
මොකක් ද මේ මම, මං ගැනම පොතක් ලිව්වා කියන්නේ?
කාලයක ඉඳලා හිතේ තිබ්බ දෙයක්. මේ නාට්‍යය ක්ෂේත්‍රයේ අවුරුදු 45ක් ඉන්නවා. මම ආවේ 1981දී වේදිකාව හරහා. මම මාව හඳුනා ගන්නේ වේදිකා නාට්‍යය ශිල්පියෙක් විදියට. මේ අවුරුදු 45ක කාලය තුළ ජීවිතේ ලද අත්දැකීම් ගොඩක් තියෙනවා. ඒ නිසා මට හිතුණා මම අත් දුටු දේවල් ලියලා තිබුණාම හොඳයි කියලා. මටත් දරු මුනුපුරන් ඉන්නවා. ඒ අය වුණත් කවදා හරි මෙහෙම දේවල් වෙලා තියෙනවා කියලා දැන ගනීනේ. ඒ නිසා මම මං ගැනම ලිව්වා. ඒ පොත තමයි ‘රොඩ්ඩාගේ වර්ණකුලය‘
‘රොඩ්ඩාගේ වර්ණකුලය‘ මේ පොත තුළ තියෙන්නේ අත්දැකීම් ද?
අත්දැකීම් විතරක්ම නෙවෙයි. මට මතක ඇති කාලේ සිට කතාංග 40ක් තමයි මේ පොත තුළ තියෙන්න්නේ. ඒ කිසිවක් ප්‍රබන්ධ නෙවෙයි.
කලා ජීවිතේට 45ක්, ඇයි කතා 45ක් නොලියා 40ක් ලිව්වේ?
ඇත්තටම මේක මම ලිව්වේ කොවිඩ් කාලේ. ඒ කාලේ ගෙදරනේ හිටියේ. ඒ එක්කම හුඟ දෙනෙකුත් කිව්වා අයියේ ඔයාගේ තියෙන අත්දැකීම් පොතකට ලියන්නකෝ කියලා. ඒ හින්දා කොවිඩ් කාලේ ලැබුණු විරාමය මට ප්‍රයෝජනවත් වුණා. මම රෑට රෑට මේ පොතට කතාංග ලිව්වා. කොළ ඉරුවා. ආයේ ලියනවා ආයේ ඉරනවා. එහෙම ලියලා ලියලා හොඳ ටිකක් හදාගත්තා. හැබැයි ඒ කාලේ රටේ තිබ්බ ප්‍රශ්න එක්ක මුද්‍රණය කර ගන්න බැරි වුණා. කොවිඩ් ඉවර වෙද්දී රටේ විවිධ හැලහැප්පීම් ආවා. ඔය දේවල් එක්ක කාලය ගත වුණා. මේ අවුරුද්දේ මම පොත ප්‍රින්ට් කරලා අතට ගත්තා. ඒ නිසාම හිතුණා ඉක්මනින් ජනගත කරන්න ඕනේ කියලා.
කවදද මේ පොත ජනගත වෙන්නේ
ජූලි 30, සවස 4.00ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී එළිදක්වනවා. මතක් කරන්නම ඕනේ පොතේ පසුවදන ලිව්වේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්. පෙරවදන ලිව්වේ ශාන්ත කුමාර හෙට්ටිආරච්චි. මගේ පාසලේ මට වැඩිය ෙ ජ්‍යෂ්ඨ කෙනෙක්. මේ පොතේ ගමේ සිද්ධි, විදෙස් රටවල සංචාරවලදී සිදු වුණු සිද්ධි තියෙනවා. මගේ අම්මා තාත්තා ගැන ගුරුවරු ගැනත් මෙහි තියෙනවා.
පොත එළිදැක්වීමත් එක්කම සමකාලීන කලා ශිල්පීන්ගේ රස කතාත් එළියට එයි
අනිවාර්යෙන්ම. මම මේ කතාංග 40 ලිව්වට පස්සෙත් තව ලියන්න ආසාවක් ආවා. ආයේ තව පොතකට කරුණු කාරණා ලියමින් ඉන්නවා.
