චතුර-තරින්දි හදිසියේම කසාද බැන්දද?

gossiplanka image 2
 චතුර-තරින්දිහදිසියේමකසාද බැන්දද?ධූමරක්ඛ කුමරු ලෙසින් සුවහසක් ප්‍රේක්ෂක ආදරය දිනා ගනිමින් මෙරට තුළ අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙක් බවට පත්වූ ඔහු, පසුව නාරද, ටිරෝන් හා ජූඩ් වැනි චරිත හරහා තම රංග ප්‍රතිභාව මොනවට විදහා පෑවේය. මේ දිනවල විරා හා ජෙනා ලෙසින් රූපවානි තිරය ඉදිරියට එන ඔහුගේ රංගනය දෙස බැලූ විට අනාගතයේ ලංකාවේ සිටින ප්‍රබල චරිතාංග නළුවෙක් බවට පත්වීමේ ශක්‍යතාව ඕනෑවටත් වඩා පවතින බව පෙනී යයි. නමින් චතුර රාජපක්ෂ වූ ඔහු සමඟින් හදගැස්ම කළ සුහද සංවාදයයි මේ.


මේ දවස්වල වැඩකටයුතු ගැන කතා කරලම ඉමු?


මේ දවස්වල මගේ ඩ්‍රාමා දෙකක් ටෙලිකාස්ට් වෙනවා. එකක් ස්වර්ණවාහිනියේ යන සින්ටෝ ටෙලි නාට්‍යය. අනෙක එක ස්වාධීන රූපවාහිනියේ විකාශය වන රාග ටෙලි නාට්‍යය. ඒ වැඩකටයුතු තමයි මේ දවස්වල තිබෙන්නේ.


එකිනෙකට පරස්පර චරිත දෙකක්, කොහොමද ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?


විරාට මුලදී කට්ටිය බැන බැන හිටියා. දැන් නම් පොඩ්ඩක් ප්‍රේක්ෂකයන්ගේ අනුකම්පාව ලැබෙමින් තිබෙනවා. ඒ අතරතුර විරාට එහෙම වුණු එක හොඳයි කියන කට්ටියත් ඉන්නවා. රාගහි ජෙනාගේ චරිතය ගත්තොත් ඒකෙන් නිරූපණය වෙන්නේ ලංකාවේ සාමාන්‍ය මධ්‍යම පංතියේ ත්‍රීවීල් රැකියාව කරන තරුණයෙක්ගේ චරිතයක්. ජීවිතේ ගේම ගහගෙන යන්න උත්සාහ කරන තරුණයෙක් හදිස්සියේම හමුවුණු තරුණියකට උදවු කරලා අනවශ්‍ය ප්‍රශ්නයක පැටලෙන සිදුවීමක් තමයි එතැන තිබෙන්නේ. එතැනදි මට ගොඩක් මධ්‍යම පාන්තික ත්‍රීවීල් රියැදුරන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


රාවණ චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කළා, ඔබ චිත්‍රපටයේ රඟ දක්වන්නේත් ධූමරක්ඛගේ චරිතයමද?


ඔව්. මම චිත්‍රපටයේත් දායක වෙන්නේ ධූමරක්ඛගේ චරිතයටමයි. ධූමරක්ඛ කියන්නේ මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක්. රාවණ ටෙලි නාට්‍යය නිසා තමයි මාව කට්ටිය හොයන්න ගත්තේ. ඒත් එක්කම තමයි මම ජනප්‍රියත්වයට පත් වුණේ. රාවණ කියන්නේ විශාල කැපකිරීමක් කරලා කරපු නාට්‍යයක්. එතැනදි භාෂාව ඇතුළු හැම දේම වෙනස්. ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. ඒ වගේම ධූමරක්ඛ කියන්නේ මම ගොඩක් කැමැති චරිතයක්. තමන්ට ලැබිය යුතු කිරුළ රට වෙනුවෙන් රාවණට භාර දුන්න කෙනෙක් තමයි ධූමරක්ඛ කියන්නේ. ඒක මම බොහොම ආසාවෙන්, ආදරයෙන්, ගෞරවයෙන් කරපු චරිතයක්. ඇත්තටම චිත්‍රපටයේත් ඒ චරිතය කරන්න ආරාධනා කිරීම සම්බන්ධයෙන් මම බොහොම ස්තූතිවන්ත වෙනවා.


