කියන්න ඕනෙ දේ මම කෙළින් කියනවා-ධනුෂ්කා ජයරත්න

gossiplanka image 2
මේ දිනවල විකාශය වන විවිධ ටෙලිනාට්‍යවල ‘අම්මා’ගේ චරිතය නිරූපණය කරන නිළියන් රාශියක් අපට දකින්නට ලැබෙනවා. ඒ අතර ‘මායාවි’ ටෙලිනාට්‍යයේ ‘නම්බුහේවා’ කියන්නේ විශේෂිත චරිතයක්. ඒ චරිතය නිරූපණය කරන ධනුෂ්කා ජයරත්න සමග අපි ‘මව්රට’ ‘හාට්’ වෙනුවෙන් මෙවර කතාබහ කරන්න හිතුවා. Sri Lanka Latest News


කොහොමද ධනුෂ්කා?

හොඳින් ඉන්නවා.

මේ දවස්වල ඔබගේ සුවිශේෂ චරිතයක් අපි දකිනවා?

මේ දවස්වල ටෙලිනාට්‍ය කිහිපයකම මාව දැකගන්න පුළුවන්. ඒ අතර ‘මායාවි’ ටෙලිනාට්‍යයේ නම්බුහේවා චරිතය ගැන ගොඩ දෙනෙක් කතාබහ කරනවා. ඒ චරිතය මටත් විශේෂිත එකක් වුණා.

නම්බුහේවා චරිතය ඔබට දැනුණේ කොහොමද?

ඇත්තටම මට ඒ චරිතය අභියෝගයක් වුණා. මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට එය වෙනස්ම අත්දැකීමක් වෙන්න ඇති. ඒ නිසාම තමයි හොඳ ප්‍රතිචාර මට ලැබෙන්නේ. මම චරිතයට සාධාරණයක් කරලා තියෙනවා කියලා හිතෙනවා. සඳුන් රාජකරුණා සමග මම වැඩකරන පළමු අවස්ථාව තමයි මේ. ඒ වගේම මහේෂ් අයියා ඇතුළු සියලු දෙනාගෙන් මට ලොකු සහායක් ලැබුණා චරිතය සාර්ථක කරගන්න. ඒ ලැබුණු සහායත් ගොඩක් වටිනවා.

චරිතය ඉස්මතු වීමට දකුණු පළාතේ භාෂාවත් ඉවහල් වෙන්න ඇති නේද?

අනිවාර්යයෙන්ම. ප්‍රාදේශීය භාෂාවල තියෙන විශේෂ යෙදුම් දැන් භාවිත වෙනවා අඩුයි. දකුණේ ජනතාව වුණත් දැන් පොදු භාෂාවකට හුරුවෙලා. ප්‍රේක්ෂකයන්ට මේ භාෂා හුරුව වෙනස්ම අත්දැකීමක් වෙනවා. රංගන ශිල්පීන් කිහිප දෙනකු මේ භාෂාව භාවිත කරමින් චරිත නිරූපණය කරලා තිබුණත් රංගන ශිල්පිනියක් දකුණේ භාෂාව භාවිත කරමින් චරිතයක් නිරූපණය කරලා නැති තරම්. මම හිතන්නේ මෙම නිරූපණය කරන චරිතය ලස්සන වීමට මේ භාෂාව ලොකු බලපෑමක් කළා.

විවිධ චරිත හරහා අම්මාගේ චරිත ඔබ නිරූපණය කර තිබුණත් මේ චරිත නිරූපණය තුළින් අපි දකින අම්මා ගොඩක් සංවේදී බව දැනෙනවා?

ඒ සංවේදීකම මටත් තදින්ම දැනුණා. මේ වගේ අම්මලා මේ සමාජයේ කොයි තරම් ඇතිද? දරුවන්ගේ අනාගතය, ජීවිතය, වගකීම් එක්ක ආදරය සෙනෙහස දක්වන ආකාරය, සංවේදී බව මටත් මේ චරිතය හරහා තදින්ම දැනුණා.

ටෙලිනාට්‍ය හරහා විවිධ චරිත තුළින් ඔබව දැකගත්තත් සිනමාවට ඔබේ දායකත්වය අඩුවක් තියෙනවා නේ?

එය මගේ අවාසනාවක් වෙන්න ඇති කියලා මම හිතනවා. මේ දවස්වල මම සම්බන්ධ වුණු ‘වාලම්පුරි’ චිත්‍රපටය තිරගත වෙනවා. වේදිකාවට, ටෙලිනාට්‍යයට, සිනමාවට මම හදවතින්ම ආදරෙයි. ඒත් මම රංගන ශිල්පිනියක් වශයෙන් ලැබෙන දේ සතුටින් භාරගන්නවා.

ඔබේ ජනප්‍රියත්වයට තවත් පසෙකින් විවිධ මඩ පහරවල් එල්ල වුණා නේද?

කවුද ඕවා ගණන් ගන්නේ? කතාකරන්න ඕනේ දේට මම කෙළින් කතා කරනවා. නිහඬ වෙන්න ඕනේ තැන මම නිහඬ වෙනවා. හැබැයි නිහඬ වෙන්නේ වෙන හේතුවකට නෙවෙයි. මගේ සැමියා, මගේ පුතා මුගේ ජීවිතයට හයියක්. පවුලේ අය දන්නවා මම කවුද කියලා. කිසිම කෙනකුට මාව වට්ටවන්න බැහැ. මම කිසිම කෙනකුට ඊර්ෂ්‍යා කරන කෙනෙක් නෙවෙයි.

කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනා ජනප්‍රිය වීමට ගොසිප් මවනවා. ඔබත් එහෙමද?

මම ඒ දේට කොහොමවත් කැමැති නැහැ. ජනප්‍රියභාවය වෙනුවෙන් එහෙම කරන අය ඇති. එය මට අදාළ නැහැ. ඒක එහෙම කරන අයගේ කැමැත්ත. මට මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරය, ගෞරවය හොඳටම ඇති.


වසන්ත විතාරණගේ

gossiplanka image 1
Previous Post Next Post