
පහුගිය දිනවල රිලීස් වුණු එක සිංදුවකට පුළුවන් වුණා ලංකාවෙම මිනිස්සු අඬවන්න. අවුරුදු තිස් ගාණක් මේ රටේ සිය දහස් ගණනකට තමන්ගේ සමීපතමයන් අහිමි කරපු කුරිරු යුද්ධය අලළා සිදු කරලා තිබුණු මේ නිර්මාණයේ, ගායකයා වුණේ සමීර වීරවර්ණ. හදගැස්ම අපිට හිතුණා ඔහු සමඟ මේ ගීතය ගැන කතා කරන්න. කඳුළු හිනැහුණු ඒ කතාවේ ගැන කියලම කතාව පටන් ගමු?
කඳුළු හිනැහුණු ඒ කතාවේ තමයි සිංදුවේ ටයිට්ල් එක. මේ ගීතයේ පද රචනය, සංගීතය, ගායනය තුනම මම කරන්නේ. ඒ වගේම මෙහි විෂුවල් එකට ප්‍රියන්ත සිරිකුමාර, ඉසුරු ලොකු හෙට්ටිආරච්චි, ප්‍රියා රණසිංහ, රශිප්‍රබා සන්දීපනී වගේ ක්ෂේත්‍රයේ දැවැන්තයන් දායක වෙනවා. ඒ වගේම මෙහි විෂුවල් එක කරන්නේ ලංකාවේ ඉන්න දක්ෂම අධ්‍යක්ෂවරයෙක් වුණු චාරුක දුශ්‍යන්ත.
මේ ගීතයේ මියුසික් වීඩීයෝ එකට විශේෂ අවධානයක් යොමු වුණා නේද?
ඔව් ඇත්තටම මේ මියුසික් වීඩියෝ එක සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය කරපු එකක්. මේකේ විෂුවල් එකට ලොකේෂන් හොයන්න විතරක් අපි මාස ගාණක් කිලෝමීටර් 1,000කට වැඩිය දුර ගියා ලංකාවේ හැම තැනම. අන්තිමේදී තිස්සමහාරාමේ අපිට ලස්සන ලොකේෂන් එක්ක හම්බවුණා. සාමාන්‍යයෙන් මියුසික් වීඩියෝ එකක් දවසකින් ෂූට් කරලා ඉවර වුණත් අපිට මේක කරන්න දවස් 4ක් විතර ගත වුණා. ඒක බොහොම සතුටෙන් කරපු වැඩක්. එතැනදි අපේ අරමුණ වුණේ තව අවුරුදු ගණනක් ගියත් මේ නිර්මාණය මිනිසුන්ට මතක තියෙන ගුණාත්මක නිර්මාණයක් බවට පත් කරන්න. මෙහි කැමරාශිල්පියා විධියට වැඩ කළේ චන්දන ජයසිංහ මහතා. ඔහු සම්මානනීය කැමරාමන් කෙනෙක්. ඒ වගේම මේ නිර්මාණයේ කලා අධ්‍යක්ෂ රංගන සේනානායකවත් මතක් කරන්න ඕන. මේ නිර්මාණයට දායක වුණු සියල්ලගේම එකතුවෙන් තමයි මේක මේ තරම් සාර්ථක නිර්මාණයක් බවට පත් වුණේ.
මේ ගීතය වෙනුවෙන් යූ ටියුබ් එකේ වැටිලා තියෙන කමෙන්ට් බොහොම සංවේදියි, ඒවා දකිද්දි ඔබට මොකද හිතුණේ?
ඇත්තටම මේ නිර්මාණය බලද්දි හිතුවේ නෑ මේක මෙච්චර ඛේදවාචකයක් වෙයි කියලා. අපි මේ නිර්මාණය එළියට දැම්මාට පස්සේ අපේ රටේ තිබුණු යුද්ධයට මුහුණ දීපු රණවිරුවන්ගේ පවුල්වල අය දාලා තිබුණු කමෙන්ට් දෙපාරක් කියවන්න බැරි තරම් දුකයි. එතැන එක කමෙන්ට් එකක් තිබුණා. ඒක දාලා තිබුණේ යුද්ධයෙන් මියගිය රණවිරුවෙක්ගේ දරුවෙක්. එයා කියලා තිබුණා එයා ඉතාමත් පොඩි කාලේ එයාගේ තාත්තා නිවාඩු ඇවිත් ආපහු යද්දි එයා හොඳටම නිදාගෙන ඉඳලා තියෙන්නේ. තාත්තා යන්න කලින් එයාව මොනතරම් ඇහැරවන්න උත්සාහ කළත් ඇහැරුණේ නැති නිසා එයාව කිරි අත්තාගේ උරහිසෙන් තියලා ගිහින්. ඊට හරියටම සතියකට කලින් එයාගේ තාත්තා නැති වෙලා. ඉතිං ඔය වගේ අතිශය ඛේදනීය කමෙන්ට් ඒ සිංදුවට වැටිලා තිබුණා.