ඔබ නිතරම වාගේ එකිනෙකට වෙනස් චරිත තෝරගන්න උනන්දු වුණු බව පේනවා. ඒ ගැනත් කතා කරමු?


මම මුල ඉඳලම උත්සාහ ගත්තේ චරිතාංග නළුවෙක් වෙන්න. නිතරම ආදරවන්තයාගේ චරිත කරනවාට වඩා චරිතාංග නළුවෙක් වීම තමයි මගේ අරමුණ වුණේ. ගොඩක් වෙලාවට නිර්මාණයක් ලැබෙද්දි අලුත් දෙයක් කරන්න පුළුවන් චරිතයක්ද කියන එක තමයි මම බලන්නේ. එතැනදි ඒ චරිතය සුදු චරිතයක්ද කළු චරිතයක්ද කියලා බලනවට වඩා, ඒ හරහා සමාජයට පණිවුඩයක් දෙන්න පුළුවන්ද, රංගන ශිල්පියෙක් වශයෙන් මට යමක් කරන්න පුළුවන්ද කියන එක තමයි මගේ අවධානයට ලක් වෙන්නේ.


සරා සුසුම් චිත්‍රපටයේ පළමු පෝස්ටරය නිකුත් වෙලා තියෙනවා. ඒ ගැනත් කතා කරමු?


ඔව්. සරා සුසුම් චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් කළා. මේ දවස්වල ඒකේ අවසන් සංස්කරණ කටයුතු සිදු වෙන්නේ. එහි පළමු පෝස්ටරය මේ වෙද්දි නිකුත් වෙලා අවසන්. ලක්ෂාන් වත්තුහේවාගේ තිර රචනයකට අනුව, ශාන් ජයරත්න අධ්‍යක්ෂණය කළ, ශෙරාන් ජයසිංහගේ නිෂ්පාදනයක් තමයි සරා සුසුම් කියන්නේ. ඒක හරි ලස්සන ආදර කතාවක්. ඒකෙත් මම රංගනයෙන් දායක වෙන්නේ පෙම්වතාගෙන් බැහැර වුණු චරිතාංග රංගනයකට. ඉදිරියේදී ඒකත් ඉක්මනින් ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබෙයි.


මේ දවස්වල එළියට එන ඕනෑම චිත්‍රපටයක් හිට් වෙන තත්ත්වයක් තිබෙන්නේ, අපිට දිගටම මේ තත්ත්වය පවත්වා ගන්න පුළුවන් වෙයිද?


පුළුවන් වෙයි. මට පේන ආකාරයට අපිට තිබුණු ප්‍රශ්නය තමයි චිත්‍රපට කර්මාන්තයට දේශපාලනය අතපෙවීම් තිබීම. මේක ඉස්සර ඉඳන් තිබුණු තත්ත්වයක්. ඒ නිසා සමහර දක්ෂ නිර්මාණකරුවන්ගේ හොඳ නිර්මාණ එළියට දාගන්න අමාරු වුණා. වාලම්පුරි, සූස්ති වගේ නිර්මාණ ෂූට් කළේ වුණත් මීට කාලයකට කලින්. හැබැයි විවිධ දේශපාලන ගැටලු හා විවිධ අස්ථාවර වීම් නිසා ඒවා එළියට එන එක පරක්කු වුණා. අපිට තිබුණේ හොඳ නිර්මාණවල අඩුවක් නෙවෙයි. නිර්මාණ හදලා ඒවා එළියට දාගන්න බැරි ගැටලුවක්. ඒක නිසා ගොඩක් දක්ෂ නිර්මාණකරුවන්, නිෂ්පාදකයන් මේ කර්මාන්තය අතහැරලා දාන තත්ත්වයට ආවා. නමුත් අද වෙද්දී අපිට ඒ ගැටලුව නැහැ. ඒ චාන්ස් එක නිසාම හොඳ නිර්මාණකරුවන්ගේ නිර්මාණ එළියට එන්න පටන්ගෙන තිබෙනවා සහ නිර්මාණ අතර තරගයක් හැදිලා තිබෙනවා. ඒක නිසාම මේ වෙද්දි හැමෝම උත්සාහ කරන්නේ හොඳ නිර්මාණයක් කරන්න. මේ වෙද්දි දේශපාලන අත පෙවීමක් සිද්ධ නොවන නිසා තමන්ගේ නිර්මාණය හොඳයි නම් ඒක එළියට දාගන්න පුළුවන් වෙලා තිබෙනවා. මේ තත්ත්වය දිගටම තිබුණොත් චිත්‍රපට කර්මාන්තය තවදුරටත් දියුණු කරගන්න හැකියාව ලැබෙයි කියන බලාපොරොත්තුව තිබෙනවා.


