
එරංග ඔබ කොහොමද සංගීත ක්ෂේත්‍රයට පිවිසියේ?
සංගීතය කලාව වැලඳගන්න මට මූලික අඩිතාලම වැටුණෙ මගේ ගෙදරින්මයි. මගේ තාත්තා ලෙස්ලි ජිනදාස බොහොම ප්‍රසිද්ධ හවායින් ගිටාරය වාදනය කරනවා. ඒ වගේම මගෙ අම්මටත් හොඳට ගීත ගායනා කිරීමේ හැකියාව තියෙනව. ගෙදරින් ලැබුණ අභ්‍යාසයත් එක්ක මන් සාමාන්‍ය පෙළ අවධියෙදිම නුවරඑළිය සංගීත කණ්ඩායමක් එක්ක වැඩ කළා. ඊටපස්සෙ කොළඹ සංගීත කණ්ඩායමක් එක්ක වැඩ කළා. කාලෙත් එක්ක මගේම සංගීත කණ්ඩායමක් හදාගෙන මගේම ගීත ගායනා කරන්න පටන් ගත්තා. එහෙම තමයි ක්ෂේත්‍රයට ආවෙ.
මම සංගීතය බොහොම ආදරෙන් වැලඳගත් කෙනෙක්. මගේ මූලික රැකියාවත් සංගීතය. මම සංගීත කණ්ඩායමක් කරගෙන යනවා. මගෙ සංගීත කණ්ඩායමේ නම ‘අන්නාසි‘. මම ගොඩක් සමාජ සේවයට කැමති කෙනෙක්. මාසෙකට සැරයක් ළමා නිවාසයක් වෙනුවෙන් ගිටාර් වාදනය කරමින් ගීත ගායනය කරනවා.
මේ වෙනකොට ඔබ කරලා තියෙන නිර්මාණ මොනවද?
මගේ පළවෙනි ගීතය කරන්නෙ තිස් අවුරුදු යුද්ධය නිමාවුණු වෙලාවෙ. එ් තමයි හොඳ කාලේ ඇවිල්ලා. ඊටපස්සෙ මම කරන්නේ ‘කඳුළැල් සලලා‘ නමින් ප්‍රේම ගීතයක්. ඉන්පසු 2012 මන් කරපු ‘හොට් හොට් බයිලා‘ ගීතය Tv music awards හි හොඳම ගීතය විදියට නොමිනේට් වුණා. ලතා වල්පොල මහත්මිය සමඟ ‘නත්තල් ආවා‘ නත්තල් ගීතයත් කළා. ඒ වගේම ‘සරාවියේ‘ නමින් ගීතයකුත් ක්‍රිකට් වර්ල්ඩ් කප් එක වෙනුවෙන් ‘සිංහ පැටව්‘ ගායනා කරලා තියෙනවා.
ඔබේ වත්මන් කලා කටයුතු සිද්ධ වෙන්නෙ කොහොමද?
මගේ වත්මන් කලා කටයුතු ගැන කතා කළොත් මා ගැයූ ‘පිරිත් නූලෙන්‘ ගීතය පසුගියදා නිකුත් කළා. මේ ගීතයෙන් කියවෙන්නෙ සමබර ලෝකයේ අසමබර මිනිස්සුන්ගෙ ජීවිතවල විවිධත්වය ගැන. සමාජයට ලස්සන ආදර්ශයක් දෙන ගීතයක් මේක. අද වන විට ගීතය ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. මම හිතුවටත් වඩා ගීතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ දවස්වල මගේ සංගීත කණ්ඩාමත් සමඟ දිවයිනේ විවිධ පළාත්වල සංගීත ප්‍රසංගවලට සහභාගී වෙනවා. ඒ වගේම මගේ සංගීත කණ්ඩායමත් සමඟ මංගල උත්සව වලට සහභාගි වෙනවා. වෙනත් ගායක ගායිකාවන්ගේ ගීත නිර්මාණවලට සංගීත අධ්‍යක්ෂණය සිදු කරනවා.
ඔබේ පවුලේ විස්තර කොහොමද ?
මගේ පවුලේ අක්කලා දෙන්නයි අම්මයි තාත්තයි ඉන්නෙ. තාත්තා මේ වෙද්දි ජීවතුන් අතර නෑ. අම්මා මාත් එක්ක ඉන්නෙ.
ඔබේ අනාගත බලාපොරොත්තු ගැනත් මතක් කළොත් ?
ඕනෑම ගායකයෙක්ගෙ එකම බලාපොරොත්තුව තමා ක්ෂේත්‍රය ඇතුළේ ලෙජන්ඩ් කෙනෙක් වෙන එක. මගේ එකම ආසාවත් සංගීත ක්ෂේත්‍රයට හොඳ දෙයක් කරලා විශේෂයෙන්ම ක්ලැරන්ස් විජේවර්ධන වගේ ලෙජන්ඩ් කෙනෙක් වෙන එක. අපේ රටට ප්‍රයෝජනවත් සංගීතයක් සමාජයට ලබාදීම තමයි මගේ අරමුණ.
මේ වෙලාවේ මට මගේ ගමනට සහාය වෙන කිහිපදෙනෙක් ගැන මතක් කරන්නත් ඕන. ඒ තමයි මගේ සංගීත ගමනට නොමඳ සහයෝගය දෙන ලක්ෂ්මන්, හිල්මි, ප්‍රියන්ත නාවල, හසිත විතාන සහ කැප්ටන් සුමිත් තලවිලව සොයුරන්. ඒත් එක්කම ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය හරහා ලැබෙන සහයෝගයට හා ප්‍රේක්ෂක ආදරයට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.
