
චරිත්ගේ රංගන කටයුතුවල තත්ත්වය කොහොමද ?
‘ඔබ එන්න ඇවිත් යන්න‘ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. තාම එපිසෝඩ් තුන හතරයි විකාශය වෙලා තියෙන්නේ. මගේ චරිතයට දැනටමත් පාරේ බැහැලා යන්න බැරි තරමට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඊට අමතරව සුමිත් සමරසිංහගේ ‘සොරු ඇවිල්ලා‘ ළමා වේදිකා නාට්‍යයේ පුහුණු වීම්වල යෙදෙනවා.
පෞද්ගලික තොරතුරු ටිකක් කතා කරමු.
මගෙ ගම මොරටුව ද සොයිසා මහා විද්‍යාලයෙන් තමයි උසස් පෙළ දක්වාම අධ්‍යාපනය ලැබුවේ. පාසල් කාලයේ ඉඳලම මට ඕන වුණේ රංගනය හදාරන්න. ඒත් මට පාසලේ විෂයයක් විදියට රංග කලාව හදාරන්න ලැබුණේ නැහැ. ඒ වෙනුවට නර්තන විෂය තෝරා ගත්තා. මට බෙර වාදනය ඇතුළු නර්තන හැකියාවත් තියෙනවා. සාමාන්‍ය පෙළ කරන කාලේ ඉඳලම නාට්‍ය වැඩමුළු වගේ දේවල්වලට සම්බන්ධ වුණා. ඒ කටයුතුවලට සහභාගී වුණා. උසස් පෙළට ඉගෙන ගන්නකොට අම්මලා කීවේ විභාගෙන් පස්සේ නාට්‍ය වැඩවලට අවධානය දෙන්න කියලා. කොහොමහරි මට විශ්වවිද්‍යාල වරමත් ලැබුණා. සබරගමු විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යා උපාධියට තමයි තේරුණේ. ඒත් මම ආස කළේ කලා අංශයෙන් ඉස්සරහට යන්න. ගෙදරත් එක්ක සෑහෙන්න රණ්ඩු වෙලා තමයි විශ්ව විද්‍යාලයට යන්න හිටපු ගමන නතර කරලා එක හිතින්ම ආයෙත් කලාවට යොමු වෙන්නේ.
රංගන ගමනේ ආරම්භය සිදු වුණේ කොහොමද ?
පොඩි කාලේ ඉඳලම මට රංගනයට ආසාව තිබුණා. ඉස්සර අම්මා බත් කවනකොට මම කිව්වෙම ටීවී එකේ ඉන්න ඕන කියලා. අම්මා එතකොට කියන්නේ හරි ඔයාට යන්න පුළුවන් ඉක්මනට බත් කාලා ලොකු වුණොත් කියලා. රඟපාන්න තියෙන දැඩි ආසාව නිසාම අපේ ගෙවල් කිට්ටුව අයියා කෙනෙක් මාර්ගයෙන් අකිල අබේරත්න අයියගේ නාට්‍යයකට සම්බන්ධ වෙන්න ලැබුණා. මගේ මුල්ම රංගනය සිද්ධ වෙන්නේ 2019 වසරේදී. ඒ වසරේදීම වෙළෙඳ දැන්වීම් රංගනයට යොමු වෙන්න අවස්ථාව හිමි වෙනවා. පළවැනි නාට්‍යය ‘සොමි බර ජරමර‘. ඉන් පස්සේ නාලක විතානගේ අයියගේ ‘ෂැඩෝ‘ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. දැනට ‘ටජ් මහල්‘, ‘ගිනි අවි සහ කෙළි 2‘ චිත්‍රපට වලට රංගනයෙන් දායක වෙලා තියෙනවා.
රංගනය පිළිබඳ ඔබ ඉහළට හැදෑරීමක් කරලා තියෙනවද ?
මම සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න කාලේ තමයි මහේන්ද්‍ර පෙරේරා සර්ගේ නාට්‍ය වැඩමුළු ගැන දැන ගන්නේ. මහේන්ද්‍ර පෙරේරා සර් යටතේ උසස් පෙළින් පස්සේ රංගනය පිළිබඳ උසස් අධ්‍යාපනය ලැබුවා.
ප්‍රේක්ෂකයා අතරේ ඔබේ නම රැඳුණු චරිත මොනවද ?
‘දිවිතුරා‘ ටෙලි නාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ ටෙලි නාට්‍යයේදී නමින් හඳුන්වන චරිතයක් මට තිබුණේ නැති වුණත් ඒ රංගනය ප්‍රේක්ෂකයාට දැනුණා. ඊට පස්සේ ‘ප්‍රේම රස්තියාදුව‘ ටෙලි නාට්‍යයේ මුනි කියන චරිතය මට විශේෂයි. දෙබස් සහිතව චරිතයක් විදියට මට ලැබුණු පළමුවැනි ටෙලි නාට්‍යය ‘ප්‍රේම රස්තියාදුව‘. ගමෙන් කොළඹට ඇවිත් බෝඩිම් ජීවිතයක් ගත කරන තරුණයෙක්ගේ චරිතයක්. ප්‍රේක්ෂකයා අතර මාව රැඳෙන්න ඒ චරිතයත් බලපෑවා.
වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයත් ඔබට ගොඩක් සමීපයි නේද ?
අද වනවිට වෙළඳ දැන්වීම් තිහ හතළිහකට ඉඳලා තියෙනවා. ඒ අතරින් මැලිබන් ක්‍රීම් ක්‍රැකර්, එලිෆන්ට් හවුස්, ඩයලොග්, රිට්ස්බරි වෙෙළඳ සන්නාම රැසකම වැඩ කරලා තියෙනවා.
රංගනයේදී, හැකියාවට අමතරව ඔබටම විශේෂ වුණු අනන්‍යතාවක් තියෙනවද ?
කොණ්ඩේ නිසා මට හැදුණු අනන්‍යතාවක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ගෙදර කිසිම කෙනෙක්ට මගේ වගේ කැරළි කොණ්ඩයක් නෑ. කොණ්ඩය නිසා ගොඩක් තැන්වලදී මාව කැපිලා පේනවා. රංගනයේදී මට ලැබෙන පුංචිම හෝ ටෙලි නාට්‍ය කොටසක් වේවා ඒක මගේ උපරිමයෙන් කරන්න උත්සාහ කරනවා. ඒ නිසා හොඳ ප්‍රේක්ෂක ආකර්ෂණයක් මට හිමි වෙනවා.
චරිත් රඟපාන්න ආස කරන විදියේ විශේෂ චරිත තියෙනවද ?
එහෙම විශේෂයක් නෑ. මොකද රංගන ශිල්පියෙක් වුණාම එක රාමුවකට කොටුවෙලා බෑ. සාමාන්‍ය මනුස්සයයි, රංගන ශිල්පියයි කියන චරිත දෙක වෙනස් වෙන්නේ ඔය කාරණාවෙන්. මොකද සාමාන්‍ය මනුස්සයා ජීවත් වෙන්නේ එක රාමුවකට කොටුවෙලා. නමුත් රංගන ශිල්පියා කියන්නේ එහෙම සීමාමායිම් නැති හිර නොවුණු කෙනෙකුට.
අනාගත බලාපොරොත්තුව ?
වෘත්තිමය රංගන ශිල්පියෙක් විදියට මගේ ගමන හදා ගන්න ගමන් අධ්‍යක්ෂවරයෙක් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වෙනුවෙන් දැනට ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂණය සම්බන්ධ පාඨමාලාව හදාරනවා.
ඉදිරියට එන්න තියෙන නිර්මාණ ගැනත් කතා කරමු.
“සිලිලාරේ” කියලා චිත්‍රපටයක් එන්න තියෙනවා. මේ දවස්වල ඉන්දියානු සිනමා අධ්‍යක්ෂවරයෙක් වන අරුබෝගම් අධ්‍යක්ෂණය කරන “අග්නිජය” කියන චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කරනවා.
චරිත් රංගන ශිල්පියෙක් නොවුණා නම් අද කවුරු වේවි ද ?
එහෙනම් මම අද ක්‍රිකටර් කෙනෙක්. මොකද මම පාසල් කාලේ ඉඳන්ම ඉතාම හොඳින් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණා. පාසල් ක්‍රිකට් කණ්ඩායමේ සෙල්ලම් කළා. තාමත් මගෙ ඇඟේ ක්‍රිකට් තියෙනවා.
පවුලේ විස්තර ගැනත් කතා කරමු.
අම්මයි, අප්පච්චියි, මල්ලියි, නංගියි, මමයි. පවුලේ අයගෙන් මගේ මේ වැඩකටයුතුවලට හොඳ සහයෝගයක් ලැබෙනවා.