ඒ කියන්නේ සිදු වුණු දේශපාලන පෙරළියෙන් කලාව සම්බන්ධයෙන් බලාපොරොත්තු වූ වෙනස උදා වෙලාද?


මට හිතෙන විධියට ඒක සිදු වෙමින් පවතිනවා. ඒක සිදු වෙලා අවසන් කියලා කියන්න බැහැ. නමුත් දැන් නිර්මාණකරුවන්ට දීලා තිබෙන අවස්ථාවන් එක්ක ඒ වෙනස සිදු වෙමින් පවතින බව පේනවා. කලාකරුවන්ගේ පෞද්ගලික බලාපොරොත්තු, අරමුණු වෙනුවෙන් දේශපාලනය කිරීම සම්බන්ධයෙන් මට ලොකු අදහසක් හෝ දැනුමක් නැහැ. සමස්තයක් වශයෙන් කලා නිර්මාණවලට වටිනාකමක් ලැබෙමින් පවතින බව නම් පේනවා.


වෙනත් වෘත්තියක ඉඳලා රංගනයට ආපු කෙනෙක් වශයෙන්, නළුවෙක් වෙන්න ඔබට පෙලඹවීමක් ඇතිකළ විශේෂ පුද්ගලයෙක් ඉන්නවාද?


නළුවෙක් වෙන්න මට ආසාව ඇති වුණේ රොෂාන් රවින්ද්‍ර නිසා. පොඩි කාලේ ඉඳන්ම මට නළුවෙක් වෙන්න ආසාවක් තිබුණා. නමුත් එක අවස්ථාවකදී මම පහ වසර හෝ හය වසර වගේ ඉගෙනුම ලබන කාලයේදී විස්මය කියලා ටෙලි නාට්‍යයක් විකාශය වුණා. ඒ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑවේ රොෂාන් රවින්ද්‍ර අයියා. එතැනදි ඔහුගේ චරිතය මට ගොඩක් දැනුණා. ඒත් එක්කම රොෂාන් රවින්ද්‍ර කියන චරිතය මම අධ්‍යයනය කළා. ඔහු දක්ෂ නළුවෙක් සහ විෂය හොයාගෙන යන පුද්ගලයෙක් බව අවබෝධ වුණා. මෙතැනදි තමයි මම රංගනය ගැන තවදුරටත් හොයාගෙන යන්න පටන් ගත්තේ, ඒ ගමනෙදි තමයි මට මහේන්ද්‍ර පෙරේරාව සහ අනෝජා වීරසිංහ වගේ අයවත් හමු වෙන්නේ.


මේ දවස්වල අලුත්ම වැඩකට අත ගහලා කියලා ආරංචියි?


ඔව්. මම අලුතෙන්ම ටැටූ ෂොප් එකක් ආරම්භ කළා. චත්‍ර ටැටූ සෝන් නමින්. මම දිමුතු ෆ්‍රනෑන්ඩුගෙන් ටැටූ සම්බන්ධයෙන් පාඨමාලාවක් හදාරලා තමයි මරදානේ මේ ටැටූ ෂොප් එක ආරම්භ කළේ. ඉතින් මේ දිනවල ඒ වැඩකටයුතුත් කරගෙන යනවා.


අවසන් වශයෙන් තරින්දිගෙයි ඔබෙයි විවාහය සිද්ද වෙන්නේ කවදාද කියලත් කියමු?


ඇත්තටම අපි තවම විවාහයක් ගැන හිතලා නැහැ. ආදරය කරනවා. නමුත් දැන්මම විවාහ වෙන්න අදහසක් නැහැ.

gossiplanka image 1
Previous Post Next Post