මේ දවස්වල මොන වගේ කලා කටයුතු එක්ක ද ඉන්නේ
මගේ වේදිකා නාට්‍යය 5ක් විතර වේදිකාගත වෙනවා. මිහිර සිරිතිලකගේ ‘ගරු තරු‘, ජූඩ් ශ්‍රීමාල්ගේ ‘කක්කුට්ටා‘. දයානන්ද ගුණවර්ධනගේ ‘නරි බෑනා‘, ‘බක්මහ අකුණු‘, ‘මධුර ජවනිකා‘ යනවා. ඒ එක්කම අලුත් සිනමා නිර්මාණ කිහිපයකට දායක වුණා. ඒ දේවල් ප්‍රේක්ෂකයින්ට ඉදිරියේදී දැක ගන්න ලැබෙයි.
ඒ එක්කම ඔබ වසර කිහිපයකට පෙර ගැයූ නොංචි කෝලම අද ආයෙම ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ ගැන කිව්වොත්
නොංචි කෝලම 2009/2010 වගේ කාලයේ නිර්මාණය වුණේ රෝහණ වීරසිංහයන්ගේ උපහාර උලෙළකට. ඉතින් අවුරුදු 15කට විතර කලින් වුණු නිර්මාණයක්. කොහොම හරි කවුරු හරි තරුණයෙක් චැනල් එකක කිව්වම ඔන්න වයිරල් වුණා. දැන් මම අහන්නේ තව කවුරු හරි තරගයකට කියලා ආදේශක ගායකයෙක් ගායනා කළාම විතරද මිනිස්සු අතර ජනප්‍රිය වෙන්නේ. එතකොටත් මිනිස්සු කියයි අපි දැක්කේ දැන් නේ කියලා. හැබැයි ඔය නොංචි කෝලම මේ අවුරුදු 15 ඇතුළත විවිධ උත්සවවලදී සහ ප්‍රසංගාත්මක අවස්ථාවලදී ඉදිරිපත් වුණා. අවුරුදු 15කට කලින් සමාජ මාධ්‍යය අද තරම් දියුණු නැති නිසා වෙන්නත් පුළුවන් ඒ කාලේ මෙතරම් කතාබහට ලක් නොවුණේ. හැබැයි අද වෙද්දී වෙන්නේ ප්‍රේක්ෂකයින් වැලඳ ගන්නේ මුල් ගායකයා නෙවෙයි ආදේශක ගායකයාව. ඒක මට විතරක් නෙවෙයි අනිත් ශිල්පීන්ටත් වෙලා තියෙන දෙයක්. මුල් ගීතයේ නිර්මාණකරුවන් යටපත් වෙනවා. ඒ හරහා වෙන්නේ මුල් ගායකයා ගෙදර ඉන්නවා. ඩුප්ලිකේට් ගායකයා වේදිකාවේ ඉන්නවා. එහෙම තමයි සංවිධායකයින් කටයුතු කරන්නේ. මේ රටේ තියෙන දෙයක් ආදේශකයාට තමයි දහසින් බැඳී පියලි දෙන්නේ. ඔර්ජිනල් අය ගෙදරට වෙලා ඉන්නවා. ප්‍රියා සූරියසේන මහතා ගෙදර ඉන්නකොට ආදේශකයින් වේදිකාවේ හිටියා. මම නම් දකින්නේ ප්‍රේක්ෂකයින් සහ සංවිධායකයින්ගේ විකෘතිතාවක්. ඒ එක්කම සමහරු කියනවා ගීතය ජනප්‍රිය වෙනවානේ කියලා. හැබැයි ගීතය ජනප්‍රිය වුණා කියලා මුල් නිර්මාණකරුවන්ට වෙන සෙතේ මොකක් ද?<
