරේ මගේ හැකියාවන් උපරිමයෙන් පෙන්නුම් කරන්න. මම තාම මාව හොයනවා.
මට ගැලපෙන සහ මට කරන්න පුළුවන් මොනවද කියලා. ඒ නිසා අවස්ථාවන් එන විදියට මම තෝරාගෙන නිර්මාණ කරනවා.
රංගනයට සීමාවන් තියෙනවද?
ඔව්. මට මගේ සීමාවන් තියෙනවා.
මට සීයට සීයක් ඒ චරිතය වෙනුවෙන් කැප වෙන්න පුළුවන් නම් මම ඒ චරිතේ භාරගෙන කරනවා.
හංසි ඔබ කටකතා ගොසිප්වලට බය ද?
බය නැහැ.
මොකද මම විශ්වාස කරන්නේ ඕනේ කෙනෙක්ට ඕනේ දෙයක් කියන්න පුළුවන් වුණාට ඇත්ත දන්නේ තමන් විතරයි. ඒ නිසා අපි කරන දුෂ්ට චරිත නිසා බණිනවා නම් ඒක තමයි මගේ සාර්ථකත්වය. ඒ වගේම අපි කරන අහිංසක චරිත නිසා අපිට ආදරේ වෙනවා නම් ඒක තමයි මගේ සාර්ථකත්වය.
හැබැයි කිසිම දෙයක් නැතුව කටකතා ගොසිප් හදනවා නම් ඒක එයාලගේ කැමැත්ත. අපි ඒ ගැන බය විය යුතු නැහැ. ප්‍රේක්ෂකයින් නිසයි කලාව සහ කලාකරුවන් රඳා පවතින්නේ. මාව ළඟින් ආශ්‍රය කරන අය දන්නවා මම හැම තිස්සෙම හිනා වෙලා ඉන්න චරිතයක් කියන එක. ඒ නිසා මට දුෂ්ට චරිත රඟපාන්නට ලැබීමම මට ලැබෙන අභියෝගයක්.
හැබැයි රංගනය තුළ අපි කවදාවත් සැබෑ චරිතය සහ නිරූපණය කරන්න ලැබෙන චරිත පටලවා ගන්න හොඳ නැහැ.
