ඒ රඟපෑම ගැන වැරැදියට හිතන්න එපා - චතූ රාජපක්ෂ

gossiplanka image 2
නළු නිළියන්ට ලැබෙන සමහර චරිත නිසා ඔවුන් සදා මතකයේ රැඳෙන චරිත බවට පත්වෙනවා. එතනදී බලපාන්නේ එම චරිතය ප්‍රධානද, එහෙම නැත්නම් උප චරිතයක්ද කියන කතාව නෙවේ. ප්‍රේක්ෂකයන්ගේ හදවතට ඒ චරිතය දැනීම පමණයි.


චතූ රාජපක්ෂ කියන්නේ පුංචි තිරේ තවත් දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දවස්වල ද ලේක් (The Lake) චරිතයත් සමග චතූ ගැන බොහෝ දෙනා කතා කරනවා. ඒ ගැන චතූ කිව්වේ මේ වගේ කතාවක්.


ඇත්තටමද ලේක් කියන්නේ සාම්ප්‍රදායික රැල්ලෙන් ඔබ්බට ගිය කතාවක්. ප්‍රථම වතාවට මට චමත්කා ලක්මිණි එක්ක රඟපාන්න අවස්ථාව ලැබෙනවා. චමත්කා කියන්නේ කොහොමත් අභියෝගාත්මක චරිත රඟපාන නිළියක්. ඉතින් මටත් චමත්කා එක්ක රඟපානකොට ඒ අභියෝගය දැනුණා. මම චමත්කත් එක්ක අත්වැල් පටලවාගෙන බොහෝම සමීපව රඟපාන දර්ශන දැකපු ප්‍රේක්ෂකයෝ ඒක සමලිංගික ඇසුරක් විදිහට වරද්දාගෙන වැරදි අවබෝධයක් අරගෙන තිබෙනවා. මොකද අපි රඟපානකොට අපිට ආදරය කරන ප්‍රේක්ෂකයෝ රඟපාන චරිතය ගැනත් බොහෝම කල්පනාවෙන් ඉන්නේ. ඒ නිසා වෙන්න ඇති මේ චරිතය වැරදියට තේරුම් ගත්තේ. ඇත්තටම අපි දෙන්නා අතර කතාවේ තියෙන්නේ බොහෝම ළෙන්ගතු බැඳීමක්.




කොහොම වුණත් මේ නාට්‍යයට සම්බන්ධ වීමට ලැබීම මට ලොකු අවස්ථාවක් කියලයි හිතෙන්නේ. ඉතාමත් කැමැත්තෙන් හා ආශාවෙන් රංගනයට දායක වුණ නිසා මේ චරිතයට මම හුඟාක් සමීප වුණා. දර්ශනයෙන් දර්ශනයට තිබෙන කුතුහලය නිසාම මේ නාට්‍යයේ රඟපාන එක ලොකු උත්තේජනයක් වුණා.



මෙතනදී පුංචි හරි හිත් වේදනාවක් දැනුණේ සමලිංගික පෙම්වතියක් කියලා ප්‍රේක්ෂකයෝ වැරදියට තේරුම් ගත්ත එක විතරයි. මගේ ප්‍රතිරූපයට හානි වෙන රංගනයක් මම කවදාවත් රඟපාන්නේ නැහැ. මගේ ප්‍රතිරූපයට හා රංගන වෘත්තියේ ගෞරවය රැකෙන විදිහට. සීමාවක් දාගෙන තමයි නිතරම රංගන කාර්‌යයේ යෙදෙන්නේ. මේ නිසා The Lake කියන්නෙත් ඒ සීමාව ඇතුළේ ඉඳගෙන කරපු රඟපෑමක් පමණයි. කවදාවත් මා හදාගත්තු ඒ සීමාව බිඳින්නේ නැහැ.



මුලින්ම මම මේ ක්ෂේත්‍රයට ආවේ ප්‍රවෘත්ති නිවේදිකාවක් හැටියට. ඒ කාර්ය මම හරිම කැමැත්තෙන් කළත් රංගනය කියන්නේ මම අත තිබ්බ වෙනස්ම භූමිකාවක්. ඒ මාව ප්‍රේක්ෂකයන් අතරට ගෙන ගියා. එම නිසා ඒ භූමිකාවටත් මම හරිම ආදරෙයි. නමුත් නිළිය කියන භූමිකාව තමා ප්‍රේක්ෂයන්ට මාව වඩාත් සමීප කළේ. මා සතුව තිබූ රංගන හැකියාව ප්‍රේක්ෂකයා ඉදිරියේ ඔප්පු කිරීම තුළ ඔවුන් මාව නිළියක් ලෙස ආදරයෙන් පිළිගත්තා. මේ නිසා ඉදිරියටත් මගේ වැඩි කැමැත්ත රංගනය තුළින් ඉදිරියට යන්න. රංගනය නිසා ජීවිතේට බොහෝ දේවල් ලැබුණා කියලා මම විශ්වාස කියනවා. 

gossiplanka image 1
Previous Post Next Post