හැම දේටම පරිස්සමක් තියෙන්න ඕනේ -පූජනී භාග්‍යා

gossiplanka image 1
පූජනී භාග්‍යා මේ දවස්වල වැඩි සද්දයක් නැහැ. වැඩි සද්දයක් නැහැ කියලා කිව්වට පූජනීගේ සද්දයක් ඇත්තෙම නැති තරම්. චැට් ප්‍රෝග්‍රෑම්වලට එන්නෙත් නැහැ. ටෙලිනාට්‍යවලත් නැහැ. ඇත්තටම ඈ විවාහයෙන් පස්සේ රඟපෑමෙන් ඈත් වෙලාද?

ඒ ගැන අහන්න හිතාගෙනත් පොඩි කතාබහකට සේන්දු කරගන්න නිකමට වගේ අපි ඇයට කතා කළා. Sri Lanka Latest News


පූජනී කොහොමද ඉතින් සුවදුක් එහෙම?

වරදක් නැහැ. ජීවිතය සතුටින් ගෙවෙනවා.

වැඩි සද්දයක් එහෙම නැත්තේ මොකද?

ඇත්තටම කියනවා නම් කලා කටයුතුවලින් ඈත්වෙලා පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න හිතුවා.

ඒ කියන්නේ මැරේජ් එකෙන් පස්සේ රංගන කලාවට ආයුබෝවන් කියන්නද ලෑස්තිය?

අපොයි නැහැ. මං ආයේ රංගනයට එනවා. පහුගිය දවස්වල තිළිණ බොරලැස්සගේ අලුත්ම ෆිල්ම් එකේ වැඩ නිසා ටිකක් විතර බිසී වෙලා හිටියා.

ටෙලිනාට්‍ය රිජෙක්ට් කරලා ෆිල්ම්වල රඟපාන්න ගත්තේ ටෙලි රංගනය එපා වෙලාද?

ටෙලිනාට්‍ය රිජෙක්ට් කරන්නේ නැහැ. ඒවා එපාවෙලත් නැහැ. හැබැයි ෆිල්ම් එකට ආරාධනා ලැබුණු එක හිතට ලොකු සතුටක් වුණා. හරියටම කාලෙක ඉඳන් බලාපොරොත්තුව හිටපු දෙයක් ලැබුණා වගේ හැඟීමක් දැනුණා.

ෆිල්ම් එක ගැන විස්තර ටිකක් කියමුද?

ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ තිළිණ බොරලැස්ස. මට ආරාධනා කළෙත් ඔහුමයි. ‘මං හොයන්නෙ ප්‍රේමයක්’ කියන නම තියපු ඒ ෆිල්ම් එක සුන්දර කතා පුවතක්.

පුංචි තිරය අතෑරලා සිනමාවට යන්න හිතෙයිද දන්නේ නෑ නේද පූජනී?

ඉස්සරහට ෆිල්ම් තව ආවොත් ඒවත් භාරගන්නවා. ටෙලි ඩ්‍රාමාවලත් දිගටම රඟපානවා. එහෙම තමයි දැනට හිතාගෙන ඉන්නේ.

යම් සීමා ඇතුව චරිත භාරගන්නේ පූජනී දැන් විවාහක නිසාද?

විවාහකයි කියලා නම් එහෙම විශේෂ සීමා දාගත්තේ නැහැ. මැරි කරන්න කලින් ඉඳලම මම චරිත භාරගත්තේ යම් සීමාවල ඉඳලයි. මම ගැහැනු ළමයෙක්. හැම දේටම පරිස්සමක් තියෙන්න ඕනේ. සීමාවක් තියෙන්න ඕනේ කියන මතය තුළ මමම තමයි මගේ සීමාවන් පනවා ගත්තේ. මේ ෆීල්ඩ් එකට ආව දවසේ ඉඳන්ම.

ගයාන් නෙවෙයිද වැඩි ආදරේට යම් යම් සීමා දැම්මේ?

නැහැ. ගයාන් එහෙම පටු විදියට හිතන කෙනෙක් නෙවෙයි. එයා හරි අන්ඩස්ටෑන්ඩින්. මාව හුඟක් හොඳින් තේරුම් අරගෙනයි එයා ඉන්නේ. ඒ නිසා මගේ කලා නිර්මාණවලට එයාගෙන් බාධාවක් නැහැ.

ඒ වගේම එයා දන්නවා මම වැරැදි තීරණ ගන්නේ නැහැ කියලා. මට වුවමනා නිදහස එයා දීලා තියෙන්නේ ඒකයි.

‘හෙලෝ ඩැඩා’ හුඟක් ෆේමස් වුණේ ඔයාලා දෙන්නා හරි ආදරණීය කපල් එකක් හින්දා නේද?

වෙන්න ඇති. ඇත්තටම මමයි ගයානුයි අපේ ලස්සන බව්වයි එකතු වෙලා කරන ඒ වීඩියෝස් ටික හිතපු නැති විදියට හැමෝම හරි ආදරෙන් වැලඳ ගත්තා.

ෆීල්ඩ් එකේ හැමෝම කියනවා පූජනී කවදාවත් චරිතවලට පොලු තියන්නේ නැහැ කියලා?

ඔව්. විනෝදෙට ආසාවට කියලා මුලින්ම රඟපාන්න ආවට පස්සේ ඒක මගේ වෘත්තිය වුණා.

වෙඩින් එකට කලින් මම භාරගත්ත ටෙලිඩ්‍රාමා ටික සේරම ඉවර කළා. හිටි හැටියේ නිර්මාණයක් සහ ඒ වටා ඉන්න කෲ එක අපහසුතාවට පත්කරන එක මම කවදාවත් කරන්නේ නැහැ. මේක අපේ වෘත්තිය. අපටය කියලා ප්‍රේක්ෂක පිරිසක් හැදුණා. ප්‍රතිරූපයක් හැදුණේ මේ ෆීල්ඩ් එක නිසයි. අපේ නිර්මාණ රසවිඳපු ප්‍රේක්ෂකයෝ අපට ඇලුම් කරනවා. අද අපි මේ ඉන්න තැනට අරන් ඇවිත් තියෙනවා. ඒ නිසා අපිට යම් නිර්මාණවලට දායක කරගන්නා නිර්මාණකරුවන්ට වාගෙම ඒ ප්‍රේක්ෂකයන්ටත් අපි ආදරේ කරන්න ඕනේ. එයාලා ඉස්සරහා නිහතමානී වෙන්න ඕනේ. එහෙමයි මම හිතන්නේ. මම විතරක් නෙවෙයි ගයානුත් හිතන්නේ එහෙමයි.

අවසානෙට කියන්න ඉතින් ඔයාව දකින්න පුළුවන් ටෙලිය මොකක්ද?

ළඟදීම බලාගන්න පුළුවන් වෙයි. හැම එකක්ම භාරගන්නේ නැහැ. ඉස්සර වගේ ගොඩක් බිසී වෙන්න ආසා නැහැ. මම හිතන විදියට මගේ ජීවිතේ මුල් තැන සහ වැඩි කොටසක් මගේ ෆැමිලි ලයිෆ් එකට තමයි මම දෙන්න ඕනේ. ඒ වගේම මට ආදරය කරන ප්‍රේක්ෂකයන්ටත් මම හැමදාමත් ආදරෙයි කියන එකත් අමතක නොකර ලියන්න.


මල්මි කෞශල්‍යා

gossiplanka image 2
Previous Post Next Post