සිංදුව කරද්දි හිතුණද මේ තරම් හිට් වෙයි කියලා?
ඇත්තටම මම මේකේ ඕඩියෝ එක කරලා කාලයක් වෙනවා. ඒ කාලෙම මේ ඕඩියෝ ට්‍රැක් එකේ යම්කිසි දෙයක් තියෙන බව තේරුණා. එක දවසක් මම මගේ හිතවතෙක්ට මේක අහන්න දුන්නා. එයාලා පැය ගාණක් එක දිගට මේ සිංදුව අහලා තිබුණා. ඒ වගේම මේකේ වීඩියෝ එක කරන කාලෙත් අපේ ප්‍රඩක්ෂන් එකේ හිටපු අය මේ සිංදුව හරිම ආසාවෙන් ඇහුවා. ඒවත් එක්කම මේ සිංදුවේ ඕඩියෝ හිට් එකක් තියෙන බව තේරුණා.
මේ ගීතය වගේම ඔබේ කලින් ගීතත් අතිශය ජනප්‍රිය වුණා නේද?
ඔව්! ඇත්තටම මගේ පළමු ගීතය මට ඔයා මගේ පණ වගේ ගීතය. ඒක ලංකාව පුරා අතිශය ජනප්‍රිය වුණා. මීට අවුරුදු ගාණකට කලින් කරත් අදටත් බොහෝ දෙනා මාව අඳුරගන්නේ ඒ ගීතයෙන්. ඒ වගේම තමයි මම මීට අවුරුදු 3කට පමණ පෙර කරපු ෂූරප්පර ගීතය. එයත් නොසිතූ විධියට ජනප්‍රිය වුණා. මම ගීත කරලා තියෙන්නේ ඉතා සීමිත ප්‍රමාණයක් වුණත් ඒ ගීත ජනතාව ඉතාමත් ආදරයෙන් වැළඳගත්තා.
ඔබ වෘත්තියෙන් ගායකයෙක් නෙවෙයි නේද?
මම වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්. සමීර ඔටෝ ට්‍රේඩර්ස් කියලා කාර් සේල් එකක් තමයි මම කරන්නේ. මගේ ඇඟ ඇතුළේ කලාකාරයෙක් ඉන්නවා. ඒ කලාකාරයා ගීත ලියන්න, ගයන්න, මෙලඩි නිර්මාණ කරන්න කැමැති, ගීත රසවිඳින කෙනෙක්.
ඔබට සංගීතය ගැන යම් කිසි හැදෑරීමක් තිබෙනවාද?
සංගීතයට ප්‍රිය කෙනෙක් විධියට පොඩි කාලේ ඉඳන්ම සංගීතය මගේ ඇඟේ තිබුණා. ඒ වගේම පාසල් අවධියේදී මම සංගීතය ඉගෙන ගත්තා. සංගීත භාණ්ඩ කිහිපයක් වාදනය කිරීමේ හැකියාවත් තිබෙනවා. පසුකාලීනව විශාරද විභාගය වෙනුවෙන් ඉගෙන ගත්තත් ඒක කම්ප්ලීට් කරන්න බැරි වුණා.
අවසන් වශයෙන් ඔබේ අනාගත බලාපොරොත්තු ගැනත් කියමු?
ඉපදීමයි මරණයයි අතර යම් කිසි ගැප් එක්ක තිබේද, මම ඒ ගැප් එකේ බොහොම කාලයක් හෙමින් ඉදිරියට ඇවිත් තියෙනවා. මගේ ඉතුරු කාලයේදි හොඳ ගුණාත්මක ගීත කිහිපයක් ඉතුරු කරලා යන්න පුළුවන් වුණොත් ඒක තමයි මගේ සතුට. ගීත ක්ෂේත්‍රයට මේ වගේ හරවත් නිර්මාණ තව 10ක් වත් කරන එක තමයි මගේ අරමුණ.ඒ වගේම මම මෙතැනදි මෙතරම් කාලයක් මගේ ගීත ආදරයෙන් වැලඳගත්ත හැමෝටම ස්තූතිවන්ත වෙන ගමන් කඳුළු හිනැහුණු ඒ කතාවේ ගීතය බලන්න, අහන්න කියලත් හැමෝටම ආරාධනා කරනවා